පස්සේ ඕං අපි ඒ ගොනා වික්කා

පස්සේ ඕං අපි ඒ ගොනා වික්කා

දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්? කියාගෙන ඔන්න ඉතින් පැටලෙන අකුරුත් අරන් විසේකාර කොල්ලා දි "Y" එක්ක අදාළ තැනට ආවා.අපේ ලංකාවේ කෙල්ලෝ දැන් මට බැණ බැණ මේ පිටුව කියවනවලු.හැබැයි කොල්ලෝ නම් මට පහට දහයක් දානවා කියලා මං දන්නවා. ඒත් අද ලියන දේත් එක්ක මේ සීන් එක කණපිට හැරෙයිද දන්නෙත් නෑ.මොකද "ගෝවේ ගෑනු පරාදයි-ලංකාවේ පිරිමි පරාදයි" කියාගෙන මං අද කියන්නේ ටිකක් වෙනස් Topic එකක් ගැන.කවුරු කට ඇරියත් ඉතින් කියන්නේ කොල්ලෝ තරම් ජාතියක් ලොවෙත් නෑ කියලනේ.

ඒ වුණාට ඉතින් මේ දවස්වල පේන ඇහෙන සීන් එක්ක මේ ටෝක් එකේ කාලෙත් දැන් ඉවරයි වගේ."හිත වාවන්නේම නෑ" කියාගෙන සීන් එක මේකයි.එදා නම් මේ පිරිමි කියන්නේ මගේ වචනවලින්ම ඕං කියනවා නම් පොරවල්.එහෙම නැත්නම් චරිත.හැබැයි පුතේ ඒ නම් එදා."ඒ කාලේ එහෙම වුණත් මේ කාලේ නම් ඕං එහෙම වෙන්නේ නෑ" කියන ගමන් ඒකත් දැන් වෙනස් වෙලා.දැන් ඒ පොරවල්,චරිතවල ඉන්නේ ගැහැනු.ඒ කියන්නේ ඉතින් කෙල්ලෝ.පට්ට තිත්ත කුරුවල් වුණත් ඇත්තම කතාව නම් ඉතින් මහත්තයෝ මෙන්න මේකයි.

දස මහා යෝධයොත් හිටපු මේ රටේ කෙල්ලෝ පාරට බැස්සම තියෙන සිරියාවන්තකම අපේ කොල්ලෝ පාරට බැස්සම තියෙනවද? හරියට අහසට පොළොව වගේ.නැත්නම් වට්ටක්කා බෑවයි මාගලයි වගේ.බොක්කෙන්ම කියනවා නම් ළංවෙලා සම කරන්නත් බෑ.අමාරුවෙන් හරි ගළපන්නත් බෑ.ඒත් ඉතින් කෙල්ලන්ගේ ඒ සිරියාවන්තකම එක්ක අපේ කොල්ලෝ නම් මාර ම මාර ආතල් ගන්නවා. චූස් චූස් ගාන එක, ස්ස් ස්ස් ගාන එක කියන මේ චූන් සීන් ටික සේරම වැටෙන්නේ මං අර මුලින් කිව්ව ආතල් ගොඩට.නිකමට හිතුවොත් අපේ කෙල්ලෝ පාරට බැස්සම Phone Number තොගයක් හම්බෙනවා. අම්මේහ් ඉතින් ආසයි නේහ්.ඒත් ඉතින් සල්මන් ඛාන් වගේ ඇඳගෙනත් අපි පාරට බැස්සම අඩෝ කෙල්ලෙක් බස් ටිකට් එකක්වත් දීලා යන්නේ නෑ.

ඔන්න මහත්තයෝ වෙනස. ඒ වෙනසට අපි ඉතින් ඇස් වහගෙන හරි ගරු කරන්න වෙනවා.ඔව් ඉතින් යට ඇඳුමෙනුත් Hit වෙන ජාතියක්නේ ඔය කෙල්ලෝ කියන්නේ.වාරියපොළ අක්කලා,BMW අක්කලා එහෙම Hit වුණෙත් ඉතින් ලොකුවට දෙයක් කරලා නෙවෙයිනේ. ඒත් ඉතින් පුදුමේ කියන්නේ කොල්ලෙක් යට ඇඳුම පිටින් නෙවෙයි, උපන් ඇඳුමෙන් දිව්වත් පොර නම් Hit වෙන්නේ නෑ.ඒකටත් ඉතින් කෙල්ලෙක් වෙන්නම ඕනේ.අනේ මන්දා ඉතින්.

අද කාලේ කෙල්ලෝ කියන්නේ තනිකරම වෙළඳ බඩුවක්.කෙල්ලෙක් නැති ඇඩ් එකක් හොයාගන්නත් බැරි තරම්.ඇස් ඇරගෙන ම කියනවා නම් කෙල්ලෙක් බාගෙට අන්දලා තියලා "මේ ගසේ බොහෝ පැණි දොඩම් තියේ" කියන කවියට Music Video එකක් කළොත්,යකෝ ඒක දවසින්ම ලංකාවේ ජනප්‍රිය ම සිංදුව වෙයි. බැරි වෙලාවත්ම කොල්ලෙක් බාගෙට අන්දලා තියලා රටේ ජනප්‍රියම සිංදුවට Music Video එකක් කළත්,කියන්න ලැජ්ජයි බං ඒක බල්ලෙක්වත් බලන්නේ නෑ.මගේ වස්තු බල්ලත් නැට්ට කකුල් දෙක අස්සේ ගහන් හිටු කියලා දුවනවා.ඒ අස්සේ මං කිව්වනේ දැන් කෙල්ලෝ තමයි අපේ රටේ එක කියලා.නිකමට හිතුවම දැන් ඉන්න කොල්ලෝ මැට්ටොද කියලත් මට වෙලාවකට හිතෙනවා.යකෝ මුං කටේ කිරි සුවඳවත් යන්න කලින් කෙල්ලෝ හඳපානේ ගෙදරට දක්කන් එනවා.ඊට පස්සේ පවුල් කනවා.කෙල්ලොත් ඔන්න "අනේ වාසනාවන්" කියලා ඉතින් එනවා.

අඩා කොල්ලනේ එහෙම බැලුවම උඹලා හෙණ පව් බං.යකෝ ලොරි දෙක තුනක දෑවැද්දක් එහෙම පටවන් කෙල්ලෙක් ගේනකොට ගෙනෙල්ලා.මොන සිරිත්විරිත් අමතක කළත් පුතේ ඒක අමතක කරන්න එපා. සිරාවට ම බොලේ මෙහෙම බලද්දී මට හිතෙන්නේ මෙච්චරයි.අපේ කෙල්ලෝ තැනකට ගෙනත් තියෙන්නේ අපේ මැටි කොල්ලොම තමයි.

පුන් සඳද ඔබ මාගේ කියාගෙන අපේ කොල්ලෝ මේ කෙල්ලෝ පස්සෙන් යන්නේ ගාල කඩාගත්තු මී හරක් පැටව් වගේ.අනේ දැක්කම දුක හිතෙනවා.අඩා මොන තරම් පස්සෙන් ගියත් කෙල්ලෝ නෙවෙයි ඉතින් ඇහැක් ඇරලා පිටි පස්ස බලන්නේ. ඒ අතින් කෙල්ලෝ මාර ම මාර ගණන්.

හැබැයි චූස් චූස් ගාන්න කලින්ම පස්ස බලන කෙල්ලොත් ඔය අතර අනේ ඉන්නවා.ඒ අස්සේ අඬාගෙන,බඩ ගගා, පෙරළි පෙරළි කෙල්ලන්ගෙන් ආදරේ ඉල්ලන මැට්ටොත් ඉන්නවා.ඉස්සර නම් අපිත් එහෙමයි.පස්සේ ඕං අපි ඒ ගොනා වික්කා.සිරාවට ම අර මැට්ටෝ කෙල්ලට නොවඳිනා ටික විතරයි.ටික දවසකින් උන් ඒකත් කරලා පිරිමි ජාතියේ කලිසම් ගලවයිද දන්නෙත් නෑ.අනේ ඉතින් මේ දේවල් මෙහෙම වෙද්දී කෙල්ලෝ එක වෙලා කොල්ලෝ ඊට 2nd වෙන්නේ නැද්ද කියහන්කෝ.I Love You කියාගෙන අපිත් කෙල්ලෝ පස්සෙන් ගියාට ඉතින් එහෙම යන්නම කියලා එකකුත් නෑ.කැමති නම් කෙල්ලන්ටත් කොල්ලන්ව ටෝක් කරලා දාගන්න පුළුවන්. හරිද? ඔව් ඉතින් මේවා මරු කතරට දිය පොදක් ඉහින්න කියපු සිත නිවන කතා තමයි ඈ.

හැබැයි මේ කෙල්ලෝ කොයි වැඩේ කළත් චූන් වෙන්නේ නම් ඕං කොල්ලෝ. නදීෂා අක්කගේ Lip Kiss එකෙන් සිල් බිඳ ගත්තේ කොල්ලොනේ.ඉරාජ්ගේ ඔය Music Videosවලින් චූන් වෙන්නේ මේ කොල්ලොනේ. මේ ඔක්කොම අපේ ඔය කොල්ලන්ගේ වැඩ.ඔය ඕන තරම් Filmsවල ජෝකර්ලා යට ඇඳුම පිටින් දුවද්දී අපේ මේ කෙල්ලෝ චූන් වුණාද?කෙල්ලෝ Loveවලට 1st එක දුන්නද? නෑ මචන්ලා කොහෙත්ම නෑ.අන්න ඒකයි කෙල්ලෝ එක වෙලා අනේ උඹලා උන්ට 2nd වුණේ. කොල්ලනේ...ආතල් එකේ ඔහේ හිටියට වැඩක් නෑ.

අද ලංකාවේ වැඩිපුර ඉන්නේ කෙල්ලෝ,හොඳ හොඳ තැන්වල ඉන්නේ කෙල්ලෝ.දාහක් කැම්පස් යද්දී එතන අටසීයක් ම කෙල්ලෝ. කොල්ලනේ, උඹලා කෙල්ලන්ට 2nd වෙලා ඉවරයි.අද කාලේ ගොඩාක් කෙල්ලෝ හරිම වෙනස් වස්තු. අඩුම ගාණේ මේ යන විදිහට තව අවුරුද්දක්වත් අපේ කොල්ලෝ ටික කෙල්ලන්ට 2nd වෙලාම හිටියොත්,උඹ කවදාක හරි කෙල්ලෙක්ට "I Love You සුදු මැණික" කියද්දී එදාට ඒ සුදු මැණික උඹට අනිවා මෙහෙම කියයි.

ලක්ෂ ගණන් හම්බ කරලා පොතේ දාලා

පුංචි ඉඩමේ තට්ටු දෙකට ගේත් ගහලා

යන්න එන්න කාර් එකක් ගෙනත් දාලා

අපේ පස්සේ එන්න මගේ හොඳ බබාලා

අනේ ඉතින්....දුක දරාගන්න කියාදෙන්න, ඇවිත් යන්න එන්න දෙයියනේ......