'කූරා මාමා' මරලා දාලා

'කූරා මාමා' මරලා දාලා

“අපේ මාමට කට්ටියක් පොලු වලින් ගැහැව්වා එයාට හොඳටම අමාරුයි. දැන් මාරවිල ඉස්පිරිතාලෙට අරන් ගියා.”

බෝලවත්ත අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් වෙන්නප්පුව පොලිසියට මෙම තොරතුර දුන්නේ ඉකුත් 18 වැනි දින සවස 5.30ට පමණය.

පොලිස් නිලධාරින් එම ස්ථානයට යන විට අසල්වැසියන් විශාල පිරිසක් ද සිද්ධිය දැකබලා ගැනීමට පැමිණ සිටියහ.

නිවස අසල ගසක් යට ලේ පැල්ලම් කිහිපයකි. ඒ අසලම පොලු මුඟුªරු හා අසල තිබූ බඩු භාණ්ඩ කීහිපයක් ද තැනින් තැන විසිරී ඇත. පොලිස් නිලධාරින්ට ඇති වී තිබෙන සිද්ධිය වටහා ගැනීමට වැඩි වේලාවක් ගත නොවුණි.

“සර්.... එයාට පොලු වලින් ගැහුවා. එයාට නැදෑවන කෙනෙක් තමයි මෙයාට ගැහුවේ. හැබැයි ගහන්න හේතුව නම් හරියටම මොකක්ද කියලා අපි දන්නෙ නෑ.”

රැස්ව සිටි පිරිසගෙන් කීපදෙනෙකුගෙන් එලෙස පිළිතුරු ලැබුණි.

හෝරාවක පමණ කාලයක් එහි ගත කළ පොලිස් නිලධාරින් සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරන අතරතුරදී තුවාල ලබා රෝහලට ඇතුලත් කළ අය මියගිය බව සඳහන් කරමින් දුරකථන පණිවිඩයක්ද නිලධාරීන්ට ලැබිණි. ඉන් අනතුරුව නිලධාරීහු විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරමින් පහර දුන් පුද්ගලයන් සිටින ස්ථාන සොයා මෙහෙයුමක් සිදු කළහ.

සිද්ධියෙන් මියගොස් තිබුණේ බෝලවත්ත අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි නිශාන්ත කුමාර නමැති 35 හැවිදිරි එක් දරු පියෙකි.

නිශාන්ත කුමාර අංගම්පිටිය ප්‍රදේශයේ උළු කර්මාන්තයක සේවය කරයි. ඔහුගේ නීති්‍යානුකූල බිරිඳ විදේශ රටක ගෘහ සේවයේ යෙදී සිටී. ඇය විදෙස් ගත වී අවුරුදු තුනක් පමණ කාලයකි. මීට වසරක පමණ කාලයක සිට ඔහු වෙනත් කාන්තාවක් සමඟ ජීවත් වේ.

උළු මෝල් වල සේවය කරන බොහෝ පිරිස් වැඩ නිම වී ඇඟේ අමාරුවට කසිප්පු බීමට පුරුදුව සිටිති. බෝලවත්ත අංගම්පිටිය ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ ප්‍රධාන ජීවානෝපය උළු ආශි‍්‍රත කර්මාන්තයේ යෙදීමයි. මෙහි සේවය කර සවස් කාලයේ කසිප්පු තිප්පොළවල් කරා ගමන් ගැනීම ඔවුන්ගේ සාමාන්‍ය සිරිතය.

මේ අතර එම ප්‍රදේශයේ කාන්තාවක් විසින් පවත්වා ගෙන යනු ලබන කසිප්පු තිප්පොළක් ද වේ. එය ප්‍රදේශයේ ජනපි‍්‍රය ස්ථානයකි. මුදලට සරිලන කටගැස්මක් ද ලබා ගැනීමට හැකිවීමත් හා නිදැල්ලේ කසිප්පු බීමට ඇති හැකියාවත් නිසාම එම ස්ථානය ජනපි‍්‍රයතාවයට පත්ව තිබේ.

සිද්ධිය වූ දින ඉරිදා දිනයකි. එදින නිවාඩු දවසක් නිසා උළුමෝල වල සේවය කරන බොහෝ දෙනෙක් උදෑසන සිටම කසිප්පු සප්පායම් වී සිටියහ. නිශාන්ත කුමාර ද එදින කාන්තාව විසින් පවත්වාගෙන යන “කසිප්පු පොට්” එකට වරින් වර ගොස් ඇඟ උණුසුම් කරගත්තේය. සවස් වන විට ඔහු හොඳටම සූුර් විය. සවස 3.00ට පමණ ඔහු නිවෙස කරා යමින් සිටියදී ඥාති පුත්‍රයකුගේ නිවෙසට ගොඩ වැදුණේය. ඔහු නිවසට ඇතුල්වන බව ඥාති පුත්‍රයා දැන සිටියේ නැත. ඔහුගේ වයස අවුරුදු 18 කි. සිය ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන නරඹමින් සිටි පුතාට ඔහු නිවෙසට ඇතුළු වූ බව වැටහුණේ නැත. ශාන්ත කුමාර ඔහුගේ ඥාතිකමට මාමාය. ඔවුන් ඔහුට ආමන්ත්‍රණය කළේ "කූරා මාමා" යන අනවර්ථ නාමයෙනි.

නිශාන්ත කුමාර සෙමින් සෙමින් අසැබි දර්ශන නරඹමින් සිටි සිය ඥාති පුත්‍රයා ළඟට ගොස්“ උඹ මොනවද යකෝ බලන්නේ මම දැක්කා තෝ බලන දේ” යැයි පවසා අත තිබූ හෙල්මටයෙන් ඥාති පුතාට පහර දෙන්නට විය. මින් බියට පත් ඥාති පුතා දිව ගොස් සැඟවිණ. ඇති වූ කෙන්තිය නිසා පිහියක් ද රැගෙන නිවෙස තුළට ගිය "කූරා මාමා" කෑගසමින් හැම තැනම ඥාති පුතා සෙව්වේය.

එහෙත් පුතා සොයා ගැනීමට ඔහුට නොහැකි විය. ඉන් පසුව “කූරා මාමා” ගියේ සුපුරුදු කසිප්පු පොට් එකටය. ඔහු යළි එතැනින් හොඳ හැටි සප්පයාම් විය.

මේ අතර මෙම සිද්ධියට මුහුණ දුන් ඥාති පුත්‍රයා තමාට “කූරා මාමා” නිකරුණේ හෙල්මට් එකෙන් ගැසූ බවත් පිහියක් අරන් මරන්න සොයන බවත් ඔහුගේ තවත් ඥාතිවන මාමා කෙනෙකුට හා සොහොයුරන්ට කීවේය.

ඔවුහු ද දන්නා හැමතැනම "කූරා මාමා" සෙවුහ. පසුව "කූරා මාමා" කසිප්පු තිප්පොළ තුළ ඉන්නා බවට ලැබුණු ආරංචියට අනුව පිරිස පොලුමුගුරු රැගෙන එතැනට ගියහ.

එම ස්ථානයේ දි දෙපිරිස බහින් බස් වූ අතර කෝපයට පත් "කූරා මාමා" එහි කුස්සියට ගොස් බෝතලයක් කඩා ඔවුන් වෙත පැන ඉන් අනින්න තැත් කළ අතර ඒ සමඟම පැමිණ සිටි පිරිස වහා ක්‍රියාත්මක වී "කූරා මාමා"ට පොලු මඟුරු වලින් පහර දෙන්නට වුහ. එල්ල කළ පහර වලින් "කූරා මාමා"ගේ හිස ප්‍රදේශයට බරපතල හානි සිදුවිය. හිසෙන් දැඩි ලෙස රුධිරය වහනය වූ පසු ඔහු බීම ඇද වැටුණි. සිහිසුන්ව බිම ඇද වැටුණු "කූරා මාමා" එම ස්ථානයේ සිටි පිරිස මාරවිල මුලික රෝහලට රැගෙන යාමට කටයුතු කළේ ඉන්පසුවය.

රෝහලට ඇතුලත් කළද හිස් කබලෙන් අධික ලෙස රුධිරය ගලා ඒම හා මොළය හා සෙසු කොටස් වලට හානි සිදුවීම නිසා ඔහු මෙලොවින් සමුගත්තේය.

පසුව වෙන්නප්පුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එස්.කේ. සුදුසිංහ ඇතුළු පොලිස් කණ්ඩායමක් විශේෂ මෙහෙයුමක් දියත් කර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා අත්අංඩගුවට ගැනීමට සමත්විය.

සැකකරුවන්ගේ ගේ වයස් 18,27, 32 අතර අයවෙති. ඔවුහු ද එම ප්‍රදේශයේම උළු කර්මාන්ත ශාලා වල සේවය කරන අයවන අතර මියගිය නිශාන්ත කුමාරගේ ඥාතීන් ද වෙති. හලාවත කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුරංජිත් කුමාරපේ්ලි වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි දේශපි‍්‍රය ජයතිලක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ වෙන්නප්පුව මුලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය ස්ථානාධිපති එස්.කේ. සුදුසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 24043 ජයන්ත, 88542 මධුශංඛ, 75175 තරංග, 70015 අජිත්, 69570 බණ්ඩාර පොලිස් කොස්තාපල් 60568 සනීර් ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කළහ.

පොලිස් පරීක්ෂණ ඇසුරෙනි.