වැලන්ටයින් සමරන්න නාම යෝජනා බාර ගන්නවා

වැලන්ටයින් සමරන්න නාම යෝජනා බාර ගන්නවා

මේ අවුරුද්දෙවත් මට ඇහැට කනට පේන සුපිරිම කෑල්ලක් Set වේවා කියාගෙන ඔන්න ඉතින් අදාළ තැනට ලෑන්ස් කළා.අපේ දි Y කියවන කෙල්ලන්ගෙන් අලුත් අවුරුද්දේ ඇඟට දැනෙන්නම දෙකක් තුනක් අහගත්තේ නැත්නම් නිකන් මොකක්ද මොකක්ද වගේ.ඒ හින්දම ඔන්න මං අද ලියන්න හිතුවේ "අවංක නැති කෙල්ලෝ"ගැන.එහෙමයි කියලා ඉතින් දැන් මට බණින්න නම් ඔට්ටු නෑ.මොකද මට බණින්න බණින්න වෙන්නේ මං වැඩි වැඩියෙන් කෙල්ලෝ ගැන ලියන එක.ඒ හින්දා මගේ වස්තුලා ටික සන්සුන්ව මේ සීන් එක මුල ඉඳන් අගට කියවන් යන්න.එහෙම කියවන් යද්දි කොතැනදි හරි ඔය ඇඟේ මාලු නැටුවොත් ඉක්මනට කුස්සියට ගිහින් වතුර චුට්ටක් බොන්න.නැත්නම් ඉතින් ඔය ඇඟවල්වල මාලු නටනකොට මමයි අපේ අම්මයි ආච්චියි කියන ඔක්කෝම ඉවරයි.ඔව් ඉතින් මේ කෙල්ලෝ බණිද්දි බණින්නේ පරම්පරා හතකට විතර වදින්නනේ.ඔන්න කෙල්ලනේ අද නම් එහෙම එපා ඈ....

කෙල්ලෝ හොඳයි වළං හෝදන්න කියාගෙන මං ජීවිතේට දැකලා නෑ අවංක කෙල්ලෙක්.සිරාවටම කියනවා නම් මං අවංක කෙල්ලෝ දැකලා තියෙන්නේ හින්දි Filmsවල විතරමයි.ඒ හින්දම හිතුනොත් මං කසාද බඳින්නේ නෑ.අඩුම තරමේ මගේ ළමයින්ට කසාද බඳින්න දෙන්නෙත් නෑ.යකෝ උඹලම කියහල්ලකෝ පොල් ඉරටුවක් තරම් අවංක නැති කෙල්ලොත් එක්ක කොහොමද බං ජීවත් වෙන්නේ කියලා.උණ්ඩුක පුච්චෙන්ම කියනවා නම් වේලක් කන්න නැති දවස්වලට මිනිහවත් මරන් කන ජාතියක්නේ බං ඔය ගෑනු කියන්නේ.බොරු නම් ඔය ළඟදී බැඳපු එකෙක්ගෙන් නිකමට අහලා බලපන්. මොකද උන් තරම් ගෑනු ගැන දන්න උන් ලොවෙත් නෑ.ඔය බඳින්න කලින් "සුදු පැටියෝ" කියන කොයි කොයි අම්මණ්ඩිලත් බැන්ඳට පස්සේ එහෙම තමයි.දැන් ඉතින් ඇඟේ මාලු නටන කෙල්ලෝ අහයි,"අයියේ ඔයාගේ අම්මත් ගෑනු කෙනෙක් නේද?" කියලා.ඔව් ඉතින් අපේ අම්මත් ගෑනු කෙනෙක් නම් තමයි.ඒත් වස්තුවේ අම්මා ඉන්නේ ඉතින් 21න් පහළ Team එකේ නෙවෙයිනේ.

"මං වැඩට ගියා....ඔයා වටේ ගියා....නමුදු ආදරෙයි වස්තූ...." කියලා මං සිංදුවකුත් කරන්න හිතන් ඉන්නේ ඉස්සරහට කෙල්ලෝ ගැන.ඔන්න එදාට නම් ගොඩාක් අයට රිදෙයි ඈ.අඩෝ ඒ අස්සේ අද කාලේ කෙල්ලෝ නිකන් මලකඩ කාපු කෝච්චි වගේ.ඇයි ඉතින් දාලා ගිහින් තව හූත් කියනවා.ඉතින් කියහන්කෝ මුන් එක්ක Love කරන්නේ කොහොමද කියලා.ඔන්න ඕකට තමයි කියන්නේ බනිස් ගෙඩියක් කන්න තියෙන ආසාවට බේකරියක් මිළට ගන්නවා කියලා.අනේ අම්මපා සල්ලි යකඩ නම් කෙල්ලෝ කාන්දම්.අන්න ඒකයි ඇත්තම සීන් එක.ඒ උනාට අපේ අම්මගේ අක්කගේ ලොකු එකා බැන්ඳේ වයස දාසයේදී.උගේ නංගි බැන්ඳේ පහළොවේදී.ඊට පස්සේ අම්මගේ නංගිගේ එකම දුව බැන්ඳේ දා හතේදී.යකෝ එතකොට අපි බඳින්නේ කවද්ද? ඇත්තමයි බං අපේ පවුලේ නම්බුවක් කියලා එකක් තිබ්බා නම් ඒක සමමුලින්ම කෑවේ මං.ඉතින් පවුලේ නෑදෑයිනි,ඔබට සතුටුයිද දැන්....?

මගේ යාලුවන්ගේ Phoneවලට පැය විසි හතරෙම "සුදූ නිදිද? පැට්ටෝ කෑවද? අනේ Umma ඕනි...."කිය කියා Msg එනවා.යකෝ Phone එකේ ලෙඩක්ද මන්ද අපට ඒවා එන්නේ නෑ.සිරා කියනවා නම් පළමුදා ජනාධිපති තාත්තා Wish කරලා එවපු Msg එක තමයි අද වෙනකල් ආපු එකම Msg එක.ආයේ ඉතින් මේ අවුරුද්දට එච්චරම තමයි.ඒ අස්සේ එහෙන් වැලන්ටයින් කියලා ලබ්බක් එනවා.අනේ මන්දා අපේ හාමුදුරුවනේ....එදාට තමයි වහ ටිකක් ගහලා ළිඳට පනින්න හිතෙන්නේ.ඒත් ඉතින් මැරෙයි කියලා තියෙන බයට ඉවසන් ඉන්නවා.මොකද මං දන්නවා මං මැරුනොත් අපේ අම්මට ගේත් බැංකුවට උකස් කරලා පාරට බහින්න වෙනවා කියලා.ඇයි ඉතින් අපේ ගමේ උන්ට මළ ගෙයක් කියන්නේ මාර ආතල් එකක්නේ.උන් ඉතින් තුන්මාසෙම කකා බිබී අපේ ගෙදර නැවතෙයි.ඉතින් කියහල්ලකෝ මුන් හින්ද මට නිදහසේ මැරෙන්නවත් පුළුවන්ද කියලා.අඩේ ඇත්තමයි අපි පව් බං.ඒ උනාට ඉතින් පෙබරවාරි 14 වැලන්ටයින් සමරන්න අපිත් නාම යෝජනා බාර ගන්නවා ඈ.ඔව් ඔව් ඒවා ඉතින් එහෙමයි.

තවත් කතාවක් කියන්න තියෙනවා.ඔය කොල්ලන්ටම කෙල්ලන්ගෙන් අහන්න කියලා එකක් නෑ ඉතින්.ඕනකමක් තියෙයි නම් කෙල්ලන්ටත් ඇවිත් කොල්ලන්ගෙන් අහන්න පුළුවන්.ඒ උනාට අපි නම් ඔය හිත ගිය කෙල්ලට කෙළින්ම ආදරෙයි කියන්න යන්නේ නෑ.අපි ඒක ඒකිට දැනෙන්න අරිනවා. අන්තිමේ එකෙක් ඇවිත් ඒකිව කුදලන් යනකල්ම අපි දැනෙන්න ඇරලා අන්තිමේ අපි වහ ජුංඩක් කටට හළා ගන්නවා.ඔන්න ඔය හින්දමද කොහෙද අපට තාම කෑල්ලක් නෑ.කරුමෙටවත් එකියක් Set උනොත් ඒකි Boot කාපු එකියක්.නැත්නම් පාට්ස් අඩු එකියක්. ඒත් නැත්නම් Love කරලම සසරම කලකිරුනු එකියක්.ඔන්න ඕකුන් ඇරෙන්න මල් වගේ අපිට පට්ට කෑලි නම් Set වෙන්නේ නෑ.එහෙම Set උනොත් පහුවදා ඒ සතුටට අපේ දිහා මළගෙයක්.ඔව් ඔව් මැරෙන්නේ මං.ඔය ඔක්කෝටම මුල ඉතින් අවංක කෙල්ලෝ අර රයිනෝසිරස් සත්තු වගේ වඳවෙලා තියෙන එකනේ. හී හී නංගි අන්නේකයි.

හැබැයි කෙළිය කියන්නේ අපට කෙසේ වෙතත් අපි එක්ක එකට කෝම්පිට්ටු හදපු උන්ට නම් "සල්ලි සබන් පෙණ-ගෑණු සෝබන"කියලා පට්ටම කෑලි Set වෙලා තියෙනවා.යකෝ උන් දාගෙන ඉන්න කෑලි දැක්කම පොළොව පලන් යන්න හිතෙනවා.යකෝ උන් ඒවා කොහෙන් හොයාගත්තද මන්දා.අනේ අම්මපා මට ඒ කෙල්ලෝ ගැන මෙහෙම කියන්න බෑ.ඒ හින්දා මං පද හතරේ කවියකින්ම ඒ ගැනත් කියාගෙන කැපෙන්නම්.හැබැයි උඹලා මේ කවියේ එළිවැටයි අරකයි මේකයි එහෙම හොයන්න යන්න එපා ඈ....

රන් කඳක් වගෙයි එවුන්ගේ මූණ රත්තරන්

දෙන තකත් අගෙයි හරියට මක්කදෝ වගෙයි

හොල්ලලා ගමන් යනකොට තම් දෙනත් තනම්

තට්ටමෙන් කියයි එවුන්ගේ ගාය කොයි තරම්