සොබා දහම මිනිස් ලෝකයා වෙත බොහෝ දේ තිළිණ කර දී තිබේ. ආශ්වාස ප්රශ්වාසයට වාතයත්, බීමට ජලයත්, ආහාරය සඳහා පලවැලත් කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරවම මිනිසා වෙත තිළිණ කර දුන් සොබා දහම සියලු මිනිසුන් වෙනුවෙන් නිර්මාණය කළා වු අසිරිමත් තිළිණය කුමක්දැයි විමසා බැලීමේ සිතිවිල්ල මා හද තුළ . . .
හවහට උඩතට්ටුවේ බැල්කනිය පැත්තෙන් ඉර බහින්නේ තාලෙකට කියලා මට හිතෙනවා. කහපාටයි රතුපාටයි එක්තුවෙලා තැඹිලි පාට වෙලා තිබුණ අහස හදිස්සියේ ලා කළු පාට වෙනවා. ඊටත් පස්සේ තද කළුපාට වෙලා මුකුත් ම පේන්නේ නැතුව කෑලි කපන්න පුළුවන් ඝන අන්ධකාරෙකින් වැහෙනවා. ඊට පස්සේ බැල්කනියේ ඉන්න . . .
බිනර සුළං සුවදායකය. වස්සාන සමය ළං ළංව සපැමිණෙන බවට ඉඟි පළ කරන බිනර අහස යට ගහකොළත් සතා සිව්පාවෝත් කටුක නිකිණියේ ගැහැට අමතක කර දමන්නට වෙහෙසති.අලුත් කැදැල්ලක් අලුත් පතිනියක්! බැලු බැලු අත දිස්වන්නේ නැවුම්බවමයි. තවම මුළුමණින්ම වැඩ නිම නොකළ ද නිවස සිරියාවන්ත පාටය.
වැඩිදුරට