2012-10-19

 

සත්‍යාවබෝධයට කැමති වෙමු

සත්‍යාවබෝධයට කැමති වෙමු

බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දෙනවා ආර්ය සත්‍යය අවබෝධ නොකිරීම ආර්ය සත්‍යය පිළිබද අවබෝධයක් නොතිබීම, ඒ කියන්නෙ අවිද්‍යාව මුල්වෙලා තමයි සියලු අකුසල් හටගන්නෙ කියල. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා ආර්ය සත්‍යය පිළිබද අවබෝධ ×නය මුල්වෙලා, එහෙම නැත්නම් විද්‍යාව මුල්වෙලා තමයි සියලු කුසල් හටගන්නෙ කියල. ඒ වගේම පවට ලැජ්ජාවත්, පවට බයත් කියන ඒ කුසල් අපේ සිතේ හටගන්නේ විද්‍යාය මුල්වෙලා. ආර්ය සත්‍යය පිළිබද අවබෝධය මුල්වෙලා.

එතකොට බලන්න ආර්ය සත්‍යය ගැන අවබෝධයක් නැත්නම්, සිතක කුසල් දහම් හටගන්නවා කියන එක වෙන්නෙ නෑ. ආර්ය සත්‍යය පිළිබද අවබෝධ ×නයක් නැත්නම් සිතක පවට ලැජ්ජාව පවට බය කියන කුසල් දහම් හටගන්නවා කියන එක සිද්ධවෙන්නෙ නෑ. යම් කෙනෙකුගේ සිතේ පවට ලැජ්ජාව පවට බය කියන කුසල් හටගන්නෙ නැත්නම්, ඒ ධර්මයන් සිතක හටනොගන්නවා නම් එයා තමාට හිත පිණිස, අනුන්නට හිත පිණිස කටයුතු කරන කෙනෙක් බවට පත්වෙන්නෙ නෑ.

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා පවට ලැජ්ජාව, පවට භය නැත්නම් ඒ සමාජය සත්තු වගේ කුකුල්ලු කුකුල්ලු වගේ හැසිරෙන තැන් බවට පත්වෙනවා. එළුවෙ එළුවො හැසිරෙන්න වගේ හීන ස්වභාවට ඇදගෙන වැටෙනව කියල. පවට ලැජ්ජාවත් පවට බයත් නැත්නම් ඒ සමාජය තුළ මිනිසත් බව ආරක්ශා වෙන්නෙ නෑ.

එතොකට බලන්න කොයි තරම් අනාරක්ෂිත ස්වභාවයකද මනුෂ්‍යයින් වාසය කරන්නෙ. පවට ලැජ්ජාවත්, බයත් නැත්නම් කුසල් දහම් වඩන්ට කෙනෙකුට බෑ. කුසල් දහම් පිහිටන්නෙ නෑ. සිත නිතරම කෙලෙස් ස්වභායෙන් යුක්තයි. පවට ලැජ්ජාවත්, පවට බයත් සිතක හටගන්නවා නම්, ඒ ධර්මයන් සිතක හටගන්ට උපකාර වන්නේ ආර්ය සත්‍යය පිළිබද අවබෝධයක් තිබීම. එහෙම නැත්නම් විද්‍යාව උපදව ගැනීම. එපමණකින්ම තමන්ට තමාගේ ආරක්ශාව උපදවා ගත්තා බවට පත්වෙනව.

ඒනිසා අපි කවුරුත් ඒ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමේ වැදගත්කම තෝරා බේරා ගත යුතුයි. යමෙකුට සිතේ ආරක්ශාව උපදව ගැනීම පිණිස උපකාරවෙන, සිතේ කුසල් දහම් උපදවගන්ට උපකාරවෙන චතුරාර්ය සත්‍යය ධර්මය තේරුම් බේරුම් කරගන්ට බැරි නම්, නොහැකි නම් එයාට තමාගේ ආරක්ශාව සලසාගන්ට පුළුවන් කමක් නෑ. ඒ නිසා තමාට හිත පිණිස, අනුන්ට හිත පිණිස කටයුතු කරන කෙනෙක් කළ යුත්තේම චතුරාර්ය සත්‍යය ධර්මය ගැන අවබෝධයක් ඇතිකර ගැනීම මයි. ඒ ධර්මය අවබෝධ කරගන්ට කැමැත්ත උපදව ගැනීමයි. අන් සියලු කටයුතු දෙවෙනි කරගෙන චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම කියන කටයුත්ත ප්‍රමුඛ ඉලක්කය බවට පත්කරගත යුතුයි.

භාග්‍යවතුන් වහන්සේ දවසක් භික්ෂූන් වහන්සේලාගෙන් අසා සිටිනවා ''පින්වත් මහණෙනි, යම් කෙනෙකුගේ හිසට ගිනි ගන්නව. එහෙම නැත්නම් වස්ත්‍ර වලට ගිනි ගන්නවා. අන්න ඒ වගේ අනතුරක් සිද්ධ වුනොත් එයා මොකද කරන්ට ඕනැ."" කියල අසා සිටිනව. ඒ වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේලා උත්තර දෙනව ''ඒ වගේ වෙලාවක කළ යුත්තේ එයා විසින් ඒ හිසම නිවා ගන්ට ඒ වස්ත්‍රම නිවා ගැනීම පිණිස තියුනු කැමැත්ක් උපදව ගන්ට ඕනැ. ඒ වගේම බලවත් වීරියක් උපදවගන්ට ඕනැ. දැන් ඇතී කියල හිතෙන්නෙ නැති අත් නොහරින වීරියක් උපදවගන්ට ඕනෑ සිහිනුවණ උපදවගන්ට ඕනෑ"" කියල ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්න. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව ''පින්වත් මහණෙනි, යමෙකුගේ හිසට ගිනිගත්තොත්, යමෙකුගේ වස්ත්‍ර වලට ගිනි ගත්තොත් ඒ වෙලාවේදී එයා හිසේ ගින්නත් වස්ත්‍රවල ගින්නත් අමතක කරල, ඒක සැලකිල්ලට නොගෙන අධිමාත්‍ර කැමැත්තක්, බලවත් කැමැත්තක් උපදවගත යුතුයි. බලවත් වීරියක් උපදව ගත යුතුයි, දැන් ඇතී කියල අත් නොහරින වීරියක් සිහි නුවණක් උපදව ගත යුතුයි අවබෝධ නොකළ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම පිණිස"" කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව.

එතකොට බලන්න මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ ආර්ය සත්‍යය අවබෝධ කිරීම පිණිස අපි කොතරම් කැමැත්තක් කොතරම් ප්‍රමුකත්වයක් ලබා දිය යුතුද කියන දේ අපිට පෙන්වා දෙන්ටයි. හිසට හෝ වස්ත්‍රවලට ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවා ගැනීම පිණිස කැමැත්ත අතහැරල බලවත් කැමැත්ක් උපදවගත යුත්තේ අවබෝධ නොකළ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්ටයි. අත්නොහරින වීරිය සිහිනුවණ උපදවගත යුත්තේ අවබෝධ නොකළ ආර්ය සත්‍යය අවබෝධ කරන්ටයි. මොකද එතරම්ම අනතුරක් ආර්ය සත්‍යය අවබෝධ නොකළ මනුෂ්‍යාට තිබෙනව. අන්න ඒ අනතුරින් නිදහස් වෙලා ආරක්ශාව උපදවගන්ට භාග්‍යවතුන් වහන්සේ මෙබදු ධර්මයන් අපිට සිහිකරල දෙන්නෙ. එබදු ධර්මයන් අහන අපි ආර්ය සත්‍යය අවබෝධ කරගැනීම පිණිස ප්‍රමුක එහෙම නැත්නම් අධිමාත්‍ර කැමැත්ක් බලවත් කැමැත්ක් ඡන්දයක් ඇතිකර ගත යුතුයි.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!