Photography කලාවක් කළ මූර්ති

Photography කලාව කලාවක් කළ මූර්ති

ෆොටෝ ගහන එක දැන් ඉතින් හැමෝම කරනවනේ. කැමරා එකක් නැති වුණත් අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන් අපි අහුවෙන අහුවෙන තැන් වගේ ම අහුවෙන අහුවෙන අයව ෆොටෝගන්නවා.

ඒත් ඉතින් ගහන්නන් වාලේ ෆොටෝ ගහනවා වගේ නෙවෙයි නියම විදිහට ෆොටෝ එකක් ගන්නවා නම් හොඳ කලාත්මක ඇහැක් තියෙන්න ඕනෙ. ඒ විතරක් නෙවෙයි නියම ටෙක්නික් එක දැනගෙන ඉන්නත් ඕනෙ.

මේ අපි කතා කරන්න හදන්නෙ ඒ විදිහට ටෙක්නික් එක දැනගෙන ෆොටෝගන්න වෘත්තීයමය ඡායාරූප ශිල්පියෙක් ගැන. ඔහු නමින් මූර්ති උදාර සෙනෙවිරත්න.

කාලයක් කැබින් ක්රූ වර්ක් කරලා, හොටෙල් චෙෆ් කෙනෙක් විදිහට ඉඳලා, තව කාලෙක එයාර් ටිකටින් කරලා... අන්තිමේදි මූර්ති අයියා ෆොටෝග්‍රැෆිවලින් නතර වුණේ හිත කැමති ම ඒ දේට නිසා වෙන්න ඇති. ජීවිතේ ගෙනියන්න වෙඩින් ෆොටෝග්‍රැෆි කරන ගමන් මූර්ති අයියා ෆැෂන් ෆොටෝග්‍රැෆි කරන්නෙ හොබි එකක් විදිහට. Model, Go මැගසින්වලට කවර් පේජ් කරපු මේ ඡායාරූප ශිල්පියා හිටිගමන් අපේ දිy කවරෙත් සරසන්නෙ හරි අපූරුවට.

«මං දකින විදිහට දිy එකේ හොඳ ආර්ට් එකක් තියෙන කවර් පේජස් යනවා. ඉතින් මං හරි කැමැත්තෙන් තමයි දිy එකට කවර් පේජස් කරන්නෙ. «

වයස අවු 30ක මේ තරුණ ඡායාරූප ශිල්පියා කොට්ටාවෙ තියෙන එයාගෙ සොඳුරු කැදැල්ලට ‍වෙලා සතුටින් කල් ගෙවන්නෙ තමන්ගෙ ආදරණීය බිරිඳ චමෝදයි පුතා මන්දිර සෙනෙවිරත්නයි එක්ක.

 පොතපත හදාරලා තියෙන්නෙ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන්. ඉස්කෝලෙ යන කාලෙ දිගට ම ක්‍රිකට් එහෙමත් ගැහුවලු. ඒ නිසා ම පොතපතේ වැඩවලට වැඩි වෙලාවක්, කැපවීමක් දෙන්න බැරි වෙලා. හැබැයි මාෂල් ආර්ට්ස්වලින් නම් සමස්ත ලංකා වෙනකම් ම ගිහින් තියෙනවයි කියලයි මූර්ති අයියා දිyට කිව්වෙ.

දැන් නම් ඉතින් ෆුල් ටයිම් ෆොටෝග්‍රැෆි ම තමයිලු.

«මං කාලයක් ග්‍රැෆික් ඩිසයිසින් කළා. අවුරුදු තුන හතරක් වෙඩින් ඇල්බම්, බර්ත් ඩේ කාඩ් හදහද ඉද්දි තමයි මට ෆොටෝග්‍රැෆි කරන්න ආසාවක් ඇති වුණේ. මුලින් මම ක්ලාස් එකකට ගියා. ඒක මාස හයක විතර කෝස් එකක්. මම සතියක් විතර යනකොට නතර වුණා. මොකද එතනින් මට අවශ්‍ය දේ ලැබුනෙ නෑ. පස්සෙ මම දිගට ම සෙල්ෆ් ස්ටඩීස් තමයි කළේ.

මගේ හීනෙ තියෙන්නෙ කවදා හරි දවසක යුරෝප් කන්ට්‍රි එකක ගිහින් ෆොටෝග්‍රැෆි කරන්න. ලංකාවෙ ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට ලොකු පිළිගැනීමක් නෑ. තෝරගත්ත සීමිත පිරිසකට විතරයි ඒ පිළිගැනීම ලැබෙන්නෙ.

දැන් මං ස්ටුඩන්ට්ස්ලා 16කට විතර ෆොටෝග්‍රැෆි උගන්වනවා. කාලයක් ලංකාවේ ඉන්න ප්‍රවීණයො මට කිව්වා ඔයාට ෆොටෝ ගහන්න බෑ. ඔයා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට ම ඉන්න කියලා. ඒ විදිහට මාව හිතින් වට්ටපු අය වගේ ම හදවතින් ම උදව් කරපු අයත් මගෙ ජීවිතේ හිටියා.

ඒ අයගෙන් අංක එක මගෙ අම්මයි තාත්තයි. කොහොමටත් අම්මා තාත්තා පස්සෙන් ඉන්නකොට ළමයි කවදාවත් අනාථ වෙන්නෙ නෑ. මට ඒ ශක්තිය ලැබුණා. ගොඩ දෙනෙක් වළවල් කැපුවත් ඒ අම්මාතාත්තගෙන් ලැබුණු හයියත් එක්ක මං නොවැටි හිටියා.

මට මුලින් ම උදව් කරපු කෙනෙක් තමයි තනුජ ලියනගේ කියන්නෙ. එයා වෙඩින් ෆොටෝග්‍රැෆි කළා. ෆොටෝග්‍රැෆිවලට තිබුණ ආසාව නිසා වෙඩින්ස්වල ලයිටින් කරන්න එහෙම මං එයත් එක්ක ගියා. «මල්ලි ඔයා ෆොටෝ ගහන්න ආස නම් ඔයා මේකෙන් ගහන්න» කියලා තනුජ අයියා තමයි මුලින් ම මගේ අතේ කැමරාවක් තිබ්බෙ.

එතකොට කැමරා LK ආයතනයේ අනුෂ්ක ගුණසිංහත් මට ගොඩක් උදව් කරලා තියෙනවා. එයා කළේ කැමරා බඩු විකුණන, රෙන්ට් එකට දෙන එක. කාලෙකදි ප්‍රශ්න වගයක් ඇවිත් මට මගේ ලක්ෂ 10ක විතර කැමරා බඩු විකුණන්න වුණා. ඒ වෙලාවෙදි අනුෂ්ක තමයි මට එයා ළඟ තියෙන කැමරා බඩු ෆ්‍රී දුන්නෙ. ඉතින් ඒ වගේ නියම මිනිස්සු අපිට උදව් කරපු හින්දා තමයි අපි අද මේ තැන ඉන්නෙ. ඒ වගේ ම ඒ කරපු යහපත් දේවල් නිසා ඒ අයත් අද හුඟක් හොඳ තැන්වල ඉන්නවා.»

මූර්ති උදාර සෙනෙවිරත්න කියන්නෙ මේ වෙනකොට ගොඩදෙනෙක් දන්න දක්ෂ ෆොටොග්‍රැෆර් කෙනෙක්. හැබැයි ඉතින් අද මේ ඉන්න තැනට ඇවිත් තියෙන්නෙ මල්පාවඩ එළපු පාරකින් නම් නෙවෙයි.

«කාලයක් මං ජොබ් එක කළේ රාජගිරියෙ. ඒ කාලෙ මට කැමරාවක් ගන්න පුදුමාකාර වුමමනාවක් තිබුණා. වැඩකරන තැනට යන්න හැමදාම ගෙදරින් රුපියල් 100ක් දෙනවා. මං හවස 6.30ට වැඩ ඇරිලා රෑ 12.00 වෙනකම් තැනින් තැන නතර වෙවී පයින් ගෙදර එනවා, රුපියල් හැත්තෑවක් ඉතුරු කරගන්න.

එහෙම ඉතුරු කරලත් මට රු. 5000කට 6000කට වැඩිය ඉතුරු කරගන්න බැරි වුණා. ඒත් අන්තිමේදි අම්මටයි තාත්තටයි ඒක දැකලා දුක හිතිලා තමයි ණය වෙලා මට කැමරාවක් අරන් දුන්නෙ. ඉතින් මං අපේ තරුණතරුණියන්ට කියන්නෙ තමන්ගෙ ටාර්ගට් එකට යනකොට එන ප්‍රශ්න කවදාවත් ප්‍රශ්න විදිහට හිතන්න එපා, ඒවා කොහොම හරි ජයගන්න කියලයි.»

ඉතින් ඔබේ ජීවිතේ සොඳුරු නිමේෂයන් මතක සටහන් ලෙස සේයාරූ බවට පෙරළන්නට ඇවැසි නම් ඔබට හිතට දැනෙන විදිහට, කතා කරන්න මූර්ති අයියට. මෙන්න නොම්බරේ 0776946548