ශ්‍රවණ ගැටලු විසඳීමට ඔබ යොදන පිළියම් වර්තමානයට පමණක් නොවේ අනාගතයටත් අදාළ විය යුතුයි

ශ්‍රවණ ගැටලු විසඳීමට ඔබ යොදන පිළියම් වර්තමානයට පමණක් නොවේ අනාගතයටත් අදාළ විය යුතුයි

අධ්‍යක්ෂ, වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයාතනය

මිහිර වික්‍රමාරච්චි

යම් අවස්ථාවකදී ඔබ ශ්‍රවණ ආබාධිත අයෙක් නම් එවැනි අඩුපාඩුවක් පවතින විට ඔබ, ඔබට හැකි සෑම උත්සාහයක්ම යොදා තාක්ෂණික වශයෙන් පමණක් නොවේ පුද්ගලයන් වශයෙන් පවා ඔබට උපකාර ලබාගත හැකි සෑම විකල්ප අවස්ථාවන් පවා සොයා යන්නට ඔබ දෙවරක් නොසිතාවි. නමුත් එම තෝරා ගැනීම හැමවිටකම වර්තමානය සමඟ බද්ධවනවා වගේම අනාගතයේ තාක්ෂණික වශයෙන් ලබා ගන්නාවූ දියුණුව සමඟ යාවත්කාලීන විය යුතු බව ඔබ එකහෙලාම පිළිගන්නවා ඇති.

මෙම කර්ණශංඛ පද්ධති බද්ධයේ දියුණුවට බොහෝදුරට හේතු වී ඇත්තේ තාක්ෂණික සොයා ගැනීම් සඳහා වැඩි පරිශ්‍රමයක් දරණ නිසාවෙන් විය යුතුය. මෙමඟින් ලොව පුරා සිටින දස දහස් ගණනකයේ ශ්‍රවණ දුර්වලතා මඟහරවා ගැනිමේ නව මං පෙත් සෙවීමට අවස්ථාව උදාකර ගත හැකි වීම ඔවුන් ලද තවත් ජයග්‍රහණයකි.

ඔබ කුමන හෝ ගැටලුවකට පිළියම් සොයනවා නම් එය සැමවිටම වර්තමානයට පමණක් නොව අනාගතයේ ඇතිවන වෙනස්කම්වලට ද අනුව නැවත අලුත්වැඩියා කරගත හැකි විය යුතුය. විශේෂයෙන් ඔබ මෙවැනි තෝරා ගැනීම් පිළිබඳ දෙවරක් සිතා බැලිය යුත්තේ එය ඔබගේ ජීවිතය සමග අන්‍යොන්‍ය වශයෙන් වෙන් කළ නොහැකි අවස්ථාවන්වලදීය. ඇතැම්විට ඔබට මේ අදහස යම් විවාදයක් ඔබ සමඟම මතු කරවිය හැකියි. ඒ නිසා මේ පිළිබඳව වැඩිදුරටත් පහත ආකාරයට පැහැදිලි කරදිය හැකියි. එනම් සිතන්න යම් අවස්ථාවකදී ඔබ ශ්‍රවණ ආබාධිත අයෙක් කියා. එවැනි අඩුපාඩුවක් පවතින විට ඔබ, ඔබට හැකි සෑම උත්සාහයක්ම යොදා තාක්ෂණික වශයෙන් පමණක් නොවේ පුද්ගලයන් වශයෙන් පවා ඔබට උපකාර ලබාගත හැකි සෑම විකල්ප අවස්ථාවන් පවා සොයා යන්නට ඔබ දෙවරක් නොසිතාවි. නමුත් එම තෝරා ගැනීම හැමවිටකම වර්තමානය සමඟ බද්ධවනවා වගේම අනාගතයේ තාක්ෂණික වශයෙන් ලබා ගන්නාවූ දියුණුව සමඟ යාවත්කාලීන විය යුතු බව ඔබ එකහෙලාම පිළිගන්නවා ඇති.

කෙසේ වෙතත් පෙර පැහැදිලි කළ තේමාවට නොඑසේ නම් කරුණුවලට අනුව විමසා බලන කල එවැනි පෙරළියක මූලිකත්වයක් ගනු ලබන එක්තරා ශ්‍රවණ ආධාරක විධි ක්‍රමයක් වන කර්ණශංඛ බද්ධය පිළිබඳ විමසා බලමු. කර්ණශංඛ පද්ධති බද්ධය පිළිබඳව හා එය තෝරා ගැනීමක් සිදු කරනු ලබන විට වර්තමානයට හා අනාගතයට ක්‍රියාත්මකව පවතී ද යන්න දැන ගැනීම ඉතාමත් වැදගත් වනු ඇති. ඒ පිළිබඳ විමසා බලන විට දැනට වසර 23 කට 24කට පමණ පෙර සිට ක්‍රියාත්මක වෙමින් පැවති මෙම ක්‍රමය පිළිබඳව වෙනත් සාක්ෂියක් අනවශ්‍ය විය හැකියි. මෙම කෘත්‍රිම කර්ණශංඛ පද්ධති මුළු ලෝකය පුරා සිටින දස දහස් සංඛ්‍යාත මිනිසුන්ට ඔවුන්ගේ පවුල්, මිතුරන් හා සමාජය සමඟ සම්බන්ධතාව නැවත ශක්තිමත් කර ගැනීමේ හැකියාව ද ලබා දී තිබේ.

මෙම කර්ණශංඛ පද්ධති බද්ධයේ දියුණුවට බොහෝදුරට හේතු වී ඇත්තේ තාක්ෂණික සොයා ගැනීම් සඳහා වැඩි පරිශ්‍රමයක් දරණ නිසාවෙන් විය යුතුය. මෙමඟින් ලොව පුරා සිටින දස දහස් ගණනකයේ ශ්‍රවණ දුර්වලතා මඟහරවා ගැනිමේ නව මං පෙත් සෙවීමට අවස්ථාව උදාකර ගත හැකි වීම ඔවුන් ලද තවත් ජයග්‍රහණයකි.

ඒ වගේම කෘත්‍රිම කර්ණශංඛ පද්ධති බද්ධය ඔබගේ ජීවිතය පුරාවට ශ්‍රවණ තත්ත්වයට උපකාර කිරීමට හා ශ්‍රවණ සෞඛ්‍ය සොයා බැලීමට සහකරුවෙකු ලබා ගත්තා වැනිය.