එහේ ගියොත් මරණය සිකුරුයි

උතුරු සෙන්ටිනල් කියන්නෙ ඉන්දියන් සාගරයේ තිබෙන කුඩා දූපතක්.

නමුත් ඊට සංචාරය කළ කෙනෙක් ගැන නම් අහලවත් නෑ නේද? ඊට හේතුව මේ දූපතට යන පිටස්තරයන්ට පණ පිටින් ආපසු ඒමක් නැති නිසා.

උතුරු සෙන්ටිනල් දූපතේ ජනගහනය 100ක් තරම්. මොවුන් මිනිස් ශිෂ්ටාචාරයේ බිහි වූ පළමුම මිනිසාගේ නෑයන් බවයි විශ්වාසය. වසර දහස් ගණනක් තිස්සේ මොවුන් මේ දූපතෙන් පිට ලෝකය හා කිසිම සම්බන්ධතාවයක් නැතිව ජීවත් වෙලා තිබෙනවා.

ඔවුන්ගේ භාෂාව පවා අසල්වැසි දූපත් වාසීන්ගේ භාෂාවට වඩා වෙනස්ව, ප්‍රාථමික මට්ටමකයි පවතින්නෙ.

කොහොම වුණත් සෙන්ටිනල් දූපත් වැසියන් ගැන හරිම තොරතුරු කවුරුත් දන්නේ නැහැ.

ඔවුන් තමන්ගේ දූපතට ගොඩබසින ඕනෑම පිටස්තරයෙක් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව මරා දමනවාලු! . අවසන් වරට මෙසේ මරා දමා තිබෙන්නේ 2006 දී, මාළු බෑමට මේ දූපතට කිට්ටු වූ ධීවරයන් දෙදෙනෙක්ව.

ඉතින් භූගෝලය, සමාජ හැසිරීම් ආදිය ගැන උනන්දු නිරීක්ෂක කණ්ඩායම් මේ දූපත ගැන තම නිරීක්ෂණ සිදුකරන්නේ බොහොම ඈතින් ඉඳන්.

සෙන්ටිනල් දූපත් වැසියන් සමඟ හිතමිතුරුකම් වැඩිකර ගැනීමට ඔවුන් ඈතින් ඉඳන් ඒ වෙත පා කර යැවූ ආහාර ද්‍රව්‍ය, බාල්දි බේසම් ආදියෙන් වත් මේතරම් කල් කිසිම වාසියක් අත් වී නැහැ. පිටස්තර ලෝකය හා කිසිම සම්බන්ධයක් නැති නිසාමද කොහේදෝ, සෙන්ටිනල් දූපත් වැසියෝ ඉතාම සෞඛ්‍ය සම්පන්න, ශක්තිමත්, ප්‍රීතිමත් පිරිසක්ලු!