බැංකු නිලධාරිනියගේ ඝාතකයා හෙළි කළ DNA දඩයම

බැංකු නිලධාරිනියගේ ඝාතකයා හෙළි කළ DNA දඩයම

ඒ... දෙදහස් දෙක වර්ෂයේ ජනවාරි මාසයේ සෙනසුරාදා දිනයකි. වේලාව උදෑසන හතට පමණ ඇත. පාන්දර සීතලද නොතකා සොමි ප්‍රදේශයේ ගොවිපළක මැදිවියේ පසුවන ගොවියෙක් ගොවිපළේ වූ පිදුරු එකතුකොට මඩුවක් තුළ තැන්පත් කරමින් සිටියේය.

එසේ පිදුරු එකතු කරමින් සිටි ඔහුට ලී කොටයක් වැනි යමක් දක්නට ලැබිණ. එය පරික්ෂා කළ ඔහු දුටුවේ එය දර කොටයක් නොව ගින්නකට හසුව දැවී කලු වී ගිය කාන්තාවකගේ මළ සිරුරක් බවය. දුටු දෙයින් කලබලයට පත් ඔහු වහා ප්‍රදේශයේ පොලිසියට මේ බව දන්වා සිටියේය.

බෙහෙවින් සාමකාමී පරිසරයක් පැවති සොම් ප්‍රදේශය මෙම සිදුවීමත් සමඟ නොසන්සුන් තත්ත්වයට පත්විය.

පොලිස් නිලධාරීන්ට මෙය අරුමයක් නොවිය. ඒ ඊට කලින් අතුරුදන් වූ 24 හැවිරිදි එලෝඩි කුලික් නමැති බැංකු නිලධාරිනිය පිළිබඳව පොලීසිය සෙවිල්ලේ සිටි නිසාය. බාගෙට පිළිස්සි තිබු මළ සිරුර එලොඩි කුලික් ගේ බවට හඳුනා ගත් අතර එම ස්ථානයේ සිට සැතපුමක් පමණ ඈතින් ග්‍රාමිය මාවතක් අසල නවතා තිබු ඇයගේ පර්ජෝ මෝටර් රථය ද පොලිසියට සොයා ගත හැකි විය. එහි ඉදිරිපස දොර විවෘත කර තිබු අතර විමර්ශන ඇරඹු නිලධාරීන්ට රථයේ කිසිදු තැනකින් ඇඟිලි සලකුණක් හෝ සොයා ගත නොහැකි විය නමුත් රථය අසල තිබී පාවිච්චි කළ කොන්ඩමයක් හා සිගරට් කොටසක් ද ඔවුන්ට හමුවිය. ඒවා වහාම ඩී.එන්.ඒ පරීක්ෂණය සඳහා යැවීමට නිලධාරීන් පියවරගත්තේ බැංකු නිලධාරිනියගේ ඝාතකයා කවුදැයි හඳුනා ගැනීම සඳහාය.

එලේාඩි කුලික් ඉතාම ජනපි‍්‍රය කාන්නාවක් වුවාය. ඇය සොමි ප්‍රදේශයේ සිටි ළාබාලතම බංකු කළමනාකාරවරිය ලෙස ප්‍රකට වී සිටි අතර එසේම ඇයගේ පියා මුහුණු පොතේ සටහනක් තබමින් “මේ තමයි මගේත් මගේ බිරිඳගෙත් නම්බුකාර ආඩම්බරය” යනුවෙන් සඳහන් කර තිබිණ.

එලෝඩි කුලික්ගේ අකල් මරණය පිළිබඳ මහත් සේ කම්පාවට පත්ව සිටි රොස් මාරි කුලික් නමැති ඇගේ මවද එලෝඩිගේ මරණයෙන් පසු මීයන් සඳහා යොදන වස පානයකොට සියදිවි හානිකර ගැනීම එලෝඩිගේ පවුලට මුහුණ දීම සිදු වූ අතිමහත් ව්‍යසනය විය.

මේ අතර එලෝඩ් පිළිබඳ තොරතුරු සොයාගිය පොලිසියට දැනගන්නට ලැබුණේ මෙවැන්නකි.

2002 ජනවාරි 10 වැනිදා එලෝඩි සොම් ප්‍රදේශයේ කුඩා නගරයක් වූ සැන් ක්වැන්ටැන් හි විසු ඇයගේ මිතුරියක් සමඟ තේ පානය කොට කළුවර වැටෙන්නට ඔන්න මෙන්න තිබියදී නිවස බලා පිටත්ව ගොස් තිබු බවය. ඒත් ඇය ගෙදර ගොස් තිබුණේ නැත.

එලොඩිගේ ඝාතකයන් අතරමඟදී ඇයගේ රථයට බාධකයන් දමා නවත්වා එලොඩි රථය රථය පදවාගෙන සැන් ක්වෙන්ටැන් නගරය දෙස යන අතරමගදී කුඩා නගරයක් වන ටේට්‍රි ග්‍රාමයේ ඇය ඝාතනය කොට පුළුස්සා දමා ඇති බවය.

එලොසිගේ තරුණ බවත් බැංකු කළමනාකාරවරිය වීමත් එසේම ඝාතනයේ ඇති සහසික භාවයත් නිසා මුළු පුන්ස රාජ්‍යයම ඝාතකයන් අල්ලා ගැනීම කෙරේ යොමු වී තිබිණ. මෙම ඝාතකයන් පිළිබඳ තොරතුරු සෙවීමට පැරිසියේ පිහිටි ජාතික පොලිස් ආයතනයේ පර්යේෂණ ඒකකය මහත් උනන්දුවක් දක්වමින් පොලිසිය විසින් එවා තිබු භාණ්ඩ වලින් ලබාගත් DNA සාම්ිපල් ලේඛන ගත වී සිටින අපරාධ කරුවන්ගේ DNA දත්ත සමඟ ගැලපේ දැයි පරීක්ෂා කරන ලදී. ඒ සඳහා 5500කගේ දත්ත පරීක්ෂාවට ලක් කිරීමට සිදුවිය. එසේම සොම් ප්‍රදේශයේ පවත්නා 14,000කගේ පමණ ජංගම දුරකථන පරීක්ෂාවට ලක් කෙරිණ. එහෙත් එම ක්‍රියාකාරකම් වලින් එලෝඩ්ගේ ඝාතනය පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි විය.

කාලය ගෙවීයත්ම එලෝඩිගේ ඝාතනය ද ක්‍රමයෙන් අමතක වෙමින් තිබිණ. ඒ පිළිබඳ උනන්දුව ද ක්‍රමයෙන් අඩුවෙන්නට විය.

එහෙත් පැරිසියේ පොලිස් මුලස්ථානයේ එමානුවෙලි ෆැම් ජෝදායි කපිතාන් වරයාව මෙම ඝාතනය අමතක කළ නොහැක්කක් විය. අපරාධකරුවන් දෙදෙනෙකු එලෝඩි ගේ රථය නවත්වා එම අපරාධය කළ බවත් ඉන් එක් අයෙකු ඇය දුෂණයට ලක් කර තිබෙනු බවද සැකහැර දැනගත් (නඩචථ ඩ්ධචඪ) ෆැම් හොආයි ඩී.එන්.ඒ. තාක්ෂණය උපයෝගී කරගනිමින් එම නම ගිය අපරාධකරුවන්ගේ පවුලේ උදවිය ගේ ඩී.එන්.ඒ. පරීක්ෂණ පැවැත් වී මට කටයුතු කළේය.

පවුලේ උදවියගේ ඩී.එන්.ඒ කොටස් සෙවීම ඒ අයගේ මානව හිමිකම් උල්ලංඝනය වීමක් ලෙස සලකනු ලැබු නමුත් ඇමරිකාවෙන් ලැබුණු උපදෙසක් අනුව ෆැමි ජොදායි කපිතාන්වරයා ක්‍රියාත්මක වෙමින් ඝාතනය වූ ස්ථානයේදී සොයා ගත් ඩී.එන්.ඒ සාම්පලයක් සොමි ප්‍රදේශයේ ජාතික ඩී.එන්.ඒ දත්ත ගබඩාවේ පවතින සාම්පල් සමඟ සැසඳීම කළේය. ලිංගික අතරවයක් සිදුකොට දැනට සිරගත වී සිටින අයෙකුගේ ඩී.එන්.ඒ වල දක්නට ලැබෙනු ක්‍රොමොසෝමයක් නැතහොත් වර්ණදේහයක් හමු වූ සාම්පලයට සමාන බවක් දැක්විය. එහෙත් මෙම තැනැත්තා අතින් එලෝඩි දුෂණය කිරීම හෝ ඝාතනය සිදුකිරීම සිදුවිය නොහැකි බව වටහාගත් ෆැම් ඉහත කී තාක්ෂණය උපයෝගී කර ගනිමින් එම අපරාධකරුවාගේ පවුලේ උදවියගේ ඩී.එන්.ඒ පරීක්ෂාවට භාජනය කළේය. එහිදී එම අපරාධකරුවාගේ පුත්‍රයකුගේ ඩී.එන්.ඒ සමඟ ගැලපීමක් සිදුව ඇති බව තහවුරු විය. නමුත් ග්‍රෙග් වියාට් නමැති එම පුද්ගලයා දැනට ජීවතුන් අතර නොසිටීම නිසා එයද විමර්ශනයේදී මුහුණ දීමට සිදුවූ තවත් බාධකයක් විය. ග්‍රෙග් වියාට් රිය අනතුරකින් මරමුවට පත්ව තිබු නමුත් අධිකරණයේ අවසරය මත ඔහුගේ මළ සිරුර ගොඩ ගැනීමට ක්‍රියා කරන ලද්දේ ඉන් පසුවය.

ගොඩගත් ග්‍රෙග්ගේ සිරුරේ කොටසක් පරීක්ෂාවට ලක් කිරිමෙන් අනතුරුව එලෝඩි කුලික් ගේ ඝාතකයා හා දුෂකයා ඔහු බව නිශ්චය කරන ලදී.

එලොඩිගේ මරණය සිදුවී වර්ෂ 15ක් ගතව ඇතත් ඇය ඝාතනය කළේ කවුදැයි සොයාගැනීමට පොලිසියට මෙතෙක් හැකියාවක් නොවීය. එහෙත් ඇය පිළිබඳව මෙන්ම ඝාතනය පිළිබඳ තොරතුරු රැගත් පුවත්පත් ලිපි එකතු කරමින් එම ඝාතනය පිළිබඳ මතකය අළුත් කිරීම සඳහා මුහුණු පොතේ විශේෂ තැනක් යොදාගනිමින් එලෝඩ්ගේ පියා ජැකි තවමත් සිය දියණියගේ ඝාතනය පිළිබඳ සත්‍ය තොරතුරු සොයමින් සිටි. සෑම වසරක් පාසාම එලෝඩි ඝාතනය වූ දිනය එනම් ජනවාරි 10 වැනිදාට පල්ලියට ගොස් විශේෂ පුජාවක් පැවැත්වීම ද ජැකි තවමත් සිදුකරගෙන යයි.

ඩී.එන්.ඒ තාක්ෂණය උපයෝගි කරගෙන ඝාතකයා හඳුනා ගත් නමුත් ඔහු මරුමුවට පත්ව තිබිම නිසා එලොඩ්ගේ පියා තුළ පැවති ශෝකය හා කෝපය තවමත් තුනී වී ගොස් නැත. ඇය සිහිවීම වස් 2018 ජනවාරි 10 වැනිදා ද ලෙහැව් දේවස්ථානයේ විශේෂ පූජාවක් සිදුකර න බවට හෙතෙම දැනටමත් ප්‍රතිඥ දී ඇත්තේ ඒ නිසාය.

රෝහණ ආරියරත්න