ලංකාවේ නම ලෝකෙට ගෙනිච්ච දිල්ශාන්

ලංකාවේ නම ලෝකෙට ගෙනිච්ච දිල්ශාන්

Model of the world 2017 තරගාවලියේ ලංකාව නියෝජනය කරමින් ජයග්‍රහණයක් ලබාගත් දඟකාර තරුණයෙකු ගැනයි අද අපේ කතාබහ.ඔහු නමින් දිල්ශාන් මාධව පැල්පොල.තාත්තයි,අම්මයි,අයියලා දෙන්නයි එක්ක දිල්ශාන්ගේ පදිංචිය කැළණියෙ.වත්තල ශාන්ත අන්තෝනි ජාතික පාසලෙන් අකුරු කරපු දිල්ශාන් තමන්ගේ වෘත්තිය විදිහට තෝරාගන්නේ නිරූපණ ක්ෂේත්‍රය. ඒත් මේ වන විට ඔහු රංගන ශිල්පියෙක් විදිහටත් කටයුතු කරනවලු.

දිල්ශාන් මුලින්ම ප්‍රේක්ෂකයන් අතරට එන්නේ මියුසික් වීඩියෝවලින්. රොෂාන් වදුගේගෙ"මේ රෑ",තිසර දේශප්‍රියගෙ "මන්දා සිහිනය",සඳුන් පෙරේරාගෙ"කඳුළක් එක්ක" යන මියුසික් වීඩියෝ ඒ අතරින් කිහිපයක්. ඒ වගේ ම "hopless love artist 3 citizen"අමරිකානු මියුසික් වීඩියෝ එකටත්,හිරු ටීවිහි විකාශය වන "පත්තිනි"teledrama එකටත් දිල්ශාන් රංගනයෙන් දායක වෙලා තියෙනවලු.

දිල්ශාන්ගේ ජීවිතේ මේ වන විට ලබාගත් ලොකු ම ජයග්‍රහණය පසුගියදා පැවති model of the world 2017 තරගාවලියේ best friendship title එක ජයග්‍රහණය කරන්න ලැබීම බව ඔහු විශේෂයෙන් මතක් කළා. ඒ වගේ ම "කාර්ගෝ,මොබිටෙල්,NSB වෙළඳ දැන්වීම් හරහාත් දිල්ශාන් ප්‍රේක්ෂකයන් අතරට එනවා.

"මාව මුලින් ම මොඩ්ලින් ෆීල්ඩ් එකට දැම්මේ ශෆික්, නස්සර් කියන මගේ යාළුවෝ දෙන්නෙක්.ඊට පස්සේ චාමර විජේසූරිය,අර්ජුන් සේනානායක,නිලූ සේනානායක මට ලොකු හයියක් වුණා.ඒ වගේ ම මගේ අම්මාගෙනුයි තාත්තාගෙනුයි අයියලා දෙන්නාගෙනුයි ලැබුණු සහයෝගයත් ගොඩක් ම වටිනවා.

ඒ හැමෝටම ස්තූතිවන්ත වෙන්න ඕනි."දිල්ශාන්ගේ මේ දක්වා වූ ගමන තුළ එයාට අතහිත දුන්නු අය ගැන එයාගෙ ම වචනයෙන් කිව්වෙ ඔන්න ඔහොමයි.

රංගන ජීවිතය තුළදී නම් අමතක නොවෙන සිදුවීම් ගොඩක් දිල්ශාන්ට තියෙනවලු. script එකේ දෙබස්වලට අමතරව අතිනුත් දාලා කියවෙන දෙබස් හින්දා ඇතිවෙන පුංචි පුංචි ප්‍රශ්න නම් හරි ම රසවත් සිදුවීම් බව මේ කතාබහේදි ඔහු මතක් කළා.

දිල්ශාන්ගේ අනාගත බලාපොරොත්තුව වුණේ modelingවලින් international rank එකකට යන එක.ඒ වගේ ම ලංකාවට ගැළපෙන හොඳ නිර්මාණවලට රංගනයෙන් දායක වෙන්නත් කැමතියිලු. නිරූපණ හා රංගන ක්ෂේත්‍රයන්ට පිවිසෙන නවකයන්ට දිල්ශාන්ගෙන් ලැබුණු පණිවිඩය තමයි තමන් ගැන විශ්වාසයක් තියාගෙන,තමන්ට අවංක වෙමින් උත්සාහය හා කැපවීම මත තමන්ගේ දක්ෂතාව තුළින් සාර්ථක නිර්මාණ කරන්න උත්සාහ ගන්න ඕනෙයි කියන දේ.

දිල්ශාන් මේ දවස්වල දේශීයවත් විදේශීයවත් පැජන්ට් ගණනාවකට ම සහභාගි වෙන්න සූදානම් වෙමින්ලු ඉන්නෙ.ඒත් එක්කම මියුසික් වීඩියෝ කිහිපයක ම රූගත කිරීම් තියෙනවලු. ඉතිං එහෙනම් දිල්ශාන්ගේ සියලු බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා the Y අපිත් සුබ පතනවා.

දිල්ශාන්ට කතා කරන්න කැමති නම් මෙන්න නොම්බරේ... 0711546841