අල්ලේ සළකුණු හෙළිකල රහස

අල්ලේ සළකුණු හෙළිකල රහස

ඇමීගේ ජීවිතය හරිම පුදුමාකාර ලෙසින් ගෙවී ගිය එකක්. අමෙරිකාවේ ඉන්ඩියානා පොලිස් පළාතේ විසූ ඇමී පාසලේ දක්ෂ සිසුවියක්. ඇමී ලස්සන නිසාම කාගේත් නෙත් ඇය අභියස නතර වෙන්නේ ඉබේටමයි. හෝව් උසස් පාසලේ ඉගෙනීම ලබද්දීමයි මැක්ස් ගේ සිත ඇමී හා බැඳුණේ. ඇමී මැක්ස් දෙදෙනාම එතරම් වයසින් මුහුකුරා ගිය අය නෙවෙයි. දෙදෙනාටම වයස අවුරුදු 14 යි.

ඔවුන් දෙදෙනාගේ ආදරය ඔහේ නිදහසේ ගලා ගියා. වයසින් මුහුකුරා නොගියත් හැසිරීමෙන් වැඩිහිටියන් මෙන් කටයුතු කළ ඇමීගේත් මැක්ස්ගේත් ආදරය අවසන් වූයේ ඇමී ගැබිනියක වීමෙන්. ඇමී අවිවාහක මවක බවට පත්වෙද්දී ඇගේ වයස යන්තම් අවුරුදු 14 ක් පහුවුණා විතරයි. ඇමී සිය සිඟිති දියණිය නම් කළේ එමිලි ලෙසයි.

අපේ රටේ මෙන් නොව එමිලි ලැබී මාස කීපයකින් ඇමී යළිත් පාසල් යන්න පටන් ගත්තා. ඒ කාලයේදී ඇගේ දරුවා බලාගත්තේ ඇමීගේ මවයි.

“මමී, මගේ චුටි දූ ලස්සනයි නේද? ඇමී නිතරම සිය දියණිය එමිලි ගැන සොයා බැලුවා. ඇය එමිලිට ඒ වගේම ආදරේ කළා.”

ඇමීට වැඩිමල් සොහොයුරෙක් ද සිටියා. ඔහු ජෝන්. ඇමීට වඩා අවුරුද්දක් වැඩිමල්. ජෝන් හා ඇමී ඔවුන්ගේ මව ග්ලෝරියා සහ ඇමීගේ කුඩා දුව එමිලි මේ සැවොම ජීවත් වුණේ එකම නිවෙසක. ජෝන්ගේ මිතුරන් ද මේ නිවෙසට ආවා ගියා. ඇමී ඔවුන් හොඳට හඳුනනවා. නිතර විහිළු තහළු කරමින් සතුටින් කල්ගත කරන ඇමීට අවට නිවෙස්වල පදිංචි අයත් හරිම ආදරෙයි.

ඒ 1989 නොවැම්බර් මාසෙ දවසක්. මේ වෙද්දී ඇමීගේ චූටි දූ එමිලිට වයස අවුරුදු දෙකයි. ඇමී තාමත් පාසල් යනවා. ඒ වෙනකොට ඇමීගේ වයස අවුරුදු 16 යි. පාසලේ දක්ෂ සිසුවියක් නිසාම ඇය නිතර කැපී පෙනුණා. ඇමී ඉගෙනීමට විතරක් නෙවෙයි ක්‍රීඩාවලිනුත් දක්ෂකම් දැක්වූවා. ඒ නිසා කාගේත් ඇස් ඇමී වෙත යොමුවෙනවා වැඩියි. පාසලේ අවසන් උපාධි පරීක්ෂණ නිසා ඇමී එක දිගට වෙහෙස මහන්සි වී වැඩ කළා. සතියක් ගත වෙද්දී ඇමීගේ සිතට දැනුණේ පුදුමාකාර සහනයක්. සතිය ආරම්භ වෙද්දී ඇමීගේ චුටි දුව එතරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් හිටියේ නැහැ. "ඊයේත් දුව හොඳට හිටියේ නැහැ. මොකක් හරි අසනීපයක් වගෙයි ඇමීගේ මව ග්ලෝරියා පැවසුවා."

“ඔව් මමී, මං හෙට යන්නේ නැහැ. දුව ගැන බලන්න ඕනෑ” මෙලෙස කී ඇමී එදා පාසල් නොයා නතර වූණේ දුවට අසනීප නිසයි.

කෙතරම් අඩු වයසක වුවත් ඇමී නියම මවක් ලෙසට කටයුතු කළේ. ඇය මවගේ සහ සහෝදරයාගේ උදව් වෙන් දියණිය බලා කියාගෙන ඉගෙන ගත්තා මිස අතින් අතට ගියේ නැහැ. ඇමී ඔවුන් පදිංචි තට්ටු නිවාසයේ සිවුවැනි මහලෙහි පදිංචිව සිටියේ.

1989 නොවැම්බර් මාසෙ 19 වැනිදාත් උදාවුණා. වෙනදා සුපුරුදු ලෙස උදෑසන අවදි වී දුවගේ වැඩ කටයුතුවල නිරත වන ඇමී එදා උදෑසන සුපුරුදු ලෙස අවදි වූණේ නැහැ. ඇමීගේ මව පැට්‍රිෂියාටත් මෙය තරමක් ප්‍රශ්නයක් වුවත් ඇය දුවගේ නිදහසට බාධා කරන්න ගියේ නැහැ. එහෙත් ටිකෙන් ටික උදෑසන ගෙවී යද්දී පැට්‍රිෂියාගේ සිතට සැකයක් මෝදු වුණා. ඒ නිසාම ඇය ඇමී ගැන සොයා බැලුවා.

ඒ සොයා බැලීමත් සමඟ පැටීෂියා දුටු දේ ඇයට අදහාගන්නට බැරි වුණා.

“දෙවියනේ ! පැට්‍රිෂියා කැගැසුවා.

“දෙවියනේ! මගේ ඇමීට මොකද වුණේ” පැට්‍රීෂියාගේ කෑ ගැසීමත් සමඟ අසල්වැසියන් ද එතැනට එකතු වුණා.

ඇමීට මොකද වෙලා තිබුණේ. කාටත් එය ප්‍රශ්නයක්. කොහොම නමුත් ඇමී තවදුරටත් ජීවතුන් අතර නොමැති බව නම් සහතික වුණා. වහාම එතැනට ඉන්ඩියානා පොලිසිය පැමිණියා. පරීක්ෂණ ආරම්භ වුණා. ඇමී නිදි යහනේදීම ඝාතනය කරලා. ඇගේ සුරතල් දියණිය එමිලි මේ කිසිවක් නොදැන ඇමීගේ කාමරයේ වූ ළදරු ඇඳට වී බලා සිටිනවා.

ලිංගික අපහරණයට ලක්ව සිටි ඇමී ඇඳ උඩ මරා දමා සිටියේ ලේ විලක් මැදයි. ඇමීගේ කාමරය පුරාම ලේ සලකුණු. පොලිසිය සාක්කි සොයා පරීක්ෂණ ආරම්භ කරද්දී ඇමීගේ ඇඳේ තිබී අපරාධකරුගේ යැයි සැක කෙරෙන ශ්‍රාවයක් ද සාක්කි ලෙස එකතු කර ගත්තා.

ඇමී ඝාතනය කළේ කවුද? එය සිදුවූයේ කෙසේද පොලිසිය ඉදිරියේ වූයේ බැරෑරුම් ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ලිංගික අපරාධයක් වූ වහාම පොලිසිය කරන්නේ අවට ප්‍රදේශයේ පදිංචි ලියාපදිංචි ලිංගික අපරාධකරුවන් සහ වෙනත් අපරාධකරුවන් පස්සේ පැන්නීමයි. ඇමීගේ මරණය සම්බන්ධයෙනුත් ඒ ක්‍රම වේදයම අනුගමනය කළා. සැක කටයුතු පුද්ගලයන් කීපදෙනෙකුම සිටියත් ඒ කිසිවකුත් ඇමීගේ සිද්ධියට සම්බන්ධ කිරීමට තරම් සාක්කි සොයා ගැනීමට පොලිසියට හැකි වූයේ නැහැ. මීළඟට පොලිසිය කළේ පළාතෙන් පිට අපරාධකරුවන් ගැන පරීක්ෂණ කිරීමයි. ඒත් ඇමීගේ මරණයට ඒ කිසිවෙක් සම්බන්ධ වූ බවට සාක්කි ලැබුණේ නැහැ.

1989 වසරේදී මේ අපරාධය සිදු වූ පසුවත් ඇමීගේ මව සිය දියණිය ඝාතනය වූ නිවෙස අත්හැර ගියේ නැහැ. එතැන් සිට ඇය කළේ ඇමීගේ දියණිය එමිලි හොඳින් රැකබලා ගැනීමයි. ඇමී ඇතුළු පවුලේ උදවිය පළාත්වාසීන් සමඟ සුහදව ඇසුරු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇමීගේ මවට දියණිය නැති ශෝකය තුනීකර ගැනීමට අසල්වාසීන් සහය වූවා. පොලිස් ඔත්තුකරුවන්ද මඟින් තොරතුරු පරීක්ෂා කළත් පොලිසියට ඇමීගේ ඝාතකයන්ගේ හෝඩුවාවක් සොයාගත හැකි වූයේ නැහැ.

“මෙතැන කටයුතු සිදු වී ඇති ආකාරයත් ඝාතනය සිදුකර ඇති අන්දමත් අනුව මේ ඝාතනය එක් අයකුට තනියම සිදු කළ නොහැකි දෙයක්. ඒ සඳහා දෙදෙනෙකුවත් අවම වශයෙන් සහභාගී වී තියෙනවා. “ පරීක්ෂණ බාර පොලිස් ප්‍රධානියාගේ මතය වූයේ එයයි.

අවසානයේදී දින සති මාස අවුරුදු ගණන් ගෙවී ගියා. ඇමීගේ ඝාතකයන් ගැන පොලිසියට කිසිම තොරතුරක් සොයාගත හැකි වූයේ නැහැ. ඇත්තෙන්ම මේ ගැන පොලිසියේ ඇතැම් නිලධාරීන් ද කණගාටුව ප්‍රකාශ කළා. වසරින් වසර ගෙවී ගොස් 2009 වසර වෙද්දී ඇමීගේ ඝාතනය නොවිසඳුණු අපරාධ ගොන්නට එකතු වුණා.

එසේ වුවත්, ඇමීගේ මව පැට්‍රිෂියා නිතරම අසල්වැසියන් සමඟ එක් වී ඇමීගේ ඝාතකයන් සෙවීමේ මෙහෙයුමට වරින් වර පණ දුන්නා. ඒ අවදිකිරිම් නිසා 2009 වසරේදී ඉන්දියානා පොලිස් දෙපාර්තමේන්තුවට පත්ව ආ නව ප්‍රධානියා ඇමීගේ ඝාතකයා සොයා යළි පරීක්ෂණ ආරම්භ කළා.

මේ අතරවාරයේ පොලිස් දැළට විවිධ මාදිලියේ පුද්ගලයන් හසු වුණා. එහෙත්, ඒ එක් අයෙක්වත් ඇමීගේ ඝාතනයට සම්බන්ධ යැයි කෙළින්ම පැවසීමට තරම් සාක්කි පොලිසිය සතු වූයේ නැහැ. 2009 වසරේ යළි පරීක්ෂණ ආරම්භ වී ඇදීගෙන එද්දී ඇමීගේ අසල්වාසීන් පොලිසියට අපූරු තොරතුරක් හෙළි කළා.

“දැනටමත් ඔබේ අත්අඩංගුවේ පසුවන රොඩ්නිගෙන් ඇමීගේ ඝාතනය ගැන ප්‍රශ්න කර බලන්න.” අසල්වැසියන් දුන් ඔත්තුව එයයි. රොඩ්නිගේ වයස අවුරුදු 40 ක්. ඔහු ඇමීගේ සහෝදරයාගේ හොඳම මිතුරෙක්. ඒ මිතුරුදම නිසාම රොඩ්නි ඒ කාලේ ඇමීගේ ගෙදර නිතර ආවා ගියා. රොඩ්නි ඇමීගේ ගෙදරම සාමාජිකයෙක් ලෙසයි හැසිරුණේ. ඇමී මියගිය පසුත් එය වෙනස් වූණේ නැහැ. ඔහු දිගටම ආවා ගියා.

පොලිසියට එදා රොඩ්නි පිළිබඳ ඇමීගේ මරණය සම්බන්ධයෙන් කිසිම සැකයක් ඇති වූයේ නැත්තේ ඇයි? එය සමහරවිට පොලිසියේ අදක්ෂකමක් විය හැකියි. රොඩ්නි මේ වෙද්දී පොලිස් අත්අඩංගුවට පත්ව සිටියේ වෙනත් වැරැදි කීපයක් සම්බන්ධයෙනුයි. අසල්වාසීන් රොඩ්නිගෙන් ප්‍රශ්න කරන ලෙස ඉල්ලා සිටියේ ඇයි දැයි යන්නත් පොලිසිය සොයා බැලුවා.

“මං එදා රොඩ්නි එක්ක හිටියා. ඇමී ලිංගික අපහරණයට ලක් කළත් මං ඇය ඝාතනය කරන්න හවුල් වූයේ නැහැ.”

මේ කතාව ඇමී ඝාතනය වී වසර ගණනකට පසු අසල්වැසියන් හා පවසා තිබුණේ රොඩ්නි සමඟ ඇමීට අපරාධය කරන්න හවුල් වූ අනෙකායි. එකල මොවුන් දෙදෙනාම වයස අවුරුදු 17 ක ගැටවරයන්. මේ නිසා අවසානයේ පොලිසිය රොඩ්නිගෙන් ප්‍රශ්න කරන්න ගත්තා. එහෙත්, ඔහු කිසිසේත්ම ඝාතනයේ වරද පිළිගත්තේ නැහැ.”

“මං ඇමී මැරුවේ නැහැ.” රොඩ්නි දිගින් දිගටම පැවසුවා මේ අතරවාරයේ පොලිසියට යළිත් සැකයක් ඇති වුණා. මීට වසර 23 කට පෙර සාක්කි සටහන් කරගනු ලැබූ ඇමී ඝාතන සිද්ධියට අදාළ තොරතුරු යළි පරීක්ෂා කිරීම ආරම්භ කළා. ඉතාමත්ම අගනා සාක්කියක් පොලිසියට සොයා ගත හැකි වූයේ එවිටයි. ඒ ලේ වැකුණු අත්ලක සටහනකි. ඝාතකයා මින් වසර 23 කට පෙර ඇමී හා පොර බදා ඇය ඝාතනය කළ පසු ඔහු නොදැනීම ලේ වැකුණු අත්ල සහ ඇඟිලි සලකුණු බිත්තියක තබා ගොස් තිබුණා. ඒ ලේ වැකුණු අත්ල සටහන සොයාගත් පොලිසිය රොඩ්නිගේ අත්ල සටහන හා එය ගැලපුවා. ගැබ්ගත් කාන්තාවන් පළඳින ලා කහ පැහැති ඇඳුමකින් හා තණපටයකින් සැරසුණු කාන්තා මළ සිරුරක් දරු කලලය හමුවුනු ස්ථානයට සැතපුමක් පමණ දුරින් තිබියදී පොලිසියට හමුවුයේ ඉන් අනතුරුවය.

ඇයගේ මරණය සිදු වූ ආකාරය දැනගත හැකි නොවුයේ සිරුර නරක් වී තිබු නිසාය. එසේම ඇයගේ සිරුරු කොටස් වලට කපා වෙන්කොට තිබිණි. ඇගේ වැළමිට අතින් වෙන්කොට තිබු අතර එම කොටස් ද අතුරුදන්ව තිබිණ. දකුණු කකුල කපා දමා තිබු අතර වම් කකුලේ දණ හිසෙන් පහළ කොටස අතුරුදන්ව තිබිණ. දරු කලලයේ පැවැති ටේප්පටියට සමාන එකක් එම ඇඳුම් වල තිබී සොයාගන්නා ලදි. එසේම ඇගේ සිරුරේ තුවාල බොහොමයක් ඇති බවටත් ඉළ ඇට දෙකක් බිඳි ගොස් තිබු බවටත් මරණ පරීක්ෂණයේ දී හෙළි විය. මෙම මළසිරුරෙන් කලලය කපා වෙන් කොට තිබු බවටද අනාවරණය කරගන්නා ලදි. මරණ පරීක්ෂණ වලදී පැවැත් වූ ඩින්.එන්.ඒ වලට අනුමාන එම මළසිරුර හා දරු කලලය ලේසි පිටර්සන් ගේ බවට සනාථ කරගනු ලැබු අතර එම මරණ පරීක්ෂණය පැවැත් වූ ආචාර්ය ඇලිසන් ගැලොවේ ද නඩු විභාගයේදී විශේෂ සාක්ෂිකරුවකු ලෙස කැඳවනු ලැබීය.

මේ අතර ලේසිගේ සැමියා කිහිප වතාකදීම “ලේසි අතුරුදන්වී ඇතැයි” යනුවෙන් පැවසු ආකාරය ගැන පොලිස් නිලධාරින් තුළ කිසියම් සැකයක් ඇති කරන්නට සමත් විය. එසේම මාධ්‍ය කරුවන් හමුවීම ඔහු පෙන්වු නොකැමත්ත මෙන්ම එක් පුවත් පත් සාකච්ඡාවකදී ඔහු කෝපයෙන් ඉවත්ව ගිය අන්දම ගැනත් පොලිසියේ උකුසු ඇස යොමු වී තිබිණ. එහෙත් ලේසිගේ සොහොයුරු බ්‍රේන්ට් රෝචා ඇතුළු ඇයගේ පවුලේ උදවිය ලේසිගේ සැමියා ගැන කිසිදු සැකයක් නැති බව ප්‍රකාශ කර තිබිණ.

එහෙත් ලේසිගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය දිගින් දිගටම පරික්ෂණ පැවැත්විය. එහිදී සැමියා පිළිබඳ නොයෙකුත් කතාන්දර හෙළි විය.

සම්බාහන ආයතනයක සේවය කළ එක්දරු මවක් වන ඇම්බර් ෆ්‍රේ නමැති කාන්තාව සමඟ සබඳතාවයක් පැවති බව ද පොලිසිය අනාවරණය කරගත්තේය. ඇය දික්කසාද වූ ගැහැනියකි.

මේ අතර ලේසි ගේ අතුරුදන් වීම රූපවාහිනී ප්‍රවෘත්ති වලින් දැනගත් ඇම්බර් වහා පොලිසියට පැමිණ ස්කොට් සමඟ පැවති සබඳතාවය ගැන දන්වා සිටියාය.

එසේම ලේසිගේ අතුරුදන් වීම සිදු වී සති දෙකකට පමණ පසු තමාගේ බිරිය මරණයට පත්වීම නිසා තමා කනවැන්දුම් අයකු බවටත් තම බිරිය නොමැතිව මුල්ම නත්තල ගත කළ බවත් ලේසිගේ සැමියා තමාට පැවසු බවද ඇම්බර් වැඩිදුරටත් පොලිසිය හමුවේ ප්‍රකාශ කර සිටියාය. එසේම, ස්කොට් සමඟ දුරකථනයෙන් කථා කිරීමටත් එම සංවාදය තැටිගත කිරීමටත් ඇය පොලිසිය ඉදිරියේ එකඟ වුවාය.

පොලිස් නිලධාරින්ගේ අවධානය යොමුවු තවත් වැදගත් කරුණක් වන්නේ ලේසි මියයාමට කිහිප දිනකට පෙර ලේසි වෙනුවෙන් ඩොලර් 250,000ක් වටිනා රක්ෂණයක් ද ස්කොට් විසින් ලබාගෙන තිබීමයි.

මෙම සියළුම කරුණු සලකා බැලු පොලිස් නිලධාරීන් කැලිෆෝනියාවේ ලා ජොල්ලා ප්‍රදේශයේ පිහිටි ගොල්ෆ් ක්‍රීඩාංගණයේ රථ වාහන නවත්වන ස්ථානයේදී ස්කොට් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව කරන ලද ප්‍රශ්න කිරීමේදී ඔහු ළඟ තිබී ඩොලර් 15,000 මුදලක් ද ජංගම දුරකථන හතරක් ද කැලැ ප්‍රදේශයේ නවාතැන් ගැනීම සඳහා යොදා ගැනීමට අවශ්‍ය ටෙන්ට් රෙද්දක් හා අනෙකුත් උපකරණ ද තුවක්කුවක් ද ඔහුගේ සොහොයුරු ජෝන් එඩ්වඩ් ගේ රියදුරු බලපත්‍රය හා වියාග්‍රා පෙති 12 ක් ද සොයාගැනීමට පොලිසිය සමත් විය. ඒ වන විට ලේසිගේ සැමියා සිය රැවුල හා කොණ්ඩය රන්පැහැ ගන්වා තිබිණ. එයින් පොලිසිය වටහා ගත්තේ ඔහු මැක්සිකෝවට පලා යාමට තැත් කිරීම සඳහා එසේ කර ඇති බවය.

පැවැති නඩු විභාගයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් රහස් පරීක්ෂක ඇල් බ්‍රොචිනි සාක්කි දෙමින් ස්කොට් විසින් නත්තල් දිනයේ සිට දිගටම ඔහුගේ අනියම් පෙම්වතිය වූ ඇම්බර් සමඟ දුරකථනයෙන් කථා කර ඇති බවට සඳහන් වාර්තා අධිකරණය හමුවට ඉදිරි පත් කළේය. ස්කොට් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු ළඟ තිබු සියළුම දේ අධිකරණයට ඉදිරිපත් කළ ඇල් බ්‍රොචිනි මීට දින කිහිපයකට පෙර ස්කොට් විසින් ඩොලර් 1400 ක් ගෙවා බෝට්ටුවක් ද ඩොලර් 3600ක් ගෙවා බෙන්ස් රථයක් ද මිලදී ගෙන තිබු බවද අධිකරණය හමුවේ පවසා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු කියා සිටියේ ස්කොට්ගේ අරමුණ වුයේ මැක්සිකොවට පැන යාම බව ද පැහැදිලි කර සිටියේය.

මේ අතර ඇම්බර් ෆ්‍රේ සාක්ෂියද අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඇගේ සාක්කියද ස්කොට් පීටර්සන්ට එරෙහි වීම නිසා ලේසි පිටර්සන් හා කලල් දරුවා මරා දැමීම සම්බන්ධයෙන් ස්කොට් පීටර්සන් වරදකරු වූ අතර විනිශ්චයකාර ඇල්ෆ්‍රඩ් ඩෙලුචි විසින් ස්කොට්ට මරණ දඬුවම නියම කළේය.

නුපන් දරුවන් තුවාල කිරීම හා මරා දැමීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පිළිගත් ඇමෙරිකන් කොංග්‍රසය. එදා සිට එය නීතියක් බවට පත් කොට එම නීතිය ලේසි හා කොනර් නීතිය ලෙස හඳුන්වනු ලැබිය. එම කරුණ නිතීගත කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අත්සන් තබන අවස්ථාවට ලේසිගේ මව ද සහභාගි විය.

එදින ලේසිගේ මව ෂැරොන් රෝචා විසින් “For Laci - A mother’s Story of Love , Loss and Justice” යන ග්‍රන්ථය එළි දක්වනු ලැබු අතර එයින් උපයන මුදල් ලේසි හා කොනර් වෙනුවෙන් විශේෂ අරමුදලකට ද යොමු කරන බවද ඇය කීවාය.