කාමාතුරයාට ගොදුරු වූ යෞවනයේ සුපිපි පියුම

කාමාතුරයාට ගොදුරු වූ යෞවනයේ සුපිපි පියුම

තර අතින් ගොම්මන මෝදුවෙද්දී අනෝරා වැස්සේ ඇය දුම්රියෙන් බැසගත්තේ ඉක්මනින් නිවෙසට යාමටය. වැහි අඳුරේම ඇය හුරුපුරුදු පාර ඔස්සේ අඩිය ඉක්මන් කළේ වෙනදාට වඩා රෑ බෝවූ නිසාය. ඒ වනවිටත් ඇය තනිකර අතහැර දමා දුම්රිය වේගයෙන් ඈතට ඇදී යනු ඇයට ඇසුනාය.

කිසියම් චකිතයක් ඇගේ හදවතට දැණුනත් උදේ හවා හුරුපුරුදු පාර දිගේ ඇය ඉදිරියටම ගියා ය. වෙනදා ඇය පමාවූ විට පෙරමඟට එන සිය මව ද එදා ඇයට මඟහැරුණාය. රැහැයියන්ගේ විලාපය හා දිය ගලායන හඬ පමණක් ඇගේ හදගැස්ම පරදා ඉස්මතුව ආවේය. සේවය නිමකර දුම්රියෙන් බැස නිවෙසට පැමිණීමට ලහිලහියේ පා එසවූ යුවතිය තම නිවෙස පෙනි පෙනී තිබුණ ද එදා යළි නිවෙසට ආවේ නැත.

නිශාදි බුද්ධිකා නම් සුරූපී 26 හැවිරිදි සොඳුරු තරුණිය එදින පැමිණෙමින් සිටියේ තම ඉරණම් ගමනේ අන්තිම හෝරාව බව ඇය පවා දැන සිටියේ නැත. යක්‍ෂයාගේ හෝරාව ගෙවෙමින් තිබිණි. ඇගේ ප්‍රාණයෙන් තොර සියුමැලි සිරුර ආපසු දැකගන්නට ලැබුණේ තලා පෙලා පොඩිකර දහදුක් විඳ මරාදමනු ලැබූ හපයක් ලෙසිනි.

නිශාදි බුද්ධිකා මරා දමනු ලැබූවේ ඇයි? ඇය මරා දැමූ මිනීමරුවන් කවුද? මුළු මහත් ශ්‍රී ලංකාවාසී දරුවන් ඇති මව්පියවරු පමණක් නොව මිහිකතම කම්පා වූ අහස පොළොව නුහුලන අපරාධය පිළිබඳ දැනගන්නට ලැබුණේ දෙනෙතට කඳුළක් ගෙනදෙමිනි. ජීවිතයේ හිරිමල් සිහින ගොන්නක් පොදිබැඳගෙන මල්බරවියේ අනාගතයකට සිහින මැවූ ආදරණීය දියණියක්, සොයුරියක් පිළිබඳ මුලු රටම ඇගේ මරණය පිළිබඳ වේදනාවට පත් වූවා මෙන්ම මිනීමරුවන් කවුරුන්ද යන්න විමසිල්ලෙන් පසුවිය.

ගලාගිය රුධිරයෙන් නැහැවුණු දේහයේ කාමාතුරයාගේ විකෘති මනදොළක් සපුරාගන්නට ඇති බවට සලකුණ තබමින් ඇගේ නිරුවත් දේහය දියපහරක් අසල කමත් මඩුවක වැතිර තිබිණි. ඊටත් වඩා හදකම්පාකර වනු ලැබූ සිදුවීම වූයේ තම පෙම්වතියගේ නිසල සිරුර මුලින්ම සොයාගත්තේ ඇයගේ පෙම්වතා වීමය.

එදින කොටුව දුම්රියපලේදී හමු වී ඔවුනොවුන් සමුගෙන ගියේය. වෙනදා දෙදෙනා එකතුව එකම දුම්රියක ගමන් කළ ද එදා දෛවයේ සැලසුම පරිදි ඇගේ පෙම්වතා මහව දුම්රියෙන් නිවෙස බලා ගිය අතර ඇය සුපුරුදු පරිදි රඹුක්කන දුම්රියෙන් නිවෙසට එන්නට පැමිණියා ය.

ඉදිරි ජනවාරි මාසයේ 17 වැනි දින සිය පෙම්වතා සමඟ යුගදිවි ගමන් ඇරැඹීමට සූදානමින් සිටි නිශාදි එම පැතුම ද තුරුලු කොටගෙන 2006. 11. 03 වැනි දින ගොම්මන් අඳුරු බිමක හුදකලාව මරණය වැළඳ ගත්තේ එලෙසය. වඩාත් බිහිසුණු අයුරින් මෙන්ම තිරශ්චීන ලෙස මිනීමරුවා ඇගේ පනසුන් සිරුරින් තම නරුම ආශාවන් පිරිමසාගෙන තිබිණි.

එතැනදී පියකු විසින් දකින්නට පව්කළ දසුනක් දකින්නට ලැබීමෙන් නිශාදි ගේ පියා සදාකාලයටම එම වේදනාව විඳින්නට තරම් අභාග්‍යසම්පන්න වූවේය.

ඇය අවසන් ගමන් ගියේ මරණය පිළිබඳ අභිරහසක් ඉතිරි කරමිනි. ඇගේ මරණයට තම පෙම්වතා කෙරෙහි ද සමාජයේ මෙන්ම පොලිසියේ ද සැකය මෝදු විය. ඔහුගෙන් ද බොහෝ දේ සටහන්කර ගැනීමට පොලිසියට සිදුවිය.

කාලය පියඹා ගියේ ය. ඇගේ මරණයෙන් දින 24ක් ගතවෙද්දී පොලිසියට කිසියම් ඔත්තුවක් ලැබී තිබිණි. ඒ දුම්රියේ වෙළෙඳාම් කරන්නෙක් පිළිබඳව ය. කලින් ඔහු දුම්රියේ සිඟමන් යැදි යාචකයෙකි. මීමැස්මොර රෝගියකු ලෙස හා ගොළුවකු ලෙස ඔහු දුම්රියේ මගීන්ගෙන් සිඟමන් යැද ජීවත් වූවෙකි. 25 හැවිරිදි ඔහු ඒ වනවිටත් විවාහකයකු වූ අතර සති ගණනක් වයසැති බිළිඳකුගේ පියකු ද විය.

පොලිසිය ඔහු පිළිබඳ ඇසගසාගෙන සිටිය ද එක්වරම ඔහු අත්අඩංගුවට ගත්තේ නැත. අවශ්‍ය තොරතුරු පොලිසිය සිය උකුසු ඇස යොදවා ඔහුට නොදැනෙන්නට එකතුකර ගත්තේ ය. ඔහු අඹේපුස්ස, කීනදෙනියේ, උඩතින්හිරිපිටිය, බෝපාගල පදිංචි 25 හැවිරිදි තරුණයකු වූ අතර ඔහු ප්‍රකටව සිටියේ ‘වඩේ සුදා’ යන නමිනි. ගැහැනුන් කෙරෙහි නොසන්සිදෙන ආශාවකින් පෙළුණු ඔහු එයට පෙර ද දුම්රියේදී තරුණ ළඳක මිතුරකු හා එක්ව දූෂණය කර එයට දඬුවම් ලබා එළියට විත් ගතව තිබුණේ ඉතා කෙටි කලකි.

ඔහු තම බිරිඳගේ මස්සිනා කෙනකුගේ මිතුරකු වූ ‘කදිරා’ නම් පුද්ගලයකු සමඟ එදින මත්පැන් පොදකින් සප්පායම් වීමේ වුවමනාවකින් පෙළුණේය. ඒ සඳහා තැබෑරුමකින් අවශ්‍ය කළමනා රැගෙන ඔවුන් ගියේ විල්වත්ත දුම්රියපොළ අසලින් වැටී තිබුණ අඩිපාර ළඟ ඇති පැරැණි කරත්ත මඩුව වෙතය. දෙදෙනාම ඉන් සප්පායම් වූ අතර, කදිරා හෘද රෝගියකු වූ බැවින් වැඩිපුර බිව්වේ නැත. මත්පැනින් වියරු වැටුණු ඔහුට ඊළඟ සුපුරුදු අවශ්‍යතාව වූයේ ‘ගැහැනියක් ඇත්නම්’ යන්නය.

වඩේ සුදාගේ කාමාශාව ඉහවහා ගොස් තිබිණි. සීතල වැස්සෙන් ඝෝෂාවත් මෙන්ම කලුවර අහසත් තව තවත් ඔහුගේ අතෘප්තිකර ආශාවන් ලියලා වැඩීමට උපකාර කළේය.

දෛවයේ අකාරුණික සැලසුම මෙවේලේ නරුමයන්ගේ සිතැඟිවලට සහාය පලකළා වැනිය. නිශාදි මේ අඩිපාර දිගේ ගෙදර යන්නට ආවේ මෙවේලේය. කලින් වතාවක මෙකී නරුම මිනිසා දුම්රියේදී නිශාදි දැක ආශාවෙන් ආතුරව සිටියේ ය. ගොදුර ඔහු අසලටම පැමිණ සිටියේ ය. ඔහුගේ පාපතර සිත අවදිව පිනායන්නට විය. කදිරා හීන් සීරුවේම මඟහැර ගියේ ‘මං ඕවට නැහැ’ යනුවෙන් පවසමිනි.

එතැන් සිට සියල්ල සිදුවූයේ යක්‍ෂයාට වුවමනා පරිදිය. කදිරාත් සුදාත් හැරුණ විට සියල්ල දැන සිටියේ ගන අඳුරත් අහසත් පමණි. සියල්ල ඇසුණේ ද ගහ කොළට පමණකි.

කිසිවක් නොවූවා සේ සිටි සුදා බීමත්ව දිනක් දොඩමළුව සුදාගේ මිතුරකු හා කියා සිටියේ පුදුම දෙයකි. “මුලු රටම නොදන්නවට ඔය කෙල්ල මැරුවේ මං” යන්නය. ඔහු හිරේ සිටියදී හඳුනාගත් මිතුරෙකි.

පොලිසිය හිටිහැටියේම ‘වඩේ සුදා’ අත්අඩංගුවට ගෙන සියල්ල වමාරන්නට කටයුතු කළේය.

“ඇත්ත කියපන් අපි දන්නවා උඹ නේද කෙල්ලව මැරුවේ” පොලිසිය ගිගිරුවේය.

“ඔය කෙල්ලව මැරුවෙ ඒ කෙල්ලගේ කොල්ලා සර්” ඔහු පරීක්‍ෂණ නොමගට හරින්නට වෙර දැරුවේය. එහෙත් ඔහුගේ “කැරැක්ටර් එක” හිතේ හැටියට දැන සිටි පොලිසියෙන් ලිස්සා යාමට ඔහුට බැරිවිය. අවසානයේ මුල සිටම සියල්ල අකුරක් නෑර වමාරන්නට සුදාට සිදුවිය.

“එදා හොඳටම වැස්ස සර්. අපි අඩියක් ගහන්න හිතාගෙන එදා කමත් මඩුවට ගියා. අපි බීල ඉවරවෙලා එතැනින් එන්න හදනකොටම ඔය කෙල්ල එතැනින් යන්න ආවා. මට ඉහිලුම් නැතිව ගියා. මං ඒ කෙල්ලගෙ අතින් ඇල්ලුවා. කෙල්ල මට කුඩෙන් ගැහුවා. මමත් පාරක් ගැහුවා. ඊට පස්සෙ මාව එයා තල්ලුකළා. දිය අඟලට දෙන්නවම වැටුණා. ඔලුව වැදෙන්න ඇති. සිහිය නැතිව වාගෙ හිටියා’.

‘දිය පහරෙ මුහුණ ඔබාගෙන ඉඳලා ආපසු ගොඩට ගත්තා. බොරුවට සිහි නැතිව ඉන්නව ඇති කියලත් හිතුණා. ඊට පස්සේ අතැරල දාලා මං ආවා.”

ඇය ඝාතනය කළ කමත

ඔහු තමන් කළ පාපතර ම්ලේච්ඡ, තිරශ්චීන ක්‍රියාවන් එකින්එක විස්තර කළේ අසා සිටියවුන්ගේ ඇඟ හිරිගඩු නංවන තරමේ බිහිසුණු පිළිකුල් බවකිනි. ඉන්පසු ඔහුගේ සෙරෙප්පු යුවළද ඊට ඔබ්බෙන් විසිකර දමා ඔහු යන්නට ගියේ ඇගේ රන්බඩු ටික ද ගලවාගෙනය. ඒවා උගස්කර ඔහු මුදල් ගෙන පසුව මහියංගනයට ගියේ සිය බිරිඳගේ ඥාති නිවෙසකටය. නිශාදිගේ නියපොතු අතර සිරවූ සම්කැබලි හා ඔහුගේ සිරුරේ සීරුම් ද සැලකිල්ලට ගනිමින් ඇගේ සිරුරේ තැවරී තිබුණ තවත් දෑද

ඩී. එන්. ඒ. පරීක්‍ෂණයකින් තහවුරු කරගන්නා ලදී.

නිශාදිගේ මරුවා දින 24කදී කොටුකර ගැනීමට පොලිසිය සමත්විය. එවකට ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශාන්ත රාජපක්‍ෂ සහකාර පොලිස් අධිකාරී දේශබන්ධු තෙන්නකෝන් හා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම මිනීමැරුම හෙළිදරව් කිරීමට හැකිවිය.

එලෙසම ගම්පහ නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාරීන් පිරිසක් ද ඊට දායකත්වය ලබා දුන්නාය. පො. ප. සිසිර කුමාර ජයකොඩි, උ. පො. ප. සිසිර ජයසිංහ, සාජන් අජිත් සේනානායක, ලියනාරච්චි, වසන්ත, කොස්තාපල් රුවන් සේනානායක, පොලිස් සහායක ශි‍්‍රයන්ත හා රියදුරු රංජිත් යන අය ද අනූපමේය මෙහෙවරක් ඉටු කළහ.

මීරිගම, කුරුඳුවත්ත පදිංචි යුද හමුදාවේ (විශ්‍රාමික) සාජන් මේජර්වරයකුගේ වැඩිමහල්දියණිය ලෙස උපත ලද නිශාදි බුද්ධිකා නම් සුකුමාල තරුණියගේ අගනා දිවිය පාපතරයකුගේ පාහර අතැඟිලි අතර තැලී පොඩිවී ගියේ එළෙසය.

නිරතුරුව කවිපද ලියැවුණු ඇගේ ලදල්ලක් සංවේදී හදවත එවන් ව්‍යසනයකට මුහුණදීමට තරම් ශක්තිමත් වීද? සුවඳ විහිදා අතුඅග සුළගේ ළෙලදුන් නිශාදිගේ ජීවිත පුෂ්පය මඩ ගොහොරුවක පාගා දමා පොඩිපට්ටම් කළේ ඇය ජීවිතය පටන්ගන්නට සූදානම් වූ මොහොතකය. පුංචිබොරැල්ලේ විදේශසේවා සපයන රැකියා ආයතනයක සේවය කළ ඇය ඒ වන විටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා ජනසන්නිවේදන ඩිප්ලෝමාව ද ලබා සිටියාය.

නිශාදි බුද්ධිකා අහිංසකාවිය දස වදදී ඝාතනය කළ වරදට අද සමන්ත තිලකසිරි නොහොත් “වඩේ සුදා” නම් පාපතර මිනිසා එයට වන්දි ගෙවමින් සිටින්නේ ජීවිතාන්තය දක්වා සිරගෙදර කම්බිකූ®රු ගනිමින්ය.