පහයි! පහයි!

පහයි! පහයි!

ආ! මල්ලි!
දාන්න පහක්
ආයිෂ් අප්පා ෂෝට් ඇඳලා
ෂූස් දාලා
කැප් දාලා
මටත් ආසයි මල්ලි
ඔහොම අඳින්න
මටත් ගෙනත් දෙන්නකෝ
ඔය වගේම කැප් එකක්


බඩගින්න නිසයි

‘කොහෙද අපේ අම්මා ගියේ?’
අනේ මන්දා මලයා මටත් හොඳටම බඩගිනියි’
මේ අයියයි මල්ලියි හොඳටම සමගියෙන් ඉන්නවා
වගේ නේද පේන්නේ. මේ ගොල්ලො දෙන්නව දාලා
අම්මා කොහෙද ගිහිල්ලා.
දෙන්නා සාමයෙන් වගේ හිටියට බඩගින්න හින්දලු දඟලන්නේ නැත්තෙ.


අල්ලයි නැට්ට

‘පූති! පූති!
ඕම ඉන්නකෝ’
‘බෑ බබෝ’
‘අනේ පූති පැතියෝ
ඕම ඉන්නකෝ’
‘එක පාරක් කිව්වනේ බබෝ
බෑ කියලා’
‘ඒයි පූති!
ඕම හිතපං
නැත්නං මං උඹත
හොඳ වැඩක් කලනවා
මං නලක බබා
කියන්නෙපා’
‘අනේ පලයං බබෝ


අනේ මෝඩ කෙල්ලේ



‘ඒයි! අශ්ව රාළ මේ බලනවා. අපි දෙන්නාගෙන් කාටද
හයියෙන් කෑගහන්න පුළුවන් කියලා බලමුද?

‘මේ පුංචි කෙල්ලේ! නිකං සද්දෙ නොදා යනවද මෙතනිං
මට මගේ පාඩුවේ වතුර ටිකක් බොන්න දීලා


කොයි මොනරත් ඔහොම තමයි

ඈතින් ඈතින් හැඩට හැඩේ මොනර නංගි කෙනෙක් යනවා.
මේක දැකපු මොනර අයියාට නිකං ඉන්න බෑ.
‘බලන්න ඕනේ වැඩක් පෙන්වලා’
මොනර අයියාට එහෙම හිතිලා
පිල් විදහා ගෙන නටන්න ගත්තා.
මොනර නංගිට ඒත් ගානක්වත් නෑ.
‘නංගී කොහොමද අපේ වැඩ’ බැරිම තැන මොනර අයියා අහනවා.
‘අනේ මළ කෝලං කොයි මොනරත් ඔහොම තමයි නටන්නේ’