අතීතය වී මම නතර වෙන්නැති බතී නුඹ අනාගතයට යන්නැති

බයික් එක හැඩට තියාගන්න ආසද?

බයික් එක ගත්තට පස්සේ කොල්ලන්ගේ මුළු ලෝකෙම බයික් එක.

හරි.. හරි අපි දන්නවා. ගර්ල් ෆ්‍රෙන්ඩ්ටත් දෙවෙනියා වෙන්න වෙනවා කියලා. ඉතින් කෙල්ල නම් අහනවනේ “අනේ මාව ෂොපින් එක්ක යන්නකෝ, අන්න අර ෂොප් එකේ මාර ලස්සන ශූස් තියනවා, අර ෆ්‍රොක් එක මාර ලුකින් නේද අනේ, ඔයා හිතන්නේ මට ස්ලිව්ලස් ලස්සනද....” ඔන්න ඔහොම.

ඔහොම අහන්න බැරි වුණාට බයික් එකත් ආසයි ලස්සනට ඉන්න. තව පොඩ්ඩක් පොෂ් වෙන්න. මේ දේවල් ඒ වෙනුවෙන් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. මේ දේවල් එක්ක බයික් එක වගේම ඔබත් ස්මාට් වෙලා පෙනේවි.

Kick stand Supporter

ඕනේ බයික් එකකට කික් ස්ටෑන්ඩ් එකක් තියනවා. රළු මතුපිටකදී මේකට හානි වෙන්න පුළුවනි. ඒ නිසා පාවිච්චි කරන්න හොඳ දෙයක් මේක. මේක කික් ස්ටෑන්ඩ් එකට සෙට් කරන්න. ඊට පස්සේ, ඕනෙම මඩ ගොඩක්, ගල් ගොඩක් උඩ බයික් එක ස්ටෑන්ඩ් කරන්න පුළුවනි.

Disk Lock

හොර හතුරෝ.. අපෝ ඔව්, බයික්වලටත් දැන් හොර හතුරෝ වැහි වැහැල. මේ උපකරණය හරිම පුංචියි, ඔබේ බයිසිකලයේ මෙට්ල් බ්රේක් ඩිස්ක් එකට මෙය සවි කරන එක විතරයි. ඕනෙම දෙයක් විකුණන ebay වගේ සයිට් එකකින් බොහොම සාධාරණ මිලකට මේ ගැජට් එක හොයා ගන්න පුළුවන්,

Full Sleeves

මේක බයික් එකට නෙවෙයි, රයිඩර් ට, බයික් එක ආසාවෙන් පදින්න ගිහින් කළු වෙලා කියලා අහගන්නේ මොකටද? මේ තියෙන්නේ හිරු රැසින් ඔබට ආරක්ෂාව සපයන කවර් එකක්. කළු වෙනවා විතරක් නෙවෙයි. ඉර එලියට නිරාවරණය වීම නිසා ආසාදන වුණත් ඇති වෙන්න පුළුවන් කියලා අමතක කරන්න එපා.

Clutch Pack

රයිඩර් කෙනෙක් තමන්ගේ බෑග් පැක් එක ගැනත් ගොඩක් හිතන්න ඕනේ. බයික් එකේ යද්දී සුළඟේ ඝර්ෂණ වේගයෙන් වෙන බලපෑමට බෑග් පැක් එක ගොඩක් බලපානවා. ඒ නිසා සුළං ඝර්ෂණය ගොඩක් අඩු වෙලා දැනෙන මෙහෙම උපකරණයට මාරු වෙන්න අමතක කරන්න එපා.

Blootooth Intercom system

දැන් කට්ටිය සෙට් වෙලා බයික් රයිඩින් යන එක කොල්ලන්ගේ ට්‍රෙන්ඩ් එක. අන්න ඒ වගේ ගමනකට වටිනා උපකරණයක් මේක,රයිඩ් කරන ගමන් ෆෝන් එකෙන් කට්ටිය කතා බහ කරන එක නීතිමය පැත්තෙනුත් වැරදි, ඔබේ ආරක්ෂාවටත් තර්ජනයක්. මෙන්න මේ උපකරණය අරගන්න. රයිඩ් එක අතරතුර ඔබේ සන්නිවේදන කටයුතු පහසු කරාවි.

Water Proof Shoe Cover

වැහි දවසක් කියලා ගමනක් නොගිහින් ඉන්න බෑනේ, ඔෆිස් යන්නෙත් බයික් එකේ නම් වැස්ස දවසට බස් එකේ පිහිට පතන්නවත්, හොර ලෙඩ නිවාඩු ගන්නවත් ඕනේ නැහැ. මෙන්න විසඳුමක්. ඔබේ සපත්තු සහිත පාද කලිසමේ දණහිස කොටස වෙනතුරුම ආවරණය කරන නිසා ඔබට කුණු දූවිලි සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වන්නෙම නැහැ.. ඒ වගේම මේ කවරයේ පතුලේ ඇති රළු ගතිය නිසා ඔබේ පාද වැසි දවසක වුණත් ලිස්සා අනතුරට පත්වීම වළක්වනවා.

ස්ටිකර්ස්

අද වෙද්දී මෝටර් බයික් කොල්ලන්ටත් වඩා හොඳ ටැටූ කාරයෝ වෙලා. ඒ මේ ස්ටිකර්ස් නිසා. පුංචි ඩිසයින් ඉඳලා වර්ණ විපර්යාස කරන්න පුළුවන් වෙන තරමට අද මේ ස්ටිකර්ස් තාක්ෂණය දියුණුයි.බයික් එකේ පේන්ට් එක ආරක්ෂා වෙන නිසා ඔබ ආස කරන ස්ටිකර් ඩිසයින් එකක් අත්හදා බැලීමේ වැරද්දක් නම් ඇත්තෙම නැහැ.

කස්ටම් ෂිට්

දැන් ෂිට් එකට එක එක හැඩ තියන කවර ඔබට අන්තර්ජාල වෙ‍ෙළඳ පොළෙන් හොයා ගෙන ඕඩර් කරලා ගෙන්නා ගන්න පුළුවනි. කුෂන් කවර මහන තැනකින් උණත් වැඩේ ගොඩ දාගන්න බැරි කමක් නැහැ.

මේ හැම ගැජට් එකක්ම අපේ වෙ‍ෙළඳ පොළේ ඇති කියලා සහතික වෙන්න අමාරුයි. තිබුණත් මිල අධික වෙන්නත් පුළුවනි. හැබැයි Amazon , ebay වගේ සයිට් එකක කරක් ගහලා බැලුවොත් මේ දේවල් හරි පහසුවෙන් අඩු මිලට හොයා ගන්න පුළුවන්

මේ දේවල් විතරක් නෙවෙයි, ටයර්, සයිලන්සර්, පේන්ට් එක පවා චේන්ජ් කරලා ඔබට වුවමනා විදියට හදාගෙන බයික් එක කවුරුත් හැරිලා බලන විදියේ බයික් එකක් කරගන්න පොඩි ට්‍රයි එකක් දීලා බලන්න,

මේ කිව්වේ ඔබට වගේම බයික් එකටත් ඒ වගේම සමාජයටත් හානි නැති ගැජට් ටිකක් ගැන. මට මේ ආටිකල් එකට උදව් දෙන කාර්මික ඉංජිනේරුවරයා කියන විදියට බයික් හැඩ කරලා විහින් ලෙඩ දාගන්න කරන ගොඩ වෙදකම් බොහොමයි. ඔබ කරන මම නොලියා හිටි දේවල් තමයි ඒ ගොඩට වැටෙන්නේ. ඒ දේවල් ගැන නොලියා ඉන්නෙත් මෙතෙක් නොදැන හිටියනම් මේ ආටිකල් එක හරහා දැනගත්තොත් කොච්චර හානිදායක වුණත් ඕවා අත්හදා බලන්න ඔබ මැලි නොවන නිසා.

වාහනයකට අපි ආදරේ කරන්න ඕනේ දරුවෙක් වගේ.

ඒ නිසා අහක යන විකාරවලින් ළමයෙක්ගේ හිතක් නරක් කරන්න ඕනේ නැහැ වගේ තමයි සැමන් ටින් දාලා සයිලන්සර් වහන වැඩ, මිනිස්සු බනින සද්ද තියන සයිලන්සර්, ඒ විතරක් නෙවේ LED ස්ටයිල් එකේදිත් පරිස්සම් වුණාට කමක් නැහැ. සමහර ලයිට් නිසා අනිත් රියදුරන්ට රාත්‍රියේදී ගමනාගමනයේ යෙදෙනවිට අපහසුතා එන්න පුළුවනි. ඔබේ ආසාව තව කෙනෙකු අනතුරේ හෙළන දෙයක් වුණොත් කොයි තරම් වැරදිද..

ඊළඟට ලියන්න ඕනේ දේ තීරණය කරලා අදහස් දක්වන වාහන පිස්සෝ හැමෝටම ස්තුති. ඔබට අවශ්‍ය දේ අපේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකකින් එවන්න.

ඊළඟ සතිය...

ඔබේ අදහස් මත තීරණය වේවි.