2013-05-17

 

සිතේ පිරිසිදු බව ඇතිකරගැනීමට නම්

සිතේ පිරිසිදු බව ඇතිකරගැනීමට නම්

මේ සිත ධර්මයට අනුව පුරුදු කිරීම ලේසි පහසු දෙයක් නෙවෙයි. ඉතාම අමාරු දෙයක්, නමුත් අපි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් විදිහට තේරුම් ගත්තොත්, මේ සිත ධර්මයට අනුව පුරුදු කරන්ට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් විදිහෙන් භාහිර විදිහකින් අපිට මේ සිත හසුරුව ගන්න බෑ. ධර්මයට අනුව අපේ සිත යොමු කරගන්ට අපහසු නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ආකාරයන් අපි තේරුම් ගත යුත්තේ.

භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනවා, මේ විදිහට හිතන්ට එපා මේ විදිහට හිතන්ට කියල දේශනා කරනව. ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ අපිට හිතන්ට එපා කියල කිව්ව විදිහවල් තියෙනව හිතන්ට එපා කියල. අන්න ඒවගෙ හිතන්ට එපා කිව්ව විදිහවල් අපි තේරුම් අරගෙන, ඒක පිළිඅරගෙන එබඳූ සිතුවිලි අත්හරින්ට අපි පුරුදුවෙන්ට ඕනැ. ඊලඟට භාග්‍යවතුන් වහන්සේ කියනව මේ විදිහට හිතන්ට කියල අපිට කියනව. එතකොට අපි අන්න ඒ ධර්මය පිළිඅරගෙන ඒ භාග්‍යවතුන් වහන්සේ කියා දුන් දේ හිතන්ට පුරුදුවෙන්ට ඕනැ. එතකොට අපිට පහසුවෙන් මේ ධර්මය පුරුදුකරගන්ට පුළුවන් කමක් තිබෙනවා.

මේ ධර්මය හිතට පුරුදු කරගන්ට බැරි, මෙතක් හිත පුරුදුවෙලා තියෙන්නෙ ධර්මයෙන් භාහිර අධර්මයට අනුව, එහෙම නැත්නම් බොහෝ කලක් අධාර්මික දේවල් හිතේ පුරුදු වෙලා තියෙනව. ඒ කියන්නෙ නොමඟ ගිය හිතක් තියෙන්නෙ. නොමඟ ගිය හිතකින් ධර්මය හුරුකරන්ට අපිට පුළුවන් කමක් නෑ. ඒ නිසයි අපි භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘන් වහන්සේ විදිහට තෝරගෙන ශාස්තෘන් වහන්සේ යමක්ද වදාලේ ඒ දේ ඒ ආකාරයෙන්ම අපි කළ යුත්තේ. එසේ කළොත් මේ සිත පිරිසිඳූ වෙන එක වලක්වන්ට කාටවත් බෑ. මේ සිත ඒකාන්තයෙන්ම පිරිසිදු වෙනවා මයි.