මෙහෙමත් අම්මලා

මෙහෙමත් අම්මලා

ගල්කිස්ස බඩෝවිට බොහෝවිට ඇත්තේ එක පෙළට ඇති මුඩුක්කු ගෙවල්ය. හුඟදෙනෙක් එම ගෙවල් හඳුන්වන්නේ ඉටිකොළ නිවාස ලෙසින්ය. ශානිකා උපන්නේ මෙම නිවාස පේළි අතර ඇති එක මුඩුක්කු නිවෙසකය.

වසන්තී ශානිකාගේ මවය. ඇය විවාහ දිවියට එළැඹ ඇත්තේ ද වයස අවුුරුදු දහසයක් වූ විටය. ළාබාල වියේදීම ඇය තවත් පිරිමින් අතින් අතට ගියාය. එතැන් පටන් හතළිස් හැවිරිදි විය තෙක්ම ඇය බොහෝ පිරිමින් සමඟ ජීවත් වුවාය. ඒ විවාහ වලින් ඇයට ගැහුනු දරුවන් සිව් දෙනෙකි. එක් පිරිමි දරුවෙකි. පිරිමි කිහිපදෙනෙක් සහේට ගත් වසන්ති අද ජීවත් වන්නේ හත්වැනි සැමියා සමඟය.

කාලය මෙසේ ගෙවිගියේය. ශානිකා ද මව් සෙවනේ හැදි වැඩුණාය. හත්වැනි සැමියාත් සමඟ ජිවත් වූ වසන්තිගෙන් ශානිකාට ඒතරම් ආදරයක් නොලැබුණාය. කරදඬු උස් මහත් වී දහහතර වියට එළැඹෙද්දී ශානිකා ද බොහෝ විට කොළු කුරුට්ටන්ගේ දෙනෙත් වලට නිතර නිතර ගොදුරු වුණු එකියක වුවාය. අප කියන්නට යන කතාව මෙය නොවේ. කොතරම් පිරිමි සහේට ගත්තා ද තමකුසින් උපන් දියණිය තම හොර සැමියාට බිලි දෙන්නට තැත් කරන මවක් ගැන අපි ජිවිතේට අසා ඇත්ද? අතට හසු වූ දෙයකින් කොටා හෝ තම දියණිය බේරා ගන්නා මව්වරු සිටින අප රටේ මේ මව එසේ කළේ නැත. ඇය සිය හත්වෙනි හොර සැමියා සමඟ තම දහහතර හැවිරිදි දියණියට නිදන්නට අණ දුන්නාය. එහෙත් ශානිකා ඊට එකඟ නොවිය. ඒ ඇගේ වාසනාවකට වන්නට ඇත.

මේ අනුවේදනීය කතාව අපට අසන්නට ලැබුණේ ගල්කිස්ස පොලිසියෙනි. ස්ථානාධිපතිවරයා ඉදිරියේ ඇගේ මේ කඳුළු කතාව දිග හැරුණේය. දහහතර හැවිරිදි ඇය හැඬු කඳුලෙන් කීවේ වසන්ති තම මව වුවත් තමාගේ පියා කවුදැයි නොදන්නා බවය.

ගල්කිස්ස පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පසුගියදා තොරතුරක් ලැබිණි. ඒ බඩෝවිට ප්‍රදේශයේ නිවෙසක සිටින බාල වයාස්කාර දැරියක් ඒ නිවෙසට පැමිණෙන ‘කුඩ්ඩෙකු’ විසින් නිතර නිතර දුෂණය කරන බවටය. ඒ අනුව ක්‍රියාත්මක වූ ගල්කිස්ස පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පිරිසක් පසුගියදා බඩෝවිට පිහිටි ඒ නිවෙස බැලීමට ගියහ. පොලිසිය එම නිවෙස වටලන විටත් බාල වයස්කාර දැරිය රඳවා තබාගෙන සිටි නිවසේ හිමිකාරිය ද එහි වුවාය.

පොලිසය දුටු හිමිකාරිය කලබල විය. නිවසේ සිටි තරුණයකු පොලිසිය දැක දිව ගියේය. ක්‍රියාතක්මක වූ නිලධාරින් වහලයට නැග සැඟව සිටි එම තරුණයා අත්අංඩගුවට ගත්තේය. ප්‍රශ්න කිරිමේදී හෙළිවුයේ බාල වයස්කාර දැරිය සමඟ අඹුසැමියන් ලෙස හැසිරෙන ‘කුඩ්ඩා’ ඔහු බවය. ඔහු විසි දෙහැවිරිදිය. ඉන් අනතුරුව පොලිසිය කළේ එම තරුණයාට බාල වයස්කාරිය සමඟ එකට ඉන්න හිටින්නට ඉඩදුන් නිවෙස් හිමිකාරිය අත් අඩංගුවට ගැනීමය.

ප්‍රශ්න කිරීමේදී හෙළිවුයේ එම කාන්තාව එම වසන්තිගේ හයවෙනි අනියම් සැමියාගේ ඥාති කාන්තාවක් බවය. එතැනදී තවත් කරුණු කාරණා හෙළිවිය. වසන්ති සමඟ ජීවත් වූ හත්වැනි සැමියා දැරියට කරදර කර ඇත්තේ ඔවුන් කහතුඩුව ප්‍රදේශයේ ජීවත්ව සිටියදීය. තමාට සිදුවන කරදරය දැරිය මවට කිවාය. දියණියගේ කීමට කන්දුන් වසන්ති හත්වෙනි සැමියාට හොරෙන් දියණියට කීවේ හොර සැමියා සමඟ නිදා නොගත්තොත් ඇයට ඊට වඩා කරදර විඳින්නට සිදුවන බවය. ඒත් ශානිකා ඊට කැමති නොවිය. ඇය හඬා වැළපෙමින් කිවේ් එසේනම් තමා නිවෙසින් පලා යන බවය. බඩෝවිට සිටි සයවෙනි සැමියාගේ ඥාති නිවෙසකට වසන්ති ශානිකා රැගෙන එන්නේ ඉන් අනතුරුවය.

බඩෝවිට කළක් ජීවත් වූ එම නිවෙසට කුඩු බිමට ඇබ්බැහි වී සිටි තරුණයා පැමිණ ඇත්තේ ඔය අතරය. ශානිකා දුටු එම තරුණයා ඇය සමඟ සබඳතාවයක් ඇති කරගත්ත ද ඊට වසන්ති විරුද්ධ නොවුවාය. ඊට හේතු වුයේ ඇයට හත්වැනි සැමියා සමඟ ජීවත් වීමට ශානිකා බාධාවක් වන නිසාය. දැරිය බඩෝවිට නිවසේ හිමිකාරියට බාරදුන් වසන්ති යළි හත්වැනි සැමියා සොයා කහතුඩුවට ගියාය. ඒ අතරතුර කුඩු තරුණයා හව්හරණයක් නැති සිටි දහහතර හැවිරිදි ශානිකා වරින් වර බිලි ගත්තේය.

ගල්කිස්ස ළමා හා කාන්තා කාර්යාංශයට මේ සියල්ල අනාවරණය කරගත හැකි වුයේ බඩෝවිට නිවෙස හිම කාන්තාවගෙන් ප්‍රශ්න කරද්දීය. කුඩු තරුණයාට පමණක් නොව තමාට සිය මවගේ හත්වැනි සැමියා සමඟ ද නිදාගන්නට බලකළේ තමාගේම අම්මා බවද ඇය පොලිසිය හමුවේ පවසා සිටියේ හඬා වැටෙමින්ය.

පොලිසිය මුලින්ම අධිකරණයට ඉදිරිපත් කළේ බඩෝවිට නිවසේ දැරිය නතරකරගෙන සිටි කාන්තාවය. අනතුරුව දැරියට අතවර කරමින් අඹුසැමියන් ලෙස ජීවත්වන්නට උත්සාහ කළ ‘කුඩ්ඩා’ අධිකරණයට ඉදිරිපත් කෙරිණ. අධිකරණය බාල වයස්කාර දැරිය.ත පරිවාස බාරයට පත්කළේය. සැකකාරිය හා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

මව්පිය ආදරය නොලද ශානිකා නොලැබුණු ආදරය සල්ලාල තරුණයාගෙන් ලබා ගැනීමට උත්සාහ කළ ද අන්නිමේදී සිදුවුයේ ඇයට ද පරිවාස භාරයට පත්විමටය. තම මවගේ නොමනා ක්‍රියා කලාපය නිසා ඇයට මව් සෙනෙහසද අහිමි ඇත.

ගල්කිස්ස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරල හා පොලිස් අධිකාරි රොහාන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස මුලස්ථාන පොලිස් පරීක්ෂක රෝහණ පුෂ්පකුමාර ප්‍රමුඛ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානධිපති පෙරේරා උපපරීක්ෂිකා තිළිණි කාන්තා සැරයන් ලේඛා (4572) කොස්තාපල් මධුසිත් (60681) හා කාන්තා කොස්තාවලරියක් වූ සඳමාලි (9770) හා කුමාරි( 7524) මේ පිළිබඳ විමර්ශනයට එක්වුහ.

ශානිකා, වසන්ති යන නම් මන:කල්පිතය.