ඇසීම මිනිසාට වැදගත් වන්නේ ඇයි?

ඇසීම මිනිසාට වැදගත් වන්නේ ඇයි?

අධ්‍යක්ෂ, වික්‍රමාරච්චි ශ්‍රවණ සහ කථන පුහුණු ආයාතනය

මිහිර වික්‍රමාරච්චි

මිනිසාගේ ශරීරය මඟින් ලැබෙන සංවේදන එහි නිරෝගී පැවැත්මට අත්‍යවශ්‍යය. නමුත් එම සංවේදන ලබා ගැනීමට උපකාරී වන විවිධ ඉන්ද්‍රියයන්වල දුර්වලතා නිසා ජීවිතයේ ගුණාත්මක භාවයට හානි ඇති කරනු ලැබේ. එවැනි ගැටලු සංකීර්ණ වීමට පෙර හඳුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය පිළියම් යෙදීම මඟින් වඩාත් සාර්ථකව ජීවිතය පවත්වාගෙන යා හැකියි. මිනිස් ශරීරයක එවැනි සංවේදන ලබා ගැනීමේ ප්‍රධාන ඉන්ද්‍රියයක් ලෙස මිනිස් කන පිළිබඳ මූලිකව හඳුනා ගත හැකි අතර එහි මූලික කාර්ය භාර්යයට හානි ඇති කරන ශ්‍රවණ ආශි‍්‍රත දුර්වලතා මොනවාද? ඒවාට හේතු වන සාධක හා පිළියම් මොනවාදැයි විමසා බලමු.

ඔබේ ඇසීම අඩුද?

එදිනෙදා කතාබහ අපැහැදිලි ද?

රූපවාහිනියේ / දුරකථනයේ හඬ වෙනදාට වඩා වැඩි කිරීමට අවශ්‍ය ද?

එකම දෙය නැවත නැවත අසා දැන ගැනීමට සිදු වෙනවාද?

ඔබ හොඳින් අසා සිටින්නේ නැතැයි අන් අය මැසිවිලි නඟනවාද?

ඔබ වෙනදාට වඩා වැඩි ශබ්දයෙන් කතා කරනවා යැයි අන් අය පවසනවාද?

එසේ නම් දැන් ඔබේ ශ්‍රවණ මට්ටම පරීක්ෂා කර ගැනීමට කාලයයි. වහාම ශ්‍රවණවේදියකු හමු වී ශ්‍රවණ පරීක්ෂණයක් සිදු කරගන්න.

අපට ඇසීම වැදගත් ඇයි?

* දරුවන්ගේ කතනය හා භාෂාව වර්ධනයට

* සන්නිවේදනය සඳහා

* අලුත් දේ ඉගෙනිමට

* සමාජීය සම්බන්ධතා ගොඩනගා ගැනීමට හා පවත්වා ගැනීමට

* අවට වටපිටාව පිළිබඳ නිරන්තර අවබෝධයෙන් සිටීමට

* ජීවිතය රස විඳීමට

අපේ ඇසීමේ මට්ටම අඩුවෙන්න පුළුවන්ද?

විවිධාකාර හේතු නිසා ඕනෑම වයසකදී ඇසීම අඩු වෙන්න පුළුවන්.

ඇසීම අඩුවක් ඇති බව හඳුනා ගන්නේ කෙසේද?

* එදිනෙදා කතාබහ අපැහැදිලි වීම

* එකම දෙය නැවත නැවත ඇසීමට සිදුවීම

* අවට පරිසරයේ ශබ්ද වලට ප්‍රතිචාර නොදැක්වීම

* රූපවාහිනියේ / දුරකථනයේ හඬ වෙනදාට වඩා වැඩි කිරීමට අවශ්‍ය වීම

* ශබ්දය පැමිණෙන දිශාව හඳුනා ගැනීමට නොහැකි වීම.

ඇසීමේ අඩුවක් ඇති විට කළ යුත්තේ කුමක්ද?

* ශ්‍රවණ පරීක්ෂණයක් මඟින් ශ්‍රවණ මට්ටම පරීක්ෂා කිරීම.

* ගැලපෙන පරිදි පිලියම් කිරීම

* ඖෂධ

* ශ්‍රවණාධාරක

* සැත්කම්

* සන්නිවේදන ක්‍රමෝපායන්

ශ්‍රවණාධාරකයක ඇති වැදගත්කම කුමක්ද?

* එදිනෙදා සන්නිවේදන කටයුතු පහසු කර ගැනීම සඳහා

* ශ්‍රවණ මට්ටම අඩුවීමේ සීඝ්‍රතාවය අඩු කර ගැනීම සඳහා

* බාහිර පරිසරයේ සිදුවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීම සඳහා

* ජීවිතයේ ගුණාත්මකභාවය වැඩි කර ගැනීම සඳහා

* දරුවන්ගේ අධ්‍යාපනයට සිදුවන බලපෑම අවම කර යහපත් මානසික සමාජීය වර්ධනයක් ලබා ගැනීම සඳහා

ශ්‍රවණාධාරක වර්ග

* පිටුපසට පළඳින ශ්‍රවණාධාරක (BTE, RIC)

* බාහිර ශ්‍රවණ නාලය තුළ රඳවන ශ්‍රවණාධාරක (ITE , CIC)

කර්ණශංඛ බද්ධය

මෙම ශල්‍යකර්මය සිදු කරනුයේ ශ්‍රවණ මට්ටම සම්පූර්ණයෙන්ම පාහේ අඩු ශ්‍රවණාධාරයකින් දියුණුවක් ලබා ගැනීමට අපහසු අයටය.