ද්විත්ව ඝාතනයට . . .

දෙපාර්ශ්වයේ පැවති මෙම ආරවුල අවසානයේ දිල්කි සිය දියණිය ද සමඟ ඇගේ මවගේ නිවෙසට ගියාය. පසුව පොලිසිය මීට මැදිහත් වී පසුගිය ඔක්තෝබර් තුන්වැනි දින පාර්ශ්ව දෙකටම තදින් අවවාද කොට සාමයෙන් සිටින ලෙසට දැනුම්දීමත් සමඟ දිල්කි සිය සැමියාගේ නිවෙසට යළි ගොස් තිබිණි. එහෙත් නැවත ඇතිවූ ආරවුලක් මත ඇය යළිත් මහ ගෙදරට ගොස් තිබිණි.

සැමියාගේ මව, පියා හා බාල පුතා නිතරම තමන්ට අවවාද, චෝදනා නඟන බවත් සිය සැමියා ඒ නිසා තමා සමඟ ආරවුල් ඇතිකර ගන්නා බවත් දිල්කි පවසා තිබිණ.

උදාරගේ නිවෙසට ප්‍රහාරය එල්ල කෙරුණේ ඔය අතරය. ඒ පසුගිය නවවැනිදාය. සිද්ධියෙන් තුවාලලත් දිල්කිගේ සැමියා හා ඔහුගේ මව පොලිසියට දුන් ප්‍රකාශවලට අනුව ප්‍රහාරයට පැමිණි දෙදෙනා කවුදැයි පොලිසිය මේ වන විට හඳුනාගෙන ඇත. ඉන් එක් අයකු වන්නේ ලන්දෙවත්තේ බාලයා නමැත්තාය. උදාර විවාහ වී සිටින්නේ බාලයාගේ සොහොයුරියකගේ දියණියක් සමඟය. බාලයා සමඟ පැමිණි අනෙකා පොඩ්ඩාය. "අක්කර පනහේ පොඩ්ඩා" කී විට ඒ අවට පිරිස් ඔහු හොඳින් හඳුනති.

අඟුණකොළපැලැස්ස මුරවැසිහේන ගම්මානය පසුගියදා භීතියෙන් ඇළලී ගියේය. ඒ ගම්මානයේ සේද ඉඩමට කඩා වැදුණු අවිගත් පිරිසක් නිසාය. කඩු, මන්න රැගත් තිදෙනකු සේද ඉඩමේ පදිංචි ආරියපාලගේ නිවෙසට කඩා වැදුණේ කිසියම් ආරවුලක් ගැන කතාබස් කරන්නටය. වසා තිබූ නිවෙසේ දොරවල් කඩාදැමූ සාහසිකයෝ ප්‍රශ්නය කතාබස් කිරීම කෙසේ වෙතත් නිවසේ සිටි වයෝවෘද්ධ ආරියපාලට ප්‍රහාරයක් එල්ල කළහ. ඔහු පණ බේරා ගැනීමට ගෙයින් පිටතට දිව ගියේය. ඒ වන විට ආරියපාලගේ බිරිය සිටියේ කුස්සියේ රාත්‍රී ආහාර පිළියෙල කරමින්ය. සැමියාගේ මරළතෝනිය ඇසුණු ඇය සාලයට දිව ආවද ඇයට ද සිදුවූයේ මෑරයන්ගේ අත්වල තිබූ මන්නා පිහිපහරවලට මුහුණදීමටය. මන්නා පහර වැදුණු ඇය නිවෙස තුළම ඇද වැටුණාය. ඒ වන විට මොවුන්ගේ එක් පුතකු සිටියේ නිවෙසට යාබද ළිඳ අසලය. ගෙදර සිදුවන කලකෝලාහලය දැකගන්නට එතැනට පැමිණි ඔහුට ගෙට ඇතුළුවීමටවත් ඉඩක් නොලැබිණි. ඔහුද සාහසිකයන්ගේ මන්නා පහරට ගොදුරු විය. ඒ වන විට ආරියපාලගේ ලොකු පුතා වූ උදාර රැකියාව නිමවී නිවෙසට එමින් සිටියේය. සාහසිකයන් කිසිම ඉවක් බවක් නොමැතිව ඔහුටද ප්‍රහාර එල්ල කළේය. කලකෝලාහලය මරළතෝනිය මුළු ගම පුරා පැතිර ගියත් කිසිවකු සිද්ධිය වූ නිවෙසට ආවේ නැත. ඒ තිබූ මරබිය නිසාය. නිවැසියන්ට ප්‍රහාර එල්ල කළ සාහසිකයෝ පැමිණි යතුරුපැදියේම නැඟී පලා ගියහ.

සිද්ධිය අඟුණකොළපැලැස්ස පොලිසියට දැනගන්නට ලැබෙනවිට සියල්ල සිදුවී හමාරය. ඒ වන විට ස්ථානාධිපතිවරයා සිටියේ පොලිසියෙන් බැහැරව වෙනත් රාජකාරියක නිරතවෙමින්ය. දුරකථනයෙන් ලැබුණු දැනුම්දීමට අනුව ඔහු ගත යුතු පියවර පිළිබඳ සෙසු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව සිද්ධිය වූ මුරවැසිහේන සේදවත්ත ජනපදයට ගිය නිලධාරීහු තැන තැන වැටී සිටි තුවාලකරුවන් රෝහලට රැගෙන යාමට පියවර ගත්හ.

මියගිය ආරියපාලගේ සොහොයුරකු වූ සේපාලද ඒ වන විටත් සිද්ධිය සැලවී එම නිවෙසට පැමිණ සිටියේය.

සිද්ධියෙන් පහරකෑමට ලක්වූ නිවෙස හිමි ආරියපාල හා ඔහුගේ පුත් ගයාන් සමීර ඒ වන විටත් මියගොස් සිටි අතර බරපතල කැපුම් තුවාලවලට ලක්වී සිටි ආරියපාලගේ බිරිය සෝමලතා හා පුත් උදාර රෝහල්ගත කෙරිණ.

මියගිය ආරියපාල වෘත්තියෙන් කාර්මිකයෙකි. ආරියපාලගේ කුඩා නිවෙස ඉදිරිපස ලෑලි දෙකකින් සමන්විත වසා තිබූ දොර කඩා දමා තිබිණි. ආරියපාලගේ සිරුර සොයා ගැනුණේ නිවෙසට මදක් ඈතිනි.

මැරයන්ගෙන් බේරෙන්නට ඔහු නිවෙසින් පිටතට දිව යන්නට ඇතැයි පොලිසියේ සැකය විය. ආරියපාල වැටී සිටි ස්ථානයේද ලේ පැල්ලම් තිබිණි. ඉන් හැඟී ගියේ වැටුණු තැනදිත් මැරයන් ඔහුට කොටා ඇති බවය. මියගිය පුතා ගයාන් ද තාත්තා ගිය ඉසව්වට යෑමට ගොස් කඩුල්ල අසල වැටී මියගොස් තිබිණි. මියගිය ගයාන් සමීරගේ වයස විසිපහකි. ආරියපාලට හැටදෙකකි. තුවාලලත් සෝමලතා පනස් දෙහැවිරිදිය. තුවාලලත් අනෙක් පුතා උදාරට වයස අවුරුදු විසිඅටකි.

සිද්ධිය වූ ස්ථානයට මාතර සොකෝ නිලධාරීන් මෙන්ම ඇඟිලි සළකුණු අංශය බාර නිලධාරීන්ද පැමිණ සිටි අතර මැරයන් කිසිදු සාක්කියක් සිද්ධිය වූ ස්ථානය අසල හෝ ඒ අවට ඉතිරිකර නොතිබිණ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධනපාල හා සහකාර පොලිස් අධිකාරී දළුවත්ත යන මහත්වරුන් ද්විත්ව ඝාතන පිළිබඳ විමර්ශන බාරව කටයුතු කළහ.

පසුව ස්ථානයට පැමිණි ස්ථානාධිපතිවරයා සිද්ධිය පිළිබඳ විමර්ශනවලට සම්බන්ධ වූයේ අපරාධ විමර්ශන නිලධාරීන්ද සමඟය. ඒ වන විට සිද්ධියෙන් තුවාලලත් මව හා පුතා තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි අතර තුවාලලත් උදාරගේ තත්ත්වය සුවදායක වූ බැවින් මුලින්ම ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසියට හැකිවිය. ඉන් අනතුරුව ඔහුගේ මවගෙන්ද දීර්ඝ ප්‍රකාශයක් පොලිසිය ලබාගත්තේය. එහිදී හෙළිවූයේ පවුල් ආරවුලක් මත මෙම මැර ප්‍රහාරය එල්ල කර ඇති බවය. ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි තිදෙනා කවුදැයි ඔවුහු පොලිසියට කීහ. ඒ ඔවුන් තුවාල ලැබ ජීවතුන් අතර සිටි නිසාය. ඔවුන්ද මැරයන් අතින් ජීවිතක්ෂයට පත්වූයේ නම් මෙම ද්විත්ව ඝාතනයද සදා වැළලී යනු නොඅනුමානය.

ප්‍රහාරයට ලක්ව ජීවිත බේරාගත් උදාර විවාහ වී සිටියේ සමනළගම පදිංචි දිල්කි සමඟය. උදාර පදිංචිව සිටියේ සිය පියාගේ නිවෙසේ මව හා සොහොයුරා සමඟය. උදාර දිල්කි දැන හඳුනාගත්තේ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරද්දීය. විදුලි කාර්මිකයකු වූ උදාර හා දිල්කි අතර ඇතිවූ පේ‍්‍රම සබඳතාවයට වැඩිහිටි පාර්ශ්වයෙන් විරුද්ධකම් ඇතිවුවද දෙදෙනාගේ කැමැත්තෙන් ඔවුහු යුග දිවියට පිවිසියහ. පසුව ඇයද රැගෙන ඔහු ආවේ සිය පියාගේ නිවෙසටය. එම ඉඩමේ නිවෙසක දෙදෙනාම පදිංචි වූහ. උදාරට දාව දිල්කිට දියණියක් ලැබුණේ ඉන් පසුවය.

උදාරත් දිල්කිත් දහසකුත් බලාපොරොත්තු මැද විවාහ ජීවිතය ඇරඹුවද වසර දෙකතුනක් යද්දී දෙදෙනා අතර නොයකුත් විරසක ඇතිවන්නට පටන්ගත්හ. උදාර නිතර නිතර දිල්කිව සැක කළේය. වෙනත් පිරිමියකු දුරකථන ඇමතුම් දෙන බව කියමින් උදාර සිය බිරිය සමඟ ගැටුම් ඇති කර ගත්තේය. එවිට දිල්කි සිය දියණියද රැගෙන ඇගේ මහගෙදර පිහිටි සමනළගමට ගොස් පදිංචි වන්නීය. මෙය උදාරට ඉවසුම් නොදෙන්නක් විය. පසුව තත්ත්වය යළි සමථයකට පත්වීමත් සමඟ දිල්කි උදාරගේ නිවෙසට ආවාය. ඒත් වැඩිකල් නොගොස් දෙන්නා අතර යළි ආරවුල් ඇති වූහ. මෙය පොලිස් පොත්වල පවා ලියවී ඇත. වරෙක දිල්කි සිය සැමියා වූ උදාරට විරුද්ධව අඟුණකොළපැලැස්ස පොලිසියේ පැමිණිල්ලක් කළාය. 2016 සැප්තැම්බර් තිස්වැනිදා පැමිණිල්ල විභාග කෙරිණි. සමාදානයෙන් සිටින ලෙස පොලිසිය දෙපාර්ශ්වයටම අවවාද කළේය. එහිදී දිල්කි පවසා සිටියේ තමාට උදාරගෙන් දික්කසාද වීමට අවශ්‍ය බවය. පොලිසිය එවිට දිල්කිට කීවේ ඒ සඳහා සිවිල් අධිකරණයේ පිහිට පතන ලෙසය.

2016 ජූනි තිස්වැනිදා දිල්කිගේ අනියම් පේ‍්‍රම සබඳතාවයක් සම්බන්ධයෙන් උදාර පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඇය පේ‍්‍රම සබඳතාවක් පවත්වාගෙන යන පුද්ගලයාගේ නමද ඔහු පොලිසියට කීවේය. දෙදෙනාට විරුද්ධව ඉදිරිපත් කළ එම පැමිණිල්ල පසුගිය ඔක්තෝබර් තුන්වන දින විභාගයට ගැනිණි.

දෙපාර්ශ්වයේ පැවති මෙම ආරවුල අවසානයේ දිල්කි සිය දියණිය ද සමඟ ඇගේ මවගේ නිවෙසට ගියාය. පසුව පොලිසිය මීට මැදිහත් වී පසුගිය ඔක්තෝබර් තුන්වැනි දින පාර්ශ්ව දෙකටම තදින් අවවාද කොට සාමයෙන් සිටින ලෙසට දැනුම්දීමත් සමඟ දිල්කි සිය සැමියාගේ නිවෙසට යළි ගොස් තිබිණි. එහෙත් නැවත ඇතිවූ ආරවුලක් මත ඇය යළිත් මහ ගෙදරට ගොස් තිබිණි.

සැමියාගේ මව, පියා හා බාල පුතා නිතරම තමන්ට අවලාද, චෝදනා නඟන බවත් සිය සැමියා ඒ නිසා තමා සමඟ ආරවුල් ඇතිකර ගන්නා බවත් දිල්කි පවසා තිබිණ.

උදාරගේ නිවෙසට ප්‍රහාරය එල්ල කෙරුණේ ඔය අතරය. ඒ පසුගිය නවවැනිදාය. සිද්ධියෙන් තුවාලලත් දිල්කිගේ සැමියා හා ඔහුගේ මව පොලිසියට දුන් ප්‍රකාශවලට අනුව ප්‍රහාරයට පැමිණි දෙදෙනා කවුදැයි පොලිසිය මේ වන විට හඳුනාගෙන ඇත. ඉන් එක් අයකු වන්නේ ලන්දෙවත්තේ බාලයා නමැත්තාය. උදාර විවාහ වී සිටින්නේ බාලයාගේ සොහොයුරියකගේ දියණියක් සමඟය. බාලයා සමඟ පැමිණි අනෙකා පොඩ්ඩාය. "අක්කර පනහේ පොඩ්ඩා" කී විට ඒ අවට පිරිස් ඔහු හොඳින් හඳුනති. ඔවුන් දෙදෙනා සමඟ පැමිණි අනෙකා දිල්කිගේ ඥාතියෙකි.

ලන්දේවත්තේ බාලයා නොහොත් උඩුගල්මොටේ බාලයා නමැත්තා මනුෂ්‍ය ඝාතන කිහිපයකටම චෝදනා ලැබූ අයෙකි. කොල්ලකෑම්ද ඒ චෝදනා අතර වේ. ඔහුගේ සහෝදරයාද එවන් අපරාධ චෝදනා එල්ල වූ අයෙකි. මිනීමැරුම් හා කොල්ලකෑම් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුද විභාග වෙමින් පවතී. මොවුහු කලක් බන්ධනාගාරගතව සිට ඇප මත පැමිණිය වූවෝ වෙති. සිද්ධියෙන් පසු ඔවුන් ගම් හැර ගොසිනි.

අවසන් කටයුතු සඳහා මියගිය වූවන්ගේ සිරුරු තැන්පත් කර තිබුණේ ඔවුන්ගේ ඥාතියකුගේ නිවෙසකය.

සිද්ධියට දින කිහිපයකට කලින් ලන්දවත්ත බාලයා ඇතුළු දෙතුන්දෙනකු එම නිවෙසට පැමිණ සාදයක්ද දමා තිබිණ. සිද්ධිය වන්නට දින දෙකකට කලින් කිසියම් පහරදීමක් මත බාලයා අඟුණකොළපැලැස්ස පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළද ඔහුට ඇප නියම විය. ප්‍රහාරය එල්ල වන්නේ ඉන් පසුවය.

කෙසේ වෙතත් පත්‍රය මුද්‍රණයට යන මොහොත වනතුරුම බාලයා ඇතුළු සෙසු අය අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් නොතිබිණි. ඔවුන් සැඟව සිටින තැන් කිහිපයක තොරතුරු ලැබුණද ඒ කිසිදු තැනකදී මොවුන් සොයාගැනීමට පොලිසියට නොහැකි වී ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ බොහෝ පිරිස් අඟුණුකොළපැලැස්ස පොලිසිය ගැන දක්වන ප්‍රතිචාර එතරම් සතුටුදායක නොවේ. ඔවුන් පවසනුයේ ද්විත්ව ඝාතනයට සම්බන්ධවූවන් අල්ලාගැනීමට නොහැකිවීම පොලිසියේ දුර්වලතාවයක් බවකි.

කලක් අඟුණුකොළපැලැස්ස පොලිසිය දේශපාලන කාර්යාලයක් ලෙස පවත්වාගෙන ගිය බව ද සමහරු කියති. වර්තමානයේ එවන් තත්ත්වයක් නොතිබුණද අපරාධකරුවන් නිදැල්ලේ සිටීම මහත් භයානක තත්ත්වයක් බවත් ඔවුන් අල්ලාගෙන නීතිය ක්‍රියාත්මක නොකළ හොත් තවත් අපරාධ සිදු විය හැකි බවත් ගම්වාසීහු පවසති. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් බලධාරීන් පවසනුයේ අඟුණකොළපැලැස්ස පොලිසියට අමතරව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයද අපරාධකරුවන් සොයා මෙහෙයුම පවත්වන බවය.

මාතර තංගල්ල බාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලක් ධනපාල හා සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත අඟුණකොළපැලැස්ස පොලිස් ස්ථානාධිපති කීර්ති ගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වති.

පොලිස් පරීක්ෂණ ඇසුරින් ලිපිය සකස් විය.