විදලා වෙරි වෙමු

මත්පැන් බීමේ අවසාන ලාභය වන වෙරි වීම අත්පත් කර ගන්න තරමක් වෙලා යනවා. සමහර මත්පැන් වර්ග ඉතාමත් ඉක්මන් ක්‍රියාකාරීත්වයක් පෙන්නනවා වගේම තවත් සමහර මත්පැන් වර්ග ඉතාම මන්දගාමී ක්‍රියාකාරීත්වයක් තමයි පෙන්නන්නෙ.

ඒත් සමහර අයට ඕන වෙනවා වැඩි කරදර නොවිඳ,වැඩි වෙලාවක් ගත නොකරගෙනම වෙරි වෙන්න. අන්න ඒකට ක්‍රමයක් තමයි ඩේවිඩ් එඩ්වර්ඩ් කියන විද්‍යාඥයාගේ පර්යේෂණ කණ්ඩායමේ පිලිප් ස්ට්‍රැක් හොයා ගත්තෙ.

ඩබ්ලිව්.ඒ.එච්.එච් කියන නමින් ඔහු හොයා ගත්තා මුවට දියර ඉසිනයක් මෙන් භාවිත කළ හැකි වෙරි වීමේ උපකරණයක්. එක් විදුම් පහරක් තුළ මධ්‍යසාර මිලිලීටර් 0.075 ක් අන්තර්ගත වන අතරම මෙය මුව තිළට වැ‍ටුණු සැනින්ම ඔබ වෙරි වීමට පටන් ගන්නවා.

හරිම ක්ෂණික වෙරි වීමක් මින් අත් කර ගන්න පුළුවන් අතරම පසුදා උදෑසන හෝ ඉන් මද වෙලාවකට පසුව හිසේ බර ගතියක් හෝ වමනය යාමේ අවධානමකට ලක් නොවීම ඉන්නත් පුළුවන්.ඒ වගේමයි මෙය ලබා ගැනීමෙන් කිසිදු අතුරු ආභාදයක් අත් නොවන බවටත් එහි නිර්මාතෘ සහතික වෙනවා.

සෑම විදිනයකම මධ්‍යසාර මිලිග්‍රෑම් 02 ක් අන්තර්ගත වෙනවා. බැලූ බැල්මට මේක මහා මෝඩ නිෂ්පාදනයක් කියලා පෙනුණට මිනිස්සුන්ගෙ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන පාර්ශවයන්ට නම් හොඳ ආරංචියක්. ගැලුම් ගණනින් මත්පැන් බීලා ජීවිතේ කෙටි කරගන්නවට වඩා මේ විදිහට වෙරි වෙන එක කොයි තරම් හොඳඳ.

අමෙරිකානු ඩොලර් 26 කට මිල කරලා තියෙන අලුත්ම වෙරි විදිනය ඉක්මනින් ජනප්‍රිය වෙයි කියලයි විචාරකයෝ කියන්නේ. ඒ වගේමයි මේ වෙරි විදිනය නිර්මාණය කරපු ඩේව්ඩ් එඩ්වර්ඩ් මීට කලින් මේ වගේම තවත් අමුතු විදිනයක් නිර්මාණය කළා.

ඒ තමයි චොක්ලට් විදිනය. ශරීරයේ බර වැඩි කර නොගෙනම සැබෑ චොක්ලට් රස දිවට දැනෙන මෙවන්ම චොක්ලට් විදිනයක් ඔහු නිර්මාණය කළා. බලාපොරොත්තු වුණාටත් වඩා ලොකු ජනප්‍රියත්වයක් ඒකටත් ලැබුණා. දැන් ඉතිං බලමුකො වෙරි විදිනයට මොකද වෙන්නෙ කියලා. ඒකත් ජනප්‍රිය වෙයි. ආයෙ දෙකක් නෑ.