සපත්තු පෙම්වත්තු

මතක ඇතිනෙ සින්ඩරෙල්ල කතාව.

ක්වාලාලම්පූර්වල ශූස් ශූස් ශූස් කියන සපත්තු සාප්පුවයි ලොන්ච් ඇච්චුවලි කියන මංගල සේවයයි එකතු වෙලා ලස්සන වැඩක් කරනවා.

ඉස්සෙල්ලම ඒගොල්ලො තනිකඩ තරුණයින්ව ලියාපදිංචි කරගෙන තමන්ට කැමති ගෑනු සපත්තු ජෝඩු 20 ක් විතර ‍තෝර ගන්න දෙනවා.

ඔන්න දැන් ගෑනු කෙනෙක් සපත්තු ගන්න ඇවිත් බැරි වෙලාවත් අර පිරිමි කෙනෙක් ‍තෝරපු සපත්තු දෙකක් ‍තෝර ගත්තොත් ඕං ඒ ගැනු කෙනාට අර පිරිමි කෙනත් එක්ක එලියට යන්න අවස්තාවක් දිනා ගන්න පුලුවන් 10% ත් 100% අතර තෑගි වවුචරයකුත් එක්කම.

ඔක්කොම වියදම් දරන්නෙ කොම්පැනියෙන්. ලොන්ච් ඇච්චුවලි සමාගමේ නිර්මාතෘ නම් කියන්නෙ මේක තරුණ තරුණියන්ට සහකරුවන් හොයා ගන්න තියෙන නවීනතම කුතුහලය දනවන ක්‍රමයක් කියලයි. හැබැයි දැන් දිනපු කෙනෙක්ට තරුණයෙක් එක්ක එලියට යන්න ඕනෙ නැතුව තෑගි වවුචරේ විතරක් ඕනෙ උනොත්..එහෙම වුණොත් අනේ මංද.