අනුන්ගේ . . .

චර්චිල් අගමැතිවරයා නාසි හමුදාවේ ක්‍රියාකාරකම් ගැන සොයාබැලීම සඳහා විශේෂ ඔත්තු සේවයක් ආරම්භ කළේය. එය හඳුන්වන ලද්දේ ප්‍රභූ විශේෂ ක්‍රියාන්විත විධායන රහස් ඔත්තු සේවා ඒජන්සිය නමිනි. (Elite Soe Spy Network)  චර්චිල්ගේ මෙම රහස් ඔත්තු සේවයේ පිරිමින් පමණක් නොව ගැහැනුන්ද සේවය කළහ. ඉතාමන් නිර්භීත එඩිතර ඉන්දියානු තරුණියක්ද මෙම රහස් ඔත්තු සේවයට බැඳී රහස් ඔත්තුකාරියක ලෙස සේවය කළාය. ජර්මන් නාසි හමුදාව විසින් ඇය මරාදමා මේ වනවිට අවුරුදු හැත්තෑවක් ගත වී ඇත.

මෙපමණ කලක් සියලු දෙනාටම අමතක වී ගිය මෙම වීර කාන්තාව නොහොත් ඉන්දියානු ඔත්තුකාරිය සිහිකිරීම සඳහා ලංඩනයේ ගෝඩන් චතුරශ්‍රයේදී ඇයගේ පිළිරුවක් විවෘත කිරීමට බ්‍රිතාන්‍යයේ වෙළඳ සමාගමක් පියවර ගත්තේය.

එකල ජර්මනියේ නාසි හමුදාව ඔවුනට විරුද්ධ රටවල තොරතුරු ලබාගැනීම සඳහා ඔත්තු සේවාවක් ආරම්භ කර තිබුණි. මෙම ඔත්තු ජාලය බ්‍රිතාන්‍යයේද ඔත්තු සොයාබැලුවේය.

මේ බව දැනගත් එවකට බ්‍රිතාන්‍යයේ සිටි සර් වින්සන්ට් චර්චිල් අග්‍රාමාත්‍යවරයා නාසි හමුදාවේ මෙම ක්‍රියාකාරකම් ගැන සොයාබැලීම සඳහා විශේෂ ඔත්තු සේවයක් ආරම්භ කළේය. එය හඳුන්වන ලද්දේ ප්‍රභූ විශේෂ ක්‍රියාන්විත විධායන රහස් ඔත්තු සේවා ඒජන්සිය නමිනි. (Elite Soe Spy Network)  චර්චිල්ගේ මෙම රහස් ඔත්තු සේවයේ පිරිමින් පමණක් නොව ගැහැනුන්ද සේවය කළහ. ඉතාමන් නිර්භීත එඩිතර ඉන්දියානු තරුණියක්ද මෙම රහස් ඔත්තු සේවයට බැඳී රහස් ඔත්තුකාරියක ලෙස සේවය කළාය. ජර්මන් නාසි හමුදාව විසින් ඇය මරාදමා මේ වනවිට අවුරුදු හැත්තෑවක් ගත වී ඇත.

මෙපමණ කලක් සියලු දෙනාටම අමතක වී ගිය මෙම වීර කාන්තාව නොහොත් ඉන්දියානු ඔත්තුකාරිය සිහිකිරීම සඳහා ලංඩනයේ ගෝඩන් චතුරශ්‍රයේදී ඇයගේ පිළිරුවක් විවෘත කිරීමට බ්‍රිතාන්‍යයේ වෙළඳ සමාගමක් පියවර ගත්තේය.

"නූර් ඉනයට් ඛාන්" නමින් හඳුන්වනු ලැබූ මෙම ඔත්තුකාරිය උපත ලැබුවේ මොස්කව් නුවරදීය. ඇයගේ පියා ඉන්දියානු මුස්ලිම් ජාතිකයකු වූ අතර මව ඇමෙරිකන් කාන්තාවක් වූවාය. නූර්ගේ පියා මුස්ලිම් දේවගැතිවරයකු ලෙස කටයුතු කළේය.

මොස්කව් නුවර බොහෝකලක් පදිංචි වී සිටිය ඛාන් පවුල පසු කලකදී ලංඩනයේ පදිංචියට පැමිණියහ. ටික කලක් ලංඩනයේ පදිංචි වී සිටි ඛාන් පවුල ඉන්පසු ප්‍රංශයට ගොස් එහි අගනුවර වන පැරිසියේ පදිංචි වූහ. පැරිසියේ විද්‍යාලයකින් අධ්‍යාපනය හැදෑරූ නූර් ඛාන් ඒ අතරතුරේ ලේඛන කලාවටද සිත යොමු කළාය. ඇය මුලින්ම ලේඛන කලාවට පිවිසියේ ළමුන් වෙනුවෙන් කතන්දර ලියමිනි.

ඇය ජර්මන් ජාතික නාසිවරුන් පිළිකුල් කිරීමටත් ඔවුන්ට වෛර කිරීමටත් පටන්ගත්තේ තරුණ කාලයේදීමය. නාසිවරුන් සමඟ වෛරයක් ඇතිවූයේ කුමක් නිසාදැයි කීමට ඇය මියයන තෙක්ම නොදැන සිටියාය. එහෙත් ඔවුන් විනාශ කර දැමිය යුතු යැයි ඇය හැමදාමත් කියා සිටියාය.

මේ අතර දිනක් ජර්මන් නාසිවාදීහු ප්‍රංශය යටත් කරගත්හ. මේ යටත් කර ගැනීමත් සමඟම ප්‍රංශයේ ජීවත්වූ පවුල් ගණනාවක් අතුරුදන් වූහ. නූර්ගේ මවත් පියාත් ඇයගේ එකම සොහොයුරාත් මේ අතුරුදන්වූවන්ගේ ගොඩට එක්වූහ. ඔවුන් සොයාගැනීම සඳහා නූර් හැමතැනම කරක් ගැසුවාය. එහෙත් ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි සොයාගැනීමට ඇයට හැකිවූයේ නැත. මෙය නූර්ට ප්‍රහෙළිකාවක් විය. ඔවුන් නාසිවරු අතින් මැරුම් කන්නට ඇතැයි සිතූ නූර් එදිනම පණ බේරාගෙන ප්‍රංශයෙන් පලාවිත් එංගලන්තයේ පදිංචි වූවාය.

එංගලන්තයට පැමිණි නූර් ලේඛන කලාව පසෙක දමා අතිරේක ගුවන් හමුදාවට බැඳී වසර දෙකක පුහුණුවක් ලබා ගත්තාය. ඉන්පසු ගුවන් විදුලි සම්පේ‍්‍රක්ෂකයකු ලෙස මනා පුහුණුවක් ලැබූ ඇය ජර්මන් නාසිවාදීන් විනාශ කරන ක්‍රමවේදයක් ගැන කල්පනා කළාය.

මේ වනවිට අගමැති සර් වින්ස්ටන් චර්චිල් නාසිවාදීන් මෙල්ල කිරීම සඳහා විශේෂ රහස් ඔත්තුසේවා ක්‍රියාන්විතයක් (ඉධඥ) ආරම්භ කර තිබිණ. මෙම ක්‍රියාන්විතයේ නූර් ඛාන් නමැති තරුණිය ගැන දැනගන්නට ලැබිණි. ඔවුහු ඇය සොයාගොස් තම රහස් ඔත්තු සේවයට බැඳෙන ලෙස ඇගෙන් ඉල්ලා සිටියහ.

නූර් ඔවුන්ගේ ඔත්තු සේවයට බැඳීමට එක පයින්ම කැමැත්ත පළකර සිටියාය. ඔත්තු සේවයට බැඳීමෙන් පසු ඇය යළිත් ප්‍රංශයට ගියාය. ඒ ඔත්තුකාරියක ලෙස නොව ගුවන් විදුලි ක්‍රියාකරවන්නියක ලෙසිනි. මෙහිදී ඇය පෙනී සිටියේ නූර්ඛාන් ලෙස නොව මැඩලින් නමැති ආරූඪ නමකිනි. නාසී හමුදාවට හඳුනාගැනීමට නොහැකි වන ලෙස වෙස් මාරුකරගත් ඇය ප්‍රංශයේ සිට ලංඩනයේ ඔත්තු සේවා මූලස්ථානයට ඔත්තු සැපයීමට පියවර ගත්තාය. එහෙත් වැඩි කලක් ඇයට ඔත්තු සැපයීම කරගෙන යාමට ඉඩක් නොලැබිණ. ඇය සමඟ සිටි ප්‍රංශ කෙල්ලක් ජර්මන් රහස් පොලිසියට ඇය ගැන ඔත්තුවක් දුන්නාය. නාසි යුගයේ සිටි ගෙස්ටපෝ (ට්ඥඵබචනධ) නමැති ජර්මන් රහස් පොලිසිය වහාම පැමිණ නූර් ඛාන් අත්අඩංගුවට ගත්තේය. ඉන්පසු මේ වීර කෙල්ලට ඔවුහු දසවධ දෙමින් තමන් සේවය කරන්නේ කාටදැයි ප්‍රශ්න කර සිටියහ. එහෙත් තමන් සේවය කරන්නේ චර්චිල්ස් ඔත්තු සේවයේ බව නොකීමට නූර් වගබලා ගත්තාය. නූර් කතා නොකරන බව දැනගත් ගෙස්ටපෝ පොලිසිය ඇයට නොයෙක් වධදෙමින් දිගටම ප්‍රශ්න කරන්නට විය. එහෙත් නූර් කට ඇරියේ නැත. ඉන්පසු ඇය වෙනත් සිරකඳවුරකට ගෙන ගොස් ප්‍රශ්න කිරීමට පටන්ගත්තේය. ඔවුහු ඇයගේ දෙපාද, දෑත්ද යකඩ දම්වැල්වලින් බැඳ පහරදෙමින් ප්‍රශ්න කරන්නට වූහ. සිගරට් කොට වලින්ද රත් කළ යකඩ කූරුවලින්ද ඇයගේ ශරීරය පුලුස්සන්නට වූහ. එහෙත් නූර් තමා කවුද සේවය කරන්නේ කාටදැයි නොකීමට වගබලාගත්තාය.

මෙම සිරකඳවුරේ සිටියදී ඇය දෙපාරක් පැන යාමට තැත් කළාය. එහෙත් ඒ දෙපාරම ඇය මුරකරුවන්ට අසුවිය. මෙම සිද්ධියෙන් පසු නූර් යළිත් ගෙස්ටපෝ මූලස්ථාන කඳවුරට මාරුකර යවන ලදී. එහිදී ඇය හිරකර තබන ලද්දේ පස්වෙනි තට්ටුවේ සිරමැදිරියකය. චර්චිල්ගේ රහස් ඔත්තු සේවය පිළිබඳ කිසිම රහසක් දැනගැනීමට නොහැකිවූ තැන නූර් යළි වෙනත් ආරක්ෂක සිරමැදිරියකට මාරු කිරීමට ගෙස්ටපෝ බලධාරීහු පියවර ගත්හ. එම සිරමැදිරිය “ච්චජඩචද” නමින් හැඳින්විය.

ටික දිනක් මෙම සිරමැදිරියේ රඳවා සිටි නූර් ඛාන් දිනක් පාන්දර එහි තිබූ ආදාහනාගාරය වෙත කැඳවාගෙන ගියේය. ඇයගේ දෑත්ද දෙපාද බැඳ තිබිණ. මුහුණ වැසීයන ලෙස කළු රෙද්දකින් හිස වසා තිබිණ.

ටික දුරක් ගෙන ගිය ඇය කපන ලද වළක් අසල නතර කරන ලදී. ගතවූයේ මොහොතකි. ඇය සමඟ ගිය එක් ජර්මන් භටයෙක් "ෆයර්" කියා කෑ ගැසුවේය. ඒ සමඟම නූර්ගේ හිසට, පපුවට හා දෙපාවලටද වෙඩි උණ්ඩ කිහිපයක්ම එල්ල විය. කපා හෙලූ ගසක් මෙන් නූර් ඉනයට් ඛාන් නමැති මේ ඔත්තුකාරිය ඒ අසලම වූ වළ තුළට ඇද වැටුණාය. බ්‍රිතාන්‍ය රජය නාසිවාදීන්ගෙන් බේරාගැනීම සඳහා සටන් වදිමින් උදාර මෙහෙවරක් කළ මේ ඉන්දියානු කෙල්ල සිය ජීවිතය පූජාකර දැනට දශක කිහිපයක් ගතවී ඇත.

මෙපමණ කලක් ඇයව අමතක කර සිටි බි‍්‍රතාන්‍ය පාලකයෝ අන්තිමට ඇය සිහිපත් කිරීම සඳහා නූර්ගේ පිළිරුවක් ගෝඩන් චතුරශ්‍රයේදී ඉදිකිරීමට පියවර ගත්හ. මේ සඳහා පවුම් ලක්ෂ දෙකකට වැඩි මුදලක්ද එකතු විය. මුස්ලිම් කාන්තාවකගේ පිළිරුවක් බ්‍රිතාන්‍යයේදී ඉදිවූ ප්‍රථම අවස්ථාව මෙය බව ඩේලිමේල් පුවත් පත කීවේය.