වධහිංසා පමුණුවමින් මන්ත්‍රගුරුකම් කළ මිනීමරු යුවළක්

“ඔයා දැන් බීලනේ ඉන්නේ... කෝ මට කන්ටෑක් නම්බර් එක දෙන්න. මම හෙට ඔයාට කතා කරන්නම්”

“ලැජ්ජා නැද්ද අනේ ඔය විදිහට නටන්න”

පරණ පෙම්වතිය

පූජා මට හමුවූයේ මීට වසර හත අටකට කලියෙනි. ඒ කැරෝකේ සමාජශාලාවකදීය. ඒ දැන හැඳුනුම්කම කිසියම් ආදරයකට පෙරළුණ ද හිටිහැටියේ පූජා සේවයට නොපැමිණීමත් සමඟ පූජාගේ මතකය ද මගෙන් ගිලිහී ගියේය. එහෙත් පසුගියදා ආදි ශිෂ්‍යයන් විසින් සංවිධානය කරන ලද ප්‍රසංගයකට සහභාගි විමට මට හැකියාවක් ලැබිණි. ප්‍රසංගය සඳහා මධුවිත ද එක් කරගෙන තිබූ අතර කලකට පසු හමු වූ ආදි සිසුහු මධුවිතෙන් සප්පායම් වෙමින් සතුටට හා පී‍්‍රතියට පත් වෙමින් එකිනෙකාගේ අතීත තොරතුරු කතාබහ කරන්නට වූහ. ප්‍රසංගය අවසානයේ කැබරේ නැටුමකි. ඒ සඳහා සුරූපිනියන් හතර දෙනෙකු එක් කරගෙන තිබිණි. ජිප්සීස් සංගීතයට සියළුම ආදි සිසුන් කුල්මත්ව සිටි අතර ඔවුන් කෑකෝ ගසමින් විසිල් ගසමින් කැබරේ නැටුමට එක් වූ සුරූපිනිියන්ට සහාය දක්වන ලදී. මධුවිතෙන් සප්පායම්ව සිටි පිරිස් විදේශීය සුරූපිනියන් වෙත තව තවත් ලං වූයේ ඔවුන් තම ඇඳුම් එකිනෙක ගලවා දමා නැටීමත් සමඟිනි. කැබරේ නැටුමේ උත්සන්නම අවස්ථාව උදා වුයේ ඉන් අනතුරුවය. රුසියානු කෙල්ලන් තිදෙනෙකුට මැදිහත්ව අඩනිරුවතින් රඟන ඇය දෙස මගේ නෙත් යොමු වූයේ් ඒ අතරය. තව තවත් ඕනෑකමින් ඇය දෙස බලද්දී මට වැටහුණේ මීට වසර හත අටකට පෙර හමු වූ පූජා ඇය බවය.

“පූජා...”

පූජා සමඟ කතා කිරීමේ ආශාව මට තදින් දැනුණේ මා ද පදමට රත් වී සිටි බැවිනි. ආදී සිසුන් නටන රූමතියන් උදුරා ගන්නට මාන බලද්දී මමද පූජා හා මදක් කතා කරන්නට වෙහෙසක් ගත්තෙමි.

“මේකි නියම ජොබ් එකක් හොයාගෙන තියෙන්නේ”

මගේ යටි සිත කියන්නට විය. ඇය හා ගත කළ කාලය තුළ මා ඇයට දුන් කිසිදු ඔවදනක් පලක් නැති බව මට හොඳින් වැටහුණේ ඇගේ අඩ නිරුවත් රැඟුම දැක බලා ගැනීමත් සමඟිනි.

රැඟුම අවසන්ව ශාලාවෙන් නික්ම ගිය අතර සංවිධායක මඩුල්ලේ මිතුරෙකු මාර්ගයෙන් මොහොතකට ඇය හමුවීමට මට වරම් ලැබිණි.

“මාව මතක නැද්ද...”

මා එසේ අසද්දී ඇය පුදුමයෙන් මෙන් මා දෙස බලා සිටියාය.

“හිතුවේ නැහැ මෙහෙම මුණගැහෙයි කියලා නේද...”

“එක නේන්නම්....”

සෙසු මිතුරියන්ගෙන් මඳක් ඈත් වූ ඇය මා සමඟ දොඩමළු වූවාය.

“අනේ.... මම ඔයාව හැම තැනම හෙව්වා...”

ඇය එසේ කීවද මම ඒ සියල්ල ප්‍රතික්ෂේප කළෙමි.

“අනේ මේ... බොරු කියන්න එපා. ඔයා නෙමෙයි මමයි ඔයාව හැමතැනම හෙව්වේ...”

“නෑ.. අනේ ...ඇත්තමයි. මම ඔයාව හෙව්වා. මම එතැනින් යනවයි කියලා කියන්න. ඒත් ඔයාගේ ෆෝන් එක වැඩ කළේ නැහැ.”

“දැන් හොදයිනේ අලුත් ජොබ් එකක් පටන් අරගෙනනේ....”

මගේ කතාවෙන් ඇය මහත් ලැජ්ජාවට පත් වූ බවක් මට පෙණිනි.

“ලැජ්ජා නැද්ද අනේ දෙනෝදාහක් ඉස්සරහ ඔය විදිහට නටන්න”

ලැබුණු සුළු මොහොතින් මම ඇයට දොස් කීවෙමි.

“ඔයා දැන් බීලනේ ඉන්නේ... කෝ මට කන්ටෑක් නම්බර් එක දෙන්න. මම හෙට ඔයාට කතා කරන්නම්”

ඇය මා මඟහරින අදහසින් කියන්නට වුවාය. ඒ මා බීමතින් සිටි නිසා වන්නට ඇත.

“නැහැ.. හෙට කියන්න ඕන නැහැ. දැන් කතා කරමු”

ප්‍රසංගයේ දෙවන අදියරේ නැටුම් හිමිව තිබුණේ රුසියානු තරුණියන්ට වීම නිසා ඇයට මාත් සමඟ කතා බස් කිරීමේ අවකාශ ලැබිණි. ඇය රැගෙන පැමිණි සංවිධායකවරයාට ද ඇය මා හඳුන්වා දුන්නේ අය ළඟින් ඇසුරු කරන මිතුරකු විලසිනි.

“මමත් ආස නැහැ මේි රස්සාවට. ඒත් වෙන මොනවා කරන්න ද”

“ඇයි වෙන රස්සා ඇත්තෙම නැද්ද”

“තියෙනවා. ඒත් මෙතන හොඳට ගෙවනවා”

“ඇඟ පෙන්නලා හම්බ කරන්නේ මොකටද පූජා. තමුසෙට ලැජ්ජාවට වඩා ලොකුයි සල්ලි“

ඇය මා දෙස පුදුමයෙන් මෙන් බලා සිටියාය.

“කවුද මට ජීවත් වෙන්න කන්න බොන්න සල්ලි දෙන්නේ”

“ඇයි මම ඔයාට බැහැ කිව්වද...?”

මගේ කතාවෙන් මොහොතක් නිරුත්තරව සිටි ඇය යළි කටහඬ අවදි කළාය.

“හරි ඔයාට වයිෆ් දාලා මාත් එක්ක ජීවත් වෙන්න එන්න පුළුවන්ද”

ඇගේ කතාවෙන් මම ද නිරුත්තර වූයෙමි.

“මම අහන්නේ ඔයාට මාත් එක්ක එන්න පුළුවන් ද”

ඇය කතා කරන්නේ ආවේගශීලීවය.

“පුළුවන්” බැරිම තැන මම කීවෙමි.

“කවදාද”

ඇය මගේ ඇඟට කඩා පනිමින් ප්‍රශ්න අසන්නට විණි.

“ඔයා කියන්න ඕන වෙලාවක මම එන්නම්”

“අනේ මේ.... බොරු ගහන්න එපා. මම ඔයාවගේ පිරිමි ඕන තරම් දැකලා තියෙනවා. ආශ්‍රය කරලා තියෙනවා. ලව් කරලා තියෙනවා. ඔයාලා සේරම කියන්නේ බොරු. ඔය එකෙක් ළඟවත් ඇත්ත ආදරයක් නැහැ. උන් උන්ගේ වාසියට....

ඇගේ කතාවෙන් මගේ ද රතු කට්ට පනින්ට විය.

“පූජා.... තමුසෙ මගෙන් මුකුත් අහගන්න එපා. තමුසෙට අතීතේ මතක නැද්ද... තමුසෙ මට කවදාද කතා කළේ පවුල් කන්න. හරි කියනවා කවදාද මට කතා කළේ.“

“අනේ මේ දැන් ඉතින් ඕව වැඩක් නැහැ. ඔයා මෙතනින් යන්න. මම ඔයාට පස්සේ කතා කරන්නම්...”

දිගු සුසුමක් පිට කළ ඇය එසේ කියන්නට වූවාය. එහෙත් මට ඇගෙන් සමුගන්නට කැමැත්තක් නොතිබිණි.

“මට ඔයා ඕනෙ පූජා.....”

ඇගේ දෑත් අල්ලාගනිමින් මම නැවතත් ඇයට කීවෙමි.

“මම දන්නවා ඔයා මට ආදරේ බව.... ඒත්”

“ඇයි ඒත් කිව්වේ...”

“ඔයාට මගේ ළඟට එන්න බැහැ..”

“ඇයි...”

“ඔයා ප්‍රශ්නවලට බයයි. මම වගේ කෙල්ලක් ඔයා ගත්තොත් මුළු සමාජයම ඔයාට දොස් කියයි.”

ඇය මගේ පපුවට හේත්තු වෙමින් කියන්නට වූවාය. මම ඇගේ හිස පිරිමැද්දෙමි.

“අපි හෙට හම්බ වෙමු.”

ඇය ඒ අතර මිමිණුවාය. මම ඇය දෙස ඕනෑ කමින් බැලීමි.

“කීයටද”

“ඔයා හෙට උදේ දහයට බොරැල්ල හන්දියට එන්න. දැන් බිව්වා ඇති. ඔයා ගෙදර යන්න.”

ඇගේ ඒ වදන්වලට මම මහත් සේ ඇළුම් කළෙමි. මා තුළ ඇයට තිබූ ආදරය තවත් වැඩි වූවාදැයි මට සිතිණි.

“ඔයා ෂුවර් එකටම එනවා නේද”

මම නැවතත් ඇගෙන් විමසීමි. ඇය හිස වනා එය ස්ථීර කළාය. මා එදා ගෙදර ගියේ දැඩි සතුටකිනි.

පසුදා අප බොරැල්ල ලිඩෝ සිනමාශාලාවේ දහයයි තිහේ දර්ශනය නැරඹුවෙමු.

ඇය මට තුරුළු වී අතීතය ගැන කළ කී දේ මම සතුටින් අසා සිටියෙමි.

“මම ඊයේ රෑ ඔයා ගැන හුඟාක් හිතුවා. ඔයා මට හැම දේම කිව්වේ ආදරේට නේද කියලා හිතුවා”

ඇය හීන්සැරේ මුමුණන්නට වූවාය. තිරයේ වැටෙන සිතුවම ගැන අවධානයක් අපිට නොතිබුණෙමු. අපි අපේම ලෝකයක තනිවීමු.

“මම කෙල්ලො දැකලා නැතිව නෙමේ පූජා ඔයා දැක්ක දවසේම මම ඔයාට ආදරය කළා.... ඒකයි මම ඔයාට එහෙම කිව්වේ.”

“මම දන්නවා”

“මොකක්ද”

“ඔයා මට ආදරේ බව“

“ඒ වුණාට ඔයා මාව අමතක කළා නේ”

මම ඇයට කීවෙමි.

“මගෙන් පොඩි අත්වැරැද්දක් වුණා. ඒකට මට සමාවෙන්න.“

කැරොකේ සමාජ ශාලාවෙන් ඉවත් වී නාට්‍යාංගනාවියක් ලෙස රැකියාව කරන්නට සිදු වූ හේතුවද ඇය මා සමඟ කීවාය. ඇය මුදලට විනාශ වූ බවද කියා සිටියාය.

“මම අදින් පස්සේ ඒ රස්සාවට යන්නේ නැහැ”

ඇය එසේ කියද්දි මම ඇයට හාද්දක් දුන්නෙමි.

“මම ඔයාට රස්සාවක් හොයලා දෙන්නම්....”

“කොහේද...”

“මගේම බොස්ගේ කන්තෝරුවක”

මම එසේ කියද්දී ඇය මා දෙස පුදුමයෙන් මෙන් බැලුවාය.

“එහෙම පුළුවන්ද?

“පුළුවන්.... ඔයා හෙට එන්න. මම වැඩේ කතා කරන්නම්.”

අප ආයතනයේ හිමිකරු සතු කර්මාන්තශාලා දෙක තුනක්ම ඇත. හිමිකරු ඇමතූ මම සියල්ල ඔහුට කීවෙමි. මාගේ කීම පිළිගත් ඔහු එය ප්‍රතික්ෂේප කළේ නැත.

ජැන්ඩියට හැඳ පැළඳ ගත් ඇය පසුදාම මා සොයා පැමිණියාය. ඇගේ රුව සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. මට ඇය ගැන පුදුම සිතිණි. මුවඟ පුරා සිනහවකින් සැරසුණු ඇය මා වෙත පැමිණියේ සුරංගනාවියක් ලෙසය.

ආයතනය හිමිකරුට මා ඇය ගැන දන්වා තිබීම නිසා එදාම සම්මුඛ පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව ඔහුට අයත් තවත් ආයතනයක පිළිගැනීමේ නිලධාරිණිය ලෙස ඇයට පත්වීම ලැබුණාය.

එදා සිට ඇය සතුටින් රැකියාවට ආවා ගියාය.

“මගේ ජීවිතේ වෙනස් කළේ ඔයා”

ඇය මට නිතරම කීවාය. මම එය සතුටින් විඳ දරා ගත්තෙමි. දින සති ගණන් ගතවී වසර දෙකක් ද ගෙවී ගියේය. පූජා වෙනදා මෙන් දැන් මා අමතන්නේ නැත. ඊට හේතුව කුමක්දැයි මම කාටත් හොරා සොයා බැලීමි. ඇය එම ආයතනයේම උසස් නිලධාරියෙකු සමඟ පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වා ගෙන යන බව මිතුරෙක් මට කීවේය “ලබන මාසේ ඒකි බඳිනවා."

මිතුරා එසේ කියද්දී. එහෙත් මගේ හිතට කිසියම්් වේදනාවක් දැණිනි. එහෙත මම සිත සැහැල්ලු කරගන්නට මහත් උත්සාහයක් ගත්තෙමි.