වාසනාවන්ත කාලකන්නියා

වාසනාවන්ත කාලකන්නියා

ලංකාවේ අපි හැමෝටම වඩා කොහොමටත් වෙනස් ජාතියක් ය.....

අපේ උන්ට එදා වේල කන්න නැතත් ඉස්සරහා ගෙදර එකාට වඩා ලස්සනට ඇඳලා ඉන්න තියනවා නම් ඊට වඩා ජොලියක් තවත් නැති ය....

තමන්ට කොච්චර තිබ්බත් වැඩක් නැති ය...අනිත් එකාට හරි යනවට ද උන් කැමති නැති ය....

මම මේක මෙහෙම කියනකොට සමහරු මූණවල් කුරුවල් කරන් මේක කියවන එක නවත්තන්නටත් ඉඩ තියනවා ය..... මුණ කුරුවල් වුණාට ඉතින් ඇත්ත ඉට්ටෝරිය ඕක ය....

කට කෑවත් ඇත්ත කියන්නට ම ඕනෑ ය...

ඉතින් මේ කියන්න පටන් ගන්නේ ඒ සිරා කතාවල පළවෙනි එක ය.....

මේ ඊයේ පෙරේදා අපේ රටේ උන්දලාට තිබ්බ ලොකු ම පුරස්නේ අර කවුදෝ ගායකයෙක් තරුණ හාමිනේ කෙනෙක් සහේට ගෙනාව එක ය.....

ඒකට පලි ගහන වැලි කන ගොඩක් උන්ගේ රෙද්දේ තුත්තිරි ය.....

පාරක කෙල්ලෙක් දැක්කම කේශාන්තේ ඉඳන් පාදාන්තයට ම බලාන ඇස් දෙකෙන් දූෂණය කොරන හැට පැන්න නාකි අර ගායකයාට දෙස් දෙවොල් තියනවා ය.....

විස්ස විසිපහ පැනලත් කෙල්ලෙක්ගෙන් අහන්න ගටක් නැති හැලපයො සෙට් එකත් බුකිය පුරා ම ලවක්දෙවක් නැතුව කොටනවා ය.....

ඉතින් මම කියන්නේ බොරුද.....?

මේ අපේ උන්ගේ උපන් හැටි ය...

අපේ අප්පොච්චා කියන්නේ මේවා “මැනිෆැක්චරින් ඉෆෙක්ට්” කියලා ය....

නිවාඩුවේ නැවතිල්ලේ කල්පනා කරනකොට මේක ලියන මමත් මේක කියවන උඹත් මේ දූපතේ හැමෝමත් වෙලාවකට හරි පව් ය....

අපි ලණු කන්න, ගුලි කන්න, ගිනි දෙන්න, මැටි වැඩ කරන්න සහ එකී මෙකී නොකී තවත් අසූ හාරදාහක් විතර ජල්බරි වැඩවලට උප්පතියෙන් ම පොඩි හැකියාවක් ඇතුව ඉපදිච්ච උන්....

කොච්චර නෑ කිව්වත් ඇත්ත ඒක ය.....

මේක කියවන බොලා දැන් කියයි, මම ඇල් වතුරත් නිවලා බොන... සුවඳ සඳුන් හපලා කන පොරක් කියලා....

අනේ නිකන් පලයන් බන් යන්න....

හරි ඒවයින් මේවයින් කමක් නෑ....

පටන් ගත්තේ ගායක තුමාගේ කතාවකින් නේ....

මේ කතාව ඉවරයක් කරන්නත් ඒකම ආපහු ගන්නං....

ගායකයා බැන්දා. පොර දැන් යසට පවුල් කනවා.....

එතකොට අර හෙන සිරාවෙන් වදන් දුන්න උන්.....

උනුත් ඉන්නවා....

ගොඩක් උන් අර අහවල් වීඩියෝ තියන සයිට්වල ඉන්නවා...

අනිත් උන් තාමත් පාරේ යන කෙල්ලන්ව ඇස් දෙකෙන් අනුභව කරනවා....

දැන් එතකොට යුගයේ දැවෙන ගැටලුව ගායක තුමාගේ කසාදෙද නැත්තන් මේ හැත්ත බුරුත්ත කසාද නොබැඳ ඉන්න එකද....????

උඹලම හිතලා බලහල්ලා......

සතියක් කල් තියෙනවා...

හිතලා හිතලා ඉවර වෙලා...

ආයේ ඇවිත් සෙට් වෙයන් “මලියගේ පැදුරට....”

කතා කරමු දිගට ම.....

ගිහින් එන්නන්....ජය!