කුඹුක ත්‍රිවිලර් රියැදුරන්ගේ සුපිරි වැඩක්

කුඹුක ත්‍රිවිලර් රියැදුරන්ගේ සුපිරි වැඩක්

ඒ කෙසේ වෙතත් ත්‍රීරෝද රථ ගාල් වල එදිනෙදා මෙම වෘත්තියේ නියැලී සිටින බොහෝ රියදුරන්ගෙන් එවැනි අකටයුතුකම් සිදුනොවන බවද පෙන්වා දිය යුතුයි. බොහෝවිට ඔවුන්ගෙන් උදව්උපකාරයක් මිස අනිසි දෙයක් මගියාට සිදුනොවේ.

කාන්තාවකට තරුණියකට හෝ අසරණ පුද්ගලයකුට හිරිහැරයක් අකටයුත්තක් සිදුවන විටදී නොබියව ඊට මැදිහත් වී හිංසනයට ලක්වන අය බේරාගැනීමට ඔවුහු කටයුතු කරති. එතැනින් නොනැවතී හිරිහැර කරන්නා හෙවත් හිංසකයා,ගැටකපන්නා මංකොල්ලකරුවා, ස්ත්‍රී දුෂකයා අල්ලාගෙන ගස් බැඳ පහර දී හෝ අදාල පොලිසියට බාරදීමට ඔවුහු අති දක්ෂයෝ වෙති.

තවද ත්‍රීරෝද පාක්වල ක්‍රියාත්මක සංගම් ප්‍රදේශයේ ආගමික හා පොදු කටයුතු වලදී මුලිකත්වය ගෙන ක්‍රියාකරති. එමඟින් එම ප්‍රදේශයට ඉමහත් සේවයක් ඉටු වේ. එපමණක් නොව ත්‍රීරෝද රථ සංගම් හරහා පොලිසියටද ඉමහත් සේවයක් සැලසේ. ප්‍රදේශයේ සිදුවන සමාජ විරෝධි ක්‍රියා පිළිබඳ තොරතුරු පොලිසිය ලැබෙන්නේ බොහොමයක් ත්‍රී රෝද රියදුරන් ගෙනි. ගැටකපන්නන්, මංකොල්ලකරුවන්, සැකකටයුතු ඕනෑම පුද්ගලයකු වගේම සමාජ විරෝධී ක්‍රියාවන් වල නිරත පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ රහස්‍ය ජාලයක් ඕනෑම පොලිසියක් සතුව පවතී. ඊට ද ත්‍රීරෝද රියදුරන්ගෙන් මහඟු සේවයකි. එවන් නිහඬ සේවයක් සමාජයට ඔවුන් වෙතින් සිදුවන බව අප මතක තබා ගත යුතුවේ.

කුරිරු ත්‍රස්තවාදය මෙරට ක්‍රියාත්මක වූ කාලයේ සිදු වූ විනාශකාරී සිදුවීම් , විශාල වශයෙන් මිනිස් ජීවිත අහිමි කිරීමට හා රාජ්‍ය දේපළ, රාජ්‍ය මර්මස්ථාන විනාශ කිරීමේ අරමුණින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට රහසිගතව පැමිණ සැඟවී සිටින කොටි සාමජික සාමාජිකාවන් අල්ලාගැනීමටත් එවන් මහත් විනාශ කාරී ක්‍රියාවන් බොහොමයක් වළක්වා ගැනීමටත් ආරක්ෂක අංශවලට තොරතුරු ලබාගැනීමෙන් තී‍්‍ර රෝද රථ රියදුරන් කළ සේවය මෙතෙකැයි කියා කිව නොහැක. මෙයද ත්‍රී රෝද රියැදුරන් කිහිප දෙනකු විසින් කරන ලද තවත් එවන් සිදුවීමකි.

ගෝනපොල කුඹුක හන්දියේ පැවැති දාන ගෙදරකි. ඒ මීට කලින් මියගිය ත්‍රීරෝද රථ සොහොයුරකුගේ පියකු සිහිකිරීම සඳහා පැවැතියකි. ඒ සඳහා කුඹුක හන්දියේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති දුෂ්මන්ත ඇතුළු පිරිසක්ද ඊට එක් ව සිටියහ. රාත්‍රිය උදා වී තිබුණ ද ඔවුහු මිතුරාගේ නිවෙසේ අල්ලාප සල්ලාපයේ යෙදී සිටියහ.

“මෙන්න හොරෙක් අල්ලපියව්”

කවුදෝ මහ හඬින් කෑගන්න අයුරු ඔවුන්ට ඇසුණේ එවිටය. කරමින් සිටි කාර්යය නතර කළ ඔවුන් මහපාරට දිව ආවේ සිදුව ඇත්තේ මොකක්ද යැයි දැනගන්නටය. එළවළු කඩේ මුදලාලි කිසිවකු සමඟින් පොර බැඳි සිටින අයුරු ඔවුහු දුටුහ. ඒ අසළම පණ ගැන්වු යතුරු පැදියක තවත් පුද්ගලයෙකි.

මුදලාලිට කරදරයක් බව දැනගත් දුෂ්මන්ත ඒ බව මිතුරන්ටද පවසමින් වහා එතැනට දිව ගියේය. මිතුරෝද ඔහු පසුපස දිව ආහ. බයිසිකලය මත වාඩි වී පලායන්නට වෙර දරණ තරුණයා මිතුරන් අල්ලා ගනිද්දී දුෂ්මන්ත හා තවකෙකු මුදලාලි සමඟ පොරබදින තරුණයා අල්ලාගන්නට මහත් වෙහෙසක් දැරූහ.

“මේක මගේ මාලේ කැඩුවා”

මුදලාලි කෑගසන්නට විය. එය සැබෑය. දුෂ්මන්ත දුටුවේ කඩාගත් මාලය පොර බඳින තරුණයා අත තිබෙන අයුරුය. හොරා ඔවුන්ගෙන් බේරී යාමට උත්සහා කරයි. ඒත් දුෂ්මන්ත තම උත්සහය අත් හැරියේ නැත. පොර බදිමින් කෙසේ සොරා මෙල්ල කරන්න දුෂ්මන්තට හැකිවිය. දුෂ්මන්ත සමඟ එතැනට පැමිණි මංජුල, පුර්ණ හා සම්පත්ට සොරුන් දෙදෙනා අල්ලා ගැනීමට හැකිවීම මහත් ජයග්‍රහණයක් වූහ.

නුවරඑළිය එළවළු කඩේ මුදලාලි කඩේ දොර පියන් වසද්දී එතැනට බයිසිකලයෙන් පැමිණි එක් අයකු මුදලාලිගේ කරේ තිබු පවුම් අටක රන් මාලය කඩාගෙන පලා යන්නට සුදානම් වුවද මුදලාලි ද අත් හැරියේ නැත. මාලය කඩද්දීම මුදලාලි ගේ අතට හොරා හසුවිය. ඒත් කැඩුණු මාලය හොරා අතය. දෙදෙනා පොර බදිද්දී දුෂ්මන්ත ඇතුළු කණ්ඩායම එතැනට පැමිණි නිසා සොරුන්ට පලායාමට නොහැකි විය.

ඉන්පසු සොරුන් දෙදෙනාටම ඔවුන්ගෙන් ලැබුණේ සුපිරි ගුටි පූජාවකි. කුඹුක හන්දිය අවට පිරිස් ද මීට එකතු වී සිටියහ. පසුව ඔවුහු මේ බව මොරගහහේන පොලිසියට දන්වා සිටියහ. මොරගහහේන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් එතැනට පැමිණියේ ඉන් පසුවය.

“අපිට කරන්න දෙයක් උඹලා ඉතුරු කරලා නැහැ වගේ”

ගුටි කා බිම වැටි සිටි සොරුන් දෙදෙනා දුටු පොලිස් නිලධාරියෙකු ත්‍රිවිලර් රියදුරන් ඉදිරියේ කීවේය. සොරුන් අල්ලා දීම ගැන කුඹුක හන්දියේ ත්‍රිවිලර් රියදුරන්ට පොලිසියේ ප්‍රශංසාවද හිමිවිය.

මොරගහේන පොලිසියට රැගෙන ගිය සොරුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ විමර්ශන අංශයේ බාර ස්ථානාධිපති වරයාට පැවරිණි.ඉන් අනතුරුව අනාවරණය වුයේ මෙම දෙදෙනා තවත් මාල කැඩීම්වලට සම්බන්ධ බවය.