ඉරේෂ් ඝාතනය පරණ කෝන්තරයක්?

ඉරේෂ් ඝාතනය පරණ කෝන්තරයක්?

විරප්පෙරුමගේ ඉරේෂ් පුෂ්පකුමාර නොහොත් ඉබ්බා සහ ඔහුගේ මිතුරකු වන හොරගලගේ නන්දන පසුගිය දිනෙක පොලීසි ගියේ ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවීම පිළිබඳ පැමිණිල්ලක් කිරීම සඳහාය.

එදින රාත්‍රියේ මේ දෙදෙනා පා ගමනින් නිවෙස් බලා යමින් සිටියදී වටරැක හතරමං හන්දියේ සිටි දෙදෙනකු මේ දෙදෙනා වෙත ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කර ඇත. එහෙත් ඇසිඩ් ප්‍රහාරයට පැමිණි දෙදෙනාගේ ප්‍රයත්නය අසාර්ක කරමින් මිතුරන් දෙදෙනා දිව ගොස් ජීවිත බේරා ගැනීමට සමත් විය. ඇසිඩ් අපතේ ගියේය.

මිතුරන් දෙදෙනා කෙලින්ම ගියේ පාදුක්ක පොලීසියටය. එලෙස ගිය දෙදෙනා පැමිණිල්ලක් කරමින් කියා සිටියේ කසුන් සහ අමිත් යන දෙදෙනා තමන්ට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළ බවයි. එලෙසම පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වූයේ මෙම ඇසිඩ් ප්‍රහාරය “පොඩි උන්නැහේ”ගේ උවමනාව මත සිදු වූ බවයි.

පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලීසිය දෙපාර්ශවයටම දිනයක් ලබා දුන්නේය. ඒ . . . පහළොස් වැනි බදාදා උදේ කාලයයි.

ඇසිඩ් ප්‍රහාරයට ගොදුරු වූ මිතුරන් දෙදෙනා පොලීසියෙන් එන්නට යැයි කී වේලාවට පොලීසියට ගියහ. එහෙත් විත්ති පාර්ශ්වය නියෝජනය කරමින් පැමිණ සිටියේ කසුන් යන අය පමණි. අමිත් සහ පොඩි උන්නැහේ පැමිණ සිටියේ නැත.

එබැවින් පැමිණිල්ල විභාග කිරිමට හැකියාවක් පොලීසියට තිබුණේ නැත. පැමිණිල්ල විභාග කිරීම සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියා මිතුරන් දෙදෙනාට කියා සිටියේ එදින සවස තුනට පැමිණිලි විභාගයට පැමිණෙන ලෙසටය. අමිත් සහ පොඩි උනනැහේට උදය වරුවේ උසාවි යාමට සිදු වූ බැවින් පැමිණීමට නොහැකි වූ බවත් සවස තුන වෙද්දී ඒ දෙදෙනා ද පොලීසියට පැමිණෙන බව ද පොලිස් නිලධාරියා මිතුරන් දෙදෙනාට පවසා සිටියේය. මිතුරන් දෙදෙනා යතුරු පැදියේ නැගී යන්නට ගියහ.

එදින සවස 2.50 පමණ වෙද්දී පාදුක්ක පොලීසියට දුරකථන ඇමතුමක් ලැබුණි. ඇමතුම ලබා දුන් අය කියා සිටියේ ගාලබැඳි හන්දියේ පුද්ගලයකු කපා දමා ඇති බවයි.

කිලෝ මීටර් හතරක පමණ දුරක් ගෙවා පොලිස් කණ්යමක් එම ප්‍රදේහයට න විට ද කැපුම් ුවාල ලැබූ පුද්ගලයා වැටී සිටිනු දක්නට ලැබිණි. ඔහුගේ දකුණු අත මැණික් කටුව අසලින් වෙන්ව ගොසිණි. එය ඔහු වැටී සිටි ස්ථානයට මීටර් දෙකක් පමණ දුරකින් වැටී තිබෙනු දක්නට ලැබිණි.

තුවාලකරු මියගාස් ද නැද්ද යන වග නිගමනය කිරිමට නොහැකි බැවින් පොලිස් කණ්ඩායම මුලින්ම කළේ තුවාලකරු රෝහලට පිටත් කර යැවිමයි. ඊට ටික වේලාවකට පසු පාදුක්ක රෝහලෙන් පොලීසියට දන්වා සිටියේ තුවාලකරු රෝහලට ඇතුළත් කරන විට ද මියගොස් සිටි බවයි.

ඔහු පැදගෙන ගිය යතුරු පැදිය ගාලබැඳි හන්දියෙ පසෙක පෙරළී තිබිණ. පැළඳ සිටි හෙල්මයට ද ගැල වී විසි’ වී ගොස් තිබිණි. එය පරීක්ෂා කිරීමේදී දුටුවේ එල්ල වූ පිහි පහරකින් දෙබෑ වන තරමටම හෙල්මටය කැපී ගොස් ඇති බවයි.

මෙලෙස ඝතනය වී තිබුණේ ඉරේෂ් පුෂ්පකුමාර නොහොත් ඉබ්බාය. ඔහු සමඟ උදේ සිටම සිටි මිතුරු නන්දන පෙනෙන්නට නැත. ටික වෙලාවක් ගත වෙද්දී සිද්ධිය වූ ස්ථානයට පැමිණි නන්දන පොලිස් කණ්ඩාංයම හමුවේ සිද්ධිය විස්තර කරන්නට වූයේ තැති ගත් ස්වරූපයෙනි.

“මමයි ඉරේෂුයි පොලීසියට යන ගමන් හිටියේ.බයික් එක පැද්දෙ එයා. මම හිටියේ පිටිපස්සේ. ගාලබැඳි හන්දිය කිට්ටු වෙද්දී පිටිපස්සෙන් වේගයෙන් ආපු බයික් එකක් අපිව ඉස්සර කරලා පාර හරස් වෙන විදියට නැවැත්තුවා. අපිට ඉස්සරහට යන්න බැරි වුණා. ඒ හරියේ දෙපැත්තෙම වෙල. එක තැනක කුඩා කැලෑ කුට්ටියක් තිබුණා.”

ඒ කැලෑ කුට්ිටියෙන් කඩු අර ගත්ත දෙන්නෙක් අපි දිහාවට පැන්නා. මුල්ම කඩු පාර එල්ල වුණේ මට. ඒත් මට කඩු පාර වැදුණේ නැහැ. මම පැනලා දිව්වා.”

ඔහු එලෙස සිද්ධිය විස්තර කරද්දී මේ සිද්ධිය ඇසින් දුටු අය පොලිසියට තමා දුටු දේ පොලීසියට විස්තර කරන්නට වූහ.

“බයික් එක ළඟට දෙන්නෙක් ඇවිත් කඩුවලින් ගහද්දී පිටිපස්සේ හිටපු එක්කෙනා බේරිලා පැනලා දිව්වා. බයික් එක පැද්ද එක්කෙනාගේ ඔළුවට කඩු පාරක් වැදුණා. ඒ පාර කාගෙනම එයා බයික් එක පැදගෙන ඉස්සරහට ගියා. ඒත් ඉස්සර ටී හන්දියෙදී බයික් එක හරවන්න යද්දී පෙරලුණා. බයික් එකත් එක්කම මිනහත් වැටුණා. කඩුකාරයෝ පස්සෙන් පන්නගෙන ඇවිත් එයාට කෙටුවා”

“එයා කඩු පාර කාගෙන නැගිටලා දිව්වා. අර දෙන්නා පස්සෙන් පන්න ගෙන ගියා. ටික දුරක් යද්දී අරය වැටුණා. කඩුකාරයෝ දෙන්නා එයාට දිගට හරහට කොටලා කඩු දෙකත් අරගෙන පැනලා ගියා. කඩු පාරකට අතකුත් කැපිලා විසි වුණා”මෙලෙස ඉරේෂ් ඝාතනය වූ අයුරු හෙළි වෙද්දී පොලීසියේ අවධානය යොමු වූයේ මෙම ඝාතනය සිදු කළේ කවුද යන පැනය දෙසටය.

ඩු ප්‍රහාරයට ගොදුරු වූ දෙදෙනාගේ පවුල්වල අයත් ඉන් දිවි ගලවා ගත් නන්දනගේත් සැකය වූයේ මෙය පොඩි උන්නැහැගේ වැඩක් බවටය.

පොඩි උන්නැහේ යනු දෑස් නොපෙනෙන අයෙකි. ඔහුගේ දෑස් අන්ධ වී ඇත්තේ ඇදිඩ් ප්‍රහාරයකට ගොදුරු වීමෙනි.

මිට වසර හය හතකකට පෙර ඔහුට ඇසිඩ ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ නන්දනගේ මව විසිනි.”

පොඩි උන්නැහේ ටී 56 කුත් අරගෙන මල්ලි (නන්දන)ව මරන්න අප් ගෙදරට පැන්නා. අම්මා ඌට එදා ඇසිඩ් ගැහැව්වා. පස්සේ අම්මව පොලීසියෙන් ඇල්ලුවා. දවස් 14 ක් රිමාන්ඩ් කරලා තිබුණා.ඒ කඩුව තාම යනවා” නන්දනගේ සහේදරයකු එලෙස අතීතය මෙනෙහි කළේ හඬා වැටෙමිනි.

ඉරේෂ් ඝාතනයට සැක පිට අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පොඩි උන්නැහේ සොයා ගිය ද ඔහු නිවෙස වසා දමා පවුල් පිටින්ම ප්‍රදේශය හැර යන්නට ගොසිනි. කසුන්, අමිත් හා යතුරුපැදිය හරස් කළ පුද්ගලයා සොයා ගිය ද ඔවුන් ද නිවෙස් හැර පලා ගොසිනි.

ඝාතනය වූ ඉරේෂ් වෘත්තීයෙන් ත්‍රීරෝද රථ රියැදුරෙකි. ඔහු මීට කලකට පෙර සිදු වූ මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙකි. කුඩා දරුවකු ද කපා කොටා ඝාතනය කළ බව කියයි. විසි අට හැවිරිදි ඔහු එක් දරු පියෙකි. ඔහුගේ බිරියගේ සහෝදරයකු ද මී වසර කිහිපයකට පෙර කපා කොටා ඝාතනය කොට ඇත.

ඉරේෂ් ඝාතනය පාතාල කල්ලි දෙකක් .අතර කාලයක් තිස්සේ පවතින ගැටුමක ප්‍රතිඵලයක් යැයි කීම වැරදි බව ඔහුගේ බිරිය ඇතුළු පවුලේ අයගේ අදහසයි. “එයා පාතාල කල්ලියක කෙනෙක් නෙමෙයි. අපරාධකාරයකුත් නෙමෙයි. එයා ත්‍රීවිල් එලවගෙන අහුවෙන කුලී වැඩක් කරගෙන ජීවත් වුණේ. මගේ අයියවත් මීට අවුරුදු කීපයකට කලින් කපල කොටලා මරලා දැම්මා. ඒ සිද්ධියත් පත්තරවල ගියේ වැරදි විදියට. අපේ පවුලේ අයට පාතාල කල්ලි සාමාජිකයෝ කියන එක අසාධාරණයි. එයාලා එහෙම අපරාධ කරපු අය නෙවෙයි.”

ඉරේෂ්ගේ බිරිය ඉදිරිපත් කළේ එවැනි අදහසකි.

ඉරේෂ් ඝාතනයේ සුලමුල සොයා පාදුක්ක පොලීසිය පරීක්ෂණවල නිරතව සිටී. පැනගිය සැකකරුවන් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකය.