සැකකරු සොයා ගල්හුණ්ඩුව කන්ද තරණය කළ "බැට්"

මගේ ජපන් කෙල්ල

තකූෂි ජපන් ජාතික තරුණියක වුණත් එයා ළඟ තිබුණේ සිංහල කෙල්ලක් ළඟ තියෙන ගතිගුණ කියලා මට තේරුණේ එයා හම්බවෙච්ච මුල්ම දවස්වල.

ජපන් ජාතික සුරූපිනියන්ගේ ප්‍රිය සම්භාෂණයකදි මට එයා හමුවන්නේ නොසිතූ විදියට. ඒ වෙන කොටත් එයාට සිංහල වචන දෙක තුනක් කතා කර ගැනීමේ හැකියාව තිබුණා.

“ආයුබෝවන්...”

මා හඳුනාගත් මුල් මොහොතේදීම එයා මට දෑත් එකතුකොට කිව්වා. මාත් එයාට පිළිතුරු දුන්නේ ඒ විදියටමයි.

“ආයුබෝවන්...”

“කොහොමද ඔයා සිංහල ඉගෙන ගත්තේ?”

මම එයාගෙන් ඇහුවා.

“පොඩ්ඩ.. පොඩ්ඩ..... පුළුවන්.”

“ඇත්තටම”

“ඔව්... මම ඔයාලගේ භාෂාව ඉගෙන ගත්තා.”

අපි එදා ඉඳලා හොඳ යාළුවො වුණා. ටිකෙන් ටික මමත් එයාට අපේ රටේ භාෂාව කියලා දුන්නා.එයා ඒවා ඉගෙන ගත්තේ හරිම ආශාවෙන්.

හවස්වරුවට මමව එයත් එක්ක කොළඹ තියෙන සුපිරි හෝටලයකට ගියා. එයා අපේ රටේ තේ බොන්න දැක්වුයේ හරිම ආශාවක්...”

“ඔයා හරිම හොඳයි.”

නිතරම වගේ එයා මට එහෙම කිව්වා. මට ඒ වෙලාවේ දැනුණේ පුදුම සතුටක්.

“ඇයි ඔයා එහෙම කියන්නේ.”

“ලංකාවේ අය කොහොමත් හොඳයි. ඒත් ඔයා ඊට වඩා හොඳයි.”

තකූෂිත් එච්චර තැළුණ පොඩිවුණ කෙල්ලෙක් නෙමෙයි. එයාගේ වයස අවුරුදු 21 යි. එයා ලංකාවට ඇවිත් හිටියේ තවත් එයාගේ වයසෙම ජපන් කෙල්ලන් හත් අට දෙනෙක් එක්ක. එයාලා සම්බන්ධ වුණු එන්.ජී.ඕ. එකකින්.

“ඔයාට Boy Friend කෙනෙක් නැද්ද?”

ජපන් භාෂාවේ කැඩුණු වචනවලින් මම එයාගෙන් ඇහැව්වා. මමත් ඒ වචන ඉගෙන ගත්තෙත් එයාගෙන්.

එයා ඔළුව වනලා මොකක්දෝ කිව්වා. මට ඒත් ඒක තේරුණේ නැහැ. මම ආයෙත් ඇහුවා. එතකොට තමයි එයා මට කතාව කිව්වේ.

එයා ජපානයේ ඉගෙන ගනිද්දි ජපන් කොල්ලෙකුට ආදරය කරලා. අවුරුදු තුනක් එකදිගටම එයාලා පේ‍්‍රම සබඳකම අරගෙන ගිහින්. එහෙත් හිතපු නැති විදියට ඒ කොල්ලා ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා. එයා කියන විදියට එදා ඉඳලා එයා හිටියේ හරිම දුකෙන්ලු. ඒ අතීතය අමතක කරන්න හිතාගෙන තමයි එයා එන්.ජී.ඕ. එකකට බැඳිලා සමාජයට සේවයක් කරන්න හිතුවේ.

ඒ එන්.ජී.ඕ. එකෙන් කරන්නේ නැති බැරි මිනිස්සුන්ට උදව් කරන එක. එයා ලංකාවට ඇවිත් තියෙන්නේ ඒ වගේ වැඩකට.

අතීතය අමතක කරලා ලංකාවට ආව තකුෂිව මට හම්බවුණේ ඔන්න ඔය විදියට.

“මට වැඩිකල් මෙහේ ඉන්න බෑ.”

“ඒ කිව්වේ”

“අපි මාස හයකට ආවේ. ඒකාලේ ඉවර වුණාම අපි යන්න ඕන....”

එයා එහෙම කිව්වම මට හරියට දුක හිතුණා. මමත් තකුෂිත් අතර මොකක්හරි සම්බන්ධයක් තියෙනවා කියලා එයාගේ අනෙක් ජපන් කෙල්ලොත් දැනගෙන හිටියා.

නැවතිලා ඉන්න හෝටලයට එයා මට එන්න කිව්වා. අපි කතා බස් කරලා එකට කෑම ගත්තා. හවසට ගෝල් ෆේස් එක දිගේ අත් අල්ලගෙන ඇවිද්දා.

“ඔයාලාගේ රටේ මුහුද හරි ලස්සනයි.”

“ඇයි මම ලස්සන නැද්ද?”

“ඔයා හොඳයි.”

එයා එහෙම කියන කොට මට දැනුණේ පුදුම සතුටක්.

අපි දෙන්නා රටවල් දෙකක. ජාති දෙකක වුණත් තකුෂි ළඟ තිබුණු ගතිගුණ අපේ රටේ කෙල්ලක ළඟ තියෙන ගතිගුණ වගේ.

කොහොම හරි. දවසක මට එයා “ආදරෙයි” කියලා කිව්වා. ඒ දවස තවමත් මගේ මතකයේ තියෙනවා.

“අපි දෙන්නා එදා ගෝල් ෆේස් මුහුද අයින දිගේ ඇවිදගෙන ලයිට් හවුස් එක පැත්තේ ගියා. ඔය යද්දි එකපාරටම වැස්සක් කඩා වැටුණා. අපි දෙන්නට යන්න එන්න තැනක් නැති වුණා. අපි වගේම ඒ හරියේ හිටිය කාටත් වැස්සෙන් බේරෙන්න යන්න තැනක් තිබුණේ නැහැ. අපි ලයිට් හවුස් එකේ බිත්තියකට හේත්තුවෙලා තෙමි තෙමී එහෙම්මම හිටියා.“

“ඒ මොහොත ආයෙත් මතක් වෙනකොට මට දැනෙන්නේ පුදුම සතුටක්. අයිස් කැට වගේ වැටෙන වැහි බිඳු වලට අපි දෙන්නා පැය භාගයක් විතර හොඳටම තෙමුණා. තකුෂි මාව තුරුල් කරගෙන හිටියේ. එයාගේ මුහුණෙන් වතුර බේරෙනවා. ශීතලට ගුලි වුණු පුංචි හා පැටියකු වගේ තකුෂි මගේ පපුවට මුහුණ තියාගෙන හිටියේ. අපි වගේ නෙමේ. එතැන අපිත් එකක් වැස්සට තෙමුණු තව ජෝඩුත් හිටියා.“

පැය භාගයක් විතර යද්දී වැස්ස පෑව්වා. ඒත් තකුෂි මගේ පපුවට ඔළුව තියාගෙනමයි හිටියේ. අපි දෙන්නා අතර කතා වුණේ වචනයක් දෙකක් විතරයි. ශීතල වතුර ඇඟ පුරා ගලා ගියත් මට තකුෂිගේ උණුසුම දැනුණා. එයාටත් එහෙම වෙන්න ඇති.වැස්ස නතර වෙද්දී ඇය මා දිහා බලලා ආයෙත් එයාගේ මුහුණ මගේ පපුව උඩ තියා ගත්තා.

“හරිම ෂෝක්”

හුඟාක් තෙමුණත් එයා කිව්වේ එහෙම.

“ඔයා කැමතිද?”

මම එයාගෙන් ඇහැව්වා.

එයා ඔළුව වනලා “ඔව්” කිව්වා.

“තව ටිකක් මෙහෙම ඉඳිමු.”

එයා එහෙම කියද්දි මට පුදුම හිතුණා.

“ඇයි ඒ”

“මම කැමතියි.”

“ඒ කිව්වේ”

“මම මෙහෙම ඉන්න කැමතියි.”

මට තකුෂි ගැන පුදුම හිතුණා. අපි දෙන්නා රටවල් දෙකක. හඳුනාගෙනත් මාස දෙක තුනක් ඇති. වෙනත් නාඳුනන රටක කොල්ලෙකුට තුරුලු වෙලා.

ඒත් තකුෂිගේ ආශාවට මම ඉඩ දුන්නා. ඒ උණුසුම සෙනෙහස එයාට දැනෙන්න ඇති.

“I Love You”

එයා මා දිහා බලලා හෙමින් කිව්වා. මට දැනුණ සතුට කියන්න බැරි තරම්. මම ඒ වචන ටික තකුෂිගෙන් හුඟ දවසක ඉඳලා බලාපොරොත්තුවෙන් හිටියේ. ඒ වචන ටික අහපු මට දැනුණේ පුදුමාකාර සතුටක්. ඒ නිසා මම තකුෂිගේ නලල සිප ගත්තා.

ඔන්න ඔහොම පටන් ගත්ත අපේ ආදර කතාව එයා ලංකාව දාලා යනකම්ම තිබුණා. තකුෂි ජපන් කෙල්ලෙක් වුණත් මම එයාව දළදා හාමුදුරුවෝ වඳින්න එක්කගෙන ගියා. සිරිමහ බෝධිය වඳින්න එක්කගෙන ගියා. අපේ ආගම ධර්මය සංස්කෘතිය එයාට කියලා දුන්නා.

අපි දවස් දෙක තුනක් අලි බලන්න මින්නේරියට ගියා. සෆාරි ජිප් එක උඩ නැඟලා එයා අලි දැකබලා ගත්තේ හරිම සතුටෙන්. අත්පුඩි ගහ ගහ එයා ඒ සතුට විඳිනවා දැක්කම මගේ හිතටත් දැනුණේ කියාගන්න බැරි සතුටක්. අපි දෙන්නා පෙම්වතුන් නිසා අපිට කාගෙන්වත් බාධාවක් වුණේ නැහැ. එයා බය නැතිව එයාග් අනිත් ජපන් මිතුරියන්ට මාව අඳුන්නලා දුන්නේ මම එයාගේ ඕධර ජ්පඪඥදඤ කියලා.

කොහොමත් එයා ලංකාවේ රැඳිලා හිටිය කාලේ නොදැනුවත්වම ගෙවිලා ගියා.

“තව දවස් දෙකකින් මම යනවා. ඒත් මට ඔයාව දාලා යන්න හිතෙන්නේ නැහැ.”

එයා එහෙම කියද්දී මට පුදුම දුකක් ඇති වුණා.

“මටත් දුකයි. ඒත්”මම කිව්වා.

“මට යන්න බැහැ.”

එයා නිතරම කිව්වේ ඒ වගේ කතාවක්. ඒත් මම එයාට පැහැදිලි කරලා දුන්නා. ඔයාට මෙහේ ඉන්න බැහැනේ. ඔයාට යන්නම වෙනවා නේද කියලා එයාගේ මිතුරියනුත් එයාට කරුණු කාරණා තේරුම් කරලා දුන්නත් එයාගේ හිත තිබුණේ මගේ ළඟ. ඒ තරම්ම එයා මට ආදරේ කළා.

“බැහැ බැහැ මට යන්න බැහැ. මට ඔයා ළඟම ඉන්න ඕන.”

එයා අඬ අඬා කිව්වා. මමත් එයාව තුරුලු කරගෙන ඇඬුවා. ඒත් මොනවා කරන්නද? එයා යන්නම එපැයි අනෙක එයාගේ යාළුවෝ. තකුෂි නිසා එයාලටත් ලොකු ප්‍රශ්නයක් වුණා. එයාලා තකුෂිගේ හිත හදන්න උත්සාහ ගත්තා.

අන්තිමට එයාලා මගෙන් එක ඉල්ලිමක් කළා. ඔයා අදින් පස්සේ තකුෂි බලන්න එන්න එපා කියලා. ඒක මට කරන්න පුළුවන් ද? මම එයාලගෙන් ඇහුවා.

“ඒක විය යුතුයි. නැත්නම් තකුෂි එයාගේ ජීවිතේට මොනවහරි කරගනීවි.”

මම තත්ත්වේ තේරුම් ගත්තා. එයාලා කියන දේ හරි කියලා. මොකද තකුෂි ඒ වෙනකොට හිටියේ පිස්සු හැදිලා වගේ. එයාට මාවත් මට එයාවත් අමතක කරන්න බැරිවයි තිබුණේ. අන්තිමේදී මම තකුෂිව මඟ හැරියා. එයා අන්තිම මොහොතෙන් බලන්න එන්න කියලා එස්.එම්.එස් එව්වා. ඒත් මම ඒ එකකටවත් උත්තර යැව්වේ නැහැ.

ඒත් මටත් හරිම දුකයි. තකුෂි මගෙන් ඈත් වෙනවට දුකයි. ඒ නිසා මම එයාලා ලංකාවෙන් යන වේලාව අහගෙන එයාර්පෝට් එකට ගියා. ඈතින් ඉඳන්වත් තකුෂිව දකින්න ඕන කියලා මට හිතුණා.

ඒත් මගේම කරුමෙ වෙන්න ඇති. මම ගුවන් තොටුපොළට යනකොටත් ජපානෙට යන ප්ලේන් එක පිටත් වෙලා. තකුෂි අන්තිම වතාවටත් දැකගන්න මට වාසනාව නැති වුණා. මම හුඟ වෙලාවක් එයාර්පෝට් එකේ ඉඳලා අන්තිමට පිස්සෙක් වගේ ගෙදර ආවා. මට තවමත් තකුෂිව අමතක කරන්න බැහැ. මට එයා නිතරම මතක් වෙනවා. අනේ මන්දා මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ.

“පව් අහිංසක කෙල්ල”