බිය වීම නිසා ඇතැමුන්ගේ අතපය පවා වෙව්ලනවා

බිය වීම නිසා ඇතැමුන්ගේ අතපය පවා වෙව්ලනවා

ව්‍යවහාරික මනෝ විද්‍යාඥ

ආචාර්ය නිමල් ලියනගේ

බිය යනු ජීවිතය තුළ ඕනෑම අයෙක් අත් විඳින හැඟීමක්. නමුත් බිය සාමාන්‍ය තත්ත්වය ඉක්මවා යාම භීතිකාව නැමති මානසික රෝගී තත්ත්වය බව පසුගිය සතියේදී ඔබට පැහැදිලි වන්නට ඇත. එවැනි භීතිකාමය තත්ත්වයක් යටතේ ඇතිවන රෝග ලක්ෂණ විවිධ පුද්ගලයාට අනුව යම් යම් වෙනස්කම් දැක් වුව ද ශාරීරිකව, මානසිකව මෙන්ම චර්යාත්මකව ඔවුන්ට ඇතිවන අපහසුතාවල යම් සමානකම් දැක ගත හැකියි. මෙවර ලිපිය යටතේ විමසා බැලෙන්නේ භීතිකාවෙන් පෙළෙන රෝගියකු මුහුණ දෙන විවිධ අපහසුතා මෙන්ම ප්‍රතිකාර මොනවාද යන්න පිළිබඳවයි.

හොරකම් වැනි සමාජ විරෝධී නීතිවිරෝධි ක්‍රියා, අන් අයට හිංසා කිරීම්, අපහාස කිරීම් සඳහා ඇති බිය ආදී සමාජය විසින් හෙළා දකින නීතියට පටහැනි දේ කිරීමට ඇති බය භීතිකාවක් නොවේ.

තමාට තමා පිළිබඳ විශ්වාසයක් නැතිවීම ආදී ගැටලු රාශියකට මුහුණදීමට සිදුවනු ලැබේ. මෙය අදාළ පුද්ගලයාගේ විශාල ගැටලුවක්. විශේෂයෙන් තමාගේ පුද්ගලික ජීවිතය, පවුල ආශ්‍රිත මෙන්ම සමාජය ආශ්‍රිත ජීවිතයටද විශාල ගැටලුවක් තමාගේ රැකියාව පවා එපාවෙන මට්ටමට මෙවැනි රෝග තත්ත්ව ගැටලුකාරි විය හැකියි.

භීතිකාව

මනෝ වෛද්‍ය විද්‍යාවේ මෙම භීතිකාමය රෝගී තත්ත්වය මානසික ආතතිය මුල්කරගත් රෝග තත්ත්වයක් වශයෙන් හඳුන්වනු ලැබේ. මෙම තත්ත්වය ර්‍ථඩධඡඪජ චදයඪඥබර ඤඪඵධපඤඥප ලෙසින්ද හැඳින්වේ. භීිතකාව ඇතිවීම සඳහා බලපාන පෙර පැහැදිලි කළ සාධක වලට යම් අයෙක් නිරාවරණය වන විට (දකින අවස්ථාවක, මතකයට නැගෙන අවස්ථාවක, ඒවා ගැන ඇසෙන විට) දැඩි මානසික ආතතියකට අදාළ පුද්ගලයා මුහුණ දෙනු ලැබේ. එසේ ඔවුන් මුහුණ දෙන ආතති තත්ත්ව ලෙස 'දැන් මට කරදරයක් වෙයි, මා මැරේවි, මම විනාශවේවි' වැනි පූර්ණ අසුබවාදී සිතුවිලි ඇතිකරගනු ලැබේ. ඒ නිසාම අදාළ ස්ථානයන් මඟහරිමින් අදාළ අවස්ථාවන් මඟහැරීම, ක්ලාන්තය, දෑස් වසා ගැනීම, කන් වසා ගැනීම වැනි විවිධ ක්‍රියාකාරිත්ව සිදු කරනු ලැබේ. එසේ ඔවුන් අදාළ අවස්ථාවට සිදු කරනු ලබන ක්‍රියා එසේත් නොමැති නම් ප්‍රතිචාර පුද්ගලයකුගෙන් තවත් අයකුට වෙනස් වේ. මේ බව පැහැදිලිව හඳුනාගත හැක්කේ මනෝ විශ්ලේෂණයකින් හෝ මනෝ විද්‍යාත්මක ඇගයීමකින් පමණි. කෙසේ වෙතත් ඉහත පැහැදිලි කළ ප්‍රතිචාරවලින් අනතුරුව අදාළ පුද්ගලයාට ඇතිවූ ආතතිමය තත්ත්වය මඟහැරි යනු ලැබේ. මෙවැනි පුද්ගලයන් තමාට ලැබෙන අවස්ථා මඟහරමින් කටයුතු කරනු ලැබේ. මෙම තත්ත්වය ඒමධඪඤචදජඥ ඡඥඩචමඪධප ලෙසින් හඳුන්වනු ලැබේ.

එවැනි අවස්ථාවකට කලාතුරකින් හෝ භීතිකාවෙන් පෙළෙන අයෙක් මුහුණ දුන්නොත් තමා අදාළ ස්ථානයේ නොමැති බවට මානසික සිතුවිලි මඟින් යම් අස්වාභාවිකත්වයක් සිත තුළ ගොඩ නඟාගනු ලැබේ.

මෙවැනි අවස්ථාවක ඇතිවන මානසික අපහසුතා

මෙවැනි රෝගීන්ට ශරීරික වශයෙන් පමණක් නොවේ මානසිකවත් විවිධාකාර අපහසුතාවලට මුහුණ දීමට සිදුවේ. මතකය අමතකවීම, සිතේ කැළඹිලි සහිත බව, සිතට ඇතිවන සෘණාත්මක අස්වාභාවික සිතුවිලි, සිතේ ඇතිවන දුක කණගාටුව, හඬන්නට සිතීම ආදී මානසික වෙනස්කම් ඇතිවේ.

මෙවැනි අවස්ථාවක ඇතිවන ශාරීරික අපහසුතා

මෙවැනි අයට විශේෂිත වූ ශාරීරික අපහසුතා රාශියකට මුහුණදීමට පවා සිදු වනු ලැබේ. එම අපහසුතා අතර හිස කැක්කුම්, අතපය වේදනා, ශරීරය පණ නැතිවීම, ක්ලාන්තය, තොලකට වියළීම, කථා කිරීමට නොහැකිවීම, පාද වෙව්ලීම, අසාමාන්‍ය ලෙස දහඩිය දැමීම, පපුවේ කැක්කුම, පෙනීම දුර්වලවීම, ආමාශයේ තදබව, වැසිකිළි අවශ්‍යතා ඇතිවීම ආදී මුළු ශරීරය පුරාම විවිධාකාර අපහසුතා පොදුවේ මෙම රෝගීන් අතර දැකගත හැකියි. නමුත් මේවා එක් අයෙකුගෙන් තවත් අයෙකුට යම් යම් වෙනස්කම්වලට ලක්වේ.

චර්යාත්මකව ඇතිවන ගැටලුකාරි තත්ත්ව

ක්ලාන්තවීම, සිටගෙන සිටීමේ අපහසුතාව, අදාළ තැනින් පැන දිවීම, කෑගසාගෙන පැන දිවීම (කැරපොත්තන්ට ඇති බිය නිසා) කේන්තියක් ඇතිවීම, ආහාර ගැනීමේ අපහසුතා, තමාට තමා පිළිබඳ විශ්වාසයක් නැතිවීම ආදී ගැටලු රාශියකට මුහුණදීමට සිදුවනු ලැබේ. මෙය අදාළ පුද්ගලයාගේ මුළු ජීවිතයටම විශාල ගැටලුවක්. විශේෂයෙන් තමාගේ පුද්ගලික ජීවිතය, පවුල ආශ්‍රිත මෙන්ම සමාජය ආශ්‍රිත ජීවිතයටද විශාල ගැටලුවක් තමාගේ රැකියාව එපාවෙන මට්ටමට පවා මෙවැනි රෝග තත්ත්ව ගැටලුකාරි විය හැකියි. කුමන වෙලාවක තමාට කුමක්වේදැයි මෙවැනි පුද්ගලයන් සිතමින් සිටින නිසා ඔවුන්ට කිසිම අවස්ථාවක ජීවිතය සතුටින් ගත කිරීමට අපහසුවේ. ඔවුන් නිතරම තමාගේ ජීවිතය ගත කරන්නේ තැති ගැනීමෙනි. මේ නිසා අදාළ තැනැත්තාගේ ජීවිතයේ ගුණාත්මකභාවයට විශාල ගැටලුවක් ඇතිකරනු ලැබේ. මේ තත්ත්වය දීර්ඝකාලීනව පැවතීමෙන් අවසානයේ විෂාදිමය තත්ත්වයක් දක්වා බරපතළ විය හැකියි.

මේ සඳහා පවතින ප්‍රතිකාර

මේ සඳහා ඉතාම සංවිධානත්මකව සිදු කළයුතු මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර තිබේ. අනවශ්‍ය සිතුවිලි මනසින් ඉවත්කර මනස සංසුන් කිරීම ආදී කරුණු රාශියක් යටතේ මෙම ප්‍රතිකාර ක්‍රියාත්මකයි. මානසික චර්යාව පාලනය, කායික චර්යාව පාලනය හා ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය වැඩි දියුණු කර ඔවුන්ට ඉතාමත් සාර්ථකව තත්ත්වය පාලනය කළ හැකියි. මෙහිදී රෝගියාට උපදෙස් ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ප්‍රායෝගිකව රෝගියාට අවශ්‍ය සුවය ලබාගැනීමට අදාළ ප්‍රතිකාර පියවරෙන් පියවරට සිදුකළ යුතුයි. එමඟින් වඩාත් සාර්ථකව භීතිකාමය තත්ත්වයට පත්ව ඇති රෝගීන්ගේ ගැටලුකාරී පීඩාකාරී තත්ත්වයන් සුවපත්භාවයට පත් කර ගත හැකිවේ.