2013-08-23

 

ප්‍රඥාවන්තයෝ වෙමු..

ප්‍රඥාවන්තයෝ වෙමු..

අපි දුක ගැන තේරුම් ගත යුත්තේ දුක විඳල ද එහෙම නැතිනම් දුක විඳින්ට පෙර ද? දුක විඳින්ට පෙර දුක ගැන අපි තේරුම් ගත යුතු යි. ඒ කියන්නේ සතර අපායෙ වැටෙන්ට පෙරයි සතර අපායෙ තිබෙන දුක අපි තේරුම් ගත යුත්තේ. සතර අපායෙ වැටුණායින් පස්සෙ අපිට එයින් නිදහස් වෙන්ට අවස්ථාවක් නෑ. ඊට පස්සෙ අපට නිදහස් වෙන්ට පුළුවන් වෙයි කියල හිතන්ටවත් බෑ. ඒ නිසා ඒ දුකට නො වැටී දුක ගැන තේරුම් ගන්ට අපි උත්සාහ කළ යුතු යි. ඒක තමයි ප්‍රඥාව කියල කියන්නෙ.

අපිට ඒ ප්‍රඥාව උපදවා ගන්ට ගොඩාක් උදව් වෙනවා, උපකාර වෙනවා දුක ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය හොඳින් ඉගෙනගෙන, ඒ ධර්මයන් තේරුම් ගන්ට උත්සාහ කිරීම.

ප්‍රඥාව උපදවා ගන්ට අපට හරි ලේසියි එතකොට. අපි තුළ ඇති ආර්ය සත්‍යය පිළිබදව අවබෝධඥාණයට තමයි ප්‍රඥාව කියල කියන්නෙ. මේ තමයි දුක කියල, මේ තමයි දුකේ හටගැනීම කියල, මේ තමයි දුකේ නැතිවීම කියල, මේ තමයි දුක නැති කරන මඟ කියල යම් කෙනෙක් දන්නව නම්, අන්න ඒකට තමයි ප්‍රඥාව කියල කියන්නෙ.

එතකොට ඒ දැණුමෙන් යුක්ත කෙනා යි ප්‍රඥාවන්තයා. අන්න එබඳූ ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් වීමට අපි උත්සාහ කළ යුතුයි.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!