මල පූදින මල්ලිලාට

මල පූදින මල්ලිලාට

කොහොම වුණත් musical showවලට ගියහම අපේ fun එක අපි අරගන්න ඕනේ කාටවත් කරදරයක් නොවෙන විදිහට. musical show එකක් කියන්නේ එක එක විදිහේ මිනිස්සු සතුට හොයාගන්න, එකට එකතුවෙන තැනක්. එහෙම මිනිස්සු අතර ඉද්දි එක එක විදිහේ හැසිරීම් අපිට දකින්න පුළුවන්. ඒ වගේ ම ඒ වැඩ නිසා ඔයාට ඔයාගේ fun එක නිදහසේ විඳින්න බැරිවෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔයා කලබල වෙන එක සාමාන්‍ය දෙයක්. එත් එහෙම කලබල වෙලා සමහරවිට ඔයා නොහිතපු ප්‍රශ්නෙකට ඔයාව පැටලෙන්න පුළුවන්.

Attack කියන වචනේ අහන දකින ඕනෑම වෙලාවක ඔයාගේ හිතට එන්නේ මොනවද කියලා මම ඇහුවොත් ඒ ගැන ඔයාට සතුටක් නොදැනෙන බව මම දන්නවා. අපි attack කියන වචනේ පාවිච්චි කරන්නේ අපිට අභියෝගයක් එන වෙලාවට විතරක්මද කියලා ඔයා කල්පනා කරලා බලන්න. අපි ඕනෑම දෙයක් දිහා බලන විදිහට තමයි ඒක අපිට පෙනෙන්නේ. අපේ කොල්ලෝ නම් attack එකක් අවොත් පහුබහින්නේ නෑ. return එකක් දීලම තමයි පස්ස බලන්නේ. මම මේ කියන්න යන්නෙත් ඒ වගේ attack එකක් ගැනද කියලා හිතන්න ඔයාට නිදහස තියෙනවා. youth එකේ අපි වැඩිපුර ම හොයන දේ තමයි fun එක. fun එක අපිට ලැබෙන තැනක් තමයි musical show කියන්නේ.

musical show එකක් බලන්න යනවා කියන්නේ අමුතු ම විදිහේ සතුටක්. සුපුරුදු bowring ජීවිතෙන් චුට්ටකට ඈත්වෙලා යාළුවො එක්ක set වෙලා, සින්දුවක් අහලා, dance දාලා ජොලියක් අරන් එන්න අපි කවුරුත් කැමතියි. ඒ show එකට ඔයාගේ ආස ම ගායකයා ,ගායිකාව ,බෑන්ඩ් එක එනවා නම් ඔයා එතැනට යන එක නවත්වන්න සක්‍ර දෙයියන්ටවත් බැරි බව මම දන්නවා.

කොහොම වුණත් musical showවලට ගියහම අපේ fun එක අපි අරගන්න ඕනේ කාටවත් කරදරයක් නොවෙන විදිහට. musical show එකක් කියන්නේ එක එක විදිහේ මිනිස්සු සතුට හොයාගන්න, එකට එකතුවෙන තැනක්. එහෙම මිනිස්සු අතර ඉද්දි එක එක විදිහේ හැසිරීම් අපිට දකින්න පුළුවන්. ඒ වගේ ම ඒ වැඩ නිසා ඔයාට ඔයාගේ fun එක නිදහසේ විඳින්න බැරිවෙන්න පුළුවන්. ඒ වෙලාවට ඔයා කලබල වෙන එක සාමාන්‍ය දෙයක්. එත් එහෙම කලබල වෙලා සමහරවිට ඔයා නොහිතපු ප්‍රශ්නෙකට ඔයාව පැටලෙන්න පුළුවන්. ඔයා දන්නවද? අපිට මේ ලෝකේ තේරුම් ගන්න තවමත් හරිහැටි හැකියාවක් නෑ කියලා. ලෝකේ තේරුම් ගන්න නම් අපි මිනිස්සු කවුද කියල හරියට ම තේරුම් ගන්න ඕනේ.

 එත් තවමත් ඔයාටවත් මටවත් මේ ලෝකේ මිනිස්සුන්ගේ හැඩය හරියට ම හොයාගන්න බෑ. musical show එකකට ගියහම ඔයා අකමැති, ඔයාට පෙන්න බැරි විදිහේ දෙයක් වෙනවනම් ඒ වගේ ම ඔයාව ප්‍රශ්නෙකට පටලවන්න කවුරුහරි උත්සාහ කරනවානම් ඔයා ඒගොල්ලන්ට attack කරන්න ඕනේ ඔයාගේ ඇගේ-පතේ හයිහත්තිය පෙන්නලා නම් නෙවෙයි. මිනිස්සුන්ගේ එක එක විදිහේ මානසික වතාවරණ සංසිඳුවන්න ඔයාටවත් මටවත් බෑ. ඔයා ඒකට attack එක දෙන්න ඕනේ ඔයාගේ ඔය ඔළුගෙඩිය ඇතුළෙ තියෙන මොළගෙඩියෙන් තමයි. attack night කියලා සංගීත කණ්ඩායම් දෙකක් තරගෙට play කරන show එකකට ගිහින් ඔයා කාටවත් attack එකක් දෙන්නවත්, attack එකක් වෙන්නවත් යන්න එපා. අනිත් එක ඔයා නිදහසේ සතුටු වෙද්දී ඔයාගේ වටපිටාවේ ඉන්න අය ගැනත් චුට්ටක් හිතන්න. ඔයාට ප්‍රශ්නයක් නම් සියුම් විදිහට එතන මගහැරලා යන්න ඔයාට පුළුවන්. හැබැයි මම දන්නවා ඒක ඔයාගේ හිතට නම් හරි නැති බව. ඒක ඔයාට දැනෙන්නේ මදිපුංචිකමක් කියලා.

පොඩ්ඩක් හිතන්න. ඔයාට පුංචි සීරිමක්වත් වුණොත් ඒක දරාගන්න බැරිවෙන්නේ ඔයාට විතරක් නෙවෙයි. ඔයාගේ වටේ ඉන්න, ඔයාට ආදරය කරන හැමෝටම තමයි. ඔයාට ප්‍රශ්නයක් වෙද්දී ඔයාගේ යාළුවෝ ඔයාට තියෙන fit එක නිසා ප්‍රශ්නවල පැටලෙන්න පුළුවන්. එතකොට එතැන ලොකු ගැටුමක් ඇතිවෙන්නේ ඔයා දන්නෙ ම නැතිව නේද? මේ තරුණ කාලේ ජීවිතේ විඳින්න. හැබැයි පරිස්සමෙන්. කල්පනාවෙන්. සතුටක් හොයන්න ගිහින් දුකක් අරන් එන්නේ නැතිව තියෙන සතුට වැඩිකරගෙන එන්න ඔයාට පුළුවන්. චුට්ටක් ඉවසීමෙන් ඉන්න. ඔය ඕන attack එකක් ඉවසීමට යටයි. කවුරුහරි ඔයාට attack කරන වෙලාවට “y” ඔයාට මතක් වෙයි. එක sure.