Meghan Markle fasion

Meghan Markle fasion

 

 

 

මගේ හීන...

 

කෙල්ලෙක් ඉස්සර වෙලාම පෙම්වතාට හෙළි කරන කතාව.

ඔය හීන අස්සේ තියෙන්නේ මොනවද.. වැඩිපුරම තියන දේ “අපේ වෙඩින් එක ගන්නේ මෙහෙම”

ලස්සන මනමාලියක් වෙන්න. කැන්ඩියන් අඳින්න. ලා නිල් පාට ගොයින් අවේ ගවුමට වීදුරු සපත්තු දාලා සින්ඩරෙල්ලා වෙන්න. කේක් බොක්ස් මුතු බෙල්ලෙක් වගේ හදන්න. අමුතුම වෙඩින් කේක් එකක්..

ඔයාගේ මේ පිළිවෙළක් නැති හීන එයා අහන් ඉන්නවා ඇති. පොඩි පොඩි සැලසුම් හදනවත් ඇති. හැබැයි කෙල්ලෙක්ගෙ හිතේ උපදින අපිළිවෙළ හීනෙකට විතරක් ලස්සන විවාහ මංගල්‍යයයක් සැලසුම් කරන්න බෑ.

ප්ලෑන් එකක්. !!!

ඔව් ජීවිතේ හැම දේටම වගේ ඒ ලස්සන දවසටත් තියෙන්නම ඕනේ දේ.. ප්ලෑන් එක.

කොතනින්ද පටන් ගන්නේ. ඔබට හිතෙනවා ඇති. කොතනින් හරි පටන් ගමු.

ඉස්සරලම හිතන්න ඔබට මේ විවාහ මංගල්‍යයයට කොයි තරම් මුදලක් වැය කරන්න පුළුවන්ද කියලා. ඒ තහවුරු කර ගැනීමෙන් පස්සේ කරන්න ඕනේ මුල්ම දේ දන්නවද..

ගන්න පොඩි නෝට් බුක් එකක්. අරගෙන සටහන් කරගන්න සියල්ල.ඔබ ආරාධනා කළ යුතු අය, ඔබේ සැලසුම් සියල්ල. ටිකෙන් ටික මේ සටහන් පොත පිරෙනවා. ඔබ කළ යුත්තේ සියල්ල කල්පනාකාරීව සැලසුම් කිරීමයි.

මුලින්ම අවශ්‍ය නැකත් බලන්න අමතක කරන්න එපා. ඒ දින වකවානු තීරණය කිරීමෙන් පස්සේ කරන්න වැඩ බොහොමයි.

ඊට පස්සේ ඔබට සියල්ල ඉටු වෙන්න ඉඩ ඇරලා නිස්කලංකව ඉන්න හිතෙනවා නම් කරන්න තියෙන හොඳම දේ වෙඩින් ප්ලෑනර් කෙනෙක්ගේ සහාය පතන එක.

හැබැයි වෙඩින් ප්ලෑනර් වෙනුවෙන් වැය කරන්න තරම් මුදලක් නැතිනම් ඒකටත් පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. මේ ඔබේ ලස්සනම දවස. එය ඔබම සැලසුම් කරන්න.

මෙහෙම... !!!

ඒ නැකත් බැලීමෙන් පස්සේ ඔබ ආරාධනා කරන පිරිස තීරණය කරන්න. හොඳට කල්පනාවෙන් මේ ලිස්ට් එක හදන්න වෙනවා. කිව්වත් තරහ වෙන නොකිව්වත් තරහ වෙන අය තමයි අපි වටේ ඉන්නේ. ඊට පස්සේ මේ පිරිසට ප්‍රමාණවත් හෝටලයක් බුක් කරන්න. මේ ගමනට ඔබ දෙදෙනා වගේම වැඩිහිටි අයෙකුත් යන එක හොඳයි. මොකද අපට වඩා වැඩිහිටියන්ට බොහෝ දුර පෙනෙනවා. මේ උත්සව ශාලාව වෙන් කිරීමේදී හිතන්න ඔබේ උත්සවයට එන පිරිසට මේ ඉඩකඩ ඇතිද කියන දේ. අනිත් කාරණාව මංගල උත්සවය තියෙන්නේ දවල් ද රාත්‍රියේ ද යන්න. මේ හැම දේටම ගැළපෙනවා නම් ඔබටත් ඔබේ පෙම්වතාගේ නෑදෑයන්ටත් පැමිණීමේ පහසුකම් තියනවා කියලා හිතෙනවා නම් ආයේ තව මොනවා හිතන්නද

බුක් කරන්න හොටෙල් එක!!! හැබැයි බජට් එක ගැන හිතලා රෙසිපි තෝරන්න නම් අමතක කරන්නම එපා ගෑනු ළමයෝ.

වෙඩින් එකට තීම් එකක්.. ඔව්.. ලස්සන තීම් එකක් තියෙන කොට පිළිවෙළයි, ලස්සනයි. අර ඔබේ හීනවලින් පෙරා ගත්තු හොඳම තීම් එක කල්පනා කරන්න දෙන්නත් එක්ක. ලොකුවට තීම් එකක් වෙනුවෙන් මුදලක් වෙන් කරන්න අමාරු නම් තීම් කලර් එකක් යොදා ගන්න. ඒ අනුව කේක් බොක්ස්, කාඩ්ස්, ඔබේ දෙවෙනි මනමාලියන්ගේ ඇඳුම්, මල් සැකසුම්, අනිත් සැරසිලි සැලසුම් කරන්න පුළුවන්. ඒ දේවල් අපි ඉදිරියේදී කතා කරමු.

 

අත් ලස්සනට තියාගන්න කැමතිද ?

එදිනෙදා වැඩ කටයුතුවල දී ලස්සනට තියාගෙන ඉන්න අත් අපිරිසිදු වන බව, අවපැහැ ගැන්වෙන බව අපි හැමෝම දන්නා දෙයක්. ඒත් එහෙමයි කියලා එදිනෙදා වැඩ නොකරත් බැහැ. ඉතින් දවසේ වැඩ කරන ගමන් අත් ලස්සනට තියා ගන්නේ මෙහෙමයි.

l නියපොතුවල ඇතිවෙන කහට පැල්ලම් මකලා දාන්න නම් අත සෝදද්දි දෙහි කෑල්ලක් අත්වල හොඳින් අතුල්ලා සෝදන්න.එහෙම නැතිනම් බිලිං ගෙඩියක් නියපොතුවල ඇතිල්ලීම ද කළ හැකියි. එහෙමත් නැතිනම් අලපොතු සුද්ද කළ මද රස්නේ වතුරෙන් අත් පිරිසිදු කරගන්න.

l අත රැලි වැටී වැලමිට කළු පැහැ ගැන්වී ඇති නම් සීනි ස්වල්පයක් සමඟ සබන් මිශ්‍ර කර ගල්වා මඳ වෙලාවකින් සෝදා හරින්න.

l බාල වර්ගයේ නිය ආලේපන නිසා නියපොතු දිරාපත් වෙන්න පුළුවන්. ඒ වගේ ම අවපැහැ ගැන්වෙන්න පුළුවන්. ඒ පිළිබඳවත් සැලකිලිමත් වීම වැදගත්.

l රෙදි සෝදන කටයුතුවලදී අත්වලට ග්ලවුස් දෙකක් පැළදීමෙන් දෑත් ආරක්ෂා කරගන්න පුළුවන්.

l ජලය සමඟ වැඩ කටයුතු අහවර වීමෙන් අනතුරුව අත ඔහේ වේලෙන්නට ඉඩ හරින්නේ නැතිව රෙදි කැබැල්ලකින් පිස දමන්න පුරුදු වෙන්න.

l ඒ වගේ ම තමන්ගේ අත්වලට ගැලපෙන මොයිස්චර්යිසින් ක්‍රීම් එකක් දෑත්වල ගල්වා දෑත් සම්බාහනය කිරීමෙන් දෑත් ප්‍රාණවත් ව තියාගන්න පුළුවන්.

l ඒ වගේ ම හැකියාවක් තියෙනවා නම් මසකට සැරයක්වත් රුපලාවන්‍යාගාරයකට ගිහින් දෑත් සහ නිය සඳහා සත්කාරයක් කරගන්න.

 

 

 

 

 

ඉස්තරම් කෙල්ල

කෙල්ලෙක් වුණාම ඕනි දේයි එපා දේයි හැම දේම ලෝකෙට කියන්න පෙන්නන්න යන්න ඕනි නැහැ. තමන්ටත් කියලා පෞද්ගලිකත්වයක් තියා ගන්නම ඕනි. මූණ එහෙට මෙහෙට හරෝලා කැමරාවට චීස් චීස් ගාලා හිනා වෙලා සෙල්ෆි දාලා නැති ලෝක ෆේස්බුක් එකේ ඉන්ස්ටග්‍රෑම් එකෙයි පෙන්නවට වැඩිය හාත්පසින්ම වෙනස් ජීවිතයක් කෙල්ලන්ට තියෙනවා. හැබැයි ඒ ලෝකේ පෙන්නන්න සමහර කෙල්ලෝ කැමති නැහැ. බෙදා ගත්තු බත් එකෙයි ඇඳ ගත්තු ඇඳුමෙයි ගෙදර වත්තේ පිපිච්ච මලෙයි විතරක් නෙවෙයි අම්මා හදන කේක් එක මං හැදුවේ අනේ කියලා කැමරාවයි පොටෝ එඩිට් ඇප් එකයි ළඟ තියාගෙන ජීවිතේ ගෙවන පිරිසකුත් ඉන්නවා. ඒ සේරම අස්සේ තියෙන තියෙන අඩියක් පාසා සෙල්ෆි හැටක් විතර ගහන ඒ හැටම ෆේස්බුක් එකට දාලා ලයික් හාට් මැෂිම වැඩ කරනකම් බලන් ඉන්න පිරිසකුත් ඉන්නවා. මේ විදියට ෆොටෝ අප්ලෝඩ් කරනකොටයි ලයික් වැඩි කරගන්න හිතාගෙන දකින දකින කෙනා ෆේස්බුක් එකට ඇඩ් කරගන්නකොටයි සමහර කෙල්ලෝ මහා හුඟක් දුර හිතන්න යන්නෙත් නැහැ.

උදේ හවස පැය විසි හතර පුරාම ෆේස්බුක් එකේ ඇලී ගැලී ජීවත් වෙනකොට කොල්ලෝ එහෙන් මෙහෙන් හායි කියනවා. ඒක හරිම සාමන්‍යයි. ෆොටෝ ගොඩාරියක් හොඳට එඩිට් කරලා හරි නැතිව හරි ඇහැට කනට පේන විදියට ඉන්න කෙල්ලෙක් දැක්කම කොල්ලෙක්ට හායි කියන්න හිතෙන්නේ නැත්තම් එතන තියෙන්නේ කොල්ලගේ ලෙඩක්. හැබැයි මේ සාමන්‍ය සිද්ධිය ආසමාන්‍ය කරගන්න යන්නෙත් මොළේ වැඩිය කල්පනා නොකරන කෙල්ලෝ. නාඳුනන කොල්ලෙක් හායි කිව්වම එක්කො හායි කියලා ආයේ උත්තර නොදී මාරු වෙලා යන එක හරි නැත්තම් නොදැක්කා වගේ ඉන්න එක හරි කෙල්ලන්ගේ වැඩක්. හැබැයි අඳුරන්නේ නැති කොල්ලෝ විස්සකට තිහකට හායි කියලා විතරක් නවතින්නේ නැතිව කාපු බීපු දේවලුයි, අඳින කරන ඇඳුම් ගැනයි, ගෙදර කවුද ඉන්නේ දැන් කවුද නැත්තේ දේවලුයි, කාගේ කවුද කියලා නොදන්නා කොල්ලන්ට කියන්න යනවා නම් අන්න එතන තියෙන්නේ නම් කෙල්ලට සැබෑම ලෙඩක්.

ඊට පස්සේ අර කොල්ල මගේ ෆොටෝ අරගෙන මෙහෙම අකවුන්ට් හැදුවා. අනේ මං එයාට විතරක් යවපු ෆොටෝ එයා යාළුවන්ට යවලලු. එහෙමත් නැතිනම් එයා මට තර්ජනය කරනවා ඒ ෆොටෝ දානවා කියලා. එයා මං ගැන විස්තර සේරම දන්නවා.. එයා මං ගැන හැමෝටම කියයි වගේ පස්සේ බය වෙලා නම් වැඩක් නැහැ.

අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නැහැ වගේම පනින්න පෙර හිතා බලන එකත් කලින් කරන්න ඕනි දේවල්. මුලින් කරන්න ඕනි දේවල් පස්සෙ හිතලා අඬා වැලපිලා වැඩක් නැහැ. මිස් කෝල් එකකින් පටන් අරගෙන නාඳුනන මිනිස්සු එක්ක පැය ගණන් රෑ දෙගොඩ හරියේ කියෝලා දවස් දෙක තුනින් රූම් එකකටත් ගිහින් බබෙක් හම්බෙන්න ඇවිත් හරි, අර මනුස්සයා ආගිය අතක් නැතිව යනකොට කාගේ කවුද කියලා දන්නේ නැතිව ඉන්නකොට හරි අඬලා වැඩක් නැහැ. ඒ නිසා කෙල්ලෙක් කියන්නේ පරිස්සමට කල්පනාවෙන් ජීවත් වෙන්න ඕනි කෙනෙක්. කෙල්ලෙක් කියන්නේ හැමෝටම බොන්න දෙන, ආයේ පිහලා අරන් තියන, බිමට වැටෙන කොට ළමයි කෝම් පිට්ටු හදන්න සෙල්ලමට ගන්න ජාතියේ ප්ලාස්ටික් කෝප්පයක් නෙවෙයි.

කෙල්ලෙක් කියන්නේ දියමන්ති ඔබ්බලා හදපු වටිනා කියන වීදුරුවක් වගේ. හැමෝටම ළඟා වෙන්න බැරි කෙනෙක් වෙන්න. එන එන කෙනාට පාවිච්චි කරන්න බැරි විදියේ ඈත ඉඳන් බලන් ඉන්න විතරක් පුළුවන් කෙනෙක් වෙන්න. මේ තරම් වටිනා විදියට හැදුණු මේ වීදුරුවේ අමුද්‍රව්‍ය මොන වගේ ද කියන එකවත් මේ වීදුරුව කොහොමද දවස ගෙවන්නේ කියන එකවත් කාටවත් දැන ගන්න තියන්නේ නැති නම් ඒ කෙල්ලගේ ජීවිතේ ඉස්තරම්. අපිට හිතෙන්නේ එහෙමයි.