කුස තුළ දරුවාගේ වර්ධනය අඩුයි කියල බය වෙන්න එපා...

කුස තුළ දරුවාගේ වර්ධනය අඩුයි කියල බය වෙන්න එපා...

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය චමින්ද මාතොට

ගර්භණී මවක් සෑම මොහොතකම කුස තුළ වැඩෙන දරුවා නිරෝගීව තබාගන්නට උත්සාහ දරනවා. නමුත් සමහර විටෙක කුසහොත් දරුවාගේ වර්ධනය අඩු වීමට පුළුවන්. දරුවකු කුස පිළිසිඳ ගත් මොහොතේ සිට ඒ දරු කලලයේ වර්ධනය පිළිබඳව ගැබිනි මව පරීක්ෂා කරන වෛද්‍යවරයා සහ පවුල් සෞඛ්‍ය සේවිකාවගේ අවධානය යොමුව පවතිනවා. නමුත් අනපේක්ෂිත ලෙස දරුවාගේ වර්ධනය අඩු වුවහොත් එය මවකගේ සිතට ගෙන දෙන්නෙ ලොකු පීඩනයක්.සැබැවින්ම මෙසේ දරුවන්ගේ වර්ධනය අඩුවන්නේ ඇයි දැන් අපි ඒ ගැන කතා කළොත් හොඳයි.

කාලයක පටන් මවගේ කුසේ ප්‍රමාණය මැන බැලීම මගින් දරුවා ගේ වර්ධනය පිළිබඳව තීරණය කළා. එහිදී මව පරීක්ෂා කරන වෛද්‍යවරයා ටේප් පටියක් ආධාරයෙන් කුසේ වර්ධනය ප්‍රමාණවත් දැයි තීරණය කළ මතකය ඔබ ළඟත් ඇති. මෙය දළ මිනුම් ක්‍රමයක්. නමුත් එමගින් දරුවාගේ වර්ධනය පිළිබඳව නිවැරැදිව ම හඳුනාගන්න බැහැ. එහෙත් ස්කෑන් පරීක්ෂණයකට පහසුකම් නැති තැනකදි එය හොඳ විකල්පයක්.

අද ස්කෑන් භාවිතයට යොමුවීම මගින් දරුවාගේ බර ඉතාමත් ආසන්න මට්ටමකට අනුමාන කරන්නත් පුළුවන්. එම බර ගර්භණී සමයේ අදාළ සති ගණනට ගැළැපෙනවාද කියා විශේෂිත වගුවක් හෝ ප්‍රස්තාරයක් මගින් සොයාගන්නට හැකියි. මෙලෙස දරුවාගේ වර්ධනය ප්‍රමාණවත් දැයි දැනගත හැකි ස්කෑන් පහසුකම් දැන් සෑම මූලික රෝහලකම පවතී.එබැවින් දරුවා නියමිත වයසට අනුව වැඩී ඇත්දැයි බලාගැනීම පහසුය.

උපත් බර අඩු දරුවන්ට මුල් මාස කිහිපයේදී සංකුලතා ඇතිවීම වැදගත්. ඒ අයව විශේෂ අවධානයකින් යුතුව රැකගැනීම වැදගත්. මන්ද මෙවන් දරුවන් වැඩුණු පසුව අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘදයාබාධ ආදිය ඇතිවීමට තිබෙන ඉඩකඩ වැඩි නිසා

අඩු බර උපත් ඇතිවීමට හේතු

1. මවගේ වයස අවුරුදු 40ට වැඩිවීම

2. මව අධි රුධිර පීඩනයෙන් පෙළීම

3. මව දුම්පානය හෝ අක්‍රිය දුම්පානයට ගොදුරු වීම.

4. මව මන්දපෝෂණයෙන් පෙළීම

5. මව අධික ලෙස ව්‍යායාමයේ යෙදීම.

6. කලින් ගර්භණී වූ අවස්ථාවකදී මව අධික රුධිර පීඩනයෙන් පෙළීම හෝ දරුවාගේ බර අඩුවීම

සමහර දරුවන් නියමිත වයසට අනුව නොවැඩී තිබීම ගැටලුවක්. සැබැවින්ම එසේ වන්නේ ඇයි...

දරුවා ලැබේ යැයි අනුමාන කළ දිනය නිවැරැදි නොවීම.

එසේ වන්නේ මවගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීමෙන් හෝ අවසන් වරට ඔසප් වූ දිනය අමතක වීමෙනි. එවැනි මොහොතක දරුවාගේ වැඩීම නිසියාකාරයෙන් සිදුවීදැයි දැනගැනීමට අපහසුය.

සහජයෙන්ම රෝගී දරුවකු වීම

මෙම තත්ත්වය එතරම් සුලබ නැහැ. නමුත් රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් සාමාන්‍ය දරුවන්ට වඩා කුඩාය. එසේ වන්නෙ ජානමය රෝග, මවට ඇති වූ දරුණු ආසාදන හේතුවෙනි. එවැනි අවස්ථාවල අදාළ තත්ත්වයන්ට අනුව ප්‍රතිකාර ලබාදීම කළ යුතුමය.

සහජයෙන්ම කුඩා දරුවකු වීම

සෑම දරුවෙක්ම එක හා සමානව වැඩෙන්නෙ නැහැ. මන්ද දරුවකුගේ වැඩීමට මව්පියන්ගේ උස බර ආදී ජානමය ලක්ෂණ ද බලපාන හෙයිනි. නමුත් සමහර දරුවන් ප්‍රමාණයෙන් කුඩා වුණත් ඔවුන් නිරෝගී දරුවන් ය. එවැනි දරුවන්ට විශේෂිත වූ ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැත.

නිසි පෝෂණයක් නොලැබුණු කල දරුවන් කුඩා වේ

එසේ වන්නේ මවගෙන් දරුවාට ආහාර සහ ඔක්සිජන් රැගෙන යන වැදෑමහ නිසිලෙස වර්ධනය නොවීමෙනි. දරුවාත් මවත් අතර පෝෂණීය රන්හුය ගිලිහී යද්දී සැබෑවටම නිසි පෝෂණයක් ලැබෙන්නට කොහෙත්ම අවකාශයක් නොමැත.

අඩු බර උපත් ඇතිවීමට හේතු

1. මවගේ වයස අවුරුදු 40ට වැඩිවීම

2. මව අධි රුධිර පීඩනයෙන් පෙළීම

3. මව දුම්පානය හෝ අක්‍රිය දුම්පානයට ගොදුරු වීම.

4. මව මන්දපෝෂණයෙන් පෙළීම

5. මව අධික ලෙස ව්‍යායාමයේ යෙදීම.

6. කලින් ගර්භණී වූ අවස්ථාවකදී මව අධික රුධිර පීඩනයෙන් පෙළීම හෝ දරුවාගේ බර අඩුවීම

ප්‍රතිකාර නැද්ද?

සෑම සායන වාරයකදීම මවගේ උදරය පරීක්ෂා කරයි. එහිදී දරුවා කුඩා යැයි හැඟුණොත් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමුකරයි. එවිට මව ස්කෑන් පරීක්ෂණයකට යොමුකරන අතර දරුවාගේ වර්ධනය ප්‍රමාණවත් දැයි පරීක්ෂා කරාවි. ඒ ලද ප්‍රතිඵලවලට අනුව දරුවාගේ වර්ධනයට අනුගමනය කළයුතු දේ කරන්නට වෛද්‍යවරයා කටයුතු කරන්න පසුබට වෙන එකක් නැහැ. සාමාන්‍යයෙන් මෙවැනි දරුවන්ගේ වර්ධනය සති දෙකකට වරක් ස්කෑන් පරීක්ෂණයකින් මැන බලා අවදානම් තත්ත්වයක් හඳුනාගත් විට දරුවා කලින් බිහිකරවන්නට කටයුතු කරනවා. එසේ දැඩි අවදානමක් නැතිනම් විශේෂඥ වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ වර්ධනය නිසි ප්‍රගණනයකට පැමිණෙන තෙක් සිටිනවා. සමහර විට මේ කාලයේදී ච්ධනනතඥප සහ ඛ්ඊට් පරීක්ෂණ සිදුකරනවා.

සාමාන්‍යයෙන් ඉතාම කුඩා, අවදානම් සහිත දරුවන් බිහිකරන්නට සිසේරියන් සැත්කමක් අවශ්‍යයයි. නමුත් බොහෝ කුඩා දරුවන්ට සාමාන්‍යය ආකාරයට බිහිවෙන්නට හැකියි. මව්කුස තුළ පෝෂණය අඩු වූ දරුවන් ඉපදුණාට පසුව නියමිත බර ළඟාකර ගන්නවා.

එම දරුවන්ට නිසිලෙස මව්කිරි ලබාදීම වැදගත්.

උපත් බර අඩු දරුවන්ට මුල් මාස කිහිපයේදී සංකුලතා ඇතිවීම වැදගත්. ඒ අයව විශේෂ අවධානයකින් යුතුව රැකගැනීම වැදගත්. මන්ද මෙවන් දරුවන් වැඩුණු පසුව අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘදයාබාධ ආදිය ඇතිවීමට තිබෙන ඉඩකඩ වැඩි නිසා