සදා සොත්ති නොවී ගනිමු CLASS Fun

සදා සොත්ති නොවී ගනිමු CLASS Fun

අපි ඉගෙනගන්න කාලේ අපිට වැඩිපුර ම ඇහෙන වචනයක් ගැන ඔයා කල්පනා කරලා බලන්න. “ඉස්කෝලේ”ඉස්කෝලේ යන්න අපි කම්මැලියි නේද? මතකද ඉස්සර අම්මා ඉස්කෝලේ යන්න අපිව උදේ ම ඇහැරවද්දී අපිට තියෙන කම්මැලිකම? ඒ වගේ ම තමයි බොරු ලෙඩ අරන් ඉස්කෝලේ නොගිය දවස් අනන්තයි නේද? ඒත් ඉස්කෝලේ ගිහිල්ලා විතරක්ම හොඳට ඉගෙනගන්න බෑ කියලා හැමෝම කියද්දී ඔයාට මතකද අපි ඉස්කෝලෙට අමතරව “Class” ගියා. Class යන එක පොඩිකාලේ නම් අපිට හරි වදයක්. ඒත් O/L,A/L වෙද්දී ඉස්කෝලේ යනවට වඩා අපි කැමතියි Class යන්න.

Class යන එක අපිට ගොඩක් Fun දෙයක්. මොකද යාළුවෝ ඔක්කොම සෙට්වෙලා Class යනකොට මාර ජොලි. Class යන්න පටන් ගන්න කාලෙ ම අපි ඒ fun එක ගන්නෙ බස් එකේදී. Class යන අතරමඟදී විහිළු කරලා, යාළුවොත් එක්ක එක එක කතා කියවලා හරි ම අහිංසක විදිහට. එත් ටිකක් කල් යද්දී Class යන එකේ fun එක අපි Class නොයා ගන්න හදනවා. හිතන්න පොඩ්ඩක්. අපි Class යන්නේ ඉගෙන ගන්න. අම්මලාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න. ඒත් Class කට් කරලා ලබන අන්තිම ප්‍රතිඵලය සතුටක්මද? පිරිමි ළමයි ගොඩක් set වෙලා Class යන්න ආසයි. එහෙම set වෙලා Class ගිහින් අන්තිමට Class කට් කරන්න කියන්නෙත් ඒ set එක ම තමයි. Class කට් කරලා, ඔයා හොයන විනෝදය ඇතුළේ ඔයාගේ විනාශය තියෙනවා කියලා ඔයා දන්නේ නෑ. මේ කුහක සමාජයේ මිනිසුන්ගේ පටු අදහස් අස්සේ ඔයා අතරමං වෙනවා. ඔයාට හරි ආදරෙන් fun දෙන්න හදන අය එක්කෙනෙක්වත් එතකොට ඔයාව බේරගන්න එන්නෙ නැහැ. ඔයාගේ life එක ගොඩදාන්න, ඔයාව Class එවන අම්මලා ඔයා ගන්න fun ගැන දන්නෙ නැහැ. ඒ fun නිසා ජීවිතේ විනාශ වුණොත් ඒ බරත් ඔයාගේ අම්මටයි තාත්තටයි ම තමා. හිතන්න හොඳට, ඒ ගොල්ලො කොච්චර අසරණ වෙනවද කියලා. මත්ද්‍රව්‍ය වගේ දේවල්වලින් එක එක විදිහට ආතල් ගත්තට අන්තිමට ඔයාට ඉතුරු වෙන්නේ පැරදුම විතරයි. ඔයා ඔයාට ආදරේ නම් ඒ වගේ තැන්වලට වැටෙන්න එපා.

ගැහැනු ළමයින්ටත් මේක අදාළයි. ඔයාගේ ලස්සන, පිවිතුරු බව Class කට් කරලා, නැතිකර ගන්න එපා. ක්ෂණික අනංගයන්ගේ සිල්ලර ආදරේ මුළු ජීවිතේ ම තියෙයි කියලා ඔයා හිතන්නත් එපා. Class ගිහින් හොඳට ඉගෙනගෙන, ජීවිතේ ගොඩදාගන්න try කරන්න. ඒ වගේ ම ඔයගේ මව්පියන්ට ඉන්න වස්තුව ඔයා. ඔයාගේ ජීවිතේට කැළලක්, හානියක් වුණොත් එයාලට ඒක දරාගන්න අමාරුයි. ආදරේ හිතෙන වචනවලින්, ඔයාට අරන්දෙන තෑගිවලින් ක්ෂණික අනංගයෝ බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ වටිනාකම. ජීවිතේ ම රැකගත්ත ඔයාගේ පිවිතුරුකම බොලඳ වචන කිහිපයකට, පටු ආශාවකට කෙටිකාලයකදී හිලව් කරන්න එපා. සමාජයේ තියෙන උවදුරුවලට බිල්ලක් වෙන්න කවදාවත් හිතන්න එපා. ඔයාගේ වැදගත්කම ජීවිතේ පුරාවට ම තියාගන්න ඔයා උත්සාහ කරන්න.

Class යන හැමෝම නරකයි කියලා නෙවෙයි මේ කියන්නේ. Class ගිහින් ජීවිතේ ගොඩදාගන්න කොල්ලෝ කෙල්ලෝ ගොඩක් ඉන්නවා. ඒත් Class ගිහින් පුංචි වැරැද්දකට හරි ඔයා පෙළඹිලා ඉන්නවා නම්, මේ ඔයාට ඒකෙන් අයින් වෙන්න ආදරෙන් කරන පුංචි ආයාචනයක් කියලා හිතන්න.

අපේ යෞවනයේ සුන්දරත්වය විඳින්න. පොළවේ පයගහලා ජීවත්වෙන්න. සත්තයි ඔයාට වරදින් නැහැ කවදාවත්.