Red Alarm

Red Alarm

නින්ද යන්නේ නැද්ද? - හිරු එළියේ පිහිට පතන්න

මේ ළඟකදී ඉඳල මට නිදාගන්න එක හරි ප්‍රශ්නයක්. නැගිටලා ඇඳේ එහා මෙහා පෙරළෙනවා මිසක් නින්ද යන්නේ නෑනේ....!

ඔබටත් මෙවැනි ගැටලුවක් ඇත්නම් පහත දැක්වෙන පියවර අරගෙන බලන්න

දවස සක්‍රියව ගෙවන්න

ඈලි මෑලි කඩමින් අක්‍රිය ජීවිතයක් ගත කරනවා වෙනුවට ඇඟපත වෙහෙසවා වැඩ කිරීම මෙන්ම ව්‍යායාම ගැනීම ද නිසා නින්දට උදව් වන රසායනික කිහිපයක්ම නිපදවීමට ශරීරයට හැකි වෙයි.

මත්පැන් - කෝපි පානය නින්දට හරස් වෙයි

නිදා ගැනීමට යාමට පැය 4 කට පෙර මත්පැන් පානය කිරීම නින්දට බාධ පමුණුවයි. එක කෝප ි කෝප්පයකින් ලැබෙන කැෆේන් ප්‍රමාණයෙන් භාගයක් සිරුරෙන් ඉවත් වීමට පැය 6 ක කාලයක් ගත වෙයි. එයද නින්දට බාධාවකි.

රෑට අඩුවෙන් කන්න

රාත්‍රී ආහාර වේල සැහැල්ලු නැතිනම් ටිකක් කන ආහාර වේලක් කරගන්න. රාත්‍රී ආහාරවේල බර ආහාර වේලක් වුවහොත් එය බඩ පපුව දැවිල්ලට, උගුරට ඒමට මෙන්ම උදර අපහසුතා ඇති කිරීමට ද හේතුවිය හැකිය. මේ සියල්ල නින්දට බාධා කිරිමට සමත්ය. නින්ද කැඩී මුත්‍රා කිරීමට යෑමේ අවශ්‍යතාවය නැති කිරීමට නින්දට පැයක් - පැය එක හමාරක් තිබියදී පානවර්ග හා ජලය පානය සීමා කරන්න.

හිරු එළියේ පිහිට පතන්න

දවසකට පැයක් දෙකක් පමණ නිවසින් පිටතට පැමිණ හිරු එළියේ පහස ලබන්නට තැත් කරන්න. සිරුරේ නිදි අවදි චක්‍රයේ ක්‍රියාවට සම්බන්ධ මෙලොටනින් නම් රසායනිකයේ ස්‍රාවය වීම නියාමනය කිරීමට දීප්තිමත් සූර්යා ලෝකයට පාත්‍රවීම උදව් වෙයි.

කුකුල් නින්ද අඩු කරන්න.

දිවා කාලය තුළ වරින් වර කෙටි නිදි ලැබීම නැතිනම් කුකුල් නින්දේ යෙදීම රාත්‍රී කාලයේ නින්දට බාධාවක් වෙයි. ඔබට එසේ නිදා ගැනීමට අවශ්‍යම නම් එය මිනිත්තු 15 -30 කට පමණ සීමා කරන්න.

බෝ නොවන රෝග අවදානම කොතරම් දැයි දැනගන්න

ඔබේ සිරුරේ ඉඟ වට ප්‍රමාණය සහ උකුලේ වට ප්‍රමාණය අතර අනුපාතය සොයා දැන ගැනීමෙන් ඔබ බෝ නොවන රෝග අවදානමට කෙතරම් දුරට ළංව සිටී දැයි දැනගත හැකිය.

නිවාඩුව විඳින්න බැරි නම් හදවත විඳවාවි

දින 5 ක් වැඩ කරන සතියක් සති අන්තයේ දින දෙකක නිවාඩුවක් !

මේ දින දෙක ඔබට ලබා දෙන්නේ වැඩට ගිය දින 5 තරමට වෙහෙසීමට නොව යම් විවේකයක් ලැබීම සඳහාය. අවුරුදු 28 ක් තිස්සේ පුද්ගලයන් රාශියක් මෙම සති අන්ත නිවාඩුව ගත කරන ආකාරය අධ්‍යනයට ලක් කළ විද්‍යාඥයන් දැක ඇත්තේ සති අන්ත දින දෙකේම නොයෙක් වැඩ කර සඳු දින වැඩට පෙරළා පැමිණීමේ පුරුද්දක් සහිත සේවකයන් හෘදයාබාධයක් හෝ ආඝාත තත්ත්වයක් හෝ ඇති වී අකල් මරණයට පත් වීමට වැඩි ඉඩක් පැවති බවය. සති අන්ත නිවාඩුව තුළ තරමක හෝ විවේකයක් ලද අයගේ හදවත තවත් කලක් වැඩ කළ බව පෙනී ගොස් ඇත.

අක්මා, පිළිකාවක් ඇත්දැයි අඟවන ඉඟි

කිසිදු රෝග ලක්ෂණයක් නොදක්වා අවසන් අදියරට පත්වන පිළිකා අතර අක්මා පිළිකාවට හිමි වන්නේ මුල් තැනකි. මද්‍යසාර භාවිතය හෝ භාවිතා නොකිරීම නිසා හෝ ඇතිවන අක්මා සිරෝසියාව මෙන්ම බී හා සී වර්ගයන්හි හෙපටයිටීස් ද අක්මා පිළිකා තත්ත්වයට මූලික වන හේතු සාධක අතර ඇත.

මුල් අවධියේදී රෝග ලක්ෂණ නොපෙන්වුවත් අක්මා පිළිකාවක අවසන් අදියරේදී පහත දැක්වෙන රෝග ලක්ෂණ ප්‍රදර්ශනය විය හැකිය.

උදරයේ ඉහළ කොටසේ දකුණු පැත්තෙන් නැගෙන වේදනාව

* උදරයේ ඉහළ කොටසේ ගෙඩියක් හෝ බර ගතියක් හෝ පවතින බවක් හැඟීම

* පිපුන හෝ ඉදිමුණ උදරයක් තිබීම

* ආහාර රුචිය අඩු වීම සහ නිතරම බඩ පිරී ඇති බවක් දැනීම

* ශරීරයේ බර අඩු වීම

* දුර්වල බවක් හෝ වෙහෙස මහන්සි ගතියක් දැනීම

* ඔක්කාරය හා වමනය පැවතීම

* සම කහ පැහැ ගැන්වීම, ඇස් කහවීම

* මල කිරිමැටි පැහැයක් ගැනීම සහ දුඹුරු පැහැයක් ගැනීම

* උණ

මේ ලක්ෂණ පවතී නම් එය අක්මා පිළිකාවක් බවට තදින්ම සැක කළ හැකිය.

ඒ සඳහා මෙම උපදෙස් පිළිපදින්න

උකුල් වටය මැනීම

මේ සඳහා මිනුම් පටිය තට්ටම්වල පුළුල්ම ප්‍රදේශයෙන් උකුල වටා ඔතන්න. මිනුම දැනගන්න. දැන් මේ ලද මිනුම් වලින් ඉඟවට, උකුල් වට අනුපාතය ලබා ගැනීම සඳහා ඉඟවට මිනුම, උකුල් වට මිම්මෙන් බෙදන්න. අවදානම් තත්ත්වය හඟවන අනුපාත ප්‍රමාණ මෙසේය.

ඉඟවටය (අඟල්) ඉඟ වටයට උකුල් වට අනුපාතය

ගැහැණු 35 ක් හෝ වැඩි 0.9 හෝ වැඩි

පිරිමි 40 ක් හෝ වැඩි 1.0 හෝ වැඩි

ඉඟවටය මැනීම

උඩුකය නිරුවත් කර, හුස්ම පිට කරන්න. මිනුම් පටිය (ටේප් එක) නාභිය ප්‍රදේශයෙන් ඉඟ වටා ඔතන්න. උදරය පිටුපසට තද කිරීමට හෝ පටිය ඉතා තදින් එතීමට හෝ නොයන්න. මිනුම ලකුණු කරගන්න.