වධහිංසා පමුණුවමින් මන්ත්‍රගුරුකම් කළ මිනීමරු යුවළක්

වධහිංසා පමුණුවමින් මන්ත්‍රගුරුකම් කළ මිනීමරු යුවළක්

නැගෙනහිර ලන්ඩනයේ තට්ටු නිවාසයක නාන කාමරයක පිහිටි කුඩා තටාකයකට වැටී ජලය පෙවීමෙන් මියගිය දරුවෙකු පිළිබඳ තොරතුරක් පොලිසියට ලැබුණේ ඉකුත් 2010 වසරේ නන්තල් දිනයේදීය. එම මළ සිරුර අයත් වුයේ 15 හැවිරිදි ක්‍රිස්ට් බාමු නමැති දරුවාටය. ඔහු කොන්ගෝ ජාතිකයකු වූ අතර තම සොහොයුරු සොහොයුරියන් සිවිදෙනා සමඟ තවත් සොහොයුරිය වන මගාලි බැලීමට පැමිණ සිටියදී මෙම අවසනාවන්ත ඉරණමට මුහුණ දීමට ඔහුට සිදුවිය.

නැගෙනහිර ලන්ඩනයේ ෆොරස්ට්ගේට් ප්‍රදේශයේ පිහිටි තට්ටු නිවසට ගිය පොලිස් නිලධාරින්ට මුහුණ දීමට සිදුවුණේ ඉතාම අති බිහිසුණු අත්දැකීමකටය.

ක්‍රිස්ටි බාමු දරුවා එම නිවසේ පිහිටි කුඩා නාන තටාකය තුළ දියේ ගිලි මියගොස් සිටි අන්දම පොලිස් නිලධාරීන්ට දැකගත හැකි වු අතර ස්නානය කිරීමට යාමෙදී මෙසේ දියේ ගිලි මරු වැළඳගෙන ඇති බව නිලධරීහූ තීරණයකට එළඹුණහ.

එහෙත් එය එසේ නොව මිනීමැරුමක් බවට ඔවුන් වටහා ගත්තේ ක්‍රිස්ටිගේ සිරුරේ තිබු තුවාල පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. සිරුර පුරා පැවති කැපුම් තුවාල තැලීම් හා වෙනත් දරුණු ගණයේ පීඩාවන් අනුව හෙතෙම ඉතාම බිහිසුණු වධහිංසා වලට භාජනය වී මරුමුවට පත්ව ඇතිබව පොලිස් නිලධාරීන්

නිගමනය කළහ. ඒ අනුව ඔහු නැවති සිටි නිවස අයත් වූ ඔහුගේ වැඩිමහල් සොහොයුරිය වූ මගාලි බාමු හා ඇයගේ සහකරු ලෙස සිටි එරික් බිකුබි ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය අත්අඩංගුවට ගත්තේය. මගාලි හා එරික් ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ සිට ලන්ඩනයේ පදිංචියට පැමිණි අය වුහ. 29 හැවිරිදි මගාලි, සාත්තු සේවිකාවක් ලෙස කටයුතු කළ අතර 28 හැවිරිදි එරික් බිකුබි පාපන්දු පුහුණුකරුවකු ලෙස ක්‍රියා කළේය. ඔවුන් දෙදෙනා විවාහ නොවී සිටිය ද අඹුසැමියන් ලෙස ජීවත් වුහ. මරුමුවට පත් ක්‍රිස්ටි සෙසු සෙහොයුරු සොහොයුරියන් නත්තලට තම වැඩිමහල් සොහොයුරිය සමඟ ගත කිරීමට පැමිණ සිටියදී මෙම සිද්ධියට මුහුණ දීමට සිදු වී තිබිණ.

මගාලි හා එරික් බිකුබී හදිහුනියම් මන්ත්‍ර ගරුකම් පිළිබඳව දැඩි විශ්වාසයක් දැක් වූ අතර එය ඔවුන් කුඩා කළ සිට ජීවත් වූ කොංගෝ රටේ ඉතාම තදින් පැතිර ගොස් තිබිණ. කින්ඩොකි යනුවෙන් මෙම මිත්‍යා විශ්වාසය හඳුන්වනු ලැබු අතර පොලිස් ප්‍රශ්න කිරීම් වලදී ක්‍රිස්ටිව භූත දෝෂයක් ඇති බව තීරණය කළ සහෝදරිය සහ ඇයගේ සහකාරයා භුතයා සිරුරෙන් පන්නා දැමීම සඳහා දැඩි ක්‍රියා මාර්ග ගෙන ඇති බව පරීක්ෂණ වලදී හෙළි විය.

මුළු රාත්‍රිය පුරාම ආහාර නොගෙන වන්දනා මාන කිරීමටඔවුන් ක්‍රිෂ්ටිට බලකර තිබිණි. එසේම ඔහුගේ සිරුර ඇතුළු වී සිටින භූතයින් පියාඹා යන ආකාරය බැලීමට සෙසු අයට බලකිරීමට එරික් ක්‍රියාකර තිබිණි.

ක්‍රමයෙන් මෙම තර්ජනය වධ හිංසා බවට පත්කරමින් මගාලි සහ එරික් ඔවුන්ගේ මන්ත්‍රගුරුකම් ක්‍රියාත්මක කර ඇත. දොරරෙදි දැමීම සඳහා යොදාගනු ලබන පොල්ලක් හා බර ඉසලීම සඳහා

යොදාගනු ලබන පොල්ලක්ද උපයෝගී කරගෙන ක්‍රිස්ටිට දැඩි පහර එල්ල කර තිබිණ. පසුව පිඟන් ගඩොල් හා බෝතල් වලින් ද ඔහුගේ හිසට පහර දී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ඒ සෑම පහරදීමකින්ම කැපුම් තුවාල සිදු වූ අතර ඔහුගේ දත් ගැල වී යන පරිදි මිටියකින් ද පහර දී තිබිණ. ඒ වගේම අඬුවක් යොදාගෙන කනේ කැබලි කඩාගැනීමත් නියනක් හා පිහියක් මගින් සිරුර පසාරු කිරීම පමණක් නොව පොළව මදින කොස්සක් යොදා ඔහුට ලිංගික අතරවර කිරීමට ද මොවුන් ක්‍රියා කර තිබිණ. මේ හැර ක්‍රිස්ටිට බලෙන් ගිල්වා තිබු ඉස්කුරුප්පු ඇණයක් ඔහුගේ මලපහ සමඟ තිබී පොලිසිය විසින් සොයා ගනු ලැබිණ. එසේම මළසිරුර පරීක්ෂා කළ වෛද්‍යවරයා විසින් පවසනු ලැබුවේ. ඔහුගේ ඇඟිලි. පාද, අත් හා කලව මිටියකින් තලා දමා ඇති බවකි. මුළු සිරුර පුරාම එනම් මුහුණ, පිටුපස, අත් පා සියළුම ස්ථාවල දරුණු කැපුම් තුවාල සිදු වී තිබිණ. හිස් කබල බිඳී ගොස් තිබු අතර හිස පුරාම කැපුම් තුවාල දක්නට ලැබිණ. බර එසවීම සඳහා යොදගනු ලබන මැද පොල්ල ඔහුට ගිල්වා තිබීම නිසා උගුර දරුණු තුවාල වලට ලක් වී තිබිණ.

එසේම ක්‍රිස්ටිට සිදුකරනු ලැබු මෙම අමානුෂික වධහිංසා සඳහා ඔහුගේ කුඩා සොහොයුරු සොහොයුරියන් ද සහභාගි කරගනු ලැබු බවට ද කරුණු හෙළි කරගැනීමට පොලිසියට හැකිවිය. ඔවුන් ද දඬුවම් වලට තිබු බිය නිසාම එම අපරාධවලට සම්බන්ධ වී තිබිණ. එක් සොහෝදරියක් ක්‍රිස්ටිට පහරදීම අඩුවෙන් කරනු ලැබු බව දුටු එරික් ඇයට විදුලි පහනක් ගිලිමට බලකර සිටි බවට ද හෙළිවිය.

ක්‍රිස්ටිගේ සිරුරේ ඇතුළත සහ පිටත තුවාල 130ක් පමණ සිදුව තිබු අතර ඒවායින් සිදුවන වේදනාව ඉවසා දරා සිටීමට නොහැකි වු විට තමා මරා දමන ලෙස අයැදු සිට ඇත. එවිට මගාලි හා එරික් විසින් ඔහු ඔසවා ගෙන ගොස් ජලය පුරවා තිබු කුඩා නාන තටාකයට දමා ඇත. ඔවුන්ට අවශ්‍ය වුයේ දියේ ගිලී මිය යාමේ සිදුවීමක් ලෙස ක්‍රිස්ටිගේ මරණය හුවාදැක්වීමටයි. එහෙත් ඔහුගේ සිරුරේ තිබු තුවාල හේතුවෙන් එම මතය සනාථ කිරීමට ඔවුනට හැකි නොවීය. ඕල්ඩ් බේලි උසාවියේදී මගාලි බාබුට හා එරික් බිකුබිට එරෙහිව මනුෂ්‍ය ඝාතන හා අමානුෂික පහරදීම් සම්බන්ධයෙන් නඩු පවරන ලැබු අතර අධිකරණය මගින් ඔවුන් වැරදි කරුවන් බවට පත් කරන ලදි. මගාලි මෙම අපරාධවලට තමන්ගේ කිසිදු සබඳතාවයක් නොතිබු බව ප්‍රකාශ කළ අතර බිකුබි ඒ නිසා එම වධහිංසා පැමිණිවීම තමා විසින් සිදුකරනු ලැබු බවට උසාවියට පාපොච්චාරණය කරන ලදී. මිත්‍යා විශ්වාස කෙරේ. තිබු දැඩි විශ්වාස නිසා වගකීමකින් තොරව ක්‍රියා කළ බවද ඔහු විසින් පවසන ලදී. එහෙත් දෙදෙනාටම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදීම සිදුවූ අතර මගාලිට වසර 25කින් ද එරික්ට වසර 30ක් වශයෙන්ද එම දඬුවම නියම කරනු ලැබීය.