අනේ ඉතින්  ඕං පුතේ  සෝබාව

අනේ ඉතින්  ඕං පුතේ  සෝබාව

නර්ථනයෙදි යටට අඳිනා දිග කලිසම්

නටනා විටදි පේනවා යන්තම් අස්සෙන්

දැන් මතුපිටට ඇඳලා ඒ යට කලිසම්

නංගිලා පාරෙ යනවා අපිටත් ගස්සන්

කලිසම් ඇන්දාට නංගිලා වැරදි නැත

හිරවුණු දුහුල් කලිසම නම් තමයි කැත

කුල අඟනකට ඒ වැනි දේ සුදුසු නැත

කැත කරගනු එපා ලස්සන ඔබගෙ වත

පෙර සිටි අපේ මව්වරු තම දියණියට

ඇඳුමක් අඳින්නට දුන්නේ නෑ කොටට

දැන් අම්මලා දෙන ආදර්ශය දුවට

අම්මත් කොටට ඇඳලා පෙන්නයි දුවට

සංකර ඇඳුම් ඇඳලා පිට රටට හුරූ

ලංකර ගන්න බැරිවෙයි තම නමට ගරූ

සුන්කර දමා රට ඈයන් ගෙනෙන බොරූ

පින්බර දුවක් වෙනු ලක්මව කරන ගරූ

කෙල්ලෝ ලස්සන නම් මොකටද අනේ බියුටි සැලුන් කියාගෙන, බුකියෙන් හොරකම් කරපු කවි තුනහතරකුත් කපලා කොටලා ඇරන්, ඒ කවිවලටම අකුරු එකතු කරන්න හිතාගෙන, ඔන්න ඉතිං මේ මම සුපුරුදු විදිහටම ආවා.

කොල්ලන්ගේ කලිසමත් සින්නක්කර ලියාගෙන, කොල්ලන්ටම ගස්සන අපේ ලංකාවේ අපේ කෙල්ලන්ගෙන් එකපාර කුණුහරුප දෙක තුනක් අහගන්නයි මගේ මේ සූදානම.

වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කියනවා නම් අද මං කියන්න යන්නේ අපේ කෙල්ලන්ගේ මේ ඇඳුම් පැළඳුම් ගැන."කියන්නත් කලින් ඉතින් රවන්නේ ඇයි වස්තූ...." කියලත් අහන ගමන්... දි "Y" කියවන අපේ රත්තරන් කෙල්ලන්ගෙන් අවසරයි ඈ. ඔහොම කියවගෙන යද්දී අපේ වැඩි හරියක් කෙල්ලන්ට හොඳ හොඳ තොප්පිත් දෙකතුන වැටෙයි.

ඒත් ඉතින් ඒවා වැඩිය ගණන් ගන්න එපා. මොකද ඉතින් මං දැන් අවසර ඔයාලාගෙන් අරන්නේ සුදූ තියෙන්නේ.

එහෙනම් ඉතින් "අම්මා ගහයි බැට් එක හංඟපන් මුල්ලක...." කියාගෙන ඔන්න මං කෙල්ලන්ගේ ජාතකේ දිගාරින්නයි හදන්නේ. ඔන්න ඉතින් කියන්නත් කලින් ජාතකේ ලීක් කරගන්න නම් එපා. මොකද ජාතකේ ලීක් වුණාට පස්සේ තොරණට බල්බ් දාලා වැඩක් නෑලු.

ඉස්සර අපේ ඉස්කෝලවල නැටුම් තියෙන Time එකට අපේ කෙල්ලෝ නටන්න යන්නේ යටට දිග කලිසමක් ඇඳගෙන.

ඒකට කියන්නේ ජීන්ස් එක කියලලු. හැබැයි ඒක අඳින්නේ ඇයි කියලා නම් අහන්න එපා. ඒක ඉතින් එහෙම තමයි. අවුල කියන්නේ එදා ඒ යටට ඇඳපු දිග කලිසම්, කෙල්ලෝ අද උඩටත් අඳිනවා. අනේ ඉතින් ඕං පුතේ සෝබාව.

එහෙම ඇඳගෙනත් අපේ කෙල්ලෝ පාරෙ යන්නේ මේ අහිංසක අපිටත් ගස්සගෙන. අනේ ඉතින් යටට අඳින ඒවා ඔහොම උඩට ඇඳගෙන, ඔහොම ගස්සන් යනකොට අපටත් මාර අවුල්.

දෙයියනේ කලිසම් ඇඳන් ගියාට කමක් නෑ. ඒත් ඔය විදිහට හිරට හිරේ ඇඟට තද දුහුල් කලිසම් ඇඳන් පාරේ යන්න එපා. ඒවා කොහෙත්ම ඉතින් අපේ මේ Youth එකට ගැලපෙන්නේ නෑ. අනේ ඉතින් ලස්සනට තියෙන ශරීර කූඩුව විහින් කැත කරගන්න ඕනේ නෑනේ. ඒ හින්දා චුට්ටක් ඒ ගැනත් හිතුවට කමක් නෑ.

ඉස්සර අම්මලා නම් තමන්ගේ දුවට කොටට අඳින්න දුන්නේ නෑ. ඒකටත් එක්ක දැන් අම්මලා දුවටත් වඩා දුවලා වෙන්න යනවා. එයාලා තරම් විලාසිතා වෙන කවුරුත් කරන්නේ නැතුව ඇති. දැන් සාරියට වුණත් ගිහින් තියෙන කලදසාව පේනවනේ. ඉස්සර අය සාරි අඳින්නේ පේන අයිටම් වහගන්න.

ඒත් දැන් සාරි අඳින්නේ වහන් ඉන්න ඕන අයිටම් ටිකත් පෙන්නන්න. ඉතින් මේ විදිහට Style කරන සමහර අම්මලාගේ දූලා ගැන කවර කතාද? අම්මලා ඒ විදිහට දුවට ආදර්ශ දෙනකොට අනේ එයාලගේ රත්තරන් දුවලා ටිකත් බෑ නොකියම ඒ ආදර්ශ හොඳට පිළිපදිනවා. ඇයි ඉතින් ඒ තමන්ගේම අම්මනේ. හැබැයි කියන්න ඕනේ ඔය අතරින් පතර විලිවැහෙන්න ඇඳගෙන යන අම්මලා දූලත් නැතුව එහෙම නෙවෙයි. ඒ අයට නම් මේ කතාව වලංගු නෑ.

ඔය කොටට අඳින Style,යටට ඇඳපුවා උඩට අඳින Style වගේම වහන් යන්න ඕනෙ දේවල් එළියේ දාන් යන Style ඔක්කොම ආවේ පිටරටින්. ඒ ඔක්කෝම කුණු ගොඩවල් එකක් නෑර ම අපේ අය ඇඟේ හලාගත්තා.

ඔන්න ඔය හේතුව නිසා තමයි එදා ලස්සනට දැකපු අපේ මේ කෙල්ලන්ට අද බඩුව,පට්ට කඳ වගේ නරක ලේබල් වැදිලා තියෙන්නේ.I Like My Style කියාගෙන තමන්ට තමන්ගේම කියලා Style නම් කරන්න පුළුවන්. අනේ ඒත් අපේ රටට නොගැලපෙන පදිරි Style කරලා ආතල් කඩාගෙන සමාජේ ඉදිරියේ චාටර් වෙන්න එපා වස්තුවේ. මෙහෙම කියන්නේ ඔයාලගේ ම හොඳට. අපේ මේ කොල්ලන්ගේ ඩෙනිම කොල්ලන්ටත් හොරෙන්ම අපේ කෙල්ලෝ සින්නක්කර ලියාගත්තට අපට නම් අවුලක්ම නෑ.

කෙල්ලන්ට ඒක සිරාවටම මරු. ඒත් ඉතින් මං මේ කතා කරන්නේ ඒ ඩෙනිම ගැන නෙවෙයි.

ඒ වගේම මං මේ කියන්නේ මල් මල් ගවුම්වලට බහින්න කියලත් නෙවෙයි. එහෙනම් මං මේ කියන්නේ මොකක්ද? ඒක හිතන එක ඉතින් කියවන කෙල්ලන්ටම බාරයි.

දැන් ඉතින් මට දහස් ගණන් ඇඟිලි, කෙල්ලන්ගේ පැත්තෙන් දික්වෙයි. ඒත් මං දැකපු, මට පෙනුණු ඒ වරද හදවතේ මෙහෙම හිර කරන් ඉන්න මං ආස නෑ. කාට හරි හිතෙනවා නම් මං මේ කීවේ වැරදිම කතාවක් කියලා ඔයාලා ඕන තරම් මට බණින්න. ඒත් මං දන්නවා මං කියන දේට එක කෙල්ලෙක් හරි පහට දහයක්ම දානවා කියලා.

අන්තිමේ ඉතින් කියන්න තියෙන්නේ සංකර ඇඳුම්වලට Love කරලා, ඔය ලස්සන ජීවිතේ චාටර් කරගන්න එපා කියලා තමයි.

එහෙනම් ඉතින් මං අදට කැපෙන්නම්. බලපු අයට බුදු සරණයි....! රවපු අයට දෙවි පිහිටයි....! කියවලා හැදෙන අයට රත්නත්තරේම පිහිටයි....!