ශක්තිමත් මනස ජීවිතය ජය ගන්නට හොඳම මඟයි

ශක්තිමත් මනස ජීවිතය ජය ගන්නට හොඳම මඟයි

මනසින් ශක්තිමත් මිනිසුන් අන් අයට සාපේක්ෂව සුවිශේෂි ගුණාංගවලින් පිරිපුන්ය. ඔවුන් හැමවිටම ඒ සුවිශේෂි ගුණාංග තම ජීවිතය තුළ මැනවින් ක්‍රියාවට නංවන අතරම එවැනි මිනිසුන් මඟහරින නැතිනම් සිදු කිරීමෙන් වළකින දේ ද බොහොමයක් ඇත.

තැවි තැවී සිටීමට කාලය වැය නොකරයි

මනා පෞරුෂයක් සහිත ශක්තිමත් මනසක් ඇති මිනිසුන් තම අතීතය හෝ යටගියාව ගැන තැවි තැවී සිටීමට කාලය වැය නොකරයි. තම අතපසුවීම් හෝ පැවරුම්වල ප්‍රතිඵල පිළිබඳ සම්පූර්ණ වගකීම දැරීමට ඔවුන් පසුබට නොවෙයි.

ජීවිතය එකම රෝසමල් යහනාවක් නොවන බවද සමහර දේ සඳහා මුළු ශක්තියෙන් කැපවී වැඩකටයුතු ඉටු කිරීමට සිදුවිය හැකි බවද තේරුම් ගැනීමට මෙවැනි පුද්ගලයන් හට සහජ ඥානයක් ඇත. එබැවින් ඔවුුන් හැමවිට පවතින තත්ත්වයන් හෝ අර්බුදයන් දෙස සවිඥානිකව බලයි. එසේම පැන නැගුණු තත්ත්වයන් තුළින් උගත් පාඩම්වලට කෘතවේදීවෙමින් අරමුණ කරා යාමට පසුබට නොවේ.

තම ජිවිතයට බලපෑම් කිරීමට ඉඩ නොදෙයි

මානසිකව ශක්තිමත් මිනිසුන් කිසිවිටෙක අනන්‍යයන් හට තම ජීවිතයට අනිසි ආකාරයෙන් එබී බැලීමට, අහිතකර අයුරින් බාධා ගෙන ඒමට ඉඩ නොතබයි.

ශක්තිමත් මනසක් සහිත මිනිසුන් සැමවිට තම ක්‍රියාවන් පිළිබඳ අවබෝධයක් සහිත පිරිසක් වන අතරම ඒ සෑම ක්‍රියාවක් හා හැඟීමක් මනා පාලනයකට යටත්ව තබා ගැනීමට තරම් ශක්තියෙන් හා බුද්ධියෙන් යුතුය.

තනිකමට බිය නොවෙයි

මනසින් ශක්තිමත් මිනිසුන් තනිකමට බිය නොවෙයි. හුදෙකලාව අගයයි. ශක්තිමත් මනසක් සහිත මිනිසුන් තනිකම තුළ ද පී‍්‍රතිමත් වෙයි. හුදෙකලා කාල පරිච්ජේද ද වටිනා ඒවා සේ සලකයි. එවැනි කාල පරිච්ඡේදයන් ජීවිතය දෙස නැවත හැරී බලීමට යොදා ගනී. එවැනි පුද්ගලයන් තම පී‍්‍රතිමත් හැඟීම් අනන්‍යයන් ඉදිරියේ අනවශ්‍ය ලෙස ප්‍රදර්ශනය කිරීමට නොයයි.

මනසින් ශක්තිමත් මිනිසුන්ට අනන්‍යයන් සමඟ එක්ව සතුටු විය හැකිවාක් මෙන්ම හුදෙකලාව ද පී‍්‍රතියෙන් අත්විඳිය හැක.

ඉවසීම උපරිමයි

දෙයක හොඳම ඵලය නෙළා ගැනීමට නම් ඊට කාලයක් ගතවන බවත් ඉවසීමෙන් බලා සිටිය යුතු බවත් රහසක් නොවේ. ශක්තිමත් මනසක් සහිත මිනිසුන් නම් මේ බව දන්නවා පමණක් නොව සැබෑ ලෙසම ඉන් උපරිම පල නෙළා ගන්නවුන්ය. හොඳම දේ කරා යන ගමන දිගු බව ඔවුන් දන්නවා සේම තමා තබන සෑම සාර්ථක පියවරක වටිනාකම හොඳින් තේරුම් ගැනීමට ද අමතක නොකරයි. කාලය ඉතා සාර්ථක වෙනස්කම් සිදු කරන බැවින් වැයවන කාලය කොපමණ වුවත් ඊට අවශ්‍ය ශක්තියද ඔවුන් සතුය.

තම පාලනයෙන් තොර දේ වෙනුවෙන් ශක්තිය වැය නොකරයි

මනසින් ශක්තිමත් මිනිසුන් සුළු සුළු දේ ගැන නිතර පැමිණිලි නොකරයි. තම පාලනයට තවදුරටත් නතු නොවන දේට ඔවුන් තම ශක්තිය වැය නොකරයි. විශේෂයෙන් අනන්‍යයන් සතු දේ පාලනය කිරීමට උත්සාහ නොකරයි. මෙවැනි දේ තම පාලනයට යටත් නැති දේ බව ඔවුන් මනාව අවබෝධ කරගත් අයය.

අමිහිරි තත්ත්වයන්හිදී පවා කළ යුතු හොඳම දෙය තම ක්‍රියාකලාපයන් හා හැඟීම් තම පාලනයට මනාව යටත් කර තත්ත්වයන්ට මුහුණ දීම බව ඔවූහු දනිති. එවැනි අවස්ථාවල මෙවැනි පුද්ගලයන් තම ආවේණික ගුණාංග අනන්‍යයන් ඉදිරියේ මැනවින් පෙන්වයි.

අනන්‍යයන්ගේ දියුණුව දරාගත හැකියි

සංවර්ධිත මනසක් සහිත පුද්ගලයන් හට අනන්‍යයන්ගේ දියුණුව හෝ සාර්ථකත්වය දරා ගැනීමට පුළුවන. තවත් පුද්ගලයකුගේ දියුණුවේදී අව්‍යාජව පී‍්‍රති විය හැක.

ශක්තිමත් මනසක් සහිත මිනිසුන් අනුන්ගේ සාර්ථකත්වයන් හිදි නුරුස්නා හැඟීම් පළ නොකරයි.

පරාජයේදී අත්හැර නොදමයි

සෑම පරාජයක් ඊළඟ පියවර සාර්ථක වීමට අවස්ථාවකි. ඉතාමත් විශිෂ්ටතම ව්‍යවසායකයෝ පවා මුල් කාලයේ පරාජය වූවන්ය. තවද ශක්තිමත් මිනිසුන් ජරාජයන් අපේක්ෂා කරනු ද ඇත. ඒ තව තවත් තම අරමුණු සාර්ථක හා ශක්තිමත් කර ගැනීම උදෙසාය. නැවත නැවතත් සිදුවන පරාජයන් ඔවුහු තම උපරිම සාර්ථකත්වය හෝ අවසාන ඉලක්කයන් ජය ගැනීම උදෙසා මැනවින් ප්‍රයෝජනයට ගනිති.

අන්තර්ජාලයේ තොරතුරු ඇසුරෙන්