දරු දෙදෙනා මරා දැමුවාට ලැබුණු දඬුවම මරණයයි

දරු දෙදෙනා මරා දැමුවාට ලැබුණු දඬුවම මරණයයි

මාන්නලාගේ දිමුතු ලක්ෂාන් කුලතුංග (12) සහ අවිශ්ක මහේෂ් (6) ඒ දෙදෙනායි. මේ සිද්ධියේදී තුවාල ලැබු දරු දෙදෙනාගේ මව පල්ලේබැද්ද රජයේ රෝහලට ඇතුළත් කළ අතර ඇයගේ තත්ත්වය බරපතල වුයෙන් ඇඹිලිපිටිය මහ රෝහලට මාරු කර යැවිණි.

2012 වසරේ සැප්තැම්බරයේ හතර වැනිදා මෙම ඝාතන සිදුවිය. මියගිය දරු දෙදෙනා සමඟ තුවාල ලැබු කාන්තාව ගල්පාය - කෙලොන්ගස්යාය ගම්මානයේ තොවිල් ගෙයකට ගොස් ආපිට නිවෙසට එන්නේ රෑ බෝ වූ පසුවය. ඒ ළඟම බණ ගෙයක් වු හෙයින් ශබ්ද විකාශන යන්ත්‍රවල හඬින් ඒ අවටම දෝංකාරය පැතිර ගියේ ය. ඒ නිසා දරුවන්ගේ විලාපය බොහෝ අයට ඇසුණේ නැත.

ස්වාමි පුරුෂයා කොළඹට නුදුරුව රැකියාව කළ බැවින් දරු දෙදෙනා බලා කියාගෙන නිවෙසට වී සිටි ඇය තිස් හැවිරිදිය.

ඒ වනවිට ඇයට නෑකමින් ලොකු අම්මාගේ පුතකුවන තරුණයකුත් සමඟ මේ කාන්තාව සමීප ඇසුරක් පවත්වමින් සිටියාය. 19 හැවිරිදි මොහු මේ සිද්ධිය වීමට අවුරුද්දකට පමණ කලින් සිවුරු හැර උපැවිදි වූ අයෙකි. ඔහු හා මියගිය දරුවන්ගේ මව පුංචි සන්දියේ පටන් හැදී වැඩුණේ එකටය. එහෙත් පස්වන ශ්‍රේණියෙන් පසු පාසල් ජීවිතයට ආයුබෝවන් කී මේ ශිෂ්‍යයා තනි කැමැත්තට පැවිදි වන්නේ ගම්පහට නුදුරු පිරිවෙනකය. එහිදී උසස් පෙළ දක්වා ඉගෙනගත් හෙතෙම උසස් පෙළ සම්මාන සාමාර්ථ දෙකක් සහිතව සමත්විය.

ඒ කාලයේදීම පරිගණක එකලස් කිරීමත් හැදැරූ මේ හිමිනම සිවුරුහරින විට ස්වාමින් වහන්සේ නමක් උගත යුතු දෑ මනාව හදාරා සිටියේය. කුඩා කලම මහණ වී පැවිදි දිවියක් ගත කළ ඔහු දෙදරු මවට මුණ ගැසෙන්නේ සිවුරු හැර දමා පැමිණ මාස ගණනකට පසුවය. නෑකමට එහා ගිය පේ‍්‍රමයක් මේ දෙදෙනා අතර ඇති වන්නේ ් එවිටය. ඒ වනවිටත් මේසන් වැඩට අමතරව පින්තාරුකරුවකු ලෙස රැකියා කළ ඔහුට තම නිවෙසට පැමිණෙන ලෙස මියගිය දරු දෙදෙනාගේ මව දුරකථන ඇමතුම් දෙමින් ආරාධනා කළ බව ඔහු පොලිසියට දුන් කට උත්තරවල සඳහන් විය.

සරෝජනීට ද මන්නයෙන් කෙටු හෙතෙම මුළු තැන්ගෙයි දොර විවර කරගෙන පිටවුයේ නිරුවතිනි. අතේ වු මන්නය අසල කැලයකට විසිකළ ඔහු විලි වසා ගන්නා ක්‍රමයක් කල්පනා කළේය. අසල නිවෙසක වැලක වනා තිබු කලිසමක් හා කුඩා බැනියමක් හැඳගත් හෙතෙම යළි සරෝජනීගේ නිවෙස වෙත පා නැගීය.

මේ අතර සරෝජනීගේ නිවෙස දෙසින් නැගී ආ මර ළතෝනිය අසල නිවෙසක බණ අසමින් සිටි පිරිසකගේ කන් සිසාරා ගියේ රාත්‍රී නිහඬතාවය ද බිඳිමිනි. එහි සිටි තරුණ පිරිස් වහ වහා සරෝජනීගේ නිවෙස දෙසට දිව එන විට ඉදිරිපස දොර වසා තිබිණි. විවරව තිබු පිටුපස දොරෙන් නිවෙසට ඇතුළු වූ ඔවුන් දුටුවේ දොරක එල්ලී කෙඳිරිගාමින් ලේ පෙරාගෙන සිටින සරෝජනීය. . ගේ සෝදිසි කිරීමේදී කාමරයේ වැටී ප්‍රාණය අයැදිමින් සිටි දරු දෙදෙනා දුටු ඔවුන්ගේ සිත් කිරී ගැසගියේය.. වහා ක්‍රියාත්මක වූ තරුණ යෝ මේ තිදෙනාම රෝහලට රැගෙන යාමට කටයුතු කළහ.

මේ අතර නිවෙසින් පැනගිය තරුණයා සිරුරට සිර වු කලිසමක් හා ඒ හා සමාන බැනියමක් වැනි උඩුකය ආවරණයකින් සැරසී සිය යතුරු පැදිය වෙත පැමිණියේ එහි නැගී පලායාම සඳහාය. ඒත් ඔහුට ඊට ඉඩක් නොලැබුණේ එම ස්ථානයේ සිටි තරුණ පිරිස ඔහු අල්ලා ගත් නිසාය. පසුව ඔවුහු එම තරුණයා පොලීසියට බාර දුන්හ.

රෝහලට ඇතුලත් කළ තිදෙනාගෙන් බාල පුතා රෝහලට ගෙන යන විටත් මිය ගොසිණි. අසාධ්‍ය තත්ත්වයේ සිටි වැඩිමල් පුතා රත්නපුර රෝහලට රැගෙන ගියමුත් රෝහලේදී හෙතෙම මිය ගියේය. පල්ලෙබැද්දේ රෝහලෙන් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව සරෝජනී ඇඹිලිපිටිය මහ රෝහලට මාර කර යැවීය.

ගොඩකවෙල පොලිස් වසමේ ගල්පාය, කොළොන්ගස් යාය ප්‍රදේශයේ සිදු වූ ඝාතනයෙන් ප්‍රදේශවාසීන් දැඩි භීතියට පත්ව සිටියහ.

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සැකකරු සිදු වූ සියල්ල එකින් එක විස්තර කළේය. ඝාතනය සඳහා උපයෝගී කරගත් මන්නා පිහිය විසිකළ තැනද පෙන්වීය. එහෙත් සරෝජනී නම් කීවේ වෙනම කතාවකි. “අපේ නැදෑ වෙන මල්ලී කෙනෙක් අපේ ගෙදර ඇවිල්ලා හිටියා තමයි. මම දරුවෝ දෙන්නත් එක්ක නිදාගෙන හිටියේ. එයත් නිදාගෙන ඉන්න ඇති. මම සද්දයක් ඇහිලා බලද්දී දරුවන්ට මන්නයෙන් කොටනවා. මටත් කෙටුවා. මෙහෙම කරන්න හේතුªව මොකක්ද කියලා නම් හිතා ගන්න බෑ.”

සැකකාර තරුණයා එදින පොලිසියට පවසා තිබුණේ මවුපියන් විරසකව වෙන්ව ජීවත්වන බව ත් ු පියා කුඩම්මා කෙනකු සමඟ ජීවත් වන බවත් ය.

“ අක්කා මට එන්න කියලා නිතරම මට කෝල් කරලා කියනවා. ඒ විදියට අක්කා එන්න කියලා ගෙදරට ගිය තවත් දවසක තමයි මගේ අතින් මේ අපරාදේ වුණේ. එදා තොවිල් ගෙදරක ගිහින් අක්කලා රෑ වෙලා ගෙදර ඇවිත් තිබුණේ. මං ළඟදී ගත්ත මෝටර් බයික් එකෙන් අක්කලාගේ ගෙදරට ගියා. ඒ ළඟ බණ ගේකුත් තිබිච්ච බවක් මතකයි. මං ගෙදර ගිහින් කාමරේට වෙලා හිටියේ. අක්කා ටීවී බල බලා දරුවන්ට බත් කැව්වා. පොඩි අය නිදිකරවලා අක්කා කාමරේට ආවා. ටික වෙලාවකට පස්සේ කාමරේ අඩවන් කරලා තිබිච්ච දොරයි දොර රෙද්දයි හෙළ වෙනවා පෙණුනා.

එතකොටයි මං දැක්කේ ලොකු පුතා ඇහැරිලා අම්මා හොයන් ඇවිත් කියලා. ඒ දරුවා මල්ලීවත් කතා කරන් ඇවිත් අපි දෙන්නා එකට හිටිය හැටි පෙන්වලා දෙන්නත් එක්ක හූ කිය කිය හිනා වේවී ඉන්නවා.

මං ඒක දැකලා බය වුණා. දැන් මොකද කරන්නේ කියලා අක්කාගෙන් ඇහුවා. එතකොට අක්කා මොනවාහරි කරන්න කියාගෙන ඇඳෙන් බැස්සා. මං මොනවද කරන්නේ කියලා කල්පනා කර කර කුස්සියටම ගියා. කුස්සියේ තිබිච්ච මන්නය මට පෙණුනා. මං ඒක අරන් ගිහින් ලොකු පුතාට කෙටුවා. එතකොට අක්කා ඒක නම් කරන්න එපා කියලා කෑගැහුවා. ඒ වෙන කොටත් මං පොඩි පුතාට කොටලා ඉවරයි. ඒත් ඒ දෙන්නා පණ ගැහි ගැහි දඟලද්දී මට වාවගන්න බැරිවුණා. මං ඒ දරුවන්ව වඩාගෙන ආදරේ කරලා තියෙනවා. දරු දෙන්නව මරන්න අදහසක් මගේ හිතේ තිබුණේ නෑ. එත් ඇතිවෙච්ච තිගැස්මට මගේ අතින් ඒ දේ සිද්ධ වුණා. අන්තිමේදී හිතට ඇතිවෙච්ච කණගාටුව හින්දා මට අක්කා එක්කත් කේන්තිආවා. . මේකි නිසානේ මේ සේරම වුණේ කියලා හිතුණා. මං අක්කටත් කෙටුවා. මන්නය කැලේට වීසිකරලා නිර්වස්ත්‍රව කැලෑ පැන්නා.....”

මේ සැකකරුගේ පාපොච්චරණයයි.

මහාධිකරණ ඇපමත නිදහස් ලැබුවද මේ ද්විත්ව ඝාතන නඩුව ඇඹිලිපිටිය මහාධිකරණයේදී විභාගය කෙරිණි එහිදී ද්විත්ව ඝාතනය ඇසින් දුටු තැනැත්තිය වශයෙන් මියගිය දරු දෙදෙනාගේ මව සාක්ෂි දෙනු ලැබුවාය.

කලක් තිස්සේ විභාග කෙරුණු මේ ද්විත්ව ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශ කෙරුණේ පසුගිය 23 වැනිදායි. එදින චුදිතගේ සහ මියගිය පාර්ශවයේ ඥාති හැරෙන්නට තවත් ගම්මු විශාල පිරිසක් ඇඹිලිපිටිය මහාධිකරණයට එක්රොක්ව සිටියහ. අන්තිමේදී විනිසුරුවරයා චුදිත වැරදිකරු බවට ඔප්පු වී ඇති ඔහුට මරණීය දණ්ඩනය නියම කළේය ඉනික්බිතිව යමක් කීමට ඇතිදැයි ඔහුගෙන් විමසූ විට විනිසුරවරයා ඉදිරියේ චුදිතයා හඬා වැටිණි.

“මං දැන් විවාහකයෙක්. මාස 03ක දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක්. මට ලිහිල් දඬුවමක් දෙන්න....” ඔහු එසේ ඉල්ලා සිටියේය.. එහෙත් ඒ ඉල්ලීම නීතිය ඉදිරියේ විනිසුරුවරයාට ඉටු කළ හැක්කක් නොවීය. . මරණ දඬුවම ලැබූ ඔහු බන්ධනාගාර නිලධාරීන් විසින් සිපිරි ගෙට ගෙනයනු ලැබීය.