පොල්තෙල් හොඳද නරකද?

පොල්තෙල් හොඳද නරකද?

වෛද්‍ය ජී.චමල් සංජීව

වසංගතයක් මෙන් ලොව පුරා පැතිර යන හෘදයාබාධ සහ අධි රුධිර පීඩනය වැනි රෝග සමඟ අපගේ ආහාරවේල සම්බන්ධව ජනතාවගේ දැඩි අවධානයක් යොමු විය. ඖෂධීය ප්‍රතිකාරවලින් පමණක් මේ රෝග මැඩ පැවැත්විය නොහැකි වීම අවබෝධ කර ගැනීම රෝග වළක්වා ගැනීමේ වැදගත් පියවරක් විය.

මේ ආහාර අතරින් ආසියාකරයේ අපගේ වැඩිම අවධානයක් යොමු වූයේ පොල්තෙල් භාවිතාව සම්බන්ධවය. අපගේ ආහාර වේලේ ප්‍රමුඛස්ථානයක් පොල්තෙල්වලට සහ පොල් කිරිවලට හිමිව තිබීම මෙයට හේතුවයි. හෘදයාබාධ සහ අධි රුධිර පීඩනය සමඟ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම අතර ඍජු සබඳතාවයක් පවතින බව වෛද්‍ය විද්‍යාව විසින් අනාවරණය මෙයට හේතුව විය. මෙහි ප්‍රතිඵලය ලෙස පොල් කිරි සහ පොල් තෙල් වලින් තොර ආහාර ගැන ජනතාවගේ අවධානය යොමු විය. මේ අතර පොල්තෙල් ශරීරයට හිතකර යැයි පවසන වෛද්‍ය කණ්ඩායම් ද බිහි වීම සමඟ විද්‍යාවේ කඹ ඇදීමක් නිර්මාණය විය.

පොල් තෙල් ද්‍රව තත්ත්වයේ පවතින්නේ 76 ජ්0 වඩා වැඩි උෂ්ණත්වයේදීය. එයට වඩා අඩු උෂ්ණත්වයේදී පොල් තෙල් ද්‍රව තත්ත්වයෙන් ඝන තත්ත්වයට පත් වෙයි.

තෙල් වර්ග සම්බන්ධව කථාබහ කිරීමේදි විශේෂයෙන් අවධානයට ලක් වන කරුණු කිහිපයක් පවතියි. මින් එක් වර්ගයක් වන්නේ සංතෘප්ත මේද අම්ලයයි. මේවා ෆැරන්හයිට් අංශක 76 ට වඩා අඩු උෂ්ණත්වයකදී ඝන තත්ත්වයේ පවතියි. බටර් සහ පොල් තෙල් මෙයට නිදසුන්ය. අනෙක් වැදගත් කොටස බහු අවයවයක සංතෘප්ත මේද අම්ලයයි. (ර්‍ථධතරභදඵචබභපචබඥඤ ධඪත)

පොල් තෙල් සම්බන්ධව අවධානය යොමු කිරීමේදී එයට ඇත්තේ වසර දහස් ගණනක දිගු ඉතිහාසයකි. පොල්තෙල් වලට අසුබ කාලයක් උදා වූයේ පෙරදි සඳහන් කළ පරිදි කායික රෝග සමඟ පොල් තෙල් වර්ගවල පවතින අහිතකර සබඳතාව අනාවරණයවීමත් සමඟය. සෝයා බෝංචි, සූරියකාන්ත තෙල්, කැනෝලා තෙල්, ආදියෙහි අසංතෘප්ත මේද අම්ල පවතියි.

එස්කිමෝවරුන් තුළ හෘදයාබාධවලට ගොදුරු වූවන් හමුවන්නේ ඉතා අඩුවෙනි. එයට හේතුව ලෙස ඔවුන් අසංතෘප්ත මේද අම්ල අඩංගු තෙල් පරිභෝජනය පෙන්වා දී ඇත. එසේම මොවුන් ආහාර ලෙස සතුන්ගේ හිස, මොළය, තයිරොයිඩ පුෂ්ටිය ආදී සියලු කොටස් ආහාරයට ගන්නා බවද අමතක කළ යුතු නැත.

අප අසංතෘප්ත මේද අම්ල පසුපස ගමන් කළ ද මේ වනවිට දශක ගණනාවක් මුළුල්ලේ ලොව පුරා ජනතාව අසංතෘප්ත මේද අම්ල අනුභව කළද කායික රෝග වැලඳීමේ අඩුවක් වී නැත. එසේ නම් පොල්තෙල් වැනි සංතෘප්ත මේද අම්ල පරිභෝජනයට පමණක් චෝදනා කිරීම හෝ ඇඟිල්ල දිගු කිරිම පමණක් ප්‍රමාණවත් නැත. පසුගිය දශක හතරක පමණ ඉතිහාසයක් පිරික්සීමේදී මේ බව පැහැදිලි වෙයි.

පොල්තෙල් තුළ ප්‍රතිඔක්සිකාරක ගුණය ද අඩංගු වෙයි. මේ නිසා පොල් තෙල් විටමින් ඡ් වලට සමාන ලෙස ක්‍රියා කරයි. එබැවින් පොල්තෙල් භාවිතා කරන විටමින් ඡ් සඳහා වන අවශ්‍යතාව අඩු වී යයි.

පොල්තෙල් මඟින් තයිරොයිඩ් හෝර්මෝන නිපදවීම උත්තේජනය කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස කොලෙස්ටරෝල් මට්ටම පත වැටීම සිදුවිය යුතුය. කොලෙස්ටරෝල් ඉන් අනතුරුව අප වයසට යාම පාලනය කරන විශේෂ හෝර්මෝන මාර්ග බවට පත් වීම සිදු වෙයි. හෘදයාබාධ අවම කිරීමටත් තරබාරුව පාලනයටත් පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීමටත් පොල්තෙල් වලට හැකි බව සඳහන්ය.

1940 දශකයේදී සත්ත්වයින් ආශි‍්‍රත පර්යේෂණ වලින් අනාවරණය කරගෙන ඇත්තේ පොල්තෙල් භාවිතය සත්ත්වයින්ගේ බර අඩු කරන බවයි. පොල්තෙල් වල පිළිකා මර්දන හැකියාව ද පවතියි. විශේෂයෙන් ආහාර මාර්ගය සහ පියයුරු ආශි‍්‍රත පිළිකා මෙමඟින් පාලනයට හැකියාවක් ඇත. පොල්තෙල් වල අඩංගු ප්‍රධාන මේද අම්ලය ලෝරික් අම්ලයයි. මේ තුළ ප්‍රතිජීවක, ප්‍රති වයිරස ගුණාංගය ද අඩංගුය.

ආහාර විද්‍යාඥයින් සඳහන් කරන අන්දමට අපට පවතින හොඳම ස්වභාවික ආහාරයක් වන්නේ පොල්තෙල්ය. වයස අවුරුදු 20 ත් 40 ත් අතර තරුණ කාන්තාවන් යොදා ගෙන කණ්ඩායම් දෙකකට බෙදා සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වන්නේ අසංතෘප්ත මේද අම්ල පරිභෝජනය සහ පොල්තෙල් පරිභෝජනය අතර වෙනසක් නොමැති බවයි.

අධ්‍යයන ආරම්භායේදී සහ අවසානයේදී මෙම කාන්තාවන්ගේ ඩ්ච්ඹ්, ඹ්ච්ඹ් කොලෙස්ටරෝල මට්ටම වීමසා බැලීමේදී පොල්තෙල් භාවිතා කළ කාන්තාවන් අතර මෙය හිතකර ලෙස වෙනස් වී ඇත. පොල්තෙල් භාවිතා කළ කාන්තාවන් අතර ඕර්ධ් අගය පහත වැටී ඇත. මෙහි ප්‍රතිඵලය ලෙස මෙම කාන්තාවන් දියවැඩියා සහ හෘදයාබාධවලට ගොදුරුවීමේ අවදානම ද පහත වැටී ඇත.

මෙම කාන්තාවන්ගේ කොලෙස්ටරෝල් වාර්තාව ද (ඹ්ඪනඪඤ ර්‍ථපධටඪතඥ) හිතකර ලෙස වෙසන් වී ඇත. සෝයා බෝංචි තෙල් ආදිය භාවිතා කළ කාන්තාවන්ගේ තත්ත්ව මිට වඩා අහිතකර ලෙස සකස් වී ඇත.

මේ සම්බන්ධව අදහස් දක්වන පර්යේෂකයන් පවසන්නේ ආහාර සමඟ පොල්තෙල් භාවිතාව කොලෙස්ටරෝල් මට්ටම අහිතකර ලෙස වෙනස් නොකරන බවයි.

පසුගිය වසර ගණනාව මුළුල්ලේම අප චෝදනා කළේ පොල් තෙල් භාවිතාව විවිධ කායික රෝග රැසක් නිර්මාණයට හේතු වන බවයි. එහෙත් එම චෝදනා නිවැරදි නොමැති බව පර්යේෂකයෝ පෙන්වා දෙති. දශක ගණනාවක් මුළුල්ලේ පොල් තෙල් වැනි ආහාරවලින් ඈත් වී සිටීමට උපදෙස් දුන්නද ඉන් ඵලක් නොවී දියවැඩියාව, තරබාරුබව, හෘදයාබාධ සහ අධි රුධිර පීඩනය වැනි රෝගාබාධ ඉහළ යන්නේ මේ නිසාය.

ආචාර්ය මානිඑන්ස් විසින් සිදු කරන ලද අධ්‍යයනයකට අනුව සත්ත්ව මේදය භාවිතය පිළිකා ඇති වීමේ අවධානම ඉහළ දමයි. එහෙත් ශාක තෙල් භාවිතය මිනිසාට හිතකර ලෙස ක්‍රියා කකරයි. මේ සම්බන්ධව ලොව පුරා තවත් විවිධ අධ්‍යයන සිදු වී ඇත. සත්‍ය හා යථාර්ථය තේරුම් ගැනීමට විද්‍යා දැනුම උපකාරී වන ලෙස වෙනස් වීමට කාලය පැමිණ ඇත.