Golden Globes 2018 : All the dresses from the red carpet

Golden Globes 2018 : All the dresses from the red carpet

 

 

 

Beauty Tips

කුරුලෑ කියන්නේ ගොඩ දෙනකුට තියෙන ප්‍රශ්නයක්. මුහුණේ කුණු දුහුවිලි පිරුණා ම තියෙන අපිරිසිදුකම නිසා වගේම මානසික ආතතිය වැඩි වුණාමත් කුරුලෑ එනවා. ඒ වගේම තෙල් සහිත සමක් ඇති අයට කුරුලෑ ප්‍රශ්නය වැඩියි.

ඉතින් මේ විදියට කුරුලෑ ආවම සමහරු නියපොත්තෙන් කුරුලෑ කඩන්න පුරුදු වෙලා තියෙනවා. ලේසියට අතින් කුරුලෑ කැඩුවාට ඒකෙන් සිද්ධ වෙන හානිය ගැන ගොඩ දෙනෙක්ට අවබෝධයක් නැති තරම්.

නියපොතු සාමාන්‍යයෙන් විසයි කියලා කට කතාවටත් කියනවනේ. නියපොත්තෙන් කුරුලෑ කඩන්න ගියාම ඇති වෙන කැළැල් මාස ගණනක් යනතුරු මැකෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි කුරුලෑවල විසබිජ තරලය මුහුණේ වෙනත් තැන්වල වැදුනොත් තව තවත් කුරුලෑ පැතිරෙන්න ඉඩ තියෙනවා.ඒ වගේම නියපොතුවලින් කුරුලෑ කඩන කොට නියපොතුවල තියෙන විසබීජ සමට ඇතුළු වෙන්න පුළුවන් වගේම ඒ නිසා ආසාදන ඇති වෙන්න ඉඩ තියෙනවා.

ඉතින් මේ දේවල් එක්ක හැමෝම අහන්නේ කුරුලෑ එන එක නවත්තගන්නේ කොහොමද කියලා. කුරුලෑ එන එක වළක්වන්න නම් හොඳම දේ තමයි තමන්ගේ මුහුණ පිරිසිදුව තියා ගන්න එක. මුහුණේ තියෙන කුණු දුහුවිලි ඉවත් ව යන විදියට නිතරම මුහුණ පිරිසිදුව තියා ගන්න ඕනි වගේ ම වතුර වැඩිපුර පානය කරන එකත් සමට හොඳයි. ඒ වගේම කුරුලෑ තියෙන අය නිතර නිතර ස්ක්‍රබ් කරන්නත් හොඳ නැහැ.

උපදෙස් - කිෂිඩා ෂෙරෝන් ප්‍රනාන්දු

(Salon Hansi)

 

ඩෙනිම් ලස්සනයි තමයි හැබැයි දැනගෙන අඳිමු

 

ඩෙනිම්.. කෙල්ලන්ගේ කොල්ලන්ගේ ජාතික ඇඳුම. හෝදන්නත් ඕනේ නැහැ. පට්ට ගගහ අඳින්නත් පුළුවන්. හැබැයි දැන් ඩෙනිම් කියන්නේ වෙනම විලාසිතාවක් වෙලා. හැබැයි ඒ විලාසිතාව ඔහේ කරන්නන් වාලේ කරන්න යන්න එපා.

දැනගෙන පිළිවෙළකට කරන්න.

ඩෙනිම් ෆැෂන් කිව්වම හයිවේස් , පැච් , පෙන්සිල් කට් ඩෙනිම්!!! සෑහෙන්න තියෙනවා.

පෙන්සිල් කට් නොවන ඩෙනිම් එකක් ගත්තත් ඕක කපල කොටලා මහගෙන පෙන්සිල් කට් එකක් කරගන්නවනේ. හිරට හිරේ ඕකට බහින්නේත් ෂොපින් කවරවල පිහිටෙන්. මුණ ඇඹුල් කරගන්න දෙයක් නැහැ. ඕක තමයි වෙන්නේ.

ඔච්චර හිරට ඇඳුමක් ඇඳලා බලාපොරොත්තු වෙන්නේ ලස්සනට ඉන්න විතරමද.. පොඩ්ඩක් සෙක්සි ලුක් එකක් ගන්න. නැත්නම් අලුත් ලෝකේ තියන හැමදේම කරන්න. එහෙමනේ නේද...

සමහරු නම් ඉන්නවා අපරාදේ කියන්න හොඳ නැහැ රැල්ල නිසා ඕවා අඳින.

ඉතින් මේ රැල්ලට දුවන්නියන්ට, සෙක්සි ලේඩිලාට පොඩ්ඩක් ඔය දාගෙන ඉන්න පාට කණ්නාඩි ගලවලා ඇත්ත ලෝකේ දිහා බලන්න වෙන දෙයක් කියන්න හදන්නේ. !!!

දැන් ඔය ඩෙනිම් එක ඇතුළේ කිටි කිටියේ හිර වේවි ඔබ දවසේ පැය කීයක් ගෙවනවද කියන්න බලන්න. උදේ ඉඳන් අඩුම පැය හත අටක් වත්.. හා නැද්ද..

ඔහොම හිරට හිරේ ඇඳන් ඉද්දි සිද්ද වෙන දේ තමයි කකුලේ මාංශ පේශි අධික ලෙස තෙරපීම.ඊට පස්සේ ස්නායු තෙරපෙනවා. ඕකෙන් වෙන්නේ ඔබ රෝගියකු වීම. දිගු කාලීනව මෙහෙම ස්නායු තෙරපීම්වලට ලක් වෙන්න චුට්ටක් වත් හොඳ නැහැ. ඔබ අංශ භාග රෝගියකු කරන්න පවා පුළුවන්. මේවා කියන්නේ වෛද්‍යවරු. ලස්සනට ඉන්න ගිහින් ලෙඩෙක් වෙන්න ඕනෙද. ඔන්න හිතන එක ඔබ අතේ.

නිබන්ධිකා

 

How to Find the Best Hairstyle for  Your Face Shape

If your face is oval…

Feel free to be a hair chameleon. "Oval faces can wear just about any type of hairstyle, and they look great with short hair," says stylist Frederic Fekkai. "Bangs can also help to balance out a long face or soften facial features." If you want to camouflage the length of your face, though (or just draw extra attention to killer cheekbones), try a style with a bit of width to it, like waves or layers. The only place oval-face gals don't want width, or any kind of volume for that matter, is on top of the head.

( www.glamour.com )

 

 

කෙල්ල

ලෝකේ ගෝලාකාරයි කෙල්ලෝ විවිධාකාරයි කිව්වට කෙල්ලන්ට ලෝකේ නීති නම් කෝටියයි. විවිධත්වය කෙසේ වෙතත් කියනකොට කියන්නේ නම් ගෑනුන්ගේ හැඳි මිටේ නුවණනේ බං කියලා. හැබැයි ලෝකේ ඒ විවිධාකාර මිනිස්සුන්ට අමතක වෙන තැනක් තමයි කුස්සියේ බත් තම්බන හැඳි මිටේ ගෑනුන්ගෙන්ම තමයි ලෝකේ පැවැත්ම තීරණය වෙන්නේ කියන එකත්.

ඒ කි නොකී කතා කොහොම වුණත් කෙල්ල ගැන කතා කරන කොට අපිට හිතුණා ලෝකේ මවපු දෙයියන්නාසේටවත් නැති හැබැයි ලෝකේ වැටිලා ඉන්න මිනිසුන්ට කෙල්ලෝ ගැන තියෙන නානාප්‍රකාර ගැටලු ටිකක් ගැන කෙල්ල එක්ක කතා කරන්න.

නීති වැඩි හරියක තිඹිරි ගේ තමයි ඔය මහා ලොකුවට කිරි කළේ අරන් ඔලුවට නවනකොට දාන සම්පාදිත නීති ටික. “ කොටහළු මඟුලට කලින් නම් නීති නම් මොනාද බ්‍රෝ “ කියලා ශේප් එකේ හිටියට කොටහළු මඟුලට පස්සේ තමා මිනිස්සුන්ට නැති නීති පොතුත් මතක් වෙන්නේ. හැබැයි ඉතින් අස්සයා දුවලා ඉවර වුණායින් පස්සේ අස්ස ගාල වහලා වැඩක් නෑ වගේ ම ඕනාවට වඩා නීති දාලා කෙල්ලෝ හදන්නත් බෑ. තේරුම් දෙකක් තිබුණාට ඒක වෙනම පොයින්ට් එකක් හදන්න පුළුවන් ටොපික් එකක්.

ලෝකේ මිනිස්සු ඇහේ බොලේ ප්‍රමාණයෙන් ලෝකේ දිහා පුළුල් ව බැලුවට ලංකාවේ මිනිස්සු නම් ලෝකේ දිහාවේ වැඩි හරියක්ම බලන්නේ යතුරු හිලෙන්. ඔන්න ඕක තමයි තත්ත්වේ. ඒ වගේ යතුරු හිල්වලින් ලෝකේ බලන දූපත් මානසිකත්වයක් තියෙන මිනිස්සු එක්ක ජීවිතේ ගෙවන කෙල්ලන්ට නම් දෙයියන්ගේම පිහිටයි.

හැබැයි ඉතින් බහුතරය එහෙම වුණාට එහෙම නොවෙන සුළුතරයකුත් ඉන්නවා. ඒක වෙනම කතාවක්. හැබැයි ඒ කොයි කතාවත් අස්සේ එක එක සයිස් පරාල ඇණ වගේ කේස් නම් හිසේ කෙස් ගානකට ලෝකේ තියෙනවා.

ඒ වගේ කී නොකී කේස් ගැන කතන්දර ටිකක් එක්ක කෙල්ල වයි එකට එන්නේ වෙනම ලයිෆ් ස්ටයිල් එකකුත් අරගෙන. හැබැයි මේවා නිකම් ගෑනුන්ගේ ගෑනු කතා නම් නෙවෙයි ඔන්න. ගෑනුන්ගේ පොයින්ට් එකෙන් කතා කරාට රිදෙන තැන්වලට රිදෙන්නත් දැනෙන තැනවලට දැනෙන්නත් ලියපු ටිකිලා ෂොට් එකක්. තමන්ට ඇති පදමට ඕනි ඒවා කලවම් කරගන්න එක ඉතින් තම තමන්ගේ වැඩක්.

අරුණි