2012-05-25

 

කරුණාව උපදවා ගනිමු.....

විශ්වාසයෙන් පුරුදු කරමු.

අපි භාවනා කීපයක් කරනකොට, කෙනෙකුට සමහර භාවනා කෙරෙන්නේ නෑ, අමාරුයි. සාමාන්‍යයෙන් කියන්නෙ

"වැඩෙන්නෙ නෑ" කියල නේ. ඉතින් ගොඩක් කට්ටිය "මට මේක අමාරුයි" කියල අතහරිනවා¡

අර හොඳට කෙරෙන එක ආසාවෙන් කරගෙන යනවා¡ එයා හරියට, සුළඟිල්ල පුංචියි කියල කපල දැම්ම කෙනා වගේ¡ එයාට ඒ අතින් කරගන්ට පුළුවන් වැඩ වලින්, ලොකු දෙයක් කරගන්ට බැරුව යනවා. ඇයි ඒ? හයිය නෑ කියල, පුංචි එක අයින් කළා¡

අපිට යම් භාවනාවක් යාන්තම් හරි හිතේ පුරුදුකර ගන්ට පුළුවන් වුනොත් ඒකෙන් මහත් වූ පිළිසරණක්, පිහිටක් හිතට ලැබෙනවා¡ අපිට ආන්න ඒ විශ්වාසය තියෙන්ට ඕනැ¡ අපිට ඒ විශ්වාසය තිබුණොත්, යම් භාවනාවක් හොඳට කෙරෙන්නෙ නෑ කියල අත හරින්නෙ නෑ.

දැන් සමහර කෙනෙකුට අසුභය කෙරෙන්නෙ නෑ. මෛත්‍රිය හොඳට වැඩෙනවා, ඉතින් ඒ අය කරන්නෙ අසුභය අතහැරල දානවා¡ ආන්න එහෙම කරන්ට එපා¡ අමාරුවෙන් හරි කමක් නෑ, ඒක කරගෙන යන්න¡ ඒ හැම එකක් ම ඉතා හොඳට කෙරෙන කලක් එනවා¡ අපිට භාවනාව යන්තම් පොඩ්ඩක් හිතේ පවත්වන්ට පුළුවන් වුනත්, ඒකෙන් මහත් වු පිහිටක්, පිළිසරණක් හිතේ පිරිසිදු භාවය පිණිස තියෙනවා¡

හිතේ පිරිසිදු භාවය පිණිස පොඩ්ඩක් ඒ භාවනාව කළත් හිතේ පිරිසිදුභාවයට ඒක උපකාරි වෙනව. ඒ නිසා "අපිට අමාරුයි, පුරුදු කරගන්ට බෑ" කියල ඒවා අතහරින්ට එපා¡ අමාරුවෙන් හරි කමක් නෑ කරන්න පුරුදු වෙන්න¡

ඒ නිසා තමයි අපි කියන්නේ, නිතර ටික ටික පුරුදු කරන්න කියල¡ ටික ටික පුරුදු කරනකොට කලක දී හිත හොඳට

පුරුදු වෙනවා¡ මොකද නුහුරු දෙයක් නේ අපි කරන්නේ. අපි සසරේ මේවා පුරුදු කරල නෑ. අපි පුරුදු නොකළ දෙයක් තමා දැන් මේ පුරුදු කරන්ට යන්නේ¡ ඒ නිසා අපිට අමාරුයි¡ ඒ අමාරු දෙයක් කරනකොට, ඒක ටික ටික කිරීමෙන් ඒ අමාරුකම් නැතිවෙලා යනවා¡ පහසු දෙයක් බවට පත්වෙනවා¡ ඒ නිසා, අපි ටික ටික කරන්න පටන් ගත්තොත් කලක් යනකොට අපිට භාවනා කිහිපයක් කරන්ට පුළුවන්කමක් තියෙයි¡

කලක් යද්දී වුනත් සමහර භාවනා අපිට හොදට කෙරෙන්නෙ නැතිවෙයි. සමහර භාවනා හොදට කෙරෙයි. එතකොට අපි අර හොදට කෙරෙන එක විතරක් කරලා අපහසුවෙන් කෙරෙන ඒවා අතහරින්ට එපා. අපහසුවෙන් කෙරුනත් කමක් නෑ ඒක ටිකක් හරි කරන්න.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!