ලිංගාශි‍්‍රත රෝග සායනයෙන් ඇසෙන කථාවක්

ලිංගාශි‍්‍රත රෝග සායනයෙන් ඇසෙන කථාවක්

පාලම් යට,බෝක්කු යට තරුණ ජීවිතේ කැප කරලා අන්තිමට හර්පීස් හදාගෙන

ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ

වෛද්‍ය සිසිර ලියනගේ

කාලයක් ගත වෙලා තිලකාට දරුවෙක් ලැබෙන්නට යන බව සිරිමට තේරුම් ගිය වෙලාවේ එයාව ලිංගාශි‍්‍රත සායනයකට යොමු කරවන්නට පුළුවන්කම ලැබුණත් අවාසනාවන්ත ලෙස තිලකාට ඒ වෙනකොටත් හර්පීස් තත්ත්වය වැලඳිලා තිබුණා. වෛද්‍ය අධීක්ෂණ ප්‍රතිකාර වලින් පස්සේ දරුවාව නිරෝගීව බිහි කරන්න තිලකට පුළුවන් වුණාට නැවත ඇයට දරුවාව ලබා දෙනවද නැද්ද යන්න වෛද්‍යකාර්ය මණ්ඩලවලට ගැටලුවක් වුණා.

තිලකා ඒ වෙනකොට පාරේ වැඩ කරන කම්කරුවන් හිඟාකන තවත් පිරිමිත් අයට තමන්ගේ ජීවිතේ කැප කරලා ඉවරයි. අම්මා කොච්චර ඒ බව කියන්න උත්සාහ කළත් තිලකට තමන්ගේ ජීවිතේ බරක් පතලක් දැනුනේම නැහැ. නැවතිලා ඉන්න තරම් ගෙයක් දොරක් ඒ වෙනකොට තිබුණට තිලකා තමන්ගේ ජීවිතේ වැඩි කොටසක් ගත කළේ වීදි ලාම්පු යට, පාලම්, බොක්කු යට.

මව්කුසින් මේලෝකයේ එළිය දකින කොට කිසිම දෙයක් අපි අරගෙන ආවේ නැහැ කියලා සමහර අයට හිතෙන්නට පුළුවන්. ඒත් බොහෝ දෙනෙකුට එහෙම සිතුණාට කාලයක් ගත වෙනකොට අපි එකිනෙකා සතුවන සැඟවුණු ශක්තීන් ගැන අපටම වටහා ගන්නට පුළුවන් වෙනවා. ඒත් තවත් සමහර පිරිසකට අවාසනාවට වගේ තමන්ගේ ජීවිතේ වටිනාකම අවබෝධ කරගන්නටවත් පුළුවන් කමක් වත් වුවමනාවක් වත් ඇත්තේ නැහැ.

ඒ නිසාම තමයි ඒ අයට තමන්ගේ ජීවිතේ ගැන විතරක් නෙවෙයි තමන්ගේ රුධිරයෙන් උපන් තමන්ගේ දරුවන්ගේත් තමාට රුධිරය කිරි කර දුන් තමන්ගේ අම්මාගේවත් ජීවිත ගැන එතරම් තැකීමක් නැත්තේ...

මේ ලෝකයේ කිසිම තැනක සාධාරණයක් යුක්තියක් කියලා දෙයක් ඇත්තේ නැහැ. හැම වෙලාවකම ඇති හැකි අය නැති බැරි අයව යටපත් කරගෙන තමන්ගේ ජීවිත බොහොම සරුවට ජීවිතය ගත කරනවා. සිරිමා කියන්නෙත් බොහොම නැති බැරිකම් තිබුණු කෙනෙක්. අම්මා තාත්තා වත් කවුද කියලා දන්නේ නැති. සිරිමාගේ කුඩා කාලය දරුවෙක්ව විඳ දරාගන්න තරම් පුළුවන් විදිහේ එකක් නොවෙයි.

කන්න අදින්න නැතිව ගෙයක් ගානේ ඇවිදලා තරමක් දැනුම් තේරුම් ඇති වයසට එනකොට කාගෙන්හිරි හිඟමනක් හොයාගෙන එදා වේල පිරිමහ ගන්න සිරිමට පුළුවන් වුණා. කාලයක් ගත වෙනකොට මහමඟටම ගත වුණු සිරිමගේ කුසට දරුවෙක් එනකම් සිරිමට තමන්ගේ ජීවිතේ ගැන දැනුමක් තේරුමක් තිබුණේ නැහැ. තාත්තා කවුද කියලාවත් නොදන්නා සිරිමා දරුවට නම තිබ්බේ තිලකා කියලා.

තිලකවත් ජීවත් කරවන්න නැවතත් සුපුරුදු රස්සාවට ගියත් ටවුමට ළඟ පාත තැනක යන්තම් පැල් කොටයක් අටවා ගන්න සිරිමට පුළුවන් වුණා. දරුවත් උස් මහත් කරගෙන අතීතයෙන් ලැබුණු පාඩම් එක්ක ජීවිතය ඉදිරියට ගෙන යන්න සිරිමට පුදුම කැපවීමක් කරන්නට වුවමනා වුණා. කාලයත් එක්ක තමන්ගේ දරුවටත් තමන්ටත් වෙන කරන්න දෙයක් නැති නිසා සුපුරුදු රස්සාවම කළත් පාරේ වැඩ කරන කෙනෙක් මාර්ගයෙන් සිරිමාට රස්සාවක් හොයා ගන්න පුළුවන් වුණා. මේ වෙනකොට තිලකට වයස අවුරුදු 16,18 ක් විතර.

රස්සාව ලැබුණට පස්සේ තිලකට ගෙදර නවතින්න කියලා සිරිමා කොච්චර කිව්වත් තිලකට ඒ රස්සාව අත අරින්න පුළුවන් වුනේ නැහැ. මේ වෙනකොට සිරිමාට තමන්ගේ තරුණ කාලේ ජීවිතේ පරිස්සම් කරගන්න කවුරුත් කියලා දෙන්නට හිටියේ නැහැ. ඒත් එයා අත්දැකීමක් ලැබුණට පස්සේ තමන්ගේ ජීවිතේ නිසි විදිහට හැඩගස්වා ගන්න උත්සාහ කළා. ඒත් අවාසනාවට තමන්ගේ දියණියත් ඒ වෙනකොට තමන් තරුණ කාලයේ ලැබූ අත්දැකීම්ම විඳින බව ඇයට තේරුම් කරන්න පුළුවන් වුණේ නැහැ.

තිලකා ඒ වෙනකොට පාරේ වැඩ කරන කම්කරුවන්, හිඟාකන තවත් පිරිමි අයට තමන්ගේ ජීවිතේ කැප කරලා ඉවරයි. අම්මා කොච්චර ඒ බව කියන්න උත්සාහ කළත් තිලකට තමන්ගේ ජීවිතේ බරක් පතලක් දැනුනේම නැහැ. නැවතිලා ඉන්න තරම් ගෙයක් දොරක් ඒ වෙනකොට තිබුණට තිලකා තමන්ගේ ජීවිතේ වැඩි කොටසක් ගත කළේ වීදි ලාම්පු යට, පාලම්, බොක්කු යට.

කාලයක් ගත වෙලා තිලකට දරුවෙක් ලැබෙන්නට යන බව සිරිමට තේරුම් ගිය වෙලාවේ එයාව ලිංගාශි‍්‍රත සායනයකට යොමු කරවන්නට පුළුවන්කම ලැබුණත් අවාසනාවන්ත ලෙස තිලකාට ඒ වෙනකොටත් හර්පීස් තත්ත්වය වැලඳිලා තිබුණා. වෛද්‍ය අධීක්ෂණ ප්‍රතිකාර වලින් පස්සේ දරුවාව නිරෝගීව බිහි කරන්න තිලකට පුළුවන් වුණාට නැවත ඇයට දරුවාව ලබා දෙනවද නැද්ද යන්න වෛද්‍යකාර්ය මණ්ඩලවලට ගැටලුවක් වුණා.

මනෝ වෛද්‍ය සායන, උපදේශන සේවා වලින් පසුව නීතිමය වශයෙන් දරුවා ලබා ගන්න ඇයට අයිතිය තිබුණු නිසා දරුවා තිලකට ලබා දුන්නත් කාලයක් ගත වනවිට සුපුරුදු ජීවිතේට යන්න තිලකා එතරම් කාලයක් ගත කළේ නැහැ. එයාට වැලඳිලා තිබුණු රෝගයට කෙතරම් ප්‍රතිකාර කළත් කාලයක් ගත වනවිට නැවතත් මතු වෙන්නට පුළුවන් නිසාත් දිගින් දිගටම නොකඩවා ලිංගාශි‍්‍රත සායනයට පැමිණෙන්නට ලබා දුන් උපදෙස් තිලකට මේ වෙනකොට මුළුමනින්ම අමතකයි. උපත් පාලන විධි ක්‍රම යෙදීම නිසා නැවත පිළිසිඳ ගැනීමක් ඇති වීමේ අවදානම අඩු වුණත් තිලකගෙන් තවත් අයෙකුට හර්පීස් වැළඳීමේ ඉහළ අවදානමක් මේ වනවිටත් තිබෙනවා.