නර්තය ජීවිතය කරගත් සඳරු

නර්තය ජීවිතය කරගත් සඳරු

දේශීය කියන හැඟීම් අපේ හිත්වලින් ඈත් වී ගෙන යන කාලෙක දේශීය නර්තන කලාව තමන්ගෙ ජීවිතය කරගත්ත අපූරු චරිතයක් තමයි සඳරු. අෂාන් සඳරුවන් අමරසිංහ වන ඔහුගේ ගම රත්නපුර. සඳරු සිප්සතර හදාරන්නේ ඇලපාත ඉසුරු විද්‍යාලයෙන් හා රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන්.

නර්තනයට තිබුණු කැමැත්ත නිසා ම ඔහුගේ ජීවිතය වෙනස්ම මඟකට යොමුවන්නේ 2006දී ප්‍රියරංගන කලායතනයට සම්බන්ධ වීම තුළින්.දේශීය නර්තනය,නිර්මාණාත්මක නර්තනය හා බටහිර නර්තනය යන අංශයන් තුළින් තමන්ගේ දස්කම් දක්වන මොහු මහේන්ද්‍ර පෙරේරා ඇක්ටින් වර්ක්ෂොප් තුළින් රංගනය පිළිබඳවත් නිලූ හයිහීල්ස් මොඩ්ලින් ඇකඩමිය තුළින් නිරූපණ ශිල්පය පිළිබඳවත් ඉගෙනගන්නවා.ඒ වගේ ම ක්‍රීඩකයෙකු ලෙසත් බොහෝ ජයග්‍රහණ ඔහු සතුයි.

මේ වනවිට "සඳරු ඩාන්ස් ස්ටුඩියෝ"'නමින් තමන්ගේම ගෲප් එකක් සඳරු ආරම්භ කරලා තියෙනවා.ඊට අමතරව නොයෙල් රාජ්ගේ "ආදරෙන් ඉගිලෙන්න" හා විදුරංගි වෙල්ලාලගේ"සුළඟක් වගේ" යන මියුසික් වීඩියෝ සඳහා නර්තන අධ්‍යක්ෂවරයෙක් වශයෙන් ද හැරි ක්‍රියේෂන්ගේ"දෑස පෑරුණා"හා දම්මික දිල්ශාන්ගේ"දුක විතරක්"යන මියුසික් වීඩියෝ සඳහා රංගන ශිල්පියෙක් වශයෙන් ද කටයුතු කරලා තියෙනවා.

තව ද මොහු "අඳුර, කුවේණියක දරුවෝ,රාක්ෂා" යන films තුළිනුත් hollywood TVC තුළිනුත් ප්‍රේක්ෂකයන්ව වැළඳගන්නවා.ආසිරි ජයරත්න අධ්‍යක්ෂණය වූ "දියමත සිත්තම"ටෙලිනාට්‍යයේ නිෂ්පාදන කළමණාකරු වශයෙන් කටයුතු කළෙත් සඳරු. ඒ වගේ ම සිරස ටීවි හි Sri Lankan got talent,ටීවි tailer එකකට ඔහුව තෝරාගැනීම ජීවිතයේ ලබපු ලොකු ම ජයග්‍රහණයක් බවත් මතක් කළා.

ජැක්සන් ඇන්තනී නම් මහා රංගධරයාණන් ඔහුගේ වීරවරයා වූ අතර තමන්ගේ ආදරණීය නර්තන ගුරුවරිය වන ප්‍රියංගිකා සෝමරත්න තමයි වීරවරිය වුණේ.මේ දක්වා වූ ඔහුගේ සියලු ජයග්‍රහණ සඳහා අතහිත දුන් අය ගැන සඳරු කිව්වේ මෙහෙම."තාත්තත් නැතුව මාව මේ තැනට ගේන්න මගේ අම්මා ගොඩාක් මහන්සි වුණා.ඒ වගේම දැන් ඉන්න සඳරු කියන චරිතය නිර්මාණය කළේ ප්‍රියංගිකා මිස් ඇතුළුව මගේ සියලුම ගුරුවරු.ඒ හැම දෙනාටමත්,මගේ අක්කටත්,නංගිටත්,යාළුවො සියලු දෙනාටත් විශේෂයෙන්ම මගේ අම්මටත් ස්තූතවන්ත වෙන්න ඕනි"

දැනට ඉතාමත් කෙටි වූ මේ ගමනෙදි රසමුසු තැන් විදිහට ,දිනක් සිරිපාගම මාපනාග ඇල්ල රූගතකිරීමකදි ඇල්ල මැද ගලක් උඩ නර්තන චලනයක් දක්වන අවස්ථාවේ ෂූට් එකට අනුව ලිස්සලා වැටෙන්න තිබුණ තැනකදි ඇත්තටම දියසෙවලවලට කකුල ලිස්සලා වැටිලා සිහියත් නැතුව හිටිය එකනම් කිසිදිනක අමතක නොවන බව මේ කතාබහ අතරතුරේදී ඔහු මතක් කළා.

දේශීය සංස්කෘතිය,දේශීය නර්තනය,අපේකම මුලු ලෝකෙට ම ගෙනයාම තමයි සඳරුගෙ අනාගත බලාපොරොත්තුව. ඒ වගේම අනාගතයේදී මේ ක්ෂේත්‍රයට එන්න ඉන්න අයට ඔහුගෙන් ලැබුණු පණිවුඩය තමයි 'කෙටි පාරවල් හොයන්නේ නැතුව කැපවීමෙන් වැඩ කිරීම තුළින් ඔබ නොහිතාම දක්ෂයෙක් වන බව.

'සඳරු ඩාන්ස් ස්ටුඩියෝ'තමයි ඔහුගේ නර්තන කණ්ඩායම.'සඳරු රංග ප්‍රතිභා'ඔහුගේ කලායතනය.ඔහුගේ නර්තන කණ්ඩායම නිතර ප්‍රසංගවලට සම්බන්ධ වෙනවා.

සඳරු මේ දිනවලදී, ඔහුගේම "සඳරු ප්‍රතිභා"නර්තන ප්‍රසංගයට සූදානම් වෙනවලු.විශේෂයෙන්ම ඔහු මෙවර සෞන්දර්ය විශ්ව විද්‍යයාලයට තේරී ඇති බවත් අවසාන වශයෙන් ඔහු කිව්වා.සඳරුගෙ ඉදිරි කටයුතු සියල්ල මල්ඵල ගැන්වේවා කියලා ඔන්න Y කණ්ඩායමේ අපිත් සුබ පතනවා.

සඳරුට කතා කරන්න කැමති නම් මෙන්න නොම්බරේ 0713675154