වයසට යනකොට අපි ලෙඩ වෙන හැටි

වයසට යනකොට අපි ලෙඩ වෙන හැටි

දූවරු වැඩිනම් පියාට පුරස්ථි ග්‍රන්ථි රෝග අනතුරක්

අමෙරිකාවේ කොලොමිබියා විශ්ව විද්‍යාල පර්යේෂකයන්, පිරිමි 40000 ක් යොදාගෙන සිදු කළ පර්යේෂණයකට අනුව අඩු තරමින් එක් පිරිමි දරුවකු එනම් පුතෙකුවත් සිටින පියෙකුට වඩා දූවරුන් පමණක් සිටින පියෙකුට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ඇති වීමේ අවදානම ඉහළ බව සොයාගෙන ඇත.

මෙවැනි පියවරුන්ගේ වයි “ක” වර්ණදේහයේ පවත්නා විකෘති භාවයන් හේතුකොට ඔවුන්ට පුතකු පිළිසිඳ වීමට නොහැකි වනවා පමණක් නොව පුරස්ථි ග්‍රන්ථි පිළිකා තර්ජනයට ද යොමු කරන බව මෙම පර්යේෂකයන් පවසති.

ඇඟ මහතද? එහෙනම් දණහිස් අමාරුව දණහිස රැකගන්න

“ඇයි අදත් කකුල් රිදෙනවද?” ඔයාගෙ බර අඩු කරගත්තොත් මහත බස්ස ගතහොත් ඔච්චර දණහිස් රිදෙන එකක් නැහැ. මෙවැනි වදන් ඔබත් අසා ඇතිවාට සැක නැත. එහෙත් ඇඟේ බර රාත්තලක් හෝ කිලෝග්‍රෑමයක් අඩු කිරීම නිසා දැනෙන වේදනාවෙන් සියයට කොපමණකින් අඩු වේද යන්න ගණනය කළ නොහැකිය. එසේ වුවත් ශරීරයේ බර අඩුවන සෑම රාත්තලකට දණහිස් වේදනාව ද යම් ප්‍රමාණයකට අඩුවන බව අමෙරිකාවේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ උටා විශ්ව විද්‍යාලයීය පර්යේෂණකයන් පෙන්වා දී ඇත. මෙම පර්යේෂණයෙන් සොයා ගෙන ඇත්තේ මාවකය ලෙස හැඳින්වෙන දණහිස ආරක්ෂක පටක කොටසට නිරෝගී බරක් ඇති පුද්ගලයන්ට වඩා වැඩි පීඩනයක් ඇති කිරීමට බර වැඩි පුද්ගලයන් සමත් වන බවය. ඔස්ටියෝ ආතරයිටීස් ලෙස හැඳින්වෙන වයස් ගතවන විට ඇතිවන සන්ධි හා අස්ථිවලට බලපාන පරිහානිය තත්වය නිසා දුර්වලව ඇති මාවකය ඉරියාමේ වැඩි ඉඩක් පවතින කාලයේදී මෙසේ ඇඟ මහත් වීම තර්ජනාත්මක බව වෛද්‍ය පර්යේෂකයෝ පවසති.

මේ අතර අමෙරිකාවේ වේක් ෆෝර්ඩ් සරසවියේ පර්යේෂකයන් ද ශරීරයේ බර දණහිස් සන්ධියට බලපාන ආකාරය පිළිබඳ ප්‍රමාණාත්මක අධ්‍යනයක් සිදු කර ඇත. ඇත්ත වශයෙන්ම ඔවුන් පවසා ඇත්තේ ශරීරයේ බර අඩුවීම දණහිස් සන්ධියට සලසන සේවාව කොපමණ ද යන්නය. ඔවුන්ගේ සොයා ගැනීම අනුව ශරීර බර රාත්තලකින් (කිලෝග්‍රෑම් 1.6 කින්) අඩු කිරීම හේතුකොට පය ඔසවා තබන එක් පියවරක් නිසා දණහිසට දැනෙන පීඩන බර සිව් ගුණයකින් අඩුවන බවය. මෙහිදී කළ ගණනයන් අනුව එක් සැතපුමක් ගමන් කරන විට දණහිසෙන් ඇතිවන සංයුක්ත බර අඩු වීම රාත්තල් 4800 ක් පමණය. මේ අනුව ශරීර බර අඩු කර ගැනීමට දරන උත්සාහය අනිවාර්යයෙන්ම දණහිසට මහත් සහනයක් සලසනවාය යන්න ඔවුන්ගේ නිගමනයය.

“ඩයබෙටියිලොගියා” නම් දියවැඩියා රෝගය පිළිබඳ සඟරාවේ පළවන අධ්‍යයන තොරතුරක් අනුව දැක්වෙන්නේ කෙනෙකු පූර්ව - දියවැඩියා තත්ත්වයෙන් පෙළේ නම් ඔහු තම රුධිරගත සීනි ප්‍රමාණය පහළ දමා ගැනීම තුළින් පිළිකා රෝගය වැළැක්වීමට පවත්නා අවදානම පහළ හෙළා ගන්නා බවයි.

අධ්‍යන 16 ක සංග්‍රහයක් ලෙස තොරතුරු එක් රැස් කර පළ කර ඇති මෙම වාර්තාවට අනුව දියවැඩියාව සහිත පුද්ගලයන් තුළ සමහර පිළිකා ඇති වීමේ ඉහළ අවදානමක් තිබෙන බව පළවෙයි. විශේෂයෙන්ම මහබඩවැල (කෝලොන්) අග්න්‍යාසය (පැන්ක්‍රියස්) , මුත්‍රාශය (බ්ලැඩර්) සහ පියයුරු (බ්‍රෙස්ට්) යන අවයව දියවැඩියාව නිසා පිළිකා ඇතිවිය හැකි ඉන්ද්‍රිය ලෙස හඳුනාගෙන ඇත. මෑත සිදු කළ අධ්‍යයන මඟින් පෙන්වා දෙන්නේ දීර්ඝකාලීන දියවැඩියා රෝගීන් හෝ රුධිරය තුළ සීනි මට්ටම ඉතා ඉහළව පවතින රෝගීන් හෝ පමණක් නොව මද වශයෙන් රුධිර සීනි ඉහළ පූර්ව දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන අයද මෙම පිළිකා අවදානමට ලක්ව සිටින බවය. අදාළ පර්යේෂණ 16 ටම වැඩිපුරම යොමු කර ඇත්තේ තරබාරුවෙන් (ස්ථුලතාවයෙන් ) පෙළෙන පුද්ගලයන්ය. තරබාරුව, දියවැඩියාව සහ පිළිකාව යන තත්ත්වයන් දෙකටම ප්‍රබල අවදානමක් දක්වන තත්ත්වයකි. පූර්ව දියවැඩියා තත්ත්වය සහ පිළිකා අතර සබඳතාවය ගැට ගසන නූල් පට ලෙස ඉන්සියුලීන්වලට ප්‍රතිරෝධය පැවතීම, ප්‍රද්‍රහය සහ දීර්ඝකාලීන රුධිරගත සීනි ප්‍රමාණය ඉහළ මට්ටමක පැවතීම යනාදිය දැක් වේ. මේ නිසා ඔබද රුධිරගත සීනි ප්‍රමාණයේ යම් සීමිත වැඩිවීමක් පවතින අයෙක් නම් සීනි භාවිතය නතර කර දැමීම මඟින් දියවැඩියාව උග්‍ර වීම වළැක්වීමට පමණක් නොව අනාගත පිළිකා උවදුරක් දුරැලීමට ද සමත් වනු ඇත.