මෙන්න අවුල ලිහාගන්න ටිප්ස් 7ක්

මෙන්න අවුල ලිහාගන්න ටිප්ස් 7ක්

පි ඕනම කොල්ලෙක්ට ඉන්න පුළුවන් සෑහෙන හිතවත් ගෑනු යාළුවෙක්. එතකොට ඕනම කෙල්ලෙක්ටත් ඉන්න පුළුවන් බොක්කේ ෆිට් පිරිමි යාළුවෙක්. ඔය යාළු ‍ෆිට් කිසි ගින්නක් නැතුව යනවා දෙන්නම සිංගල් ඉන්නකල්. හැබැයි පුතේ ඔන්න හිතට අල්ලන කෙල්ලෙක් කොල්ලෙක් දැකලා මෙව්වා වෙලා දෙන්නා සැට් වෙන කාලෙට ආවට පස්සේ තමයි ඔය බොක්කේ යාළු ෆිට් පොඩ්ඩ පොඩ්ඩ අවුල් වෙන්න පටන් ගන්නේ. ඇත්තටම ඕවා වෙන්නේ තමන් නිසා නෙවෙයි. තමන් යාළුවෙලා ඉන්න කෙල්ල හෝ කොල්ලා නිසා. හැබැයි ඉතින් උන්ට වැ‍රැද්දක් කියන්නත් බෑ, ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා/බෝයිෆ්‍රෙන්ඩ්ස්ලා ද මනුෂ්‍යයෝය කියලා තමයි පුරාණේ කියලා තියෙන්නේ. හැබැයි අපිට පුළුවන් ඔය ප්‍රශ්න එන්න කලින් යාළුවා සහ ලව් එක අතර ගස්ටන ඇති නොවෙන්න ආරක්ෂක පියවර ගන්න. මේ කියන්න යන්නේ ආන්න ඒ ගැන.

1. හොරෙන් සීන් එපා!

මෙන්න මේක අනිවා ඔළුවේ තියාගන්න ඕන දෙයක්. දැන් අපි ගෑනු ළමයෙක් හරි පිරිමි ළමයෙක් එක්ක හරි යාළු වෙන්න මල් කඩාගෙන කඩාගෙන එනවනේ. ඔය කාලෙදී අපි නංගි ඉස්කෝලෙ යන හැටියි, අයියා හොරෙන් සිගරට් බොන හැටියි, තාත්තා වැඩ ඇරිලා ගෙදර එන හැටියි, අල්ලපු වත්තේ කුරුම්බා කඩපු හැටියි ඔය ඔක්කොම විස්තර කියන කාලෙනේ. ඉතින් සමහරු ඉන්නවා අර වගේ බොක්කෙ යාළු ෆිට් එකක් ඉන්නවා කියන්න බයයි, සෙට් වේගෙන එන වැඩේ හබක් වෙයි කියල හිතලා. අන්න ඒක වැරදියි. මොකද යාළුවෝ ගැන කියන්න බැරි කමක් නැහැනේ. හැබැයි යාළුවෙලා කියන්න හිටියොත් කෙල්ල හරි කොල්ලා හරි අනිවා සැක හිතනවා මෙතන වෙන මොකක් හරි කතන්දරයක් තියෙනවා කියලා. ඒ නිසා එකිනෙකාගේ විස්තර හුවමාරු කරගන්න කාලේදිම තමන්ගේ හොඳ යාළු කොල්ලා හෝ කෙල්ල ගැනත් විස්තර කියන්න.

2. තමන්ගේ ජීවිතේ තීරණ තමන්ගේ

මේක ටිකක් සෙන්සිටිව් කාරණාවක්. දැන් අපි බොහොම අවංකව ආශ්‍රය කරන පිරිමි යාළුවෙක් හරි ගැහැනු යාළුවෙක් හරි ඉන්නවා කියමුකෝ. එතකොට කොල්ලෙක් නං තමන්ගේ කෙල්ල එක්ක මේ ගෑනු යාළුවා ගැන කිව්වට පස්සේ කෙල්ල ඒක බොහොම පොසිටිව් විදිහට බාරගන්නත් ඉඩ තියෙනවා. අනික් පැත්තට කෙල්ලෙක් තමන්ගේ කොල්ලා එක්ක පිරිමි බඩියා ගැන කිව්වත් එහෙම තමයි. හැබැයි තව සමහරු ඉන්නවා මේක ගැන පොඩ්ඩක් අප්සට් ගහන. ඒ අය හිතන්න පුළුවන් තමන්ගේ තියෙන තැන නැතිවෙයි කියලා. අන්න එතකොට ඒ අය කියන්න පුළුවන් ඔය යාළුමිත්‍රකම් අතෑරලා දාන්න කියලා. මෙහෙම අවස්ථාවක කෙල්ලනේ, දාලා ගියොත් අපරාධෙ නේ කියලා හිතලා යාළුවව අතාරිනවා නං, ඒකෙන් කියන්නේ තමන්ගේ හරි යාළුමිත්‍රකමක් තිබිලා නෑ කියලා. කවදාවත් සාධාරණ හේතුවක් නැතුව, ලව් එක තමන්ගේ අනාරක්ෂිත හැඟීම් හින්දා කරන ඒ වගේ ඉල්ලීම්වලට නැවෙන්න එපා. හැබැයි ලව් එක බොහොම සාධාරණ හේතුවක් උඩ යාළුකම් අතාරින්න කියනවා නං, අපිට පොඩ්ඩක් ඒ ඉල්ලීම ගැන හිතන්න වෙනවා. ඒක වෙනම කතාවක්.

අනික් අතට ඔය බොක්කේ යාළු කෙල්ලටත් චූටි ඉරිසියාවක් එන්න පුළුවන් තමන්ගේ යාළුෆිට් කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක සෙට් වුණහම. ඒක අනික් පැත්තටත් වෙන්න පුළුවන්. එතකොට එයාගේ නහය කැතයි, අපෝ ඒ කොල්ලා බෙබේ වගේ... පොඩි ඉරිසියා කතා කියවෙන්න පුළුවන්. ගණන් ගන්න එපා. තමන්ගේ තීරණේ තමන් ඉන්න.

3. තමන්ගේ ප්‍රමුඛතාවන් තියාගන්න

මෙන්න මේක බොහෝම වැදගත්. ඔය යාළුෆිට් නිසා ලව් කෙලවෙන්නේ නැත්තං ලව් නිසා යාළුෆිට් කෙලවෙන්නේ මෙන්න මේ කාරණේ පිළිනොපැද්දහම. ලව් එකත් එක්ක එළියට යන්න තියෙන වෙලාවට යාළුෆිට් එකත් එක්ක නවතින්නෙ නැති කෝල් එකක ඉන්න එක වැරදියි. එතකොට යාළුෆිට් එකත් එක්ක චැට් එකක් දාගෙන ඉන්න වෙලාවක, ඒක ඉවසන්න බැරුව ලව් එක කෝල් කරනවා නං එතනදී පොඩ්ඩක් ලව් එකට වටහලා දෙන්න ඕන යාළුවොත් වැදගත් කියන එක. හැබැයි මේ කියන්නේ දවසටම ලව් එකත් එක්ක කතා කරන්නේ නැතුව ඉඳලා යාළුෆිට් එකත් එක්ක කතා කර කර ඉන්න සි‍ටුවේෂන් එකක් ගැන නෙවෙයි. එහෙම වෙන එකත් අවුල්නේ. අන්න ඒ නිසා මේ යාළුවා සහ ලව් එක බැලන්ස් කරන්න ඉගෙන ගන්න ඕන. අමාරු දෙයක් නෙවෙයි.

4. ඉරිසියාවට ඉණිමං බඳින්න එපා

සමහර කොල්ලෝ ඉන්නවා තමන්ගේ ලව් කරන කෙල්ල පැත්තක ඉන්දැද්දි, දවසක් ඇර දවසක් එළියට යන්න දාගන්නේ යාළුෆිට් කෙල්ලත් එක්ක. එතකොට සමහර කෙල්ලෝ ඉන්නවා තමන්ගේ ලව් කරන කොල්ලා පැත්තක ඉන්දැද්දි, තමන්ගේ වුවමනා එපාකම් ඔක්කොම කියන්නේ යාළුෆිට් කොල්ලට. ඔහොම ඒවා කරනකොට හිත දියුණු කරපු කොල්ලෙක්ට කෙල්ලෙක්ට වුණත් ඉරිසියා හිතෙනවනේ. මොකද ලව් එකක් නැගලා යන්න නං, දෙන්නට දෙන්නා ස්පෙෂල් කියන හැඟීම එන්න ඕන. තමන් ස්පෙෂල් නැහැ කියන හැඟීම, එහෙම නැතිනම් තමන්ට වඩා ස්පෙෂල් වෙන කෙනෙක් ඉන්නවා කියන හැඟීම ආපු තැන ලව් එක ඉවරයි. ඉතින් එහෙම කරගන්න වුවමනාවක් නැතිනම්, දෙන්නට දෙන්නා ඉරිසියා හිතෙන දේවල් කරන්න එපා. මෙතන දෙන්නා කියන්නේ තමන්ගේ ලව් එක වගේම තමන්ගේ යාළුෆිට් එක ගැන.

ඉතිරිය ලබන සතියේ