'ජරාව' කෑවොත් ගෙදරම යවනවා

'ජරාව' කෑවොත් ගෙදරම යවනවා

පොලිස්පති පූජිත් ජයසුන්දර

මහජනයාට මහත් සේවයක් ලබාදීමේ අරමුණෙන් නව පොලිස් ස්ථාන රැසක් ඇති කිරීමට රජය කටයුතු යොදා තිබේ. එම නව පොලිස් ස්ථාන බොහොමයක් විවෘත වූයේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අතිනි. එහිදී ඒ මහතා සිය නිලධාරීන් අමතා කීවේ මහජන හිතකාමී සේවයක් ලබාදීම සඳහා සියලුම පොලිස් නිලධාරීන් කැප විය යුතු බවය. පසුගියදා 476 වන පොලිස් ස්ථානය ඉමදූව ප්‍රදේශයේ විවෘත විය. එහිදී පොලිස්පතිවරයා වැරැදි වැඩ කරන නිලධාරීන්ට අනතුරු ඇඟවීමක් කරන්නට ද අමතක නොකළේය.

මහජනතාවට ප්‍රචණ්ඩත්වය පිළිබඳ බියකින් තොරව වාසය කිරීමට ඉඩ සලසාදීම ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රධානතම වගකීමක්. ඒ සඳහා අවශ්‍ය වන පොලිස් පරිපාලනය විමධ්‍යගත කිරීමටත් යටිතල පහසුකම් හා ශ්‍රම බලකාය වැඩි කිරීමටත් අප විසින් ප්‍රමුඛතාවය දී කටයුතු කරනවා.

අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව එවකට තිබුණු 432 ක් පොලිස් ස්ථානයන් 600 දක්වා වැඩි කිරීමට රජය තීන්දු කරනු ලැබුවා.

ඒ අනුව අපි ඒ කටයුත්ත කරගෙන යනවා. මේ වෙන කෙට මේ 476 අප 600 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙන්නේ වෙන කිසිවක් නිසා නොව අපේ රටේ ඉන්න මහජනතාවට වඩාත් පහසුවෙන් සේවය ලබා ගැනීමටයි.

වර්තමානයේ පොලීසිය යනු අපරාධ, රිය අනතුරු හා දූෂණ වලක්වන පාලන අධිකාරියක් පමණක් නෙවෙයි. ශ්‍රී ලංකා පොලීසිය අනෙකුත් රාජ්‍ය ආයතන ඉටු කරන සියලු කටයුතු සමඟ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක වන්නක් බව ඔබ දන්නවා ඇති.

ඔබ දන්නවා ඔබේ පොලීසිය අවු: 150 ක් වයස්ගත අතීතයක් තිබෙන ඉතාම ශක්තිමත් අනන්‍යතාවයක් තිබෙනවා..

මේක ආරම්භ කළේ සුදු මහත්තුරු. ඊට පස්සේ මේක සම්ප්‍රදායික පොලිස් රාජකාරිවලට පැවරුණා. ඉස්සර තිබුණු වතු ආරක්ෂාව හා සුදු මහත්වරුන්ගේ ආරක්ෂාව. පස්සේ මේ ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණත් එක්ක නිදහස ලැබීමෙන් පස්සේ විශේෂයෙන් ශ්‍රී ලාංකිකරණය වෙලා. විශේෂයෙන් ශ්‍රී ලාංකික පොලිස් නිලධාරීන් පොලිස්පතිවරු දක්වා ගමන් කිරීම තුරු එය රජයට අවශ්‍යතාවය අනුව මහජන අවශ්‍යතාවය අනුව නීතිය ක්‍රියාත්මක කිරීමේ හා සාමය සුරැකීම කරනු ලැබුවා.

දැන් ත්‍රස්තවාදය, අන්තවාදය, ජාතිවාදය ඉවර වුණාම මනුෂ්‍යයන් ඉල්ලීමක් කරනවා. මොකක්ද ඉල්ලීම, තියෙන දෙයක් කාලා බීලා ඇඳලා දරවොත් එක්ක සෙනෙහසින් කනක් ඇහිලා ගෙදර නිදාගෙන ඉන්න, අපේ වැඩක් පොලක් කරගෙන පාඩුවේ ඉන්න ඉඩ සලසා දෙන්න කියලා. තව ඉල්ලීමක් කරනවා අපි පාරෙ තොටේ යනවා අපේ පවුලේ හිතවතුන් එක්ක, ඥාකි හිතවතුන් එක්ක. ඒක වන්දනා ගමනක් වෙන්න පුළුවන්, විනෝද ගමනක් වෙන්න පුළුවන්. අපිට ඕන තැනට වෙලාවට යන්න කරදරයක් නැතිව ඕන වෙලාවට රෑ හෝ දවල් අපිට ආපහු එන්න. වාහනයකින් හෝ පයින් හෝ පොදු හෝ පෞද්ගලික වාහනයකින් එන්න. ඒ එන අතරතුරේදී අපි මහමඟ. අපේ ගෙදර තියෙන මුදල්. රන් ආභරණ වගේ වැදගත් දේවල් කඩාගෙන මංකොල්ල කන්නෙ, ගෙවල් බිඳින්නෙ සොරකම් සිදු වන්නෙ නැතුව, වාහන අනතුරුවලින් හප්පලා, අතපය කඩලා එහෙම නැතිනම් මහමඟ අපිට මැරෙන්න දෙන්නෙ නැතුව බේරා ගන්න. දෙයියනේ කියලා අපිට රස්සාවක් කරගෙන ඉන්න ඉඩ සලසලා දෙන්න. කාගෙන් ද මිත්‍රවරුනි මේ ඉල්ලීම කරන්නෙ.

වෛද්‍යවරයාගෙන් ද, අපේ නර්ස් නෝනගෙන් ද, ගුරවරයාගෙන් ද, වෙද මහත්තයාගෙන් ද නෑ. මේක කරන්නෙ පොලීසියෙන්. අන්න එතැනයි විශේෂත්වය. මං හැමදාමත් මගේ පොලිස් නිලධාරින්ට කියනවා කරුණාකරලා මනුෂ්‍යයන්ගේ ඒ ඉල්ලීම තේරුම් ගන්න.

මේ රටේ මිලියන 22 ඉක්මවන මේ අහිංසක මිනිස්සු තමයි අපේ ඉටු දෙවියො. ඒ අය නිසයි අපි ඉන්නේ. ඒ අයගේ තියෙන සම්පත්වලින් අපි ඉගෙන ගත්තෙ. නිදහස් අධ්‍යාපනයෙන්. ප්‍රාථමිකයේ ඉඳන් අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්ව විද්‍යාලය තව ඊට ඉහළ අධ්‍යාපනය ලැබුවේ ඒ සියල්ලක්ම නිදහස් අධ්‍යාපනය. අපේ රටේ ඒ නිදහස් අධ්‍යාපනය වගේම අපි වගේම අනෙකුත් රජයේ නිලධාරිනුත් ඒ බැඳුණු අවස්ථාවේ ඉඳලා අපිව පුහුණු කරන්නේ, මෙතෙර එතෙර, අපිව නඩත්තු කරන්නේ, අපිට අවශ්‍ය පහසුකම් දෙන්නේ, වැටුප්, අනෙකුත් දීමනා, නිල නිවාස, යාන වාහන, අවි ආයුධ අපිට නම්, හමුදාවට නම් මේ සියල්ලක්ම අම්මගේ අප්පගේ බුදලයක් නෙවෙයි. ඔබ තමුන්නාන්සේලා ඇතුළු මේ රටේ අහිංසක මහජනතාවගේ මුදල්. මෙන්න මේ හැඟීම ආකල්පය නැති පොලිස් නිලධාරියෙක් හෝ අනෙකුත් රාජ්‍ය නිලධාරියෙක් මං හිතන් නෑ සුදුසුයි කියලා.

අපේ හදවතේ තියෙන්න ඕන මේක.අපි ජීවත් විය යුත්තේ මහජන අවශ්‍යතාවයට මිස අපේ අයිතිය ඇත්තේ අපටමත් නොව අපේ දරු පවුල්වලටත් නොව සමස්ත ජනතාවට බව අප අවධාරණය කළ යුතුයි හදවතින්ම.

අන්න එතැනදි ඇතිවෙනවා හැඟීමක් මහජන අවශ්‍යාතවය කියන එක. ආරක්ෂාව, සාමය පවත්වාගෙන යැම, නීතිය ක්‍රියාත්මක කිරීම, කරදරයක් දුකක් වුණාම දුවගෙන එන්නෙම පොලීසියට. අතපය කැඩිලා, ගහලා බැනලා, එක්කො මිනියක් ගෙදර, ස්ත්‍රී දූෂණයක්, වාහන අනතුරක්, එක් කෙනෙක් මැරිලා, තව එක්කෙනක් මැරෙමින් පවතිනවා. උපන්තේකට හොයාගත්ත තඹ දොයිතුවත් නැති වෙන්න සියල්ලම සුද්ද කරගෙන ගිහිල්ලා. රත්තරන් බඩු ටික මඟුලට හම්බ වෙච්ච එව්වා. ගෙදර දොරේ හම්බු කරගෙන අහිංසක විදියට උපයගත්ත බඩු මුට්ු ටික, වාහනේ, ගරු නමබු ඇතිව ජිවත් වෙද්දි ඒ මනුස්සයා අහිංසකයෙක්, අසරණයෙක් බවට පත් කරලා තමන්ගේ ඇස් ඉදිරිපටම මංකොල්ල කන්න ආපු පිරිස සාහසික වෙලා කාම ආශාවෙන් තමන්ගෙ බිරිඳ තමන්ගෙම ඇස් ඉදිරිපිට දූෂණය කරලා, රූමත් දියණිය දූෂණය කරලා, ලේ වැගිරෙනවා. කෙනෙක් මැරිලා. මෙන්න මේ වගේ තත්ත්වයක් නම් මොකද ඔබ හිතන්නේ. මම මගේ පොලිස් නිලධාරීක්ගෙන් හදවතින් අහනවා. මම පොලිස්පති බව වෙනයි. මට එහෙම දෙයක් වෙන්න පුළුවන්. මගේ බිරිඳට මටත් ඉන්නවා තරුණ දරුවන් දෙන්නෙක්. රුමත් දියණියක් ඉන්නවා. එයාට ඒක වුණා. මොකක් ද මගේ මානසික තත්ත්වය. අපිට හිතුවක්කාර වෙන්න බෑ. අපිට ඕන ඕන මතේ වැඩ කරන්න බෑ තනතුරු තිබ්බට. මේ රටේ නීතියක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, හැදියාවක් තියෙනවා, සංස්කෘතියක් තියෙනවා අතීතයේ ඉඳන් අපි ගෙනාපු උරුමයන් තියෙනවා. මෙවාට එකඟව අපි කල්පනාවෙන් යා යුතුයි. අහිංසක මහජනයා දුවගෙන එනකොට වචනයකිකන් හරි ඒ අයට සෙනෙහසක්, ආදරයක් දක්වන්න ඇස් දෙකෙන්. අහගෙන ඉන්න, අපිට ඕන එක නෙමෙයි ලියන්න ඕනෑ. එයා කියන එකයි. තුවාලය තියෙන මනුස්සයයි වේදනාව දන්නෙ. එයාට ඉඩ දෙන්න ඕන. කලබල වෙන්න එපා. හරි විදියට ඇහුම්කන් දීලා ආදරයෙන් කතා කරලා, සලකලා, සනසලා යවන්න ඕන. නමුත් හදිසියක් වෙලා මංකොල්ල කාරයෝ පැනලා යනවා නම් ළඟපාතක පොතෙ ්ලිය ලියා ඉන්න බැහැ. පැන්න තියෙන වාහනයක් ගත්තා පොලීසිය නැතිනම් වෙන එකක් හරි කමක් නැහැ. ඉල්ලා ගත්තා හදිසියක් කියලා පැනලා ගිහිල්ලා අල්ලගෙන එනවා. පොතේ ලියන්නේ පස්සෙ. මෙන්න මේ කාරණය මා ඔබටත් නැවත මතක් කරනවා. ඒ නිසා ඔබටයි පොලීසිය තියෙන්නෙ. අනිත් එක තමයි මුදල් පිටිපස්සෙ යන ආර්ථිකයක් තියෙන අද සල්ලි හඹා යන, මුදලට ඉතා පහත් වැඩ පවා කරන සමාජ තත්ත්වයක් තියෙන්නේ. පොලීසියේ වගේම පොලිස් නිලධාරීන්ගේ චරිතය සමාජයේ වැදගත් වෙනවා. පොලිස් නිලධාරීන් ජනතාවගෙන් පගාව ගත්තොත් මම ඒ අයව ගෙදර යවනවා. ගහන එක ගහනවා. ආයේ දෙකක් නැහැ. එහෙම පගාව ගන්න, ජරාව කන පොලිස් නිලධාරින්ට කිසිදු සමාවක් නැහැ. එහෙමයි මේ පොලිස්පති කටයුතු කරන්නේ.

හොඳ ගතිගුණ තියෙන, කතාබහ කරන්න දන්න, අනුන්ගෙ දුකට හදවත කකියවන පොලිස් කියන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තේරුම් කර ගත් ර්‍ථ,ධ,ත,ඪ,ජ,ඥ පොලිස්. ආචාරශීලී, කීකරු, නිතිගරුක, බුද්ධිමත්, කාරුණික, ධෛර්වමත්, කාර්යක්ෂම කියන මනා පිරිපුන් ගතිගුණවලින් සමන්විත වුණු හදවතක් තියෙන අයට තමයි මනුෂ්‍යයො ආදරේ.

මනුෂ්‍යයො ගරු කරන්නේ තනතුරට නෙමෙයි. ධනයට. බලයට, කුලයට මිනිස්සු යටවුණු කාලය ගියා. අද මනුෂ්‍යයො හොඳට බුදිධිමත්. ඒ මිනිස්සුන්ට අවශ්‍ය වෙනවා යථාර්තය. රවටනවට කැමති නැහැ. මනුෂ්‍යයො කැමති සරලකමට, සංවේදීකමට, මනුෂ්‍යයො කැමති අවංකව සෘජුව කතා කරන එකට.

මනුෂ්‍යයො කැමති නම්‍යශීලිකමට. කැත්තට පොල්ල වගේ හැප්පෙන, තරහ යන අයට මනුෂ්‍යයෙයා ආදරේ කරන්නේ නැහැ.

ඒ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මහජනතාව බලාගන්න එක. මහජනයාට සේවයක් කරන්න. හිත රිදවන්න එපා. ආදරෙන් කතා කරන්න. දුකට පිහිට වෙන්න.