'මම මූගේ ඇඟට රිංගලා මූගේ පැත්තක්ම පණ නැති කළා'

 'මම මූගේ ඇඟට රිංගලා මූගේ පැත්තක්ම පණ නැති කළා'

හබරණ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පියතිලක උසස් පෙළ සමත්ව පියාගෙන් උරුම වූ ව්‍යාපාර වලටම සම්බන්ධව දියුණුවට පත් විය. දැනට හැටපස් වැනි වියේ පසුවන ඔහු දෙදරු පියෙකි. බිරිඳ පි‍්‍රයන්ති යහපත් ගෘහනියකි. පියතිලක වී මෝල් හිමියෙකි. යාන වාහන සහිත ව්‍යාපාරිකයෙකි.

පසුකාලීනව පියතිලක සියලු ව්‍යාපාර වලින් පිරිහෙන්නට විය. වී මෝල් යාන වාහන විකිණී ගියේය. පාරම්පරික ධනවතෙකු වශයෙන් වැජඹුණු ඔහු අන්ත දුගී තත්ත්වයට පත් විය. ශරීරයේ දකුණු පැත්ත අප්‍රාණික විය. වරෙක ගැහෙන්නට විය. ප්‍රතිකාර සඳහා ගිය විට වෛද්‍යවරු කීවේ ඔහුට පාකින්සන් රෝගය වැළඳී ඇති බවය. කෙසේ නමුත් එදා වේල හෝ උපයාගත යුතු නිසා දන්නා හඳුනන ව්‍යාපාරිකයකු ළඟ රාත්‍රී මුරකරුවකු ලෙස වැඩ කිරීමට ඔහුට සිදුවිය. අවසානයේ ඔහුගේ බිරිඳ ද නිතර නිතර අසනීප වූවාය. දරුවන් දෙදෙනාගෙන් බාලයා මතට ඇබ්බැහි වූ කුඩුකාරයෙක් විය. දෙවැන්නී විවාහය අසාර්ථකව ගෙදරටම වී සිටී. ඔවුන්ගේ අදහස වූයේ තම දියුණුවට ඊර්ෂ්‍යා කළ කෙනෙක් ඔවුන්ට හූනියමක් කර ඇති බවය.

කරන ලද වෛද්‍ය ප්‍රතිකාරවලින් ද ශාන්ති කර්මවලින් ද සහනයක් නොවුණු තැන “මාංචු” පත්‍රය කියවන හිතවතෙකුගේ උපදෙසකට අනුව මේ අඹුසැමි යුවළ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන ගියහ.

එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා ඔවුන් පරීක්ෂා කරද්දී පියතිලක ගැහෙන්නට වූ අතර පි‍්‍රයන්ති සිහිසුන්ව ඇද වැටුණාය. මේ අයගේ අසනීපවලට භූතාත්මයක සම්බන්ධයක් ඇති බව වටහාගත් ගවේෂකවරයා, හූනියමක් පිළිබඳ ආකල්පයක් දරන ඔවුන්ගේ මානසිකත්වය ශක්තිමත් කිරීමට දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

ඊළඟට පැමිණි දිනයේ පරීක්ෂාවේදි පියතිලකගේ ශරීරයට භූතාත්මයක් ආවිශ්ට වී උපහාසයෙන් සිනා සෙන්නට විය. ගවේෂකවරයා ඒ භූතාත්මය සමඟ කතාබහ කරන්නට සූදානම් වන විටම භූතයා පියතිලකගේ ශරීරයෙන් ඉවත්ව පි‍්‍රයන්තිගේ ශරීරයට ඇතුල් වී නැවත සිනාසෙන්නටට විය. පියවි සිහියට පත් පියතිලක දෙස ඔලොක්කුවට මෙන් බලමින් “ඈ බොල පියතිලකයෝ තොට මම කළේ නැද්ද?” යැයි කියමින් භූතාත්මය උපහාසයෙන් නැවත සිනා සෙන්නට විය.

“කවුද මේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ?”

ගවේෂකවරයා භූතාත්මයෙන් ඇසීය.

“මම උක්කුබණ්ඩා” භූතාත්මය උත්තර දුන්නේය.

“කවුද උක්කු බණ්ඩා කියන්නේ . පියතිලකගේ නෑයෙක් ද?”

“මම මූගේ නෑයෙක් නෙවෙයි. මූගේ ගමේ ජීවත්වූ කෙනෙක්”

“ඇයි මේ පියතිලකට කරදර කරන්නේ?”

“කරදර? කරදර නෙවෙයි මූව මරන්නයි වටින්නේ.”

“මොකක්ද ඔය තරම් තියෙන වෛරය”

“මහත්මයා, මම අහිංසක මිනිහෙක්. මම කාටවත් කරදරයක් හිංසාවක් කරන කෙනෙක් නොවෙයි.”

“ඒ කියන්නේ ඔබ දැහැමි පුද්ගලයෙක්?”

“ම්..... ම්.... හැබැයි මහත්තයා හැන්දෑවට අඩියක් නම් ගැහැව්වා.”

“මොනවද බිව්වේ?”

“අපිට කොයින්ද මහත්තයා හොඳ බීම? කසිප්පු මිසක්”

“ඉතින් ඇයි මේ පියතිලක එක්ක තරහා?”

“මහත්තයා මම මැරිලා දැනට අවුරුදු තිස් පහක් විතර වෙනවා. එතකොට මූ ඉලන්දාරියා. මුන් ගමේ ප්‍රසිද්ධ ධනවතුන්. මම දවසක් හැන්දෑවක කසිප්පු පොළට ගිහින් අඩියක් ගහලා ගෙදර එමින් හිටියා. එන ගමන් සිංදුවක් කිය කියා ආවා. මම මුන්ගෙ කඩේ ළඟින් වැනි වැනී යනකොට කවුදෝ මගේ ඇඟට වතුර බාල්දියක් විසි කළා. “කවුද යකෝ? තොගේ...... කියලා මම තිත්ත කුණුහරුපෙන් බැන්නා. ඒ පාර “නොන්ඩියෝ ..... හිඟන්නෝ....” කියලා මට මූ හූ කිව්වා. ඒ මූ බව මගේ ඇහැටම දැක්කා. මහත්තයා, මූ පාහරයා වුණත් මූගේ අප්පා හොඳ මිනිහා. ඒ මිනිහා මට උදව් කරලත් තියෙනවා. ඒ නිසා මම මොකුත් නොකියා දරාගෙන ගියා. මම හරිම හිතේ අමාරුවෙන් ගියේ. එදා රෑ මම මැරුණා. ඒ මැරෙන වෙලාවෙත් මූ එක්ක තරහ තමයි මගේ හිතේ තිබුණේ. මම මැරුණු දවසෙ ඉඳලා මූගෙන් පළිගත්තා. ”

භූතාත්මය කියාගෙන ගියේය.

“මොනවද පළිගන්නට කළේ?”

“මහත්තයා, මම දවසක් බීලා එනකොට වාහනයක හැපිලා මගේ කකුල කැඩුණා. එදා ඉඳලා මම නොන්ඩි ගහනවා. ඒත් මම වගේ වයසක මිනිහෙකුට නොන්ඩියා, හිඟන්නා කියලා අපහාස කරන්න වටින්නේ නැහැ නේද? මම මැරුණු දවසෙ ඉඳලා මූවත් හිඟමනට පත් කරන්න මූගේ ව්‍යාපාර පිරිහෙන තැනට වැඩ කළා. මූගේ වී මෝල් විකුණන්න සිද්ධ වුණා. යාන වාහන විකුණුවා. අන්තිමට මූගේ ඇඟට රිංගලා මූගේ පැත්තක් පණ නැති කළා. මූවත් නොන්ඩියෙක් කළා. ගෑනිවත් ලෙඩ කළා. දරු දෙන්නත් කාලකන්නි කළා. ඉතින් මම කළ හරිය මදිද? තව තියෙන්නේ මූ මරන්න විතරයි.”

එසේ කී භූතාත්මය පියතිලකට ඇඟිල්ල දික් කොට “එදා තෝ මට නොන්ඩියා කිව්වා. දැන් තෝත් නොන්ඩියි. එදා තෝ මට හිඟන්නයි කීවා. දැන් තෝත් හිඟන්නා. එදා තෝ ලස්සපතියා. දැන් අනුන්ගේ තැන්වල මුර කරනවා. ඇද්ද තොට? හී:......හී:......හී” කියමින් භූතාත්මය නැවත සිනාසෙන්නට විය.

“ඔව් එදා ඔබට වතුර ගහපු එක වැරදියි. ඒ වතුර ගැහැව්වේ කවුද කියලා ඔබේ ඇස් දෙකට දැක්කෙ නැහැනෙ. ඒ වගේම නොන්ඩියා, හිඟන්නා කියලා මෙයා කිව්වා නම් ඒකත් වැරදියි. දැන් ඉතින් අවුරුදු තිහක්ම පළිගත්තා මදි ද? “නහී වේරේන වේරානි” වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කර තියෙනවා. ඔබේ සිතේ පැලපදියම් වූ වෛරය නිසා ඔබ ප්‍රේතයෙක් වී උපන්නා. ඔය පේ‍්‍රතාත්මයේ අවුරුදු දහස් ගණනක් දුක් විඳින්න වේවි. පේ‍්‍රතාත්ම දුක්ඛිතයි, මහා දුකක් විඳින්න වෙනවා. දැවි දැවී දුක් විඳින්න වෙනවා. ඔය පේ‍්‍රතාත්මයෙන් මිදී නිදහස් වෙලා ඉහළට යන්න අදහස් කරන්න” කි ගවේෂකවරයා ”ඔබට වුවමනා මොනවාදැ” ය