හිත් ආදරෙන් පුරෝන චූටි මැණිකෙ

හිත් ආදරෙන් පුරෝන චූටි මැණිකෙ

 

කැමති ම චරිත දෙක තුනක් තියෙනවා. මං හරි ආස එක චරිතයක් තමයි චබීගෙ චරිතෙ. ඒ චරිතෙ ලියවිලා තියෙන විදිහ හරි ලස්සනයි. හරි අමුතු චරිතයක්. තව අනුහස්ටත් ගොඩක් කැමතියි. එයාට තාත්තාත් නැතුව මුහුණ දෙන්න වෙන සිදුවීම් ගොඩක් තමයි මේ කතාවෙන් පෙන්නන්නෙ. එතකොට ගෑනු ළමයින්ගෙන් මම සමල්කගෙ චරිතෙට ගොඩක් කැමතියි.

විතේ අවස්ථාවන් කියන දේවල් හැමදාම ලැබෙන්නෙත් නෑ. ඉඳලාමත් ලැබෙන අවස්ථාවන්වලින් නියම විදිහට ප්‍රයෝජන ගන්න ගොඩ දෙනෙක් දන්නෙත් නෑ. ඒත් වුණත් මේ කියන්න යන්නෙ නම් තමන්ට ලැබුණු පළවෙනි අවස්ථාවෙන් ම උපරිම ප්‍රයෝජන ගන්න තරම් වාසනාවන්ත වුණු පුංචි සුරංගනාවියක් ගැන. ඇය ශලිනි ෆර්නැන්ඩෝ. කොයිකවුරුත් දන්න විදිහට කියනවා නම් දෙරණ නාලිකාවේ විකාශය වෙන දෙවෙනි ඉනිමේ ලිහිණි.. එහෙමත් නැත්නම් "චූටි මැණිකෙ" තමන්ට නිරූපණය කරන්න ලැබුණු මුල් ම චරිතයෙන් ම පුදුමාකාර විදිහට ප්‍රේක්ෂක ආදරය දිනාගත්තු ශලිනිව හොයාගෙන y අපි මීගමු පුරවරයට ගියේ සොඳුරු කතාබහකට මුලපුරන්න හිතාගෙන.

ඉතිං ශලිනි කොහොමද ජීවිතේ?

ජීවිතේ හොඳයි ඉතිං.

ජී දෙවෙනි ඉනිමෙ චූටි මැණිකෙගෙ චරිතයත් එක්ක ගොඩ දෙනෙක් ඔබ ගැන කතා වෙනවා. ඉතිං කැමතියි දැනගන්න ශලිනි ෆර්නැන්ඩො දෙවෙනි ඉනිමෙ චූටි මැණිකෙ වුණේ කොහොමද කියලා?
ඒක ඇත්තට ම අහම්බයක්. අපේ පුංචි තමයි මාව දෙරණ අවුරුදු කුමරි තරගෙට දැම්මෙ. ඒකෙන් මට වාසනාව ලැබුණා පළවෙනියා වෙන්න. ඊට පස්සෙ ඉතිං දෙරණත් එක්ක හොඳ සබඳතාවයක් ඇති වුණා. දෙරණ අපි එක්ක හරි කිට්ටුයි. දවසක් චරිත් කොතලාවල සර් කතා කරලා කිව්වා ඔයාව දෙවෙනි ඉනිමෙ චරිතයකට තෝරගෙන තියෙනවා. ඔයා කැමතිද භාරගන්න කියලා. ඉතිං කවදාවත් ඊට කලින් කැමරාවක් ඉස්සරහා රඟපාලා නැති මට ඒක ලොකු අභියෝගයක් වුණා. මං ඒක ගොඩක් කැමැත්තෙන් භාරගත්තා.

තවම ඔබ අධ්‍යාපනය හදරනවා. රංගන ශිල්පිනියක් විදිහට මේ ලැබෙන ජනප්‍රියත්වයත් එක්ක දවසක ඔබේ වෘත්තියත් රංගනය ම වේවිද?
ඒක කියන්න බැහැ. මම රංගනය අතාරින්නෙ නෑ. ඒ වුණත් මගේ හීනෙ නම් තියෙන්නෙ දවසක ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න. ඉතින් මම ඒ පැත්තෙන් වැඩිදුර ඉගෙන කැමතියි. එහෙමයි කියලා රංගනය අත්හරින්නෙත් නෑ. දෙක ම සමබරව කරගෙන යනවා. බලමුකො ඉතිං ඉස්සරහට.

"දෙවෙනි ඉනිම" ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරන අතරතුරේ සිදු වුණ අමතක නොවෙන සිදුවීම් එහෙමත් ඇති නේද? කැමතියි ඒ ගැනත් ටිකක් දැනගන්න
මට ඇත්තට ම "දෙවෙනි ඉනිම" ටෙලි නාට්‍යයේ රඟපාන්න කතා කරපු එක ම මගේ ජීවිතේ කවදාවත් අමතක නොවෙන සිදුවීමක් තමයි. මොකද මම හීනෙකින්වත් හිතුවෙ නැති දෙයක් මේක. රංගනය කියන දේ මගේ හීනෙකවත් තිබුණෙ නෑ කවදාවත්.

දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ඔබ වැඩියෙන් ම කැමති චරිතය මොකක්ද කියලා මං ඇහුවොත්?
කැමති ම චරිත දෙක තුනක් තියෙනවා. මං හරි ආස එක චරිතයක් තමයි චබීගෙ චරිතෙ. ඒ චරිතෙ ලියවිලා තියෙන විදිහ හරි ලස්සනයි. හරි අමුතු චරිතයක්. තව අනුහස්ටත් ගොඩක් කැමතියි. එයාට තාත්තාත් නැතුව මුහුණ දෙන්න වෙන සිදුවීම් ගොඩක් තමයි මේ කතාවෙන් පෙන්නන්නෙ. එතකොට ගෑනු ළමයින්ගෙන් මම සමල්කගෙ චරිතෙට ගොඩක් කැමතියි.

කියන්නකො අපිට ඔබේ පවුලෙ විස්තර ටිකකුත්?
මමයි අම්මයි අයියයි තමයි ඉන්නෙ. මගෙ තාත්තා නැති වෙනකොට මට අවුරුදු 05යි. අයියා තමයි දැන් පවුලෙ තාත්තගෙ තැන අරගෙන ඉන්නෙ.

කොහොමද එතකොට මේ දවස්වල ඔබේ අධ්‍යාපන කටයුතු සිද්ධ වෙන්නෙ?

මේ අවුරුද්දෙ මැයිවල මම A/L කරනවා කොමස්වලින්. මම ලන්ඩන් සිලබස් කරන්නෙ. ඉතින් ටියුෂන් ක්ලාසස් එක්ක තමයි වැඩිපුර කාලෙ ගෙවන්න වෙලා තියෙන්නෙ.

ඉදිරියෙදි අපිට ඔබව මොන වගේ නිර්මාණවලින්ද දැකගන්න පුළුවන්?

ටෙලි නාට්‍ය නම් දැනට නෑ. ගොඩක් කළේ බ්‍රයිඩල් ෂෝස් තමයි. මියුසික් වීඩියෝ එකක් කළා. ඒක නම් දැන් තියෙන මියුසික් වීඩියෝ රැල්ලෙන් එහාට ගිය වෙනස් ම වෙනස් අලුත් ම දෙයක්. ඉතින් හැමෝටම කියන්නෙ බලන්න. ඒක වෙනස් ම අත්දැකීමක් වෙයි.