දියණිය හැඬුම්බර ව සයනයේ වැතිරී සිටී. ඇගේ මව කුස්සියෙහි වැඩ පළ අහවර කරයි. “මෙයා හෙට ඉස්කෝලෙ යන්න බෑ කියනවා.” ඇය මට සෙමෙන් කිය යි. “ඇයි ඒ?” “එයාලගෙ පරණ පන්තියෙ ටීචර් අද පළමු වැනි දවසෙ අලූත් පන්තියෙ ටීචර්ට ළමයි බාර දීලා ආවා” . . . .
සුදු පැහැ මල් පොකුරු පිරුණ අශෝක ගස දෙස මා බලා සිටින්නේ කනස්සල්ලෙනි. නොයෙක් පාටින් ද හැඩයෙන් ද අලංකාර වූ සමනලයන් පමණක් නොව මී මැස්සන් පවා කොතෙකුත් රොනට ඇදෙන අයුරු දැක දැක මා ලැබූ සතුට ම අද ශෝකයක් බවට පෙරළී තිබේ.
මනම්පිටිය, සෙවණපිටිය හා වැලිකන්ද පසුකර යන විට පාර පීත්ත පටියක් සේ ඈතින් ඈතට දිස්වෙයි. බොහෝ දුරට ඇදුණු වේදනාකාරී යුද්ධයක නිමාවෙන් පසු වැඩ නිම වූ පොළොන්නරු මඩකලපු මහා මාර්ගය තවමත් නැවුම් ය.
වැඩිදුරට