චූටි චූටි  කොට සායවල් ඇඳපු කෙල්ලෝ දකිද්දී බහින තැන් මතක් වෙයිද බොලේ

චූටි චූටි  කොට සායවල් ඇඳපු කෙල්ලෝ දකිද්දී බහින තැන් මතක් වෙයිද බොලේ

 

පුන් සඳද ඔබ මාගේ කියාගෙන අද නම් ආවේ කෙල්ලන්ගේ "ෆැෂන් කලාව" ගැන දෙකක් කතා කරලා යන්න.

කලින් සතියක ලෙගින් කලිසමට දීපු දේශනාව තාමත් සමහරුන්ට මතක ඇතිනේ.අද ඔන්න දෙන්න යන්නේ ඒකේ අවසානම කොටස.කෙළින්ම කියනවා නම් ලෙගින් කලිසමෙන් අද අපි යන්නේ කොට සාය පැත්තට.ඔන්න එහෙමයි කියලා ඉතින් දැන් අපේ අම්මගේ අම්මා එහෙම මතක් කරන්න එපා ඈ.මොකද අදින් පස්සේ මං ආයෙත් කෙල්ලන්ගේ රතු කට්ට පන්නන් නෑමයි.ඔව් ඔව් මේ ඇත්තමයි.

මේ තරම් සියුමැලිද කළුගල් කියන ගමන් අද කාලේ කෙල්ලන්ගේ වැඩේම ඉතින් Phone උස්සගෙන සෙල්ෆි ගහන එකමනේ.හැමෝම කියන්නේ සෙල්ෆි තුනට වඩා ගහන්නේ පිස්සොලු.එහෙම බැලුවම ලංකාවේ කෙල්ලෝ ඔක්කෝම ඉන්න ඕනේ ඉතින් අංගොඩ.

ඒ මොනා වුණත් ඉතින් ඒ ගහන සෙල්ෆි අන්තිමට ගිහින් නවතින්නේ Face Book එකේ.ඊට පස්සේ ඉතින් වෙන දේ දන්නවනේ.අඩෝ ඒ Photoes දකිද්දී අම්මපා විළිසංගේ හැදිලා මැරෙනවා.උඹලට කියන්න ඒවා එකෙන්ම වැඩිහිටියන්ට පමණයි.වහලා තියාගන්න ඕනේ අයිටම් ගොඩාක් ඒවා ඒ Photoesවල එළියේ.අනේ ඉතින් Fb එකේ ඉන්න අසහනකාරයින්ට නම් මල් හතයි.සිරාවට කියනවා නම් කෙල්ලෝ ඒවගේ දාලා තියෙන කැටයම් ඇම්බැක්ක දේවාලෙවත් නෑ.

හැබැයි ඉතින් හැම කෙල්ල ම එහෙම නෑ.ඒත් ඉතින් අපේ සමහරක් කෙල්ලෝ මීට අදාළයි.එයාලා තමයි මේ වෙලාවේ මළ පැනගෙන මේ අකුරු කියවන් යන්නේ.අම්මපා මේක ලියපු මං ළඟක එහෙම හිටියා නම් මට ඉතින් බඩුම තමයි.කොහොම හරි අනේ පට්ට කඳවල්,බඩු කෑලි කියලා අවසානේ වටිනා කියන ලේබල් ගහගන්නෙත් ඔය සුදු නංගිලාම තමයි.

රත්නත්තරේ පිහිටයි මැණික මාගේ කියාගෙන අපි හැමෝම ඉතින් බස්වල ගිහින් තියෙනවනේ.කොහොම හරි ඔය බස්වලට කොට සායවල් ඇඳගෙන ඇවිත් ඇඩ් එකක් වෙන කෙල්ලොත් ඔය අතර ඉන්නවා.ඒවා දකිද්දී ඉතින් අපට බහින තැනත් අමතක වෙනවා.චූටි චූටි කොට සායවල් ඇඳපු කෙල්ලෝ දකිද්දී බහින තැන් මතක් වෙයිද බොලේ.බස් එකේ අනික් මිනිස්සුන්ට ඉතින් මේ සීන් එක පේන්නේ තොටලඟ තොරණේ බලුප් ටික දැම්මා වගේ.සිරාවටම ඉතින් වෙසක් කූඩු වගේ බස් එකට නඟින මේ කෙල්ලන්ට ඉඳගෙනත් බෑ හිටගෙනත් බෑ.ඔන්න කුඩයක්,බෑග් එකක් එහෙම තිබ්බොත් ලාවට වගේ ඉඳගෙන යන්න පුළුවන්.ඒත් හිටගෙන උඩ පොල්ල එහෙම අල්ලන්න ගියොත් ඉතින් සොරි තමයි.

ඔය කොහොම ගියත් ඉතින් බස් එකේ මිනිස්සුන්ට ඔය කොට සායවල් ඇඳන් යන ගොඩාක් කෙල්ලෝ පේන්නේ ඇඩ් එකක් වගේ තමයි.මේ කියන ඒවා කුණුහරුප වගේ පෙනුනට ඉතින් මේවා තමයි ඇත්ත.කොහොමින් හරි ඔන්න අන්තිමේ වෙන්නේ ඉතින් අදාළ කෙල්ලෝ චාටර් වෙන එකම විතරයි.

ටියුෂන් පන්තියේ කෙළවර බංකුවේ ජැක් ගහන් හිටපු අයත් ඔන්න මේක කියවනවා ඇතිනේ.කොහොමින් හරි ඉතින් ඔය ටියුෂන් පන්ති තියෙන්නෙත් තට්ටු ගොඩනැඟිලිවලනේ.අදාළ පන්තිවලට යන්න ඉතින් පඩිපෙළවල සරණ ම තමයි.ඔය කොටට ඇඳන් යන අයටත් ඔය පඩිපෙළ දිගේ යන්නම වෙනවනේ. හැබැයි පුතෝ එයාලා එහෙම යද්දී යටින් ජාත්‍යන්තර ඩයල් එකක් එහෙම ඔන්න ආවොත් කෙල්ලන්ට වෙන්නේ ඕං වහ ටිකක් බොන්න තමයි.ඇයි ඉතින් යටින් එන එකා ඔය සීන් එක Video කරලා, Fb දානවනේ.හැබැයි ඩෝං ගාලා ඔහොම සීන් එකක් වුණොත් නම් කොට සායවල් ගොඩාක් දික් වෙන්නත් පුළුවන්.

ඔය අස්සේ කොයි කවුරුත් ඕං Love කරන්නත් පටන් ගන්නවනේ.Love පටන් ගත්තු ගමන්ම අපේ උන්ට ඉතින් පිස්සු.වැඩේ කියන්නේ Love එක පටන් ගන්නේ අද නම් උන් හෙට ම අනේ Room අස්සේ.කොල්ලට නම් ඉතින් මල් හතයි.හැබැයි කෙල්ලට නම් අනේ මන්දා.ඒ ගැන මම මුකුත් කියන්නේ නෑමයි.අන්තිමේ ඉතින් සමහරුන්ගේ අරක නැතිවෙලාලු.තවත් අයගේ මේක නැතිවෙලාලු.ඒ අස්සේ තවත් අයගේ අහවල් එක කැඩිලලු.ඕං ඔහොමයි හැඟීම්වලට ඉඩ දුන්නු අපේ කෙල්ලෝ ඊළඟට කෑ ගහන්නේ.මේවා දිහා බලද්දී ඉතින් අන්තිමේ කොල්ලට නම් ජොලිම තමයි.ඒත් කෙල්ලට නම් පුතේ සොරිම තමයි.

සුදු කකුලයි කොට සායයි අවදානම් සීන් එකක් වෙලා තියෙන එකේ මේවා ආතල් උනුත් ලංකාවේ ඉන්නවා.ඒත් අපිට එහෙම නෑ.රටක් කෙළ පෙරණ බඩුවක් වෙනවට වඩා ලොවක් හොඳ කියන කෙල්ලක් වෙන්න කවුද අකමැති? අන්න එහෙම හිතන අයට ඕං මේ අකුරු වැඩිත් තරම්.ෆැෂන් කරන්න.ආදරය කරන්න.ආතල් ගන්න.ඒත් ඔන්න ආතල් කඩාගන්න නම් එපා. කෙළින්ම කියනවා නම් කොටට ඇඳන් පාරේ ගිහින් සංවරකම නැති කරගෙන, සමාජයේ චාටර් කෙල්ලක් වෙන්න එපා.

ශිවන්‍යගේ පයන්න අස්සෙන්,ඉෂිතගේ පෙනුම අස්සෙන්,දෙව්මිගේ ඒ හිනාව අස්සෙන් ඒ ඒ ලෝකවල අතරමං වෙලා ඉන්නේ නැතුව, චුට්ටක් හිතන්න.උපන්දා ඉඳන් වැදෙන "අහිංසක කෙල්ල" කියන ලේබලේ උඩින් "පට්ට බඩුවක්" කියන ලේබලේ ඔයා විහින්ම ගහගෙන Youth එකේ ඇඩ් එකක් වෙන්න හදන්න එපා. මොකද මිනිස්සු විසිහතර පැයේම TV බැලුවට කවුරුත් ඇඩ් බලන්න ආස නෑ.

කොටට සාය ඇඳගෙන නුඹ දුහුවිල්ලේ

ගස්ස ගස්ස යන තාලෙට බැලවෙන්නේ

බලනවාට අකමැති නම් එක එල්ලේ

ඇඳලා ඇයි කොට සායක් මගෙ කෙල්ලේ