විශේෂඥ වෛද්‍ය හමුව

විශේෂඥ වෛද්‍ය හමුව

ශල්‍ය වෛද්‍යමය රෝග ආශ්‍රිත ගැටලු රැසකට පිළිතුරු

කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කීර්ති අභයජීව

තරුණ කාන්තාවකගේ මඳසරු භාවයට එසේ නැතිනම් දරුවන් නොමැති වීමට තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ගැටලු බලපානවාද?

තයිරොයිඩ් ග්‍රන්ථිය මිනිස් ජීවිතයේ පැවැත්මට විශාල මෙහෙයක් කරන ඉන්ද්‍රියයක්. තරුණ කාන්තාවකගේ ආර්ථව ක්‍රියාවලියට තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ශ්‍රාවය වන තයිරොක්සින් හෝමෝනය කෙලින්ම බලපෑම් ඇති කරනවා. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වී තයිරොක්සින් හෝමෝනය ශ්‍රාවය වීම අඩු වුණොත් (ඩ්රනධබඩරපධඪඤඪඵථ) ඩිම්බ මෝචනය වීම නිසි අයුරින් සිදු වන්නේ නෑ. එය මඳ සරුභාවයට ප්‍රබල හේතුවක්. එසේම තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩි වී (ඩ්රනඥපබඩරපධඪඤඪඵථ) තයිරොක්සින් හෝමෝනය ස්‍රාවය වීම වැඩි වුණොත් ඇතැම්විට ආර්ථව ක්‍රියාවලිය නැවතීමට ද ඉඩ තිබෙනවා. එබැවින් තරුණ කාන්තාවකට දරුවන් ලැබීමට තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය නිසි අයුරින් සිදුවීම ඉතාම වැදගත්. තයිරොයිඩ් ග්‍රන්ථියේ සිදුවන මෙම අව ක්‍රියාකාරිත්වය සහ අධි ක්‍රියාකාරිත්වය යන දෙකටම ඖෂධ මඟින් හෝ ශල්‍යකර්ම මඟින් සාර්ථකව ප්‍රතිකාර කළ හැකියි.

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශි‍්‍රතව ඇතිවන ගෙඩි භයානක සෞඛ්‍ය ගැටලුවක් ද?

විවිධ හේතූන් නිසා තයිරොයිඩ් ග්‍රන්ථිය ආශි‍්‍රතව ගෙඩි ඇති වෙනවා. අයඩින් ඌනතාවය නිසා ඇතිවන ගෙල ඉදිමීම හෙවත් ගලගණ්ඩය (ථභතබඪදධඤභතචප ඨධඪබපඥ) නම් රෝගී තත්ත්වය අද එතරම් දකින්න ලැබෙන්නේ නෑ. අද බොහෝවිට දකින්න ලැබෙන්නේ හෝමෝනවල වෙනස්කම් නිසා ඇතිවන තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීමේ තත්ත්වයන්. මේවා පිළිකාමය තත්ත්වයන් නෙමෙයි. තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියාකාරීත්වය වැඩි ඇතැම් ගැහැණු දරුවන් වැඩිවියට පැමිණීමෙන් පසුව ඔවුන්ගේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමුමකට ලක් වෙනවා. එය අසාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. මෙවැනි ඉදිමීම් එම ගැහැණු දරුවවා වර්ධනය වීමත් සමඟම සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. නමුත් කුඩා දරුවකුගේ වුවත් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමී ගෙල ඉදිමී තිබේ නම් එය වහාම වෛද්‍යවරයකුට පෙන්විය යුතුයි. ඒ, කුඩා දරුවන්ගේ ගෙලෙහි වුවත් පිළිකාමය ගෙඩි ඇතිවිය හැකි නිසයි. කෙසේ හෝ ගෙලෙහි, තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන ඉදිමීමේ තත්ත්වයන් 90% කටත් අධික සංඛ්‍යාවක් පිළිකා නොවේ. එසේ වුවත් කුඩා දරුවකුගේ හෝ වැඩිහිටියෙකුගේ ගෙල ඉදිමී ඇත්නම් වහා වෛද්‍යවරයකු හමුවීම ඉතාම වැදගත්.

ගුද මාර්ගයේ රුධිරය පිටවීමට වහා ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක්ද?

එය ඉතාම සැළකිලිමත් විය යුතු තත්ත්වයක්. ගුද මාර්ගයෙන් රුධිරය ස්වල්පයක් පිට වූ විට බොහෝදෙනෙක් සිතන්නේ තමන්ට මේ ඇත්තේ අර්ශස් අමාරුවේ මුල් අවස්ථාවයි, එක ඒ තරම් සැලකියි යුතු තත්ත්වයක් නෙමෙයි යනුවෙනුයි. එසේ සිතා ඔවුන් වෛද්‍යවරයෙකු හමු වී මේ බව පැවසීම කල් දමා සිටිනවා. එය ඉතා වැරදියි. වර්තමානයේදී මිනිසුන්ගේ ජීවන රටාව ආහාර රටාව අනුව මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇතිවීම වර්ධනය වී තිබෙනවා. බටහිර රටවල මේ තත්ත්වය ඉතාම වැඩියි. අපේ රටෙත් මේ තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ නිසා ගුද මාර්ගයෙන් රුධිරය පිටවන්නේ නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතුයි. ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම හේතුව සෑමවිටම පිළිකාමය තත්ත්වයක් නොවෙයි. එයට ඇත්තේ අඩු ප්‍රවනතාවයක්. අර්ශස් අමාරුව, ගුද මාර්ගයේ පැලීම් ඇති වීම (ෆිෂර්) වැනි රෝගී තත්ත්වයක් නිසාද ගුද මාර්ගයෙන් රුධිරය පිටවීමේ හැකියාව තිබෙනවා. නමුත් වඩාත් වැදගත් වන්නේ ගුද මාර්ගයෙන් රුධිරය පිටවීමට හේතුව සැකහැර හඳුනා ගැනීමයි. මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ ඇතිවන පිළිකා ඉතා වේගයෙන් පැතිරීම එයට හේතුවයි.

ගුද මාර්ගයේ ඇතිවන පැලීම් සුව කළ හැකිද?

ඔව් සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි. ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම සමඟ අධික වේදනාවක් දැනෙන්නේ මෙම ගුද මාර්ගයේ පැලීම් (ෆිෂර්) නම් රෝග තත්ත්වයේදී. එය අර්ශස් රෝගය නිසා ඇතිවන වේදනාවට වඩා අධික වේදනාවක්. ගුද මාර්ගයේ සීරීම්, පැලීම් ඇති වී ඒවා සුව වීම සාමාන්‍ය තත්ත්වයක්. එහෙත් නිතර ඇතිවන මළ බද්ධය, ගුද මාර්ගයේ කපාටයේ අධි ක්‍රියාකාරීත්වය වැනි වෙනස්කම් ඇත්නම්, ගුද මාර්ගයේ ඇතිවන සුළු සුළු සීරිම් පැලීම් සුව වෙන්නේ නෑ. ඒවා වර්ධනය වෙනවා. එවිට එම පුද්ගලයා මළපහ නොකර සිටීමට උත්සාහ ගන්නවා. එය මළබද්ධය වර්ධනය වීමට හේතුවක්. චක්‍රයක් ආකාරයෙන් සිදුවන මෙම ක්‍රියාවලිය නිසා ගුද මාර්ගයේ පැලීම් සිරීම් වර්ධනය වෙනවා.

මෙයින් මිදීමට පළමුවෙන්ම කළ යුත්තේ මළ බද්ධයට හේතුවන සාධක ඉවත් කිරීමයි. මෙවැනි රෝගීන්ට ආහාර වේලෙහි වෙනස්වීම් සිදු කරන ලෙස උපදෙස් ලබා දෙනවා. ජලය වැඩියෙන් පානය කිරීමට, සෑම ආහාර වේලක් සමඟම කොළ මැල්ලුමක් ආහාරයට ගැනීමට මෙවැනි රෝගීන්ට උපදෙස් ලබා දෙනවා. මෙහිදී මුකුණුවැන්න, ගොටුකොළ, කතුරුමුරුංගා වැනි පලා වර්ග බණ්ඩක්කා වැනි කෙඳි සහිත එළවළු වර්ග සෑම ආහාර වේලකටම ලබාදීම වැදගත්. ආහාරයේ සිදු කරන එවැනි වෙනස්වීම් සමඟ වේදනාව නැති කිරීමට, ගුදයේ කපාටයේ අධි ක්‍රියාකාරීත්වය නැති කිරීමට ආලේප කිරීමට ඖෂධීය ක්‍රීම් වර්ග රෝගියාට ලබා දෙනවා. ඊට අමතරව බඩ විරේක වී මළ බද්ධය නැති කිරීම සඳහා ඖෂධ ලබාදිය හැකියි. මෙම රෝගයට ගොදුරු වූ ඉතාම සුළු පිරිසකට ඇතැම්විට ශල්‍යකර්මයක් කිරීමට සිදු වෙනවා.

නිරෝගී පුද්ගලයෙක් දිනකට කී වාරයක් වැසිකිළි යා යුතුද?

එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. එය කුඩා කල පටන් ඇති කරගන්නා පුරුදු අතර එකක්. බොහෝදෙනෙක් පෙළඹී සිටින්නේ දිනකට එක් වරක් වැසිකිළි යන්න ඇතැමුන් දවසක දෙවරක් වැසිකිලි යාමට පුරුදු වී සිටිනවා. ඒ ඔවුන්ගේ පුරුද්ද. එම සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් හදිසියේ ඇති වූවොත් ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි. ඒ, එය කිසියම් රෝගයක ලක්ෂණයක් විය හැකි නිසයි.

ආහාර ගත් විගස වැසිකිළි යාමට අවශ්‍ය වීම ගැටලුවක්ද?

කුඩා දරුවන්ගේ කුසට ආහාරයක් වැටුණු විට ඉක්මනින් එය ලෙස පිට කිරීමේ අවශ්‍යතාවයක් ඔවුන්ගේ අන්ත්‍රවලට තිබෙනවා. නමුත් පුද්ගලයකු වැඩිහිටියකු වනවිට කෑම ගත් විගස වැසිකිළි නොයා දිනකට වරක් හෝ දෙවරක් වැසිකිළි යාමට මනස පුහුණු වෙනවා. එම තත්ත්වය වෙනස් වී ආහාර ගත් විගස වැසිකිළි යාමට අවශ්‍ය නම් එය ඇතැම්විට මහා අන්ත්‍රයේ පිළිකාවක රෝග ලක්ෂණයක් වීමට ඉඩ තිබෙනවා.

නහර ගැට ගැසීමේ රෝගයට ප්‍රධානම හේතුව ස්ථුලතාවයද?

ස්ථුලභාවය නහර ගැට ගැසීමේ රෝගයට (ඍචපඪජධඵඥ) හේතුවන එක් සාධකයක් පමණයි. වෙනත් කරුණු කීපයක්ම ඊට බලපානවා. නහර ගැට ගැසීමේ රෝගයට ප්‍රධාන වශයෙන්ම ජානමය සම්බන්ධයක් තිබෙනවා. අම්මාට, තාත්තාට මෙම රෝගය ඇත්නම් එය දරුවන්ට ඇතිවීමේ හැකියාව වැඩියි. මෙම රෝගය රුධිර නාලවල කපාට නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. ඇවිදින්නේ නැතිව එක ඉරියව්වක සිටගෙන සිටින පුද්ගලයින්ට මෙම රෝගී තත්ත්වය ඇතිවීමේ හැකියාව වැඩියි. ඊටත් අමතරව පාදයේ රුධිරය කැටි ගැසීම නිසා ඇතිවන පාදවල නහර ගැට ගැසීමේ තත්ත්වය හට ගන්නවා. මෙය තරමක් භයානක තත්ත්වයක්. රෝගය හඳුනාගත් මුල් අවස්ථාවේ ප්‍රතිකාර ආරම්භ කිරිමෙන් මෙම රෝගයට පිළියම් යෙදිය හැකියි. නමුත් ප්‍රතිකාර කිරීම ප්‍රමාද වූවොත් පාද කළු පැහැ වී පාදවල තුවාල ඇති වී එම තුවාල සුව නොවන තත්ත්වයට පත් වීමේ හැකියාව තිබෙනවා. මෙම රෝගයේ මුල් අවස්ථාවේදී එන්නත් භාවිතයෙන් ලේසර් ප්‍රතිකාර මඟින් රෝගය සුව කිරීමේ හැකියාව තිබුණත්, රෝගය උත්සන්න වී ඇත්නම් ශල්‍යකර්මයක් සිදු කළ යුතු වෙනවා. ශල්‍යකර්මයෙන් පසුව වුණත් නැවතත් මෙම රෝගී තත්ත්වය ඇතිවීමේ හැකියාව තිබෙනවා.

පිත්තාශයේ ගල් ඇතිවීම භයානක රෝගී තත්ත්වයක්ද?

පිත්තාශයේ ගල් ඇති රෝගීන් ඒ බව දන්නේ නෑ. ඒ, පිත්තාශයේ ගල් ඇති වූ පසුව විශේෂ රෝග ලක්ෂණ නොපෙන්වන නිසයි. සියයට දහයකට පමණ පිරිසකට රෝග ලක්ෂණ මතු වෙනවා. එහි ප්‍රධානම රෝග ලක්ෂණය වන්නේ උදරයේ දකුණු පස, ආමාශය අසල ඇතිවන ඉතාම තදබල වේදනාවයි. එම වේදනාව අධිකව ඇති වී එය නැති වී යනවා. පිත්තාශයේ ගල් නිසා වෙනත් සංකූලතා ඇති වෙන්න පුළුවනි. පිත්තාශයේ ඇතිවන ගලක් පිත්ත නාලය දිගේ පහළට පැමිණ එම නාලය අවහිරි වූවොත්, පිත ගමනාගමනය අවහිර වී “සෙංගමාලය” රෝගය ඇති වීමේ හැකියාව තිබෙනවා. ඒ අතර විෂබීජයක් ඇතුළු වූවොත් වෙනත් ගැටලු රැසක්ම ඇතිවීමේ හැකියාව තිබෙනවා. පිත්තාශයේ ගල් නිසා අග්න්‍යාසයට හානි වීමට ද ඉඩ තිබෙනවා. ඒ නිසා උදරයේ දකුණුපස ආමාශයට යටින් තදබල වේදනාවක් ඇති වූවොත් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. පිත්තාශයේ ගල් උදරය විවර නොකොට ඉවත් කිරීමේ හැකියාව අද තිබෙනවා. ඒ කුඩා සිදුර කර ඇති කර ඒ හරහා ශල්‍යකර්මය සිදු කිරීමෙන් මේවා ම්ඥරඩධතඥ ර්‍ණනචපචබඪධද ලෙස හඳුන්වනු ලබනවා. පිත්තාශයේ ඇති වී තිබෙන ගල් විශාල නම් ඒවා මඟින් වෙනත් ගැටලු ඇතිවීමේ හැකියාව පවතී නම් ශල්‍යකර්මයක් මඟින් පිත්තාශය ඉවත් කළ යුතුයි. එසේම පිත්තාශය ඉවත් නොකොට පිත්තාශයේ ගල් ඉවත් කළ ද නැවත එවැනි ගල් ඇතිවීමේ හැකියාව තිබෙනවා.

අර්ශස් සඳහා කෙරෙන එකම ප්‍රතිකාරය ශල්‍යකර්මයද?

නැහැ. අර්ශස් සඳහා එකම ප්‍රතිකාරය ශල්‍යකර්ම නෙමෙයි. වර්තමානයේදී අර්ශස්වලට ප්‍රතිකාර ගැනීමට කිසිසේත්ම බියවිය යුතු නෑ. අර්ශස් රෝගයට ශල්‍යකර්මයක් මඟින් ප්‍රතිකාර කරන්නේ 10% කටත් වඩා අඩු රෝගීන් පිරිසකටයි. ඉතිරි 90% ට ශල්‍යකර්ම නොවන ප්‍රතිකාර වලින් සුවයක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අර්ශස් රෝගියකු වෛද්‍යවරයකු හමුවට ගියවිට රෝගියාට අර්ශස් ගෙඩි තිබේ නම් ගුද මාර්ගයට යොමු කරන කැමරාවක් මඟින්, අර්ශස් ගෙඩි අතර පිළිකාමය තත්ත්වයක් තිබේද යන්න සොයා බලනවා. තිබේ නම් එය ඉවත් කිරීමට කටයුතු යොදනවා. එසේ නොමැති නම් ආහාර රටාවේ වෙනස්කම් සිදු කොට අර්ශස් රෝගය සුව කිරීමට උත්සාහ ගන්නවා. එයින් සුවයක් ලබා ගැනීමට නොහැකි බව පෙනී යයි නම් අර්ශස් ගෙඩි වලට “රබර් බෑන්ඩ්” යෙදා බැඳ නමනවා. එහි ප්‍රතිකාරයක් ලෙස අර්ශස් ගෙඩි හැලී යනවා. එසේම එන්නත් ලබා දී අර්ශස් ගෙඩි වියලා දැමිය හැකියි. ශල්‍යකර්මයකට රෝගියා යොමු කරන්නේ ඉහත ප්‍රතිකාර වලින් සුවයක් නොලැබුණොත් පමණයි.

අන්ත්‍රවල ඇතිවන පිළිකාවල රෝග ලක්ෂණ මොනවාද?

අන්ත්‍රවල ඇතිවන පිළිකාවලදී රෝග ලක්ෂණ කීපයක්ම පෙන්නුම් කරනවා. ගුද මාර්ගයෙන් රුධිරය පිටවීම මළ පහ කිරීමේ වෙනස්කම් සිදුවීම ඒ අතර ප්‍රධාන වෙනවා. දිනපතා මළපහ කිරීමට පුරුදුව සිටි අයකුට දින දෙක තුනකට වතාවක් මළපහ කිරීමට අවශ්‍ය වීම. එසේම දිනකට හතර පස් පාරක් මළ බුරුලට පිටවීමත් මෙහිදී ඇතිවිය හැකියි. ඊට අමතරව මළ වල අමු රුධිරය මිශ්‍ර වී ඇත්නම්, මළ තාර කළු පැහැයෙන් පිටවෙයි නම්, උදරයේ දින කීපයක් තිස්සේ පවතින වේදනාවක් ඇත්නම් ඒවා අන්ත්‍රවල ඇති වූ පිළිකාවක රෝග ලක්ෂණ වීමට ඉඩ තිබෙනවා. එහිදී වඩාත්ම වැදගත් වන්නේ හැකි ඉක්මනින් වෛද්‍යවරයකු හමු වීමයි. මහා අන්ත්‍රයේ ඇතිවන පිළිකා මුල් අවස්ථාවේදී හඳුනාගත හැකි වූවොත් සම්පූර්ණයෙන්ම සුව කිරීමේ හැකියාව තිබෙනවා.

අන්ත්‍රවල ඇතිවන ගැටලුවකට වෛද්‍ය උපදෙස් පැතීම කිසිසේත්ම කල් නොදැමිය යුතුයි. මුල් අවස්ථාවේ තිබෙන ඇතැම් අන්ත්‍ර පිළිකා ගුද මාර්ගය තුළට යවන කැමරාවේ ආධාරයෙන් ඉවත් කර සුව කිරීමේ හැකියාව තිබෙනවා.